Australia Post සේවාවෙහි තිබෙන "Deliveries" හෙවත් බෙදාහැරීමේ ක්‍රමයේ වෙනස්කම් රැසක් සිදු කෙරේ.
සියවස් දෙකකට වැඩි කාලයක් පුරා, Australia Post මගින් සෑම දිනකම ඔස්ට්‍රේලියාව පුරා ලිපි බෙදාහැරීම සිදු කොට තිබේ.
නමුත් මේ වනවිට එම තත්වය වෙනස් වෙමින් පවතී.
මේ අනුව, Australia Post සේවාවෙහි තිබෙන "Deliveries" හෙවත් බෙදාහැරීමේ ක්‍රමයේ වෙනස්කම් රැසක් සිදු කෙරේ.
වෙනස්කම් හේතුවෙන් දිනපතා ලිපි බෙදා හැරීම අවසන් වන අතර පාර්සල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය Michelle Rowland කියා සිටියේ ගිග් ආර්ථිකය සහ වෙළඳපොලේ ඇති වෙනස්වන ස්වභාවය සමඟ Australia Post හි සම්ප්‍රදායික සේවාවන් වඩ වඩාත් පීඩනයට ලක්ව ඇති අතර වෙනසක් අවශ්‍ය බවයි
ඔස්ට්‍රේලියාව තුල නිවසකට සාමාන්‍යයෙන් සතියකට ලිපි දෙකක් පමණ ලැබීම සිදු වේ. මෙම නව වෙනස්කම් සමග Australia Post මගින් එම ලිපි සෑම දෙවන දිනයකදීම ලබා දීම සිදු කරයි.
Express post සේවාවෙහි බෙදාහැරීම් සඳහා තම සම්පත් ප්‍රයෝජනයට ගන්නා බව Australia Post පවසයි.

බෙදාහැරීම් නිලධාරියකු වන Julie Coyne පවසන්නේ පුද්ගලයින්ගේ අවශ්‍යතා කාලයත් සමඟ වෙනස් වී ඇති අතර පෙර තිබු තත්වයට සාපේක්ෂව පුද්ගලයින් තැපෑලෙන් ලිපි යැවීම බෙහෙවින් අඩු කොට ඇති බවයි.
ඒ හා සමගම පාර්සල් තැපැල් මගින් යොමු කිරීම ශීග්‍රයෙන් ඉහල ගොස් ඇති බවත් Julie කියා සිටී.
Australia Post හි ප්‍රධාන විධායක නිලධාරී Paul Graham පවසන්නේ cyber weekend වැනි කාල වලදී පාර්සල් බෙදා හැරීම් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වර්ධනය වූ බවයි.එමෙන්ම පුද්ගලයින් online shopping කිරීමද ඉහල ගොස් ඇති බව Paul කියා සිටී.
Australia Post හි ලිපි බෙදා හැරීමේ ක්‍රමය වෙනස් විය හැකි අතර කෙසේ නමුත් මෙම සේවාව ඔස්ට්‍රේලියාව පුරා තැපැල් කාර්යාල 4000ක් පමණ ක්‍රියාත්මක කරයි.
සන්නිවේදන අමාත්‍ය Michelle Rowland පවසන්නේ ග්‍රාමීය සහ ප්‍රාදේශීය ප්‍රදේශවල Australia Post තැපැල් සේවයට අමතරව, ප්‍රවෘත්ති නියෝජිතයා සහ ඇතැම් අවස්ථාවලදී පවතින එකම බැංකු පහසුකම් සපයමින්ද සේවය කරන බවයි.

පසුගිය වසරේදී Australia Post හි ලිපි සම්බන්ධව වන අංශය ඩොලර් මිලියන 384 ක අලාභයක් ලබා තිබේ.
එය වසර 30ක කාලයක් තුල Australia Post සේවාව ලාභයක් වාර්තා නොකළ දෙවන අවස්ථාවයි.
නමුත් පාර්සල් සහ සේවාව ඩොලර් බිලියන 7ක් දක්වා ඉහල ගොස් තිබේ.
Australia Post සේවාවට ලොව සෙසු පාර්සල් බෙදා හැරීමේ සේවා සමග තරඟ කිරීමට සිදු වේ.
Australia Post හි ප්‍රධාන විධායක නිලධාරී Paul Graham කියා සිටින්නේ ඕස්ට්‍රේලියානු රජයේ සහය ඇතිව සේවාවක් වශයෙන්, ලාභදායී ප්‍රතිඵලයක් ලබා ගැනීමේ මාවතක යා යුතු බවයි

Australia Post සේවාව මගින් මුද්දර මිලගණන් වැඩි කිරීම සඳහා ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමට ඉල්ලුම් කර තිබේ.
එමෙන්ම තැපැල් ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිත බවට වෘත්තීය සමිතිද විශ්වාසය පළ කර ඇති වාර්තා වේ.
කම්කරු සංගමයේ සන්නිවේදන ලේකම් Shane Murphy කියා සිටින්නේ මේ ඔස්සේ මෙම සේවාවට අනාගතයට මුහුණ දිය හැකි අතර මෙමගින් නිසැකවම රැකියා අහිමිවීම් සිදු නොවන බවයි
මෙම වෙනස්කම් සම්බන්ධයෙන් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ස්ථාන 6ක තැපැල් බෙදා හැරීමේ නිලධාරීන් අත්හදා බලමින් සිටී






