ඕස්ට්‍රේලියාවේ Vape උපකරණ භාවිතය සම්බන්ධයෙන් වන නව ප්‍රතිසංස්කරණවල පළමු අදියර 2024 වසරේ ජනවාරි 1 වන දින ආරම්භ වේ. මේ ඔස්සේ ඔස්ට්‍රේලියාව තුළ තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂාවයි.
ඕස්ට්‍රේලියාවේ Vape උපකරණ භාවිතය සම්බන්ධයෙන් වන නව ප්‍රතිසංස්කරණවල පළමු අදියර 2024 වසරේ ජනවාරි 1වන දින ආරම්භ වීමට නියමිත අතර, 2024 වසර තුළ තවදුරටත් මේ හා සම්බන්ධ සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම මෙහි අපේක්ෂාවයි.
Vape භාවිතය සම්බන්ධයෙන් වන මෙම ප්‍රතිසංස්කරණ මගින් ඕස්ට්‍රේලියානුවන් සහ ඕස්ට්‍රේලියානු තරුණ තරුණියන්, Vape උපකරණ සහ "නිකොටින්" මත යැපීම වැනි හානිවලින් ආරක්ෂා කරයි.
සියලුම ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙම Vape උපකරණ භාවිතය සඳහා ජාතික වශයෙන් ස්ථාවර සහ ඒකාබද්ධ ප්‍රතිචාරයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇතැයි වාර්තා වේ.

2024 වසරේ ජනවාරි 1 වන දින සිට, ඕස්ට්‍රේලියානු රජය මගින්, Disposable single use vapes හෙවත් "ඉවත දැමිය හැකි එක් වරක් පමණක් භාවිත කල හැකි vape" උපකරණ ආනයනය තහනම් කිරීම ක්‍රියාත්මක කරයි.
මෙම තීරණය ඕස්ට්‍රේලියානු මධ්‍යම විධායක කවුන්සිලයේ ආණ්ඩුකාරවරයා ඇතුළු ව්‍යවස්ථාදායක සහ පරිපාලන විධිවිධාන අනුමත කිරීමට යටත් වේ.
මෙම Vape උපකරණ තහනමට සමගාමීව, Prescribe Vapes හෙවත් "වෛද්‍ය සහතිකය මත නිකුත් කරන Vape උපකරණ" සඳහාද නව සහ විශේෂ යෝජනා ක්‍රමයක් 2024 ජනවාරි 1 වන දින සිට ආරම්භ වේ.
කෙසේ නමුත් Therapeutic vapes යන කාණ්ඩය සඳහා එය අදාළ නොවේ.
2024 මාර්තු 1 වන දින සිට, පහත සඳහන් වෙනස්කම් සිදු වේ:
- Vapes පෞද්ගලිකව ආනයනය කිරීම තහනම් කිරීම.
- Therapeutic vapes ආනයනය කිරීම තහනම් කිරීම.
- Therapeutic vapes ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් තම නිෂ්පාදනය අදාළ නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූල බවට ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරියට දැන්විය යුතුවීම වීම.
- ආනයනකරුවන්ට මෙම නිෂ්පාදන ආනයනය කිරීමට පෙර ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරියෙන් බලපත්‍රයක් ලබාගතයුතු වීම.

2024 වසර තුළ, Vape සඳහා වන රසකාරක සීමා කිරීම, අවසර ලත් නිකොටින් සාන්ද්‍රණය අඩු කිරීම සහ නිසි ප්‍රමිතියකින් යුත් ඇසුරුම් අවශ්‍ය වීම ඇතුළුව, Therapeutic vapes සඳහා නිෂ්පාදන ප්‍රමිතීන් ශක්තිමත් කිරීම සිදු කරයි.
කෙසේ නමුත් මෙම ප්‍රමිතීන් සපුරාලීම සඳහා අදාළ ව්‍යාපාරවලට යම් සහන කාලයක් ලබාදීමට නියමිතව තිබේ.
Vape උපකරණ සම්බන්ධයෙන් වන නිසි පාලනයක් සහතික කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය 2024 දී මෙම නව නීති සම්පාදනය කිරීමට නියමිතයි.
Vape උපකරණ හේතුවෙන් තරුණ ඕස්ට්‍රේලියානුවන් තුල දැඩි සෞක්‍ය අවදානමක් ඇතිකරන බවටද මේ වනවිට අනාවරණය වී තිබේ.
එමෙන්ම 2023 වසරේ පළමු කාර්තුවේ සිට මේ සම්බන්ධයෙන් වන නවතම දත්ත පෙන්නුම් කොට ඇත්තේ, වයස අවුරුදු 14 සිට 17 දක්වා සෑම ළමුන් 07 දෙනෙකුගෙන් 01 අයකු සහ අවුරුදු 18 සිට 24 දක්වා සෑම ළමුන් 05 දෙනෙකුගෙන් 01 අයෙකු Vape උපකරණ භාවිත කරන බවයි.

කිසිදු දිනක දුම් පානය නොකළ ඕස්ට්‍රේලියානුවන්ට සාපේක්ෂව, මෙලෙස Vape උපකරණ භාවිතා කරන පිරිස දුම්කොළ භාවිතයට වන ඉඩකඩ 3 ගුණයකින් ඉහල වන බවත් පෙනී ගොස් තිබේ.
ඕස්ට්‍රේලියානු රජයේ මෙම ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සහ බලාත්මක කිරීම සඳහා, රජය මගින් ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායට අතිරේක ඩොලර් මිලියන 25 ක් සහ ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරියට ඩොලර් මිලියන 56.9 ක් වසර දෙකක් තුළ ලබා දීමට නියමිත බවත් වාර්තා වේ.






