Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ ධනවතෙක් ලෙස දැනෙන්න නම් ඔබට කොපමණ මුදලක් අවශ්‍යද?

Australian banknotes laid out on a table.

Australian money background showing $100, $50 and $20 notes with a shallow depth of field. Source: Getty, iStockphoto / enjoynz

ඕස්ට්‍රේලියාව තුල තමන් ධනවතකු බවට හැඟීමට නම් මීට වසරකට පෙර උපයා ගත් මුදලට වඩා ඩොලර් දහස් ගණනක් වැඩියෙන් උපයා ගතයුතු බව බොහෝ පිරිසක් පවසයි. කෙසේ නමුත් නව සමීක්ෂණයක් පෙන්වා දෙන්නේ ඒ සඳහා එතරම් මුදලක් අවශ්‍ය නොවන බවයි.


සාමාන්‍ය ඕස්ට්‍රේලියානුවෙකුට ධනවත් බවක් දැනීම සඳහා $346,000 ක් පමණ උපයාගැනීම සිදු කල යුතු වේ.

මෙම මුදල මීට වසරකට පෙර පැවතියාට වඩා $10,000 කට වඩා වැඩි අගයක් ගනී.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නවතම දත්ත වලට අනුව, එය ඔස්ට්‍රේලියානුවන්ගේ මධ්‍ය වාර්ෂික වැටුප වන $67,600 මෙන් පස් ගුණයකටත් වඩා ඉහල වනවා.

2023 වසරේදී, ඕස්ට්‍රේලියානු රැකියා කරන්නන් අඩක් පමණ මෙම මුදලට වඩා අඩුවෙන් උපයා ඇති අතර සෙසු පිරිස මෙම අගයට වඩා වැඩිපුර උපයා තිබේ.

මූල්‍ය සංසන්දනය සිදු කරන වෙබ් අඩවියක් වන Finder මගින් ඕස්ට්‍රේලියානු වැඩිහිටියන් 1,032ක් සමීක්‍ෂණය කළ අතර, ඔවුන්ට සුව පහසු ජිවිතයක් ගත කිරීම සඳහා වසරකට ඩොලර් 345,819ක් උපයා ගත යුතු බව මෙහිදී සොයා ගන්නා ලදී.

————————————————————————————————————————————-

ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න

————————————————————————————————————————————-

මෙම පැනය 2022 වසරේදීත් සමීක්ෂණයකට බඳුන් වූ ඕස්ට්‍රේලියානුවන්ගෙන් අසා ඇති අතර, 2023 වසරේදී ඔවුන් ලබා දී ඇති මුදල 2022 වසරට සාපේක්ෂව $9,303 ක් වැඩි බව එම වෙබ්අඩවිය පවසයි.

ඕස්ට්‍රේලියාවේ උද්ධමනය මේ වනවිට ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත් වෙමින් පවතී.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම වාර්තා පෙන්වා දෙන්නේ,පසුගිය සැප්තැම්බර් දක්වා වසර තුළ වැටුප් 4%කින් ඉහළ ගියද, උද්ධමනය 5.4% කින් ඉහළ යාමට සහ ඔස්ට්‍රේලියානුවන් 1.4% ක වැටුප් කප්පාදුවකට මුහුණ දුන් බවයි.

Tax
Source: AAP

Finder හි මත විමසුම, ඕස්ට්‍රේලියාවේ වෙසෙන යමෙකුට ධනවත් බව දැනීමට අවශ්‍ය වාර්ෂික ඉපැයීම් පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් අගයක් ගන්නා බවද සොයාගෙන තිබේ.

1981 - 1995 අතර උපන් සහ 1966 - 1980 අතර උපන් පිරිස ධනවත් බවක් දැනීම සඳහා අනුපිළිවෙලින් $418,325 සහ $307,257 ක් ඉපයිය යුතු බවට සඳහන් කොට තිබේ.

මෙම ප්‍රමාණය මින් පෙර වසරට සාපේක්ෂව අනුපිළිවෙලින් $72,540ක් සහ $12,552ක ඉහල අගයක් ගනී.

කෙසේ නමුත් 1996 - 2010 අතර උපන් සහ 1946 - 1965 අතර උපන් පිරිස ධනවත් බවක් දැනීම සඳහා පෙර වසරට සාපේක්ෂව අඩු අගයක් සඳහන් කොට තිබේ.

මෙය පෙර වසරට සාපේක්ෂව අනුපිළිවෙලින් $428,474 සිට $392,077 දක්වා අඩු වීමක් සහ $306,505 සිට $273,812 දක්වා අඩු වීමකි.

Finder හි මුල්‍ය විශේෂඥ Rebecca Pike කියා සිටින්නේ මෙම අපේක්ෂිත මුදල් ප්‍රමාණය පහත වැටීම තරමක් පුදුමයට කරුණක් වන බවයි.

එය විවිධ පරම්පරා වල පිරිස ධනය පිළිබඳ දරන මතය අනුව වෙනස් වීමක් විය හැකි බව Rebecca කියා සිටී.

money_stock.jpg
Counting money Source: AAP / AAP Image/Alan Porritt

පසුගිය මාස 12 තුළ පොලී අනුපාත ඉහළ ගොස් ඇතත්, උද්ධමනය පහත වැටෙමින් පැවතීම ඇතැම් පරම්පරාවන් අතර බිය තරමක් අඩු කල හැකි බවත්, ඇතැම් පරම්පරා වල පිරිස තවමත් අඩු කුලී සහ හවුල් බිල්පත් සහිත නිවාස වල සිටීමත් මිට හේතු විය හැකි බව Rebecca පවසයි.

Commonwealth බැංකුව මගින් පසුගිය නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලද නවතම ජීවන වියදම් වාර්තාවට අනුව, ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම් අර්බුදය පරම්පරා ගණනාවකට වෙනස් ලෙස බලපා ඇති බව පෙන්නුම් කරයි.

වාර්ෂික උද්ධමනය 5.4% ක් වූ සැප්තැම්බර් කාර්තුවේ විශ්ලේෂණවලින් පෙනී ගොස් ඇත්තේ, 1946 - 1965 අතර උපන් පිරිස ඔවුන්ගේ වියදම් වැඩි කළ එකම පිරිස වන බවයි.

එය වයස අවුරුදු 75 සහ ඊට වැඩි පිරිස වන අතර වියදම් වැඩිවීම 10% කි.

අවුරුදු 25 සහ 29 අතර වූවන් මෙමගින් වඩාත් බලපෑමකට ලක්වූ අතර ඔවුන්ගේ වියදම් 6%කින් පමණ කපා හැර ඇත.

spending-commbank.PNG.jpeg
Commonwealth Bank | CommBank iQ Cost of Living Insights Report, November 2023. Credit: Supplied

Commbank IQ හි ප්‍රධානී Wade Tubman මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ වයස අවුරුදු 20 පමණ පාරිභෝගිකයින් සිය වියදම් කපා හරිම සිදු කරන බවයි.

කෙසේ නමුත් මෙම පිරිස ඇඳුම් පැළඳුම් සහ ගෘහ උපකරණ වැනි දේ සඳහාත් සිනමා ශාලා, ප්‍රසංග සහ ක්‍රීඩා සඳහාත් වියදම් කිරීමක් දක්නට ලැබෙන බව Wade පවසයි.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියනුවකුට ධනවත් බවට හැඟීම සඳහා $345,819 ක මුදලක් තිබිය යුතු බවත් Wade කියා සිටී.

කෙසේ නමුත් ජනගහනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් ඩොලර් $346,000 ක් මුදලක් උපයන අතර බොහෝ පිරිසක් $70,000 ට ආසන්න වැටුපක් ලබයි.

ඉහළ යන දේපල මිලගණන්, බලශක්ති මිලගණන් වැනි දේ සමග සාමාන්‍ය ඔස්ට්‍රේලියනුවකු හට ධනවත් බවක් දැනීමට නම් බොහෝ මුදලක්ක් ඉපයීම සිදු කල යුතු වේ.

MONEY
Source: AAP

මේ අතර, Finder හි නවතම පාරිභෝගික දත්ත වලට අනුව, ඕස්ට්‍රේලියානුවන් සාමාන්‍යයෙන් මසකට ඩොලර් $705ක් ඉතිරි කරයි.

1981 - 1995 අතර උපන් පිරිස $789 ක්, 1996 - 2010 අතර උපන් පිරිස $751 ක්, 1966 - 1980 අතර උපන් පිරිස $742 ක් සහ බොහෝ විට විශ්‍රාමික 1946 - 1965 අතර උපන් පිරිස මසකට ඩොලර් 515ක් ඉතිරි කරන බව හෙළිව තිබේ.

එමෙන්ම 1996 - 2010 අතර උපන් පිරිසෙන් 60%කට වැඩි පිරිසකට තම ඉතුරුම්වලින් ජීවත් විය හැකි වන්නේ මාසයක් හෝ ඊට වඩා අඩු කාලයක් වන බව ද සොයා ගෙන තිබේ.

*******************************************************************************

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය

*******************************************************************************


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now