නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ 2023-2024 අයවැය පොරොන්දුවක් වශයෙන් මෙම පියවර ගෙන තිබේ.
මෙම ගාස්තු සහන ලබාදීම ඔස්සේ, ප්‍රාන්තය තුල මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණය යන ක්ෂේස්ත්‍ර වඩාත් දැරිය හැකි සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ක්ෂේස්ත්‍ර බවට පත් කිරීම අරමුණයි.
2024 ජනවාරි 1 දින සිට මෙම ගාස්තු සහන ලබාදීම ක්‍රියාත්මක වේ.
මේ ඔස්සේ long day care මධ්‍යස්ථානවල සුදුසුකම් ලත් පෙරපාසල් වැඩසටහන්වල යෙදී සිටින අවුරුදු 3ක දරුවන් සිටින පවුල් 64,000කට $500 ක ගාස්තු සහන ලබාදේ.
මෙය වසර 2ක අත්හදා බැලීමේ වැඩසටහනක් වශයෙන් සිදු කෙරේ.
පසුගිය රජයන් මගින් මෙම ක්ෂේස්ත්‍ර තුල කටයුතු වැඩිදියුණු කිරීමට අපොහොසත් වූ අතර, මුල් ළමාවිය අධ්‍යාපනය සහ ශ්‍රම බලකාය වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 100 කට වඩා වැඩි පැකේජයක කොටසක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
————————————————————————————————————————————-
ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න
————————————————————————————————————————————-
මේ ඔස්සේත් ප්‍රධාන වශයෙන් ළමුන්ගේ මුල් ළමාවිය අධ්‍යාපනයට සහ දෙමාපියන්ගේ ශ්‍රම බලකා සහභාගීත්වය සඳහා සෘජු ලෙසම දායකත්වය සපයන බව ප්‍රාන්ත බලධාරීන් කියා සිටී.

සුදුසුකම් ලත් long day care මධ්‍යස්ථානයක පෙර පාසල් වැඩසටහනකට ඇතුළත් කර ඇති වයස අවුරුදු 4 හෝ ඊට වැඩි දරුවන් සිටින පවුල් සඳහාත් මෙම ගාස්තු සහන වලට අඛණ්ඩ ප්‍රවේශයක් පවතින බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ වෙබ්අඩවිය සඳහන් කරයි.
ඔස්ට්‍රේලියානු රජයේ ළමාරක්ෂක සහනාධාර ගෙවීම් සඳහා සුදුසුකම් ලබා ඇති පවුල් ද මෙම නව ගාස්තු සහන සඳහා සුදුසුකම් ලබයි.
ගාස්තු සහන සඳහා ප්‍රවේශ වීමට සුදුසුකම් ලත් පවුල් "ප්‍රකාශ පත්‍රයක්" සම්පූර්ණ කළ යුතු වේ.
මේ අනුව, ජනවාරි 1 සිට, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තිබෙන සියලුම පවුල්:
- long day care මධ්‍යස්ථාන වල සුදුසුකම් ලත් පෙරපාසල් වැඩසටහන් වලට සහභාගී වන අවුරුදු 3 ක් වන ළමුන් සඳහා වසරකට $500 දක්වා ගාස්තු සහන වලට සුදුසුකම් ලබයි (මෙය Australian Government Childcare Subsidy හෙවත් රජයේ ළමාරක්ෂක සහනාධාර වලට අමතරව සිදු වන ගෙවීමකි)
- long day care මධ්‍යස්ථාන වල සුදුසුකම් ලත් පෙරපාසල් වැඩසටහන් වලට සහභාගී වන අවුරුදු 4 ක් වන ළමුන් සඳහා වසරකට $2110 දක්වා ගාස්තු සහන වලට සුදුසුකම් ලබයි (මෙය Australian Government Childcare Subsidy හෙවත් රජයේ ළමාරක්ෂක සහනාධාර වලට අමතරව සිදු වන ගෙවීමකි)
- සුදුසුකම් ලත් ප්‍රජා සහ ජංගම පෙරපාසල් වලට සහභාගී වන අවුරුදු 3 සිට අවුරුදු 5 දක්වා ළමුන් සඳහා වසරකට $4220 දක්වා ගාස්තු සහන ලබාදීම සිදු කරයි.
- ඕස්ට්‍රේලියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පවතින පෙර පාසල්වල සියලුම දරුවන්ට දෙසතියකට දින 5ක පෙර පාසල් ගාස්තු අඩුකිරීමක් සිදු වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Chris Minns කියා සිටින්නේ මෙය ප්‍රාන්තය තුල පෙර පාසල් යවන දරුවන් සිටින පවුල් සඳහා ජයක් වන අතර මෙය ජීවන වියදම් බර අඩු කිරීමට සහයක් ලබා දෙන බවයි.

මේ ඔස්සේ ළමුන්ගේ අනාගතයට ප්‍රතිලාභ රැසක් හිමිවන බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Chris Minns සඳහන් කොට සිටී.
Start Strong Program යන වැඩසටහනේ මාර්ගෝපදේශ පිළිබඳ වැඩි විස්තර සඳහා NSW Department of Education වෙබ්අඩවියට පිවිසෙන්න
*******************************************************************************
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)
අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
SBS Audio APP (Free)
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය
*******************************************************************************





