Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Medicare ප්‍රතිලාභ දෙන බවට SMS එකක් ආවොත් පරිස්සමෙන්, Services Australia අනතුරු අඟවයි

Medicare
Medicare Source: AAP / AAP Image/Dave Hunt

Medicare වෙතින් යැයි සඳහන් කරමින් Medicare ප්‍රතිලාභ දෙන බවට විවිධ වංචනිකයින් SMS පණිවුඩ සහ email පණිවුඩ ඔස්සේ ඕස්ට්‍රේලියානුවන් සම්බන්ධ කරගන්නා බවට මේ වනවිට අනාවරණය වී තිබේ.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


Medicare වෙතින් යැයි සඳහන් කරමින් Medicare ප්‍රතිලාභ දෙන බවට විවිධ වංචනිකයින් SMS පණිවුඩ සහ email පණිවුඩ ඔස්සේ ඕස්ට්‍රේලියානුවන් සම්බන්ධ කරගන්නා බවට මේ වනවිට අනාවරණය වී තිබේ.


Medicare ප්‍රතිලාභ තිබෙන බවට පවසමින් විවිධ වංචනිකයින් SMS පණිවුඩ සහ email පණිවුඩ ඔස්සේ ඕස්ට්‍රේලියානුවන් සම්බන්ධ කරගන්න බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් Services Australia ජනතාවට අනතුරු අඟවා සිටින්නේ මෙවැනි SMS පණිවුඩ සහ email පණිවුඩ ඔබට ලැබුනහොත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

මෙම පණිවුඩ ඔස්සේ ඔබට හිමි Medicare "ප්‍රතිලාභයක්" හෝ "වට්ටමක්" ඇති බවත් ඒ සඳහා link එකකට යොමුවන ලෙසත් සඳහන් වේ.

එසේත් නොමැතිනම් QR කේතයක් ස්කෑන් කිරීමට ඔබට සඳහන් කල හැකි බව Services Australia වෙබ්අඩවිය සඳහන් කරයි.

medicare-scam-email.jpeg
The Medicare scam message might look like this Credit: servicesaustralia.gov.au

Services Australia අවධාරණය කොට සිටින්නේ කිසිදු විටෙක Services Australia මගින් ඔබේ myGov හෝ Medicare ගිණුමට log වීමට link එකක් ක්ලික් කිරීමට හෝ QR කේතයක් ස්කෑන් කිරීමට ඉල්ලා නොසිටින බවයි.

මේ හේතුවෙන් ඔබ myGov ගිණුම වෙත log වීමට, my.gov.au හරහා යාම වඩාත් ආරක්‍ෂිත වේ.

එසේ නොමැතිනම් myGov app එක භාවිත කිරීම ආරක්‍ෂිත වේ.

news
Source: SBS / sbs .jpg

කෙසේ නමුත් Services Australia වෙබ්අඩවිය සඳහන් කොට සිටින්නේ,

  • ඔබ හදිසියේ හෝ සැක සහිත SMS පණිවුඩයක, email පණිවුඩයක හෝ සමාජ මාධ්‍ය පණිවුඩයක link එකක් click කළහොත්

සහ

  • ඔබගේ myGov ගිණුමට log වීමේ තොරතුරු හෝ ඔබගේ බැංකු ගිණුම වැනි වෙනත් පුද්ගලික තොරතුරු ලබා දී ඇත්නම්

1800 941 126 යන දුරකථන අංකය ඔස්සේ වහාම Services Australia හි වංචා සහ අනන්‍යතා සොරකම් උපකාරක අංශය අමතන ලෙසයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now