Key Points
- 2019 වසරේදී, ගර්භනීභාවයේ පළමු මාස 03 තුළදී, කාන්තාවන්ගෙන් 77% ක් ප්‍රසව ප්‍රතිකාර සඳහා සහභාගී වී තිබේ
- විදේශයන්හි උපන් කාන්තාවන් සහ තරුණ කාන්තාවන්, පළමු මාස 03 තුළ මෙම රැකවරණ ලැබීමට ඇති ඉඩකඩ අඩු පිරිස වශයෙන් සැලකේ
- නිතිපතා පරීක්ෂා කිරීමෙන්, අධි රුධිර පීඩනය සහ ගර්භණී සමයේ වන දියවැඩියාව වැනි මුල් සංකූලතා වළක්වා ගත හැක
ගර්භනී කාන්තාවගේ සහ ඔවුන්ගේ දරුවාගේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සහ රෝග වැළැක්වීම, පූර්ව ප්‍රසව සත්කාරයන්හි අරමුණයි
මෙල්බර්න් හි කාන්තා සෞඛ්‍යය පිළිබඳ බහු සංස්කෘතික මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය Adele Murdolo පවසන්නේ ගර්භණී සමයේදී සෞඛ්‍ය වෘත්තිකයෙකු හමුවීම ඔස්සේ මාතෘ සහ ළමා සෞඛ්ය සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රථිපල අත්කරගත හැකි බවයි.
ගැබ් ගැනීම සම්බන්ධයෙන් දැනගත් විගසම සෞඛ්‍ය වෘත්තිකයෙකු හමුවීම සඳහා වෙලාවක් වෙන්කරවා ගැනීම වැදගත් වන අතර, ප්‍රසව ප්‍රතිකාර ඔස්සේ ගර්භණී සමයේදී කිසියම් ගැටළුවක් තිබේදැයි සෞඛ්‍ය වෘත්තිකයාට දැනගැනීමට හැකිවන බවත් වෛද්‍ය Adele පවසයි.
ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය (AIHW) මගින් 2019 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද දත්ත වලට අනුව, ගර්භනී සමයේ පළමු සති 10 තුළ ප්‍රසව ප්‍රතිකාර සඳහා ඔස්ට්‍රේල්යාවේ කාන්තාවන්ගෙන් සියයට 55 ක් සහභාගී වී තිබේ.
කෙසේ නමුත් සංක්‍රමණික කාන්තාවන් අනෙකුත් කාන්තාවන්ට වඩා බොහෝ කල්ගතවී ප්‍රසව සත්කාර සඳහා ප්‍රවේශ වන බව පවතින නවතම දත්ත පෙන්වා දෙන බවත් වෛද්‍ය Adele පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියානු රජය නිර්දේශ කොට ඇත්තේ, සති 10ක කාලය තුළ කාන්තාවන්ට ප්‍රථම ප්‍රසව සත්කාර සිදු කළ යුතු බවයි. නමුත් සති 20කට පසුවත් ප්‍රසව සත්කාර සඳහා ප්‍රවේශ නොවූ සංක්‍රමණික කාන්තාවන්ගෙන් සියයට 20ක් ඕස්ට්‍රේලියාවේ සිටින බව හෙළිව තිබේ.
මේ සම්බන්ධයෙන් වෛද්‍ය Adele සඳහන් කොට සිටින්නේ මෙය සමස්ත ඔස්ට්‍රේලියාව ගත්විට පවතින දත්ත වන අතර, සමාජ සහ ආර්ථිකමය වශයෙන් අවාසි සහගත තත්ව සඳහා මුහුණ දී සිටින පිරිස තුල මෙය ඉතා ඉහල අගයක් ගන්නා බවයි.
එමෙන්ම ඔස්ට්‍රේලියාව තුල සිටින සංක්‍රමණික කාන්තාවන් කණ්ඩායම් කිහිපයක් ප්‍රසව සත්කාර සඳහා ප්‍රවේශ නොවන බවත් වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන් අතර ගර්භණී සමයේ වන දියවැඩියාව, අධික රුධිර පීඩනය හේතුවෙන් ගර්භණී සමයේ ඇතිවන භයානක සංකූලතා සහ මළ දරු උපත් අනුපාතය ඉහල අගයක් පවතී.
වෛද්‍ය Adele පෙන්වා දෙන්නේ එවැනි තත්වයක් කලින් දැනගත හොත් ඒවා ඉක්මනින් වැළක්වීමේ හැකියව හිමිවන බවයි.
University of New South Wales හි (UNSW) ප්‍රසව හා නාරිවේද පිළිබඳ සහකාර මහාචාර්යවරියක් වන Amanda Henry, සිඩ්නි හි ශාන්ත ජෝර්ජ් රෝහලේ සහ කාන්තාවන් සඳහා වූ රාජකීය රෝහලේ ප්‍රසව වෛද්‍යවරියක වශයෙන් කටයුතු කරයි.
මහාචාර්ය Amanda පවසන්නේ සාමාන්‍ය පවුලේ වෛද්‍යවරයෙකුගේ (GP) උපදේශනයක් වන පළමු ගර්භනී පරීක්ෂාව ගැබ්ගැනීමේ පළමු සති 10 තුළ සිදු කල යුතු අතර එය 14 වන සතියට පසුව සිදු කිරීම ප්‍රතිපලදායක නොවන බවයි.
ඇය පවසන පරිදි පහත දෑ සාමාන්‍ය ගර්භණී පරීක්ෂණ වශයෙන් සැලකේ:
- Ultrasound පරීක්ෂණ
- රුධිර සහ මුත්‍රා පරීක්ෂණ
- ගැබ්ගෙල පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, මානසික සෞඛ්‍යය පිලිබඳ පරීක්ෂාව වැනි වෙනත් පරීක්ෂණ
කාන්තාවක් ගැබ්ගෙන ඇති බව මුලින්ම දැනගත් විට, බොහෝ විට එය තහවුරු කර ගැනීම සඳහා වෛද්‍යවරයා වෙත ගොස්, මූලික තක්සේරුවක් සිදු කරයි.
මහාචාර්ය Amanda පවසන්නේ මෙම මූලික තක්සේරු කිරීම්වලට සාමාන්‍යයෙන් කාන්තාවගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීම සහ ගර්භණීභාවයට බලපාන සෞඛ්‍ය තත්ත්වයන් තිබේද යන්න ඇතුලත් වන බවයි.
මෙහිදී පවුල් වෛද්‍යවරයා රුධිර හා මුත්‍රා පරීක්ෂණ කිහිපයක් නියම කරන අතර පසුව ගර්භනී කාන්තාව සමඟ පොදු සහ පෞද්ගලික සත්කාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු කරයි.
Ultrasounds:
ගර්භණී සමයේදී පහත සඳහන් Ultrasound පරීක්ෂණ බහුලව දක්නට ලැබේ:
- සති 8-9: dating ස්කෑන් පරීක්‍ෂාව
- සති 11-13: first trimester පරීක්‍ෂාව
- සති 18-20: morphology ස්කෑන් පරීක්‍ෂාව
- මින් ඔබ්බට, අධි අවදානමක් සහිත ගැබ්ගැනීම් සඳහා සහ/හෝ දරුවාගේ වර්ධනය සහ යහපැවැත්ම පරීක්ෂා කිරීම සඳහා අමතර ultrasound පරීක්ෂණ නිර්දේශ කරයි

මහාචාර්ය Amanda පවසන්නේ ඕස්ට්‍රේලියාවේ ගර්භණී සත්කාර මාර්ගෝපදේශ නිර්දේශ කරන එකම ultrasound පරීක්ෂාව සති 18 සිට 20 දක්වා සිදු කරන ultrasound පරීක්ෂාව වන බවයි.
කෙසේ නමුත් බොහෝ ගර්භනී කාන්තාවන් dating ස්කෑන් පරීක්‍ෂාව සහ first trimester පරීක්‍ෂාව සිදු කරයි.
dating ස්කෑන් පරීක්‍ෂාව
මෙම මූලික ස්කෑන් පරීක්ෂණය මඟින් ගැබ් ගැනීමෙන් අනතුරුව සිදු වන වර්ධනය පිළිබඳව පරීක්ෂා කල හැක. කළලය නියම ස්ථානයේ හෝ ගර්භාෂය තුළ තිබේද, එසේත් නැතිනම්, එය නිසියාකාරයෙන් නොවූ ගැබ් ගැනීමක්ද යන්න මෙමගින් පරීක්ෂා කෙරේ.
first trimester පරීක්‍ෂාව
සති 11-13 අතර සිදු කරන ස්කෑන් කිරීම විවිධ නම් යටතේ පැමිණේ, ඒවා
- nuchal translucency scan
- first trimester screening scan
- early anatomy scan
වශයෙන් දැක්වේ.
මහාචාර්ය Amanda පවසන්නේ, දරුවාගේ ඇතිවිය හැකි වර්ණදේහ ගැටළු, ඩවුන් සින්ඩ්‍රෝමය සඳහා පරීක්ෂා කිරීම, මොළයේ වර්ධනය, වකුගඩු, හෘද වර්ධනය වැනි දරුවාගේ ප්‍රධාන ව්යුහයන් පිළිබඳව කල්තියා බැලීම ultrasound පරීක්ෂාවේ ප්‍රධාන අරමුණු වන බවයි.
මෙය සති 18 සිට 20 දක්වා ස්කෑන් කිරීමේදී වඩාත් සවිස්තරාත්මකව සලකා බලන බොහෝ දේ කල්තියා බැලීමක් වශයෙන්ද සැලකේ.

morphology ස්කෑන් පරීක්‍ෂාව
morphology ස්කෑන් පරීක්‍ෂාව යනු ultrasound පරීක්ෂාවක් වන අතර එය ළදරුවා තුළ සහ අවට විවිධ ප්‍රදේශ පරීක්ෂා කරයි,
ඒවා සඳහා,
- කොඳු ඇට පෙළ
- හිස සහ මොළය
- උදර බිත්තිය
- හදවත
- බඩ
- වකුගඩු සහ මුත්‍රාශය
- අත් සහ පාද
- වැදෑමහ
- පෙකණි වැල
- ඇම්නියොටික් තරලය
පරීක්ෂා කිරීම ඇතුලත් වේ.
මහාචාර්ය Amanda පෙන්වා දෙන්නේ මේ ඔස්සේ සමස්තයක් වශයෙන්, සති 20 කදී සිදු කරන ස්කෑන් පරීක්ෂණයේදී දරුවාගේ සියලුම ව්‍යුහාත්මක අසාමාන්‍යතාවලින් 50%ත් 65%ත් අතර ප්‍රමාණයක් හඳුනාගැනීමට හැකියාව හිමිවන බවයි.
කෙසේ නමුත් දරුවා නිරෝගීව සිටින බවට 100%ක් ම සහතික විය හැකි පරීක්ෂණයක් හෝ පරීක්ෂණවල එකතුවක් තවමත් නොමැති බවත් ඇය පවසයි.

යහපත් ප්‍රසව ප්‍රසව සත්කාර සිදු කිරීම ඔස්සේ මුල් සංකූලතා හඳුනා ගැනීමට සහ වළක්වා ගැනීමට හැකි වන අතර ඇතැම් අවස්ථාවල මළ දරු උපත් පවා වළක්වා ගත හැකි බව වෛද්‍ය Adele සඳහන් කොට සිටී.
මව්වරුන්ට සහ සෞඛ්‍ය වෘත්තිකයන්ට මුල් අවස්ථාවේදීම කළ හැකි ඉතා සරල දෑ ඔස්සේ මළ දරු උපත් වලක්වා ගත හැකි ප්‍රතිශතයක් පවතී.
වෛද්‍ය Adele පෙන්වා දෙන්නේ මෙම ගැටලුව විශේෂයෙන්ම සංක්‍රමණික කාන්තාවන්ට බලපාන ගැටළුවක් වන අතර ඔවුන් අතර මෙම මළ දරු උපත් අනුපාතය ඉහල අගයක් ගන්නා බවයි.
ඉංග්‍රීසි භාෂාව කතා නොකරන කාන්තාවන්ට ඔවුන්ගේ ප්‍රසව ප්‍රතිකාර කාලය සඳහා පරිවර්තකයෙකුගේ සහාය පැතිය හැක.
මේ සඳහා වන ප්‍රොටෝකෝල එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව වෙනස් විය හැක, කෙසේ නමුත් සාමාන්‍යයෙන් පරිවර්තකයෙකු අවශ්‍ය කාන්තාවන් ඒ පිළිබඳව, සිය වෙන්කරවා ගැනීමේදී ප්‍රසව සායනයට දැනුම් දිය යුතුය.
ඕස්ට්‍රේලියාව පුරා 131 450 ඔස්සේ දුරකථන පරිවර්තන සහාය සේවාව ලබාගත හැක.
_______________________________________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_______________________________________________________________________________________________
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න
_______________________________________________________________________________________________





