නත්තල් සහ අලුත් අවුරුදු සමයේදී දහස් ගණන් ඕස්ට්‍රේලියානුවන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා සාප්පු සවාරි යාම සිදු කරන අතර, මේ හේතුවෙන් තමා සතු පාරිභෝගික අයිතිවසිකම් පිළිබඳව දැනුවත් වන ලෙස ඕස්ට්‍රේලියානු පාරිභෝගික ප්‍රජාවට බලධාරීන් සඳහන් කොට සිටී.
නත්තල් සහ අලුත් අවුරුදු සමයේදී දහස් ගණන් ඕස්ට්‍රේලියානුවන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා සාප්පු සවාරි යාම සිදු කරයි.
මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු පාරිභෝගික ප්‍රජාවට බලධාරීන් සඳහන් කොට සිටින්නේ තමා සතු පාරිභෝගික අයිතිවසිකම් පිළිබඳව දැනුවත් වන ලෙසයි.
මෙම උත්සව සමයේදී බොහෝ ඕස්ට්‍රේලියානුවන් විවිධ භාණ්ඩ මිලදී ගැනීම සිදු කරන අතර ඔවුන් වට්ටම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරයි.
කෙසේ නමුත් යම් නිෂ්පාදනයක් විකිණීමේදී එම නිෂ්පාදනයට වට්ටම් තිබුනද නොතිබුණද එය මිලදී ගන්නා පාරිභෝගිකයා හට refund හෙවත් එම මුදල් ආපසු ලබාගැනීමේ අයිතියක් පවතී.

වට්ටම් සහිත භාණ්ඩ හෝ තෑගි ලෙස ලබා දෙන භාණ්ඩ සඳහා මුදල් ආපසු ගෙවීමක් සිදු නොකරන බව පවසන වෙළඳසැල් ඕස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය යටතේ පාරිභෝගිකයින් නොමඟ යැවීමක් බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
මේ හේතුවෙන් ඔබේ පාරිභෝගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔබ දන සිටීම වැදගත් වේ.
Refund හෙවත් මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්ති මත ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ
Sale වශයෙන් හැඳින්වෙන වට්ටමක් සහිතව විකිණු නිෂ්පාදනයක් සඳහාත් සම්පූර්ණ මිලට අලෙවි කරන නිෂ්පාදනයකට හා සමානව පාරිභෝගික අයිතීන් පවතී.
යම් නිෂ්පාදනයක් දෝෂ සහිත වුවහොත්, එය අලුත්වැඩියා කිරීමට, වෙනත් නිෂ්පාදනයක් ඒ වෙනුවට ලබාදීමට හෝ ආපසු ගෙවීමක් ලබාගැනීමට ගැනුම්කරුවන්ට හිමිකම් තිබේ.
කෙසේ නමුත්, විකිණීමට පෙර නිෂ්පාදනයේ දෝෂයක් පවතින බවට ව්කිණුම්කරුවන් පවසා ඇත්නම්, පාරිභෝගිකයෙකුට එය මිලදීගැනීමෙන් පසුව එම දෝෂය සඳහා මුදල් ආපසු ගෙවීමක් ඉල්ලා සිටිය නොහැක.
පාරිභෝගිකයෙකු තම අදහස වෙනස් කරන්නේ නම්, හෝ දෝෂයට තුඩු දෙන ආකාරයෙන් නිෂ්පාදනය අනිසි ලෙස භාවිත කොට ඇත්නම්, අදාළ වෙළඳසල් වලට මුදල් ආපසු දීම, හුවමාරු කිරීම හෝ අලුත්වැඩියා කිරීම ප්‍රතික්ෂේප කළ හැක.
වෙළඳුන්ට තම නිෂ්පාදන අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීමේ වගකීමක් තිබේ.
නමුත් NSW Fair Trading හි වැඩබලන කොමසාරිස් John Tansey පවසන්නේ පාරිභෝගිකයින් යමක් මිලදී ගැනීමට පෙර හෝ ඔවුන් නිෂ්පාදනයකට හසු වීමට පෙර ඔවුන් ඒ සම්බන්ධයෙන් සොයාබැලීම වැදගත් වන බවයි.
එමෙන්ම එවැනි නිෂ්පාදනයක් සඳහා store credit ලබාදෙන බවට් සඳහන් කළහොත් එය පාරිභෝගිකයින් නොමඟ යැවීමක් වශයෙන් ද සැලකිය හැක.
තවද යම් නිෂ්පාදනයක් ඔබට තෑග්ගක් ලෙස ලැබුනද,ඒ සම්බන්ධයෙන් ඔබට ගැනුම්කරුට හා සමාන අයිතිවාසිකම් තිබේ.
Gift cards
Gift cards බොහෝ විට වසරක පමණ කාලයකදී කල් ඉකුත්වන බවට සඳහන් කොට තිබුණද, ඕස්ට්‍රේලියානු පාරිභෝගික නීති ඇපකර යටතේ ඒවා භාවිතා කිරීමට ඔබට අවම වශයෙන් වසර තුනක්වත් තිබේ.
ඊට අමතරව,මේ සඳහා සක්‍රිය කිරීමේ ගාස්තු, ගිණුම් ගාස්තු හෝ ශේෂ විමසීම් ගාස්තු වැනි පසු-මිලදී ගැනීම් ගාස්තු ව්‍යාපාරවලට අය කළ නොහැක.
කෙසේ නමුත් මෙවැනි Gift cards සඳහා වන විදේශීය ගනුදෙනු ගාස්තු, booking ගාස්තු හෝ payment surcharge වැනි ගාස්තු අය කළ හැක.
දිගු කාලීන වගකීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න
ඔබ යම් නිෂ්පාදනයක් මිලදීගැනීමකදී ඔබට extended warranty එකක් පිරිනමන්නේ නම්, ඔබට වෙනමම එය මිලදී ගැනීමට අවශ්‍ය නොවනු ඇත.
නමුත් පාරිභෝගිකයින් මෙවැනි වගකීම් සහතික මිලදී ගැනීමට එකඟ වීමට පෙර ඒවා මගින් ලබා දී ඇති ප්‍රතිලාභ සඳහා හිමිකම් පවතීදැයි පරීක්ෂා කළ යුතු වේ.
සැපයුම්කරුවන් හෝ නිෂ්පාදකයින් පාරිභෝගිකයින්ට extended warranty එකක් ලබා දෙන බව සඳහන් කරන විට පාරිභෝගිකයින් ද ප්‍රවේශම් විය යුතු වේ.
Consumer Affairs Victoria උදාහරණයක් වශයෙන් පෙන්වා දෙන්නේ, යමකු නිෂ්පාදකයාගේ වසරක වගකීම් කාලය අවසන් වීමෙන් පසු ඉතිරි කාලය ආවරණය කිරීම සඳහා ඩොලර් 6,000 ක නව රූපවාහිනියක් සඳහා extended warranty එකක් ගන්නේ නම්, නව රූපවාහිනියක් වසරකට වඩා වැඩි කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කිරීම ඊට හේතුව වන බවයි.

වික්ටෝරියානු ප්‍රාන්ත පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍ය Gabrielle Williams පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ පාරිභෝගික අයිතීන් පිළිබඳව හොඳින් දැනුවත් වන ලෙසයි.
වෙළෙන්දෙකුට ඔවුන්ගේ බැඳීම් පිළිබඳව නොදැන සිටීම නිදහසට කරුණක් නොවන අතර, යම් ගැටලුකාරී තත්වයකදී කතා කිරීමට තම පාරිභෝගික අයිතීන් දැන සිටින ලෙස Gabrielle පාරිභෝගික ප්‍රජාවට කියා සිටී.
එමෙන්ම John කියා සිටින්නේ, යම් නිෂ්පාදනයක් දෝෂ සහිත නම් ඕස්ට්‍රේලියානු පාරිභෝගික නීතියට අනුව පාරිභෝගිකයින්ට එම නිෂ්පාදනය අලුත්වැඩියා කිරීමට, ඒ සඳහා වෙනත් නිෂ්පාදනයක් ලබාගැනීමට හෝ ආපසු ගෙවීමක් ඉල්ලා සිටීමට අයිතියක් පවතින බවයි.






