Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නව පාසල් වාරයේදී ළමුන් පාසල් යැවීම ගැන ඕස්ට්‍රේලියානු දෙමාපියන් අරගලයක, හේතුව මෙන්න

A mother walking her two children down a street.

Six-year-old Kaya Atayman walks with his mother Famona and four-year-old brother Arly to school in the suburb of Bondi on May 25, 2020 in Sydney, Australia. Students in New South Wales return to regular lessons today, after a week of staggered lessons, as COVID-19 restrictions ease across Australia. Source: Getty / David Gray

ඕස්ට්‍රේලියාවේ 2024 සඳහා වන නව පාසල් වාරය තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට තිබේ. නමුත් මේ සඳහා පාසල් උපකරණ සහ නිල ඇඳුම් වැනි අත්‍යවශ්‍ය දේ මිලදී ගැනීමට ඕස්ට්‍රේලියානු පවුල් වලින් 30%ක් පමණ අරගල කරමින් සිටින බව වාර්තා වේ.


ඔස්ට්‍රේලියාව තුල පවතින අධික ජිවන වියදම් අර්බුදය හේතුවෙන් තම දරුවන් නැවත පාසල් වෙත යොමු කිරීම සඳහා වන වියදම් සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි අරගලයක නිරත වේ.

Finder මගින් පුද්ගලයන් 1,039 දෙනෙකු යොදාගනිමින් මේ පිළිබඳව සමීක්ෂණයක් සිදු කොට තිබේ.

මෙහිදී හෙළිව ඇත්තේ ඒ සඳහා සහභාගී වූ පිරිසෙන් 30% පමණ පිරිසකට පාසල් උපකරණ සහ නිල ඇඳුම් වැනි අත්‍යවශ්‍ය දේ මිලදී ගැනීමට නොහැකි තත්වයක පසුවන බවයි.

———————————————————————————————————————————-

ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න

————————————————————————————————————————————-

මේ හේතුවෙන් තම දරුවන් නැවත පාසලට යැවීම සඳහා බොහෝ පිරිසක් ණය වී ඇති බවත් හෙළිව තිබේ.

සමීක්ෂණයට ලක් කළ දෙමාපියන්ගෙන් 11%කට ප්‍රාථමික පාසල් දරුවකු සඳහා සාමාන්‍යයෙන් ඩොලර් 2,547ක් සහ ද්විතීයික පාසලකට යන සිසුන් සඳහා ඩොලර් 4,793ක් වැනි මුදලක් පාසල් වියදම් වශයෙන් ගෙවීමට සිදුවන බව සඳහන් කොට තිබේ.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු දෙමාපියන්ගෙන් 50% පමණ පිරිසකට තම දරුවන් කිසිදු අපහසුතාවයකින් තොරව නැවත පාසලට යැවීමට හැකියාවක් පවතින බව සොයාගෙන තිබේ.

National Australia Bank මගින් සඳහන් කොට ඇත්තේ පෙබරවාරි මාසයේදී ඩොලර් 640,000 ට වඩා පොලී රහිත ණය ලබා ගැනීමට ගනුදෙනුකරුවන් අපේක්ෂා කරන බවයි.

2018 වසරේ සිට බැංකුව මගින් අධ්‍යාපනය සම්බන්ධයෙන් ලබාදුන් ණය මුළු වටිනාකම 73% කින් වර්ධනය වී තිබේ.

පාසල සඳහා වන උපකරණ, නිල ඇඳුම් සහ පාවහන් වැනි දෑ මිලදීගැනීම සඳහා ඕස්ට්‍රේලියානුවන් ඩොලර් බිලියන 2.5ක් වැය කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

Back to school
Source: AAP

ඔස්ට්‍රේලියානු සිල්ලර වෙළෙන්දන්ගේ සංගමය මගින් සිදු කල සමාරම්භක පර්යේෂණයේදී හෙළිව ඇත්තේ ඔස්ට්‍රේලියානුවන් මිලියන පහක් පමණ පාසල් සැපයුම් සඳහා සාමාන්‍යයෙන් ඩොලර් 512 බැගින් වැය කරන බවයි.

Roy Morgan සමග එක්ව කරනලද සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ පසුගිය වසරට සාපේක්ෂව 44%ක් වැඩි මුදලක් මේ සම්බන්ධයෙන් වියදම් කරන බවයි. නමුත් 22%ක පිරිසක් සඳහන් කොට ඇත්තේ තම වියදම් සමාන තත්වයක පවතිනු ඇති බවයි.

ඔස්ට්‍රේලියනුවන්ගේ වඩාත්ම ජනප්‍රිය මිලදී ගැනීම් වශයෙන් පාසල් පොත් , නිල ඇඳුම්, පාවහන් වැනි දේ පවතී.

ARA හි ප්‍රධාන විධායක Paul Zahra කියා සිටින්නේ ඇතැම් පවුල් අරගල කරන අතර කෙසේ නමුත් ප්‍රාන්ත රජයන් මගින් සහ පාසල් මගින් මේ සඳහා මුල්‍යාධාර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.

පාසල සඳහා වන මෙම උපකරණ සාමාන්‍ය ජිවිතයේ වන සාප්පු සවාරි යාමේදී මිලදීගන්නා දේවල් නොවන අතර මේ ඔස්සේ දරුවෙකුගේ ජීවිතයේ සැබෑ වෙනසක් ඇති කළ හැකි බවත් Paul කියා සිටී.

කෙසේ නමුත් මෙම වියදම් සිල්ලර වෙළෙන්දන්ට ධනාත්මක සලකුණක් වන අතර දෙමාපියන් වෙන කවරදාකටත් වඩා මිලදීගන්නා භාණ්ඩ සම්බන්ධයෙන් හොඳ වටිනාකමක් අපේක්ෂා කරනු ඇති බව Paul වැඩිදුරටත් පෙන්වා දෙයි.

*******************************************************************************

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය

*****************************************************************************


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now