වික්ටෝරියානු ප්‍රාන්ත රජය මගින් නොමිලයේ සපයන TAFE වැඩසටහනට නව පාඨමාලා හඳුන්වා දී තිබේ.
වික්ටෝරියානු ප්‍රාන්ත රජය මගින් නොමිලයේ සපයන TAFE වැඩසටහනට නව පාඨමාලා සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත්වන ඕනෑම ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුට, ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකුට හෝ නවසීලන්ත පුරවැසියෙකුට ලියාපදිංචි විය හැකි බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
ඔස්ට්‍රේලියානු රජය පිරිනමන Fee-Free TAFE වැඩසටහන් ඔස්සේත් මේ සඳහා වැඩි සහායක් හිමිවේ.
ඔබ මේ වනවිටත් උපාධි හිමියකු වුවද ඔබට දැන් නොමිලේ TAFE පාඨමාලා 80කට වඩා සහ උපකාරක ගාස්තු නොමැතිව කෙටි පාඨමාලා සඳහා ප්‍රවේශ විය හැක.

වික්ටෝරියානු ප්‍රාන්ත රජය මගින් 2019 වසරේ සිට නොමිලේ සපයන TAFE පාඨමාලා වලට අමතරව, ඕස්ට්‍රේලියානු රජය 2024 වසරේ ජනවාරි සිට අමතර ගාස්තු රහිත TAFE සහ වෘත්තීය අධ්‍යාපන ස්ථාන 300,000ක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය ජාතිකමය වශයෙන් ක්‍රියාත්මක කෙරේ.
මෙලෙස හඳුන්වාදෙන නව Fee-Free TAFE වැඩසටහන් පහත පරිදි වේ:
- Advanced Diploma of Building Surveying
- Advanced Diploma of Interpreting (Auslan)
- Diploma of Auslan
- Diploma of Interpreting (Auslan)
- Certificate II in Agriculture
- Certificate III in Agriculture
- Certificate IV in Agriculture
- Certificate III in Allied Health Assistance
- Certificate IV in Allied Health Assistance
- Certificate III in Civil Construction
- Certificate III in Civil Construction Plant Operations
- Certificate III in Commercial Cookery
- Certificate III in Concreting
- Certificate III in Construction Waterproofing
- Certificate III in Dairy Production
- Certificate III in Dental Assisting
- Certificate IV in Dental Assisting
- Certificate III in Early Childhood Education and Care
- Certificate III in Health Services Assistance
- Certificate III in Horticulture
- Certificate III in Production Horticulture
- Certificate III in Hospitality
- Certificate III in Individual Support
- Certificate III in Information Technology
- Certificate III in Rail Infrastructure
- Certificate III in School Based Education Support
- Certificate III in Supply Chain Operations
- Certificate IV in Ageing Support
- Certificate IV in Alcohol and Other Drugs
- Certificate IV in Building and Construction
- Diploma of Building and Construction (Building)
- Certificate IV in Child, Youth and Family Intervention
- Certificate IV in Civil Construction
- Diploma of Community Services
- Certificate IV in Community Services
- Certificate IV in Cyber Security
- Certificate IV in Disability Support
- Certificate IV in Engineering
- Certificate IV in Leisure and Health
- Certificate IV in Mental Health
- Certificate IV in Mental Health Peer Work
- Certificate IV in Outdoor Leadership
- Certificate IV in Plumbing and Services
- Certificate IV in School Based Education Support
- Certificate IV in Training and Assessment
- Certificate IV in Veterinary Nursing
- Certificate IV in Work Health and Safety
- Certificate IV in Youth Work
- Diploma of Accounting
- Certificate IV in Accounting and Bookkeeping
- Diploma of Early Childhood Education and Care
- Diploma of Emergency Health Care
- Diploma of Justice
- Diploma of Nursing
- Graduate Certificate in Client Assessment and Case Management
මීට අමතරව,වික්ටෝරියානු ප්‍රාන්ත රජය මගින් TAFE ආධුනිකත්ව මාර්ග පාඨමාලා, ප්‍රමුඛතා මාර්ග පාඨමාලා සහ කෙටිකාලීන පාඨමාලාද ලබා දෙයි.
මෙම පාඨමාලා සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීමට 131 823 යන දුරකථන අංකයෙන් හෝ tafe.courseline@djsir.vic.gov.au යන විද්‍යුත් තැපැල් ලිපිනයෙන් අදාළ ආයතන සම්බන්ධ කරගත හැක.
මෙම පාඨමාලා සඳහා සුදුසුකම් ලබන්නේ කෙසේද?
ඕනෑම ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුට, ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවෙකුට හෝ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන නවසීලන්ත පුරවැසියෙකුට ඔවුන්ගේ පූර්ව කුසලතා සහ සුදුසුකම් කුමක් වුවත් නොමිලේ TAFE පාඨමාලාවකට හෝ රජයේ සහනාධාර සහිත පුහුණු පාඨමාලාවකට ලියාපදිංචි විය හැක.
ඔබ TAFE ආයතනයක් හෝ විශ්ව විද්‍යාලයක් හරහා වෙනත් කුසලතා සම්පුර්ණ කොට සිටියත් ඔබට ඔබේ පළමු නොමිලේ TAFE පාඨමාලාව හැදෑරිය හැක.

උදාහරණයක් ලෙස, ඔබ ශාස්ත්‍රවේදී උපාධියක් කර ඇත්නම් සහ ඔබට වෘත්තිය වෙනස් කිරීමට අවශ්‍ය නම් ඔබට කිසිදු ගැටලුවකින් තොරව "ප්‍රජා සේවා ඩිප්ලෝමාවක්" ඔබේ පළමු නොමිලේ TAFE පාඨමාලාව ලෙස හැදෑරිය හැක.
නොමිලේ TAFE පාඨමාලා සඳහා වූ දැඩි සීමා ඉවත් කිරීම හේතුවෙන් ඔබට නොමිලේ TAFE ප්‍රමුඛතා මාර්ග යටතේ ලැයිස්තුගත කර ඇති එක් ක්ෂේස්ත්‍රයක් තුල පාඨමාලා කිහිපයක් හැදෑරිය හැක.
JobTrainer යටතේ පවතින TAFE ගාස්තු නිදහස් කර ඇති සිසුන්ට එම ක්ෂේස්ත්‍රය තුල හෝ ඉන් පිටත තවත් නොමිලේ TAFE පාඨමාලාවක් හැදෑරිය හැක.
කෙසේ නමුත් Free TAFE හෙවත් නොමිලේ TAFE ප්‍රමුඛතා මාර්ගවල, "ආධුනිකත්ව මාර්ග පාඨමාලා" ඇතුළත් නොවේ.






