නත්තල් සැමරීමට සහ වෙනත් උත්සව සැමරීම සඳහා බොහෝ පිරිසක් එක්රැස් වීම හේතුවෙන් ආරක්ෂාව පිළිබඳ දැනුවත් වීම වැදගත් වේ.
උත්සව සමය එළඹීමත් සමඟ, බොහෝ ඕස්ට්‍රේලියානුවන් විවේකයක් ගතකිරීම සඳහා හෝ පවුලේ මිතුරන් බැලීමට විදේශගත වීම සිදු කරයි.
නත්තල් සැමරීමට සහ වෙනත් උත්සව සැමරීම සඳහා බොහෝ පිරිසක් එක්රැස් වීම හේතුවෙන් ආරක්ෂාව පිළිබඳ දැනුවත් වීම වැදගත් වේ.
නිවාඩු සමය තුල බොහෝ විට ඇතැම් අවදානම් ඉහල යාමක්ද දක්නට ලැබේ.
ත්‍රස්තවාදී තර්ජන
අවාසනාවකට මෙන්, ලොව පුරා ත්‍රස්තවාදී තර්ජනයක් මේ වනවිට පවතී.
ත්‍රස්තවාදීන්ට සාමාන්‍යයෙන් අඩු අවදානමක් ඇති ගමනාන්ත ඇතුළුව ඕනෑම ස්ථානයක ඕනෑම වේලාවක ප්‍රහාර එල්ල කළ හැක.
මේ හේතුවෙන් ඔබ කොතැනකට සංචාරය කලත් මෙවැනි තත්වයන් සඳහා සුදානම් වීම වැදගත් වේ.
එමෙන්ම වැඩි අවදානම් සහිත ගමනාන්තවලදී අමතර ආරක්ෂාවක් සලසා ගැනීමද වැදගත් වේ.

ත්‍රස්තවාදීන් මේ වනවිට විවිධ ප්‍රහාරක ක්‍රම භාවිතා කරයි.
ඔවුන් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ඉලක්ක කරන අතර මෑත කාලීන ප්‍රහාර බොහොමයක් තනි පුද්ගලයින් හෝ කුඩා කණ්ඩායම් මගින් සිදු කර තිබේ.
- නත්තල් වෙලඳපොලවල්
- සාප්පු සංකීර්ණ
- ගුවන් තොටුපලවල්
- සමාජ ශාලා, පබ් සහ අවන්හල්
- හෝටල් සහ නේවාසිකාගාර ඇතුළු අනෙකුත් නවාතැන්
- ආගමික ස්ථාන
- ප්‍රවාහන මධ්යස්ථාන
- සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථාන
- ප්‍රධාන සිදුවීම් සහ විශාල ජනකායක් එක්රැස්වන ස්ථාන
මෙවැනි ප්‍රහාරකයින් බොහෝ විට ඉලක්ක කරයි.
මේ හේතුවෙන් ඔබේ අවදානම අඩු කිරීම සඳහා Smarttraveller වෙබ්අඩවිය ඔබට යෝජනා කිහිපයක් යොමු කරයි.
ඔබ booking එකක් හෙවත් වෙන්කරවා ගැනීමක් සිදු කිරීමට පෙර ඔබ සංචාරය කරන්නේ කොහිදැයි සොයා බලන ලෙස ඔවුන් පවසයි.
ත්‍රස්තවාදී ක්‍රියා සිදු වීමේ වැඩි අවදානමක් ඇති ගමනාන්ත මොනවාදැයි සොයා බැලිය යුතු වේ.
Smarttraveller වෙබ්අඩවිය ලබාදෙන advice level හෙවත් උපදෙස් මට්ටම පරීක්ෂා කර ඔවුන්ගේ උපදෙස් මට්ටම් මගින් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගන්නා ලෙස ඔවුන් කියා සිටී.

ඔබ ඔබ සැලසුම් කොට ඇති ගමනාන්තය වෙත ගමන් කිරීම ආරක්ෂිතදැයි තීරණය කරන ලෙස Smarttraveller වෙබ් අඩවිය පවසයි.
එමෙන්ම ඔබගේ ගමනාන්තයේ ප්‍රධාන දිනයන් සහ වත්මන් කටයුතු පිළිබඳව දැනුමත් වීම වැදගත් වේ.
සංචාරයේදී ඔබට විය හැකි තර්ජන පිළිබඳ අවදියෙන් සිටීම වැදගත් වන අතර විශේෂයෙන්ම පොදු ස්ථානවල හෝ මහජන රැස්වීම්වලදී සැක සහිත ඕනෑම දෙයක් පොලීසියට වාර්තා කිරීම වැදගත් වේ.
පවතින තර්ජන සම්බන්ධයෙන් වන පුවත් නිරීක්ෂණය කිරීමත් වැදගත් කාර්යයක් වේ.
නිල අනතුරු ඇඟවීම් පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතු අතර පළාත් පාලන ආයතන වල උපදෙස් අනුගමනය කිරීම වැදගත් වන බව Smarttraveller වෙබ් අඩවිය පවසයි.
එමෙන්ම ත්‍රස්තවාදී සිදුවීමක් සිදු වුවහොත් එය යම් දුරකට සාමාන්‍ය අතට පත් වූ වහාම එම ප්‍රදේශයෙන් ඉවත් වීමත් වැදගත් වේ.
ඔබ යවත්කාලීන වන තොරතුරු සඳහා මාධ්‍යය නිරීක්ෂණය කිරීමත් ඉතා වැදගත් වේ.
අයහපත් කාලගුණය
ශීත ඍතුවේ දී උතුරු අර්ධගෝලයේ පවතින ඇතැම් රටවල් දරුණු කාලගුණික තත්වයන් සඳහා මුහුණ දීම සිදු වේ.
ඔබ මෙවැනි කාලගුණික තත්ත්ව සඳහා සූදානම් නොවුවහොත් එය ඔබට බරපතළ සෞඛ්‍ය සහ ආරක්ෂිත අවදානමක් ගෙනදිය හැක.
මේ හේතුවෙන් ඔබ දේශීය කාලගුණ අනාවැකි පරික්ෂා කිරීම වැදගත් වේ.
දකුණු පැසිෆික් නිවර්තන සුළි සුළං සමය සාමාන්‍යයෙන් නොවැම්බර් සිට අප්‍රේල් දක්වා පවතින අතර දකුණු පැසිෆික් සාගරයේ සියලුම දූපත් සුළි කුණාටුවලට ගොදුරු වීම සිදුවේ.
අයහපත් හෝ දරුණු කාලගුණික තත්ත්ව ඔබේ සංචාර ප්‍රමාද කළ හැකියි.

නිවාඩු කාලවලදී ගුවන්තොටුපළවල් සහ මාර්ග කාර්යබහුල වීම හේතුවෙන් ඔබ සංචාරය කිරීමට පෙර ඔබගේ පිටත් වීම සහ ඔබගේ ගමනාන්තයේ ගුවන් තොටුපළ සඳහා වන යාවත්කාලීන තොරතුරු පරික්ෂා කිරීම වැදගත් වේ.
විදෙස් රටකදී රියපැදවීම බෙහෙවින් වෙනස් විය හැකි අතර, ඒ සම්බන්ධයෙන් ඔබ තේරුම් ගැනීමත් වැදගත් වේ.
ශීත සෘතුවේදී මහා මාර්ග අයිස් වලින් වැසී තිබිය හැකි වීම හේතුවෙන් ඔබ ඔබ එවැනි රටවල රිය පැදවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.
එවැනි රටවල් වල අයිස් සඳහා අදාළවන ටයර් වර්ග භාවිත කරන අතර ඔබ රියදුරකු හෝ මගියෙකු වුවත් ඔබට රක්ෂණයක් අවශ්‍ය විය හැකියි.
එසේ නොමැති නම් යම් ගැටලුකාරී තත්වයකදී සියළුම වියදම් ඔබට දැරීමට සිදුවේ.
විවිධ අපරාධ
නිවාඩු සමය තුල සිදුවිය හැකි අපරාධ අනුපාතයද ඉහළ අගයක් ගනී.
මේ සඳහා pickpocket ගැසීම හෝ කොල්ලකෑම් අයත් වන අතර බොහොමයක් අවස්ථාවලදී ඔබ සහ ඔබේ බඩුබාහිරාදිය සඳහා අමතර පූර්වාරක්ෂාවක් ගැනීම වැදගත් වේ.
ඔබ සංචාරය කිරීමට පෙර ඔබේ ගමනාන්තයෙන් වාර්තා වූ සොරකම් මංකොල්ලකෑම් සහ විශේෂිත ස්ථානවල බහුලව සිදුවන මංකොල්ලකෑම් පිළිබඳව සොයා බැලීමත් වැදගත් වේ.
ඔබ වෙනත් රටක එළිමහනෙන් සිටින විට ඔබේ මුදල් සහ වටිනා දෑ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු වේ.
විශේෂයෙන්ම වෙනත් සංචාරකයින් සිටින පොදු ස්ථානවලදී වඩාත් අවධානයකින් සිටීමත් වැදගත් වේ. ඔබ උත්සව සමයේදී මත්පැන් පානයත් සම්බන්ධයෙනුත් අවධානයෙන් සිටිය යුතු අතර මත්පැන් භාවිත කරන සංචාරකයින් අපරාධකරුවන්ගේ ඉලක්කයකේ වීම මීට හේතුවයි.
විශේෂයෙන්ම කාන්තාවන් පරාධකරුවන්ගේ ප්‍රධාන ඉලක්කය විය හැක.
ලොව ඇතැම් ගමනාන්තවල මත්පැන් පරිභෝජනය පිළිබඳවව දැඩි නීති පවතින බව ඔබ මතක තබා ගැනීම වැදගත් වන අතර ඔබ එම නීති කඩ නොකරන බව සහතික කරගැනීමට වග බලා ගතයුතු වේ.

මේ සඳහා ඔබ ඔබේ ගමනාන්තයේ සංචාරක උපදෙස් කියවීම වැදගත් වේ.
ඔබ මත්පැන් පානය කොට රිය පැදවීම හේතුවෙන් හදිසි අනතුරක් සිදු වුවහොත්, ඔබේ සංචාරක රක්ෂණය අවලංගු විය හැකි බවත් මතක තබාගත යුතු වේ.
එමෙන්ම වෙනත් රටකට අදාළ නීති ක්‍රියාත්මක කිරීමේදී ඔබව අපහසුතාවයන්ටත් පත්විය හැක.
මේ හේතුවෙන් Smarttraveller වෙබ් අඩවිය පවසන්නේ ඔබ සංචාරයක නිරත වීමට පෙර ඉහත කී සියලුම තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සහ අවධානයක් යොමු කිරීම වැදගත් වන බවයි.






