Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

රජයේ "First home buyer" යෝජනා ක්‍රම, ඕස්ට්‍රේලියාවේ නිවාස ගැටලුව තවත් උග්‍ර කරන බවට සැකයක්

homes.jpg
A parliamentary inquiry has revealed that the rental crisis is driving a growing number of Australians into homelessness. Credit: mikulas1/Getty Images

ඕස්ට්‍රේලියාව තුල සහන නිවාස ණය වාරික ගෙවීමේ පදනම යටතේ ලබාදෙන නිවාස වඩාත් දැරිය හැකි මිලකට ලබා දීම සඳහා First Home Owner Grants හෙවත් පළමු නිවාස හිමිකරු ප්‍රදාන හඳුන්වා දුන් නමුත් මේ වනවිට එමගින් සෘණාත්මක බලපෑමක් ඇති විය හැකි බවට අනාවැකි පලවෙමින් තිබේ.


Published

By Nipuna Dodangoda, Anna Bailey

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාව තුල සහන නිවාස ණය වාරික ගෙවීමේ පදනම යටතේ ලබාදෙන නිවාස වඩාත් දැරිය හැකි මිලකට ලබා දීම සඳහා First Home Owner Grants හෙවත් පළමු නිවාස හිමිකරු ප්‍රදාන හඳුන්වා දුන් නමුත් මේ වනවිට එමගින් සෘණාත්මක බලපෑමක් ඇති විය හැකි බවට අනාවැකි පලවෙමින් තිබේ.


Key Points

  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය එම ප්‍රාන්තයේ First Home Owner Grant දෙගුණ කර තිබේ
  • පුද්ගලයින්ට වඩාත් දැරිය හැකි මිලකට නිවාස ලබා දීම සඳහා First Home Owner Grantහඳුන්වා දෙන ලදී, නමුත් මේ වනවිට එමගින් සෘණාත්මක බලපෑමක් ඇති කළ හැකි බව අනාවැකි පළවේ.
  • ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ පුද්ගලයින්ට නිවාස වඩාත් දැරිය හැකි මිලකට ලබා ගත හැකි එකම මාර්ගය සැපයුම ඉහල දැමීම වන බවයි.

ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ පළමු නිවස මිලදී ගැනීම පහසු කිරීමට සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා First Home Owner Grants (FHOGs) හෙවත් "පළමු නිවාස හිමිකරුවන්ගේ ප්‍රදාන" සැලසුම් කොට තිබේ. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය එහි First Home Owner Grant දෙගුණ කර තිබේ.

කෙසේ නමුත්, ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ, First Home Owner Grants වැනි සහනාධාර ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ පළමු නිවස මිලදී ගැනීම දුෂ්කර කරන බවයි.

First Home Owner Grant යනු කුමක්ද?

First Home Owner Grant හෙවත් FHOG යනු නිවාස හිමිකම මත ඔවුනට GST හි බලපෑම පියවා ගැනීම සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරි මගින් අරමුදල් සපයන ජාතික යෝජනා ක්‍රමයකි.

මෙම යෝජනා ක්‍රමය යටතේ, පළමු වරට නිවාසයක් මිලදී ගන්නා සහ ඔවුන්ගේ අධිකරණ බල ප්‍රදේශයේ සුදුසුකම් නිර්ණායක සපුරාලන ලද පුද්ගලයින්ට එක් වරක් පමණක් ලබාගත හැකි දීමනාවක් ලබා ගත හැක.

First Home Owner Grant ප්‍රදානයක් සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

සෑම අධිකරණ බල ප්‍රදේශයකටම තරමක් වෙනස් වූ සුදුසුකම් නිර්ණායක පවතී. නමුත් මෙම සියලුම අධිකරණ බල ප්‍රදේශයකටම අයත් සුදුසුකම් යටතට අවම වශයෙන් එක් අයදුම්කරුවෙකු වයස අවුරුදු 18ට වැඩි වීම මෙන්ම ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවෙකු හෝ පුරවැසියෙකු වීම අවශ්‍ය වේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය:

නොවැම්බර් 20 දින සිට, සුදුසුකම් ලත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන් සඳහා FHOG ප්‍රදාන $15,000 සිට $30,000 දක්වා දෙගුණයක් වේ. එය ඉඩම් සහ ඕනෑම කොන්ත්‍රාත්තු ඇතුළුව ඩොලර් 750,000 ට අඩු නව දේපල සඳහා බලපායි.

නිව් සවුත්ය් වේල්ස් ප්‍රාන්තය:

නිව් සවුත්ය් වේල්ස් ප්‍රාන්ත පදිංචිකරුවන්ට $600,000 දක්වා වටිනා දැනට පවතින නව නිවාස හෝ $750,000 දක්වා වටිනා නව නිවාස සඳහා $10,000 ප්‍රදානයක් ලබා ගත හැක.

වික්ටෝරියා ප්‍රාන්තය:

නිව් සවුත්ය් වේල්ස් ප්‍රාන්තට හා සමානව, වික්ටෝරියානුවන් $750,000 හෝ ඊට අඩු වටිනාකමකින් යුත් නව දේපලක් මිල දී ගන්නේ නම් හෝ ගොඩනඟන්නේ නම් $10,000 ප්‍රදානයක් සඳහා සුදුසුකම් ලබයි.

ටස්මෙනියාව:

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය හා සමානව ටස්මෙනියාවද වඩාත් ත්‍යාගශීලී FHOG යෝජනා ක්‍රමය ඉදිරිපත් කරයි. අලුතින් ඉදිකරන ලද නිවාස හෝ මිලදී ගන්නා නිවාස සඳහා ටස්මෙනියා ප්‍රාන්ත වැසියන් හට $30,000 දක්වා ප්‍රදානයක් සඳහා සුදුසුකම් ලැබිය හැකිය.

first-home buyers
Source: Pixabay

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය:

කොන්ත්‍රාත්තුව අත්සන් කරන කාලය මත පදනම්ව, ඩොලර් 625,000 දක්වා වටිනා නව හෝ සැලකිය යුතු ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද නිවසක් මිලදී ගන්නේ නම්, දකුණු ඕස්ට්‍රේලියානුවන් $15,000 ප්‍රදානයක් සඳහා සුදුසුකම් ලබයි.

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය:

බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වැසියන් 26th parallel සඳහා අදාලව වන ප්‍රදේශයට දකුණින් මිලදී ගත් ඩොලර් 750,000 දක්වා වටිනා නව හෝ සැලකිය යුතු ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද දේපල සඳහා $10,000 ප්‍රදානයන් සඳහා සුදුසුකම් ලබයි. එමෙන්ම Perth නගරාසන්න ප්‍රදේශ ඇතුළුව, සහ 26th parallel සඳහා අදාලව වන ප්‍රදේශයට උතුරින් ඩොලර් මිලියන 1 ක් දක්වා නිවාස ගැනුම්කරුවන් හටත් මෙම ප්‍රදානය අදාළ වේ.

නොදර්න් ටෙරිටරිය:

නොදර්න් ටෙරිටරියේ පදිංචිකරුවන් නව නිවාස ගැනුම්කරුවන් $10,000 ප්‍රදානයක් සඳහා සුදුසුකම් ලබයි. මේ සඳහා මිලදී ගන්නා නිවසේ මිල සීමාවක් නොමැත.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය:

2019 වසරේ ජූලි මාසයේදී, ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය මගින් FHOG යෝජනා ක්‍රමය ක්‍රමානුකූලව ඉවත් කර එය ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියෙහි සියලුම දේපල සඳහා අදාළ වන නිවාස ගැනුම්කරු සහන යෝජනා ක්‍රමය සමඟ ප්‍රතිස්ථාපනය කිරීම සිදු කළේය.මෙම යෝජනා ක්‍රමය යටතේ, සුදුසුකම් ඇති පුද්ගලයින්ට මිලදී ගැනීමට අවශ්‍ය දේපල සඳහා තීරුබදු ඉවත් කර හෝ අඩු කිරීම සිදු කරයි.

First Home Owner Grant ප්‍රදාන ඔස්සේ නිවාස මිල ඉහල යාම සිදු වේද?

වසර 2005 සහ 2023 අතර, ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජිවත් වන වැසියන්ට ඔවුන්ගේ පළමු නිවාස මිලදී ගැනීම සඳහා ප්‍රදාන 61,000කට වඩා ලබාදීම සිදු කොට තිබේ.

කෙසේ නමුත්, ජනාකීර්ණ ප්‍රදේශවල සිදු කරන FHOG ප්‍රදාන හේතුවෙන්, නිවාස මිල ඉහළ යාම සිදු වේද යන්න පිළිබඳව මේ වනවිට යම් විවාදයක් පවතී.

Australia Institute හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Matt Grudnoff SBS වෙත මේ සම්බන්ධයෙන් කියා සිටියේ නිවාස වෙළෙන්දන්, පළමු නිවාස මිලදීගන්නන් හට ඉහල මුදලකට සිය නිවාස විකිණීමේ ප්‍රවණතාවක් පවතින බවයි.

2021 වසරේදී, ඕස්ට්‍රේලියාව තුල පුද්ගලයින්ට දැරිය හැකි මිල ගණන් වලට නිවාස ගැනීම සහ නිවාස සැපයුම පිළිබඳ ෆෙඩරල් පාර්ලිමේන්තු විමර්ශනයට Grattan ආයතනය නිර්දේශ ඉදිරිපත් කරමින් කියා සිටියේ, ප්‍රාන්ත සහ මධ්‍යම රජයන් පළමු වර නිවාස ගැනුම්කරුවන්ට සහනාධාර පිරිනැමීම නැවැත්විය යුතු බවයි.

මේ හේතුවෙන් මේ වනවිට වික්ටෝරියානු රජය සිය පළමු වර නිවාස ගැනුම්කරුවන්ට FHOG ප්‍රදාන ඉවත් කිරීමට සලකා බලමින් සිටින අතර, ඒ වෙනුවට Victorian Home Buyer සහ Shared Equity යෝජනා ක්‍රමය වැනි යෝජනා ක්‍රම කෙරෙහි අවධානය යොමු කොට තිබේ.

Auckland

ජාතික ප්‍රශ්නවලට දේශීය විසඳුම් අවශ්‍යයි

ආර්ථික විද්‍යාඥ Matt අනතුරු අඟවා සිටින්නේ මෙමගින් තවමත් පුද්ගලයින්ට දැරිය හැකි මිලකට නිවාස ලබා දීමට නොහැකි වනු ඇති බවයි. මේ හේතුවෙන් නිවාස සඳහා ඇති ඉල්ලුම අඩු කිරීමට හෝ සැපයුම වැඩි කිරීමට අවධානය යොමු කල යුතු බව Matt කියා සිටී.

ස්වාධීන ආර්ථික විද්‍යාඥ Chris Richardson පෙන්වා දෙන්නේ නිවාස සැපයුම දේශීය විසඳුම් අවශ්‍ය ජාතික ප්‍රශ්නයක් බවයි.

මේ සඳහා කවුන්සිල මගින් නව නිවාස සැපයීම සිදු කල යුතු බවත් Chris කියා සිටී.

2016 වසරේදී, නවසීලන්තයේ ඕක්ලන්ඩ්, කලාපකරණය හා සම්බන්ධව තිබෙන සීමාවන් ඉවත් කර ඉහළ සංවර්ධනය සඳහා තදාසන්න ප්‍රදේශ විවෘත කළ අතර, එය නිවාස මිල මන්දගාමී වීමට හේතු වූ බව ආර්ථික විද්‍යාඥ Chris පෙන්වා දෙයි.

එමෙන්ම ඔහු කියා සිටින්නේ යහපත් දේශපාලනය සහ යහපත් ප්‍රතිපත්ති අතර වෙනසක් පවතින බවයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now