නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වත්මන් රජය මගින්, මින් පෙර පැවතී රජය මගින් සිදු කල Toll සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්ති වෙනස් කොට ඇති අතර, ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රියදුරන් හට සතිපතා අධිවේගී මාර්ග සඳහා ගෙවිය යුතු toll ගාස්තු $60කට සිමා කිරීම සිදුව තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වත්මන් රජය මගින්, මින් පෙර පැවතී රජය මගින් සිදු කල Toll සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්ති වෙනස් කොට තිබේ.
මේ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රියදුරන් හට සතිපතා අධිවේගී මාර්ග සඳහා ගෙවිය යුතු toll ගාස්තු $60කට සිමා කිරීම සිදුව තිබේ.
මෙම නව ක්‍රියාමාර්ග 2024 වසරේ ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර ප්‍රාන්තයේ අඛණ්ඩව ඉහල යන ජීවන වියදම් අර්බුදයට සහනයක් සැලසීම මෙහි අරමුණ වන බව ප්‍රාන්ත රජය පවසයි..
මෙම නව toll සහන හේතුවෙන් ප්‍රාන්තය තුල මෝටර් රථ රියදුරන් 720,000 කට පමණ ප්‍රතිලාභ සැලසෙන බව Service NSW වෙබ්අඩවිය පෙන්වා දෙයි.
Lakemba, Kellyville, Baulkham Hills, Winston Hills, Greystanes, Moorebank සහ Blacktown හි සුදුසුකම් ලත් toll ගිණුම් 60,000කට අධික සංඛ්‍යාවක් ඇතුළුව, ප්‍රාන්තයේ ඉහළම ගාස්තු ගෙවීමක් සිදු කරන බටහිර සිඩ්නි හි මෝටර් රථ හිමියන්ට මෙමගින් වඩාත්ම ප්‍රතිලාභ හිමි වේ.
මේ සඳහා සුදුසුකම් ලබන පිරිසට 2024 අප්‍රේල් මාසයේ සිට Service NSW හරහා ලියාපදිංචි වී වට්ටම් ඉල්ලා සිටිය හැකි බව Service NSW වෙබ් අඩවිය කියා සිටී.
මෙම නව යෝජනා ක්‍රමය ඔස්සේ සතිපතා Toll සඳහා වන වියදම් තක්සේරු කිරීම සිදු කරන අතර ලබාදෙන වට්ටම් මුදල, අදාළ ගිණුම් හිමියාගේ නම් කරන ලද බැංකු ගිණුමට බැර කිරීම සිදු වේ.

මේ සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල ඕනෑම Toll ගෙවිය යුතු මාර්ගයක සිදු කරන පෞද්ගලික ගමන් අදාළ වේ.
කෙසේ නමුත් මේ සඳහා M5 South-West Cashback යෝජනා ක්‍රමය සඳහා ලියාපදිංචි වූ රියදුරන් සුදුසුකම් නොලබන බව Service NSW වෙබ්අඩවිය පෙන්වා දෙයි.
————————————————————————————————————————————-
ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න
————————————————————————————————————————————-
තමා සතු තනි toll tag එක හෝ මෝටර් රථ ලියාපදිංචි අංක භාවිත කරමින් සාමාන්‍යයෙන් සතියකට ඩොලර් 200ක් වැය කරන රියදුරන් හට, වසරකට $7,280 ක වට්ටමක් අපේඛ කල හැක.
“fair use” විධිවිධාන යටතේ මෙම යෝජනා ක්‍රමයේ අඛණ්ඩතාව සහතික කරයි.
මේ ඔස්සේ මෝටර් රථ හිමියන්ට ගාස්තු වශයෙන් ඩොලර් 400 ක් දක්වා හිමිකම් පෑමට හැකි අතර එසේ නමැතිවුවහොත් සතියකට $340 ක උපරිම වට්ටමක් දක්වා යා හැක. මෙම සීමාවට වඩා වැඩි කිසිවක් ආපසු නොගෙවන බව Service NSW කියා සිටී.
Rideshare, කුලී රථ සහ ව්‍යාපාර සඳහා ලියාපදිංචි කොට ඇති මෝටර්රථ මෙන්ම බරවාහන මේ සඳහා සුදුසුකම් නොලබයි.
ප්‍රාදේශීය මාර්ගවලින් ට්‍රක් රථ ඉවත් කිරීමට සහ භාණ්ඩ ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමට ප්‍රමුඛත්වය දීම සඳහා ‘truck multiplier’ වට්ටම් ලබාදීම සිදු වේ.
වලංගු E-Toll, Linkt හෝ Eastlink ගිණුමක් සහිත, M5 East සහ M8 හි ගමන් කරන සියලුම නිව් සවුත් වේල්ස් සහ වෙනත් ප්‍රාන්ත වල ලියාපදිංචි කොට ඇති ට්‍රක් රථ ‘truck multiplier’ වට්ටම් සඳහා ඇතුළත් වේ.

මෙම ට්‍රක් රථ M5 East සහ M8 හි ගමන්කරන සෑම තුන්වන ගමන් වාරයක් සඳහාම වට්ටම් ලබාදීම සිදු වේ.
මේ සඳහා ඩොලර් මිලියන 54ක් වැය වන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහන් කොට සිටී.
2024 අප්‍රේල් මාසයේ සිට ට්‍රක් රථ වට්ටම සඳහා ලියාපදිංචි වන පාරිභෝගිකයින්ට සෑම කාර්තුවකටම ඔවුන්ගේ ගාස්තු අදාළ ගිණුමට ස්වයංක්‍රීයව බැර කෙරේ.
ඔබ $60 ක Toll cap වට්ටම සඳහා සුදුසුකම් ලබන්නේ දැයි බැලීමට පිවිසෙන්න
මෙම Toll Cap යෝජනා ක්‍රමය වසර දෙකක් සඳහා අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැඩබලන අග්‍රාමාත්‍ය සහ බටහිර සිඩ්නිහි Prue Car කියා සිටියේ ඉහළ යන ජීවන වියදම සමඟ ප්‍රාන්තයේ ප්‍රජාවට උපකාර කිරීම ප්‍රාන්ත රජයේ ප්‍රමුඛතාවය වන බවයි.
මෙම Toll Cap යෝජනා ක්‍රමය ඔස්සේ බොහෝ පවුල් මුහුණ දෙන මූල්‍ය බර ලිහිල් කිරීමට හැකිවනු ඇති බවත් ඒවා ඔවුනට අත්‍යවශ්‍ය සහනයක් ලබාදෙන බවත් Prue Car සඳහන් කොට සිටි.
එමෙන්ම ප්‍රාන්ත මාර්ග අමාත්‍ය සහ ප්‍රාදේශීය ප්‍රවාහන හා මාර්ග පිළිබඳ වැඩබලන අමාත්‍ය Jenny Aitchison කියා සිටියේ පෙර පැවති ලිබරල් රජය මගින් සිඩ්නි නගරය සමස්ත ලෝකයේ Toll මුදල් වැඩියෙන්ම ගෙවන නගරය බවට පත්කොට ඇති බවයි.
වත්මන් රජය එය අවසන් කොට ඇති බවත් මිලියන තුනකට ආසන්න ජනතාවකට මෙමගින් වාසි අත්වන බවත් Jenny වැඩිදුරටත් සඳහන් කොට සිටී.
*******************************************************************************
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)
අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
SBS Audio APP (Free)
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය
*******************************************************************************






