Key Points
- ඕස්ට්‍රේලියාවේ තිබෙන විවිධ පැලෑටි සහ වෘක්ෂ, මනසින් ඔබව ඔබේ මව්බිමට සහ ළමා කාලයට රැගෙන යාම සිදු කරයි
- ඕස්ට්‍රේලියාවේ නාගරිකව තිබෙන වටිනා රුක් වියන ආරක්ෂා කිරීමට, විවිධ කවුන්සිලවලට වෘක්ෂලතා සංරක්ෂණ නියෝග පවතී
- කුලී නිවැසියන් තම ගෙවත්තේ ප්‍රධාන වෙනස්කම් කිරීමට පෙර, සැමවිටම තම දේපල කළමනාකරු සම්බන්ධ කර ගත යුතුය
ගෙවතු වගාව සම්බන්ධයෙන් සහ ඔබේ නිවස අවට වෘක්ෂලතා පිලිබඳ අවධානය යොමු කිරීමේ ප්‍රතිලාභ ඉතා ඉහල වන අතර එය ඉතා වැදගත් වේ.
උද්‍යාන විද්‍යාඥ Justin Calverley පවසන්නේ, සොබාදහමට ආදරය කරන “biophilia" සම්බන්ධයෙන් බොහෝ අධ්‍යයනයන් පවතින බවයි.
නගරවල ජීවත් වීමේදී අප බොහෝ පිරිසක් පරිසරයෙන් ඈත් වීම සිදු වන නමුත්, අප ශාක වලින් වට වී තිබෙන ස්වභාවික ලෝකයේ සිටින විට අපට වඩාත් වැඩි නිදහසක් දැනේ.

ගස් සිටුවීමේ ප්‍රතිලාභ වශයෙන් එමගින් ලැබෙන සෙවන සහ සිසිලස සඳහන් කල හැක. එමෙන්ම වෘක්ෂලතා අතර සිටින විට ලැබෙන පිරිසිදු වාතය තවත් වරප්‍රසාදයක් වශයෙන් පැවසිය හැක.
ඕස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන පිරිසට, ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශ වලදී ඔවුනට නුහුරු සහ නුපුරුදු දර්ශන සහ ශබ්ද පැවතුනත් Justin පවසන්නේ, මොවුන් හුරුපුරුදු ශාක දැකීම ඔස්සේ ඔවුන්ව මනසින් ඔවුන්ගේ ළමා කාලයට සහ ඔවුන්ගේ මව්බිමට රැගෙන යාම සිදු කරන බවයි.
ඵලදායී ගෙවත්තක් නිර්මාණය කිරීමෙන් පුද්ගලයින්ට පෝෂණ ගුණය, ව්‍යායාම වැනි ප්‍රතිලාභ ලැබීම සිදු වේ.
Justin පවසන්නේ ගෙවතු නිර්මාණයේදී සැහැල්ලු ව්‍යායාම සිදුවීමත් හිරුගෙන් පුද්ගල ශරීරයට ලැබෙන විටමින් D ලැබීමත් සිදු වන බවයි.
Urban canopy නොහොත් "නාගරික වියන්" යනු කුමක්ද?
ඕස්ට්‍රේලියාවේ බොහෝ නගර අභ්‍යන්තර ප්‍රදේශවල විවෘත ඉඩකඩ සීමිත වීම හේතුවෙන්, වන ජීවීන්ට සහ ප්‍රජාවට වෘක්ෂලතා ඉතා වැදගත් බව මෙල්බර්න් හි Port Phillip නගරයේ නගරාධිපති Marcus Pearl පවසයි.
ඕස්ට්‍රේලියානු වෘක්ෂ ආරක්ෂණ පනත සහ ප්‍රාදේශීය සභා වෘක්ෂ සංරක්ෂණ නියෝග මගින් මේවා ආරක්ෂා කොට තිබේ.

මේ හේතුවෙන් නාගරික ප්‍රදේශ වල පදිංචිකරුවන්, තම පුද්ගලික ඉඩමෙන් පවා යම් වෘක්ෂයක් කපා ඉවත් කිරීමට පෙර, ඒ සම්බන්ධව අදාළ නගරසභාවෙන් අනුමැතිය ලබා ගත යුතු වේ.
නගරාධිපති Marcus පෙන්වා දෙන්නේ, නාගරික තදාසන්න ප්‍රදේශවල සැලකිය යුතු ගස් වර්ග ඉවත් කිරීමට සීමා පවතින බවයි.
නගර සභාවලට ඔවුන්ගේ නගරයේ පවතින ‘නාගරික වියන්’ වශයෙන් හැඳින්වෙන සෙවන දෙන සහ ගස් සංක්‍යාව අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය වීම මීට ප්‍රධානතම හේතුවයි.
ඕස්ට්‍රේලියාවේ පුද්ගලික ඉඩම් වල තිබෙන වෘක්ෂ සම්බන්ධයෙන් පුද්ගලයින්ට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ, නගර සභා විවිධ භාෂාවලින් මාර්ගෝපදේශ සපයයි.

නිවසක හෝ වෙනත් ගොඩනැඟිල්ලක ඉදිරිපස මායිම සහ වීදිය අතර තිබෙන තණකොළ රෝපණය කොට තිබෙන කොටස Nature strip වශයෙන් හැඳින්වේ.
නගරාධිපති Marcus නිදසුනක් වශයෙන් සඳහන් කොට සිටින්නේ, Port Phillip නගරයේ විවෘත ඉඩ සීමිත වන අතර, මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් ඔවුන් ජීවත් වන ස්ථානවල මෙම තණකොළ රෝපණය කොට තිබෙන කොටසේ වෘක්ෂලතා වැවීමට පටන් ගත් බවයි.
ප්‍රජා උපදේශනයකින් අනතුරුව, නගර සභාවට අයිති මෙම කොටසේ සහ ඔවුන්ගේ නිවෙස් අසල පෙට්ටිවල පැළ සිටුවීමට අවසර දීම සඳහා පැවති සීමද ඉවත් කොට තිබේ.
සෑම අයකුටම මෙමගින් සංස්කෘතිකමය හා සමාජීය වශයෙන් ප්‍රතිලාභ පවතින බැවින් Port Phillip නගර බලධාරීන් මේ ආකාරයේ ක්‍රියා සිදු කරන පුද්ගලයින් දිරිමත් කිරීම සිදු කරයි.
කුලී නිවැසියන්ට කුමක් කළ හැකිද?
තමන් ජීවත් වන ඉඩමේ තණකොළ කැපීම සහ කප්පාදු කිරීම ඇතුළුව තම උද්‍යාන නඩත්තු කිරීම කුලී නිවැසියන් සිදු කල යුතුය.
Sydney හි දේපල කළමනාකරුවරයකු වන Iggy Damiani පවසන්නේ යම් හෙයකින් කුලී නිවැසියෙකුට තම උද්‍යානය වැඩිදියුණු කිරීම් කිරීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් නිසි අවසරයක් ලබාගත යුතු වන බවයි.
උදාහරණ වශයෙන් ඔවුන්ට, කුලියට සිටින නිවසේ උද්‍යානයේ ප්‍රධාන වෙනස්කම් කිරීමට හෝ ගස් සිටුවීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ඔවුන් අවසර ලබාගත යුතුය.
මේ හේතුවෙන් කුලී නිවැසියෙකු තම ගෙවත්තේ වෙනස්කම් සිදු කරන විට, ඉඩම් හිමියා එම වෙනස්කම් සම්බන්ධයෙන් එකඟ වන බවට වග බලා ගැනීම සඳහා දේපල කළමනාකරු සම්බන්ධ කර ගැනීම වඩාත් සුදුසු වේ.

Potted gardens හෙවත් බඳුන් භාවිත කරමින් සකසන උද්‍යාන කුලී නිවැසියන්ට වඩාත් නම්‍යශීලී බවක් ලබා දේ
උද්‍යාන විද්‍යාඥ Justin පෙන්වා දෙන්නේ බඳුන් භාවිත කරමින් කුලී නිවැසියකු තම ගෙවත්ත සැකසුවහොත්, එම පුද්ගලයා එම නිවසින් වෙනත් නිවසකට යාමේදී ඔවුනට ඒවා රැගෙන යා හැකි බවයි.
කෙසේ නමුත් බඳුන් වල විවිධ පැලෑටි රෝපණය කිරීමේදී අදාළ බඳුන එම පැලයට සුදුසුද යන්න සොයා බැලිය යුතු අතර ඊට පෙර ඒ සම්බන්ධයෙන් යම් සොයාබැලීමක් සිදු කිරීම වැදගත් වන බවත් Justin පවසයි.
වඩා හොඳ සහ අදාළ කලාපයට විශේෂිත වූ ඕස්ට්රේලියානු දේශීය ශාක සලකා බැලීමද වැදගත් වන අතර, ඒවා අදාළ කලාපයේ දේශගුනයට සහ පසට හුරු හෙයින් එම පැළ සාර්ථකව රෝපණය කිරීමට හැකියාව හිමි වේ.
______________________________________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_______________________________________________________________________________________________
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න
_______________________________________________________________________________________________






