Skilled-Recognised Graduate visa (476) යන වීසා කාණ්ඩය ඉංජිනේරු උපාධියක් ලබා ගත් මෑත කාලීන උපාධිධාරීන් හට ඕස්ට්‍රේලියාවේ රැකියා සිදු කිරීමට ලබාදෙන රැකියා වීසා බලපත්‍රයකි.
476 වීසා බලපත්‍රයක් ඔස්සේ ඉංජිනේරු උපාධියක් ලබා ගත් මෑත කාලීන උපාධිධාරීන් හට මෙරට යම් කාලයක් රැකියා කිරීමට සහ ජීවත් වීමට මෙන්ම ඉගෙනීමට ඉඩ සලසයි
මෙම වීසා බලපත්‍රය ලබා ගැනීමට නම් ඔස්ට්‍රේලියාව පිළිගත් ආයතනයකින් උපාධියක් ලබා තිබිය යුතු වේ..
කෙසේ නමුත් මෙම වීසා කාණ්ඩය සඳහා ඕස්ට්‍රේලියානු රජය පසුගිය වසරේ දෙසැම්බර් මස 22 වැනිදා සිට සීමා පැනවීම සම්බන්ධයෙන් SBS සිංහල සේවය යම් සොයාබැලීමක් සිදු කලා.
————————————————————————————————————————————-
ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න
————————————————————————————————————————————-
මේ සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන රුවන් සමරසිංහ මහතාගෙන් අදහස් විමසු අතර, ඔහු මෙම වෙනස්කම් සහ සීමා කිරීම් සම්බන්ධයන් කියා සිටියේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ වල එක් පියවරක් වශයෙන් ඕස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙස් නමුත් මෙය ඉතා කලාතුරකින් ඕස්ට්‍රේලියානු වීසා සම්බන්ධයෙන් භාවිත කරන පියවරක් වන අතර මෙම පියවර 2015 වසරේදී මින් පෙර අවසාන වශයෙන් භාවිත කල බවත් ඔහු කියා සිටී.
මෙම නව සීමා කිරීම් ඔස්සේ 2023 වසරේ දෙසැම්බර් මස 22 වැනිදා දක්වා Skilled-Recognised Graduate visa (476) යන වීසා කාණ්ඩය සඳහා යොමු කරන ලද, නමුත් සැකසීමක් සිදුව නොමැති වීසා නවතා දැමීම සිදු වේ.
මේ වීසා කාණ්ඩයට අයදුම් කල පිරිසට ඒ සඳහා වැය වු මුදල ආපසු ලබාගැනීමටද හැකියාව හිමි වේ.

මෙම වීසා මඟින් ස්ථිර පදිංචිය ලබාගැනීමේ හැකියාවක් නොමැති වීම හේතුවෙන් අධ්‍යන කාලයෙන් පසුව ස්ථිර පදිංචිය ලබාගැනීමේ අපේක්ෂාවක් තිබෙන පුද්ගලයකුට සිදු කල හැකි දේ සම්බන්ධයෙන් සිදු කල විමසීමේදී රුවන් ඒ සඳහා විකල්ප රැසක් ලබාදීම සිදු කළා.
ඔහු කියා සිටින්නේ මෙම වීසා බලපත්‍රය විදේශයන්හි සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සහිත පිරිසට වාසි රැසක් අත්කොට දෙන බවයි.
සාමන්‍යයෙන් විදේශයන්හි සිට පැමිණෙන පිරිසට ඕස්ට්‍රේලියාවේ සේවා යෝජකයින් රැකියා ලබාදීමට යම් පසුබැස්මක් තිබෙන අතර කෙසේ නමුත් මෙම Skilled-Recognised Graduate visa (476) යන වීසා කාණ්ඩය ඔස්සේ එම බාධකය ඉවත් වූ බව රුවන් පවසයි.
එමෙන්ම වසරක පමණ කාලයක් යම් සේවායෝජකයකුට රැකියා සිදු කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු සේවා ඔවුන්ට මෙම 476 වීසා කාණ්ඩයේ සිටින පිරිසට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට හැකියාවක් පවතී.
Employer Sponsored වීසා හෝ Sponsorship වීසා ඔස්සේ මෙය සිදු කල හැක.
එමෙන්ම තම රටේ සිටියදී ලබාගත් රැකියා පළපුරුද්ද සහ ඕස්ට්‍රේලියාවේදී ලබාගන්නා රැකියා පළපුරුද්ද ඔස්සේ ඕස්ට්‍රේලියානු නිපුණතා සංක්‍රමණ වැඩසටහන මගින් ඔවුනට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට හැකියාවක්ද මෙමගින් පවතින බව සංක්‍රමණ නීති උපදේශක රුවන් සමරසිංහ පවසයි.
අවසාන වශයෙන් ඔහු කියා සිටියේ ඔස්ට්‍රේලියාවට පැමිණිමෙන් අනතුරුව Spouse වීසා කාණ්ඩය ඔස්සේත් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට හැකියාවක් තිබෙන බවයි.
*******************************************************************************
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)
අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
SBS Audio APP (Free)
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය
*******************************************************************************





