Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජීවන වියදම් අර්බුදය ඔබට තදින්ම බලපානවාද? පීඩනය අඩුකරගන්න මෙන්න ක්‍රම තුනක්

A pay here sign board with the Australian flag in the background.

It’s time to become a budget detective, identifying and cutting down on non-essential costs that might be quietly draining your wallet. Source: AAP / Lukas Coch

ඕස්ට්‍රේලියනුවන්ගේ තත්වයන් එකිනෙකාට වෙනස් වුවත්, ඔබගේ සියලු මුදල් වැය වන්නේ කොහේටද සහ කුමන හේතුවක් මතද යන්න සොයා බැලීමට උත්සාහ කළ හැකි ක්‍රම කිහිපයක් තිබේ.


ජීවන වියදම් අර්බුදයෙන් අප සියලුදෙනාටම පාහේ පීඩනයක් දැනෙන විට, බොහෝ පිරිසක් තමාට එල්ල වන මුල්‍යමය පීඩනය ලිහිල් කිරීමට ක්‍රම සොයමින් සිටී.

සමස්තයක් ලෙස ගත් කල සෑම කෙනෙකුගේම තත්වයන් එකිනෙකාට වෙනස් වන අතර, කෙසේ නමුත් ඔබේ මුදල් සියල්ල වියදම් වන්නේ කොතැනටද සහ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව සොයා බැලීමට ක්‍රම කිහිපයක් තිබේ.

ජීවන වියදම ඉහල යාම ඔස්සේ සිදු වන බලපෑම අඩු කිරීමට සහ වෙහෙස වී උපයාගත් සෑම ඩොලරයක්ම ආරක්ෂා කරගැනීමට ප්‍රායෝගික උපදෙස් තුනක් පිළිබඳව මෙම ලිපිය ඔස්සේ ගෙන එයි.

වඩා හොඳ ණය අනුපාතයක් ලබාගැනීම් සඳහා කටයුතු කරන්න

ඕස්ට්‍රේලියාවේ බොහෝ නිවාස සඳහා "නිවාස ණය" ඔස්සේ දැඩි පීඩනයක් එල්ල වේ.

ඔබ ඔබේ "නිවාස ණය" 0.5%කින් අඩු කිරීමට කටයුතු කළහොත් එය සැලකිය යුතු ඉතිරියක් බවට පරිවර්තනය කළ හැක.

මේ හේතුවෙන් හැකි ඉක්මනින් ඔබේ බැංකුව අමතා ගාස්තු අඩු කිරීමක් ඉල්ලා සිටීම වැදගත් වේ.

ඔවුන් ඒ සඳහා එකඟ නොවුනහොත් වෙනත් ණය ලබාදෙන්නකු වෙත යාම සිදු කිරීම ඔබට කල හැක.

ඔබේ වර්තමාන ණය දෙන්නාට ඔබේ පක්ෂපාතිත්වය තබාගැනීම ඔස්සේ ඔබ සිතනවාට වඩා වැඩි මුදලක් වැය විය හැකි වීම මීට හේතුවයි.

බැංකු බොහෝ විට, නව ගනුදෙනුකරුවන් සඳහා වඩාත් පහසු සහ ආකර්ශනීය අනුපාත ලබාදීම සිදු කරයි.

එමෙන්ම යම් බැංකුවක දිගුකාලීන ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පොලියට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදු විය හැක.

අන්තර්ජාලය තුල නොමිලේ ගාස්තු-සැසඳීමේ වෙබ් අඩවි රැසක් පවතින අතර කෙසේ නමුත් ඔබට තනි තනි වශයෙන් බැංකු වෙබ් අඩවි සෘජුවම පරීක්ෂා කළ හැක.

ඔබ වඩා හොඳ පොලී අනුපාතයක් ලබා දෙන ණය දෙන්නෙකු සොයා ගතහොත් එම ණය දෙන්නාගේ තරඟකාරී බැංකුව ඇමතීම ඔස්සේ අඩු පොලියකට ඔබේ නිවාස ණය සකසාගැනීමටද හැක.

එසේත් නැතිනම්, ඔබට වඩා හොඳ ගනුදෙනුවක් ලබා ගැනීම සඳහා උකස් තැරැව්කරුවෙකුගෙන් සහය ලබා ගත හැක.

ඔබ යම් ණය ලබාදෙන්නකුගෙන් ඉවත් වන්නේ නම් ඔවුනට ගෙවිය යුතු exit fees වැනි ගාස්තු ගෙවිය යුතු වේ.

Offset account වැනි පහසුකම් සලක බැලීම වඩාත් වේ.

ඔබේ නිවාස ණයට සම්බන්ධ වූ offset account මගින් ඔබේ වැටුප සහ ඉතුරුම් වැනි මුදල් තැන්පත් කිරීමට ඔබට ඉඩ සලසයි.

මෙම මුදල් ඔබගේ නිවාස ණය ශේෂයට "හිලව්" වීම සිදු වේ.

Home loans
Source: Getty / Getty Images

ඔබ ගෙවිය යුතු හිඟ මුදලට පමණක් පොලිය ගෙවීමට සිදු වීම මෙමගින් අදහස් කෙරේ.

මෙමගින් ණය ආපසු ගෙවීම වේගවත් කළ හැකි අතර පොලී පිරිවැය අඩු කළ හැක.

variable interest rates හෙවත් විචල්‍ය පොලී අනුපාත සමඟ පමණක් මෙවැනි ආකාරයේ offset account එකක් ලබාගැනීමට ඔබට හැකියාව හිමි වේ.

ඔබගේ වියදම් කපා හැර සැඟවුණු ඉතුරුම් සොයා ගන්න

අත්‍යවශ්‍ය නොවන වියදම් හඳුනා ගැනීම සහ කපා හැරීම ඔස්සේ ඔබට වැඩි වාසි අත් වේ.

ඔබ ලබාගෙන ඇති සහ ඔබට අත්‍යවශ්‍ය නොවන සාමාජිකත්වයන් පිළිබඳව සිතා බැලීම මෙහිදී වැදගත් වේ.

ඔබ gym membership එක සහ රුපවාහිනී වැඩසටහන් සඳහා වැය කරන මුදල කොපමණද සහ ඒවා කොපමණ වාරයක් භාවිතා කරනවාද යන්න පිළිබඳව අවධානයක් යොමු කිරීම මෙහිදී සිදු කල හැක.

බොහෝ බැංකු app වල අයවැය ඉලක්ක සැකසීමට මේ වනවිට පහසුකම් සලසා දී තිබේ.

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, "රක්ෂණ සහ මුල්‍ය සේවා" ජීවන වියදම් දර්ශකවල ඉහලම ස්ථානයක් ගනී.

එබැවින් වඩා හොඳ රක්ෂණ වාරික සඳහා සංසන්දනාත්මක සොයා බැලීම සිදු කල හැක.

ඕස්ට්‍රේලියාවේ රක්‍ෂණ වෙළඳපොල තරඟකාරී වන අතර, ඔබට බොහෝ විට ඔබේ මෝටර් රථ සහ නිවාස රක්ෂණ වැනි රක්ෂණයන් එකට එකතු කිරීමෙන් වට්ටම් ලබා ගත හැක.

බලශක්ති පිරිවැය ද මෙහිදී ප්‍රධාන ස්ථානයක් ගනී.

වඩා ලාභදායී බලශක්ති සැලසුම් සොයා ගැනීමට Energy Made Easy හෝ ඔබ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන්නේ නම් Victorian Energy Compare වෙබ් අඩවිය වැනි වෙබ්අඩවි පිලිබඳ සොයා බැලිය හැක.

ඔබේ හිමිකම් උපරිමයෙන් ලැබෙන බව සහතික කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ Energy.gov.au වෙබ්අඩවිය හරහා වට්ටම් සහ සහන පිළිබඳව යාවත්කාලීනව සිටින්න.

ඔබ භවිත කරන විදුලිය අවම කිරීමට කටයුතු කිරීම වැදගත් වේ.

ඉන්ධන සඳහා ඔබේ ප්‍රදේශයේ අඩුම මිලට ඉන්ධන සොයාගැනීමට හැකි app පවතින අතර එවැනි app සහ වෙබ්අඩවි සොයාගැනීම වැදගත් වේ.

cheaper fuel
Source: AAP

ඔබ කුලී නිවසක සිටින්නේ නම් ලාභදායී නිවසකට යාම විකල්පයක් දැයි සිතා බැලීම වැදගත් වේ.

බොහෝ පිරිස මුදල් ආපසු ලබාගැනීමට හැකි Cashrewards සහ ShopBack වැනි වෙබ්අඩවි භාවිත කරයි.

උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සහ ඉහළ පොලී ණය පිළිබඳව කටයුතු කිරීම

ඉහළ යන පොලී අනුපාත ඔබේ නිවාස ණය ඉහළ යාමට හේතු විය හැකි අතර, එය ඔබේ ඉතුරුම් සඳහා ඉහළ පොලී එක් වේ.

කෙසේ නමුත් ඔබට බැංකු ඉතුරුම් ගිණුමක් ඔස්සේ 5.5%ක් පමණ උපයා ගත හැක.

ක්‍රෙඩිට් කාඩ්පත් හෝ පුද්ගලික ණය වැනි ඉහළ පොලී ණය සමඟ පිඩනයට පත්ව සිටින පිරිස පොලී ගෙවීම් අවම කිරීම සඳහා, හිඟ ශේෂයන් පියවීමට ප්‍රමුඛත්වය ලබාදීම නුවණට හුරු වේ.

ඉහළ පොලී ණය ගෙවීම පැහැර හැරීම ඔස්සේ ඇතිවිය හැකි poor credit score වැනි දිගුකාලීන ප්‍රතිවිපක වලින් ගැලවීම දුෂ්කර විය හැක.

buy-now, pay-later වැනි සේවා භාවිත කිරීමේදී දැඩි ලෙස සුපරිෂාකාරී වීම වැදගත් වේ.

ඔබට තවදුරටත් උපකාර අවශ්‍ය නම්, 1800 007 007 ඔස්සේ රජයේ National Debt Helpline අමතන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now