මේ උත්සව සමයේදී ක්‍රියාත්මක "Double demerits" වලින් ප්‍රවේශම් වෙන්න, දැනගතයුතු දේවල් මෙන්න

speed_cameras_02_aap.jpg

Source: AAP

මෙම උත්සව සමයේදී රියදුරන් අනතුරුදායක හැසිරීම් සිදු කිරීම වැලැක්වීම සඳහා ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත වල double demerit ක්‍රියාත්මක කොට තිබේ. එක් එක් ප්‍රාන්ත වල ක්‍රියාත්මක මෙම double demerit සම්බන්ධයෙන් ඔබ දැනගතයුතු කරුණු මෙම ලිපිය ඔස්සේ ගෙන එයි.


ග්‍රීෂ්ම ඍතුව සහ නිවාඩු සමය ඕස්ට්‍රේලියාවේ මහා මාර්ගකාර්යබහුල වන අතර එය වඩාත් භයානක කාලයකි.

මේ හේතුවෙන්, රට පුරා පොලිස් නිලධාරීන් මාර්ග ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් සිටින අතර, ඇතැම් ප්‍රාන්තවල සහ ටෙරිටරි වල මාර්ග නීති කඩ කිරීම සම්බන්ධයෙන් double demerit තත්වයක් හඳුන්වා දී තිබේ.

එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ double demerit ගැන ඔබ දැනගත යුතු දේ පහත දැක්වේ.

Double demerits යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

Demerit points යනු, මාර්ග නීති කඩ කිරීම නිසා රියදුරෙකුට ලැබෙන දඩ සමග එම පුද්ගලයාගේ රියදුරු බලපත්‍රයේ වලංගුභාවය සම්බන්ධයෙන් කපා හරින ලකුණු වේ.

රියැදුරෙකුට demerit points වැඩි වශයෙන් කැපී තිබේ නම්, ඔවුනට ඔවුන්ගේ බලපත්‍රය අහිමි විය හැක.

නත්තල්, පාස්කු සහ දිගු සති අන්තවල ඇතුළු මහා මාර්ග කාර්යබහුල කාලවලදී, නියමිත මාර්ග නීති අනුගමනය නොකරන රියදුරන්ට මෙම demerit points දෙගුණයක් කපහැරිම සිදු විය හැක. මෙය double demerit points වශයෙන් හැඳින්වේ.

එමෙන්ම මෙම කාලය තුලදී මාර්ග නීති අනුගමනය නොකරන රියදුරන්ට අධික දඩ මුදල් ද ලැබිය හැකි අතර, අධිකරණ බලය සහ වරද අනුව එම දඩ මුදල් ප්‍රමාණය වෙනස් වේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය


ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ, නිවාඩු කාලය තුළ demerit points සඳහා වෙනසක් නොමැත.

අනෙකුත් ප්‍රාන්ත සහ ටෙරිටරි මෙන් නොව, මාස 12ක් ඇතුළත නැවත නැවතත් නිශ්චිත වැරදි සිදු කරන රියදුරන් සඳහා double demerit points වසර පුරා අදාළ වේ.

  • නියමිත වේග සීමාවට වඩා පැයට කිලෝමීටර 20 ට වඩා වැඩි වේගයකින් ධාවනය කිරීම
  • ජංගම දුරකථන හා සම්බන්ධ වැරදි
  • වේගය සම්බන්ධයෙන් වන වැරදි
  • වයස අවුරුදු 16 ට අඩු මගීන් නිසි ලෙස ආරක්ෂා කර ඇති බව සහතික කිරීමට රියදුරු අපොහොසත් වීම
  • Helmet නොපැළඳීම සම්බන්ධයෙන් වන වැරදි

මෙම වැරදි සඳහා ඇතුලත් වේ.


ඔබ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රියදුරුබලපත්‍රලාභියෙකු නම් සහ ඕස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයක රථවාහන වරදක් සිදු කරන්නේ නම්, එම වරද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේදී සිදු වූවාක් මෙන් demerit points ලබාදිය හැක.
aus-double-demerits-v2.jpg
Double demerits apply in Queensland, NSW, the Australian Capital Territory and Western Australia Credit: SBS News

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල 2023 දෙසැම්බර් 22 සිකුරාදා සිට 2024 ජනවාරි 1 සඳුදා දක්වා double demerit points ක්‍රියාත්මක වේ.

  • අධික වේගයෙන් රිය පැදවීම
  • නීති විරෝධී ලෙස ජංගම දුරකථන භාවිතය
  • ආසන පටි නොපැළඳීම
  • Helmet නොපැළඳීම

යන වැරදි සඳහා double demerit points ඇතුලත් වේ.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය


ඕස්ට්රේලියානු කැපිටල් ටෙරිටරියේ 2023 දෙසැම්බර් 22 සිකුරාදා උදෑසන 12 සිට 2024 ජනවාරි 1 සඳුදා රාත්‍රී 11.59 දක්වා double demerit points ක්‍රියාත්මක වේ.

  • අධික වේගයෙන් රිය පැදවීම
  • නීති විරෝධී ලෙස ජංගම දුරකථන භාවිතය
  • ආසන පටි නොපැළඳීම
  • Helmet නොපැළඳීම

යන වැරදි සඳහා double demerit points ඇතුලත් වේ.

සෙසු සියලුම රථවාහන හා සම්බන්ධ වැරදි සඳහා demerit points එක බැගින් කැප හරිම සිදු වේ.

වික්ටෝරියානු ප්‍රාන්තය


වික්ටෝරියා ප්‍රාන්තයේ double demerit points ක්‍රියාත්මක නොවේ, නමුත් නත්තල් සහ අලුත් අවුරුදු කාලය පුරා පොලිසිය මාර්ගවල ආරක්ෂාව සඳහා සිටිනු ඇත.

Operation Roadwise Safety වශයෙන් හැඳින්වෙන මෙම ක්‍රියාවලිය 2023 දෙසැම්බර් 15 සිකුරාදා පෙරවරු 12.01 ට ආරම්භ වූ අතර 2024 ජනවාරි 1 සඳුදා රාත්‍රී 11.59 ට අවසන් වේ.
————————————————————————————————————————————-


ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න


————————————————————————————————————————————-


මෙම මෙහෙයුමේ පළමු දින පහ තුළ බීමතින් රිය පැදවීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු රිය පැදවීම, බලපත්‍ර නොමැතිව රිය පැදවීම හෝ ලියාපදිංචි නොකළ වාහනයක් පැදවීම, ජංගම දුරකථන හා සම්බන්ධ වැරදි සහ අධික වේගයෙන් රිය පැදවීම ඇතුළු වැරදි 4,701ක් පොලිසියට හසුව තිබේ.

ටස්මෙනියාව


නිවාඩු සමය තුළ ටස්මෙනියාවේ double demerit points ක්‍රියාත්මක නොවේ, නමුත් ටස්මෙනියා පොලිසිය Operation Safe Arrival නමින් වාර්ෂික මාර්ග ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

මෙම වසරේ ප්‍රචාරණ ව්‍යාපාරය නිවාඩු සමය පුරා ක්‍රියාත්මක වේ, පොලීසිය අධික වේගයෙන් රිය පැදවීම, ජංගම දුරකථන භාවිතය සහ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවීම වැනි නීතිවිරෝධී හැසිරීම් ඉලක්ක කරයි.

අධිවේගී මාර්ග සහ ප්‍රධාන මාර්ග සම්බන්ධයෙන් පොලිසිය ගුවනේ සිට නිරීක්ෂණය කරන අතර, මුර සංචාර සිදුකරයි.
NT driving
Four-wheel-drive vehicle on road in the Red Centre, Northern Territory, Australia. Source: Getty / Tim Graham/Getty Images

මත්පැන් සහ මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ ක්ෂණික මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

අධික වේගයෙන් රිය පැදවීම හඳුනාගන්නා speed detection devices යන උපකරණද ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක කොට තිබේ.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය


දකුණු ඕස්ට්‍රේලියාවේ double demerit points ක්‍රියාත්මක නොවේ, නමුත් දකුණු ඕස්ට්‍රේලියා පොලිසිය නිවාඩු කාලය තුළ සැලකිලිමත් වන ලෙස රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය කියා සිටින්නේ මාර්ග ආරක්ෂිතව තබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් නිලධාරීන් මෙම උත්සව සමය පුරා “දිවා රාත්‍රී” මුර සංචාරයේ යෙදෙන බවයි.

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය


බටහිර ඕස්ට්‍රේලියාවේ, මෝටර් රථ හිමියන්ට දීර්ඝ කාලයක් පුරා double demerit points සඳහා මුහුණ දීමට සිදු වේ.
Double demerit points ක්‍රියාත්මක කිරීම 2023 දෙසැම්බර් 22 සිකුරාදා ආරම්භ වූ අතර 2024 ජනවාරි 7 ඉරිදා දක්වා ඒවා ක්‍රියාත්මක වේ.

මෙම කාලය තුළදී,

  • අධික වේගයෙන් රිය පැදවීම
  • මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර රිය පැදවීම
  • ආසන පටි පැළඳීමට අසමත් වීම
  • ජංගම දුරකථන භාවිතාකිරීම හා සම්බන්ධ වැරදි
  • Red light පවතිද්දී රිය ධාවනය කිරීම
  • Speed camera මග හැරීමට නිර්මාණය කර ඇති උපකරණයක් සවි කර ඇති වාහනයක් පැදවීම
  • වේගය හඳුනාගැනීම වලක්වාලීම සඳහා රිය පැදවීම

යන වැරදි සඳහා double demerit points ඇතුලත් වේ.

නොදර්න් ටෙරිටරිය


නොදර්න් ටෙරිටරිය තුල double demerit points ක්‍රියාත්මක නොවේ, නමුත් නොදර්න් ටෙරිටරි පොලිසිය නත්තල් සහ අලුත් අවුරුදු කාලය පුරා ක්‍රියාත්මක වන ආරක්ෂක ව්‍යාපාරයක් දියත් කර තිබේ.

සැරයන් Chris Thurgood කියා සිටියේ ප්‍රධාන මාර්ග සහ සෙසු සාමාන්‍ය මාර්ග යන දෙකෙහිම බීමතින් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු කරන බවයි.

එමෙන්ම ඔහු රියදුරන්ට සඳහන් කොට සිටින්නේ සෙසු රියදුරන් සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම සිදුකරන ලෙස වන අතර වැරදි සිදු කළහොත් පොලීසියට හසුවන බවයි.

*******************************************************************************

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service