Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වික්ටෝරියා ප්‍රාන්තයේ Mobile speed camera තියෙන තැන් ගැන, අලුත්ම ලැයිස්තුව මෙන්න

Speed Camera

Source: Getty

නියමිත වේග සීමාව ඉක්මවා ධාවනය වන රථවාහන හඳුනාගැනීමට, මහා මාර්ගයේ පසෙක නවතා තිබෙන unmarked හෙවත් "සලකුණු නොකළ" වාහනවල හෝ වාහනයට පිටතින් tripod එකක සවි කොට mobile speed camera තිබිය හැක.


Key Points
  • වික්ටෝරියා ප්‍රාන්තයේ mobile speed camera තිබෙන ස්ථාන
  • Mobile speed camera ක්‍රියා කරන්නේ කෙසේද?
  • Mobile speed camera වල තිබෙන නිරවද්‍යතාවය කෙතරම්ද?

වික්ටෝරියා ප්‍රාන්තයේ mobile speed camera තිබෙන ස්ථාන

වික්ටෝරියා ප්‍රාන්තය පුරා ඕනෑම දිනයක සහ ඕනෑම වේලාවක mobile speed camera හෙවත් ජංගම කැමරා ක්‍රියාත්මක කරන ස්ථාන 2000කට ආසන්න සංක්‍යාවක් වික්ටෝරියානු ප්‍රාන්ත පොලිසිය අනුමත කොට තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තය මගින් එම ප්‍රාන්තය තුල මෙම නොවැම්බර් මාසය සඳහා අනුමත කොට තිබෙන mobile speed camera සහිත ස්ථාන සම්බන්ධයෙන් යාවත්කාලීන කල ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කොට තිබේ.

නොවැම්බර් මාසය සඳහා වික්ටෝරියා ප්‍රාන්තය යාවත්කාලීන කොට ඇති mobile speed camera තිබෙන ස්ථාන පිලිබඳ ලැයිස්තුව පහතින්

Mobile camera locations - approved locations for November 2023

වික්ටෝරියා ප්‍රාන්තය තුල මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි පියවර අනුගමනය කිරීම වැදගත් වන බව ප්‍රාන්ත රජය පවසයි.

වික්ටෝරියානු පොලිසිය, එම ප්‍රාන්තයේ mobile road safety cameras හෙවත් mobile speed camera තබන ස්ථාන සහ මෙහෙයුම් සිදු කරන වේලාවන් පිලිබඳ තීරණය කරයි.

'Heavy fines: Loss of licence' speed camera sign
Source: Moment RF / Simon McGill/Getty Images

ප්‍රාන්තය තුල, රථවාහන වල වේගය සම්බන්ධ ගැටළු පවතින සහ රිය අනතුරු සම්බන්ධයෙන් ඉහල අවදානමක් සහිත ස්ථාන සඳහා, mobile speed camera ස්ථානගත කිරීමට ප්‍රාන්ත රජය සහ ප්‍රාන්ත පොලිසිය පියවර ගෙන තිබේ.

මේ අනුව නියමිත වේග සීමාව ඉක්මවා ධාවනය වන රථවාහන හඳුනාගැනීමට, මහා මාර්ගයේ පසෙක නවතා තිබෙන unmarked හෙවත් සලකුණු නොකළ වාහනවල හෝ වාහනයට පිටතින් tripod එකක සවි කොට mobile speed camera තිබිය හැක.

එමෙන්ම එම ස්ථාන වල mobile speed camera තිබෙන බවට රියදුරන්ට සංඥා කොට නොතිබුනත් එම කැමරා සහිත රථ හිතාමතා සැඟවීමට කිසිදු උත්සාහයක් නොමැති බව අදාළ අංශ සඳහන් කොට සිටී.

mo

Mobile speed camera ක්‍රියා කරන්නේ කෙසේද?

Mobile speed camera වාහනයක වේගය සහ දිශාව තීරණය කිරීම සඳහා රේඩාර් තාක්ෂණය භාවිත කරයි.

එම කැමරා වලට මාර්ගයේ එක පැත්තකින් හෝ දෙපැත්තෙන්ම මෙන්ම මාර්ගය දෙපසින් නිසි වේග සීමාව ඉක්මවා ධාවනය වන වාහන හඳුනා ගත හැක.

dangerous driving
dangerous driving Source: AAP

2019 වසරේ දෙසැම්බර් මසදී, වික්ටෝරියානු රජය මගින් Gatso T-Series නම් mobile speed camera ස්ථානගත කිරීම සිදු කල අතර එමඟින් එක් දිශාවකට මංතීරු හයකට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කිරීමට හැකියාව පවතී.

එමෙන්ම එකවර වාහන කිහිපයක් හඳුනාගැනීමටද එම කැමරා පද්ධතියට හැකියාව තිබේ.

Mobile speed camera වල තිබෙන නිරවද්‍යතාවය කෙතරම්ද?

Mobile speed camera ස්ථානගත කිරීමට පෙර සහ ඉන් පසුව ඒ සඳහා විශේෂ පුහුණුවක් ලද නිලධාරියකු පරික්ෂා කිරීමක් සිදු කරයි.

එම කැමරා පද්ධතිය නිවැරදිව ක්‍රියා කරන බව සහතික කිරීම සඳහා test shots හෙවත් පරීක්ෂණ කටයුතු සඳහා ඡායා රූප කිහිපයක් ගැනීමද සිදු කරයි.

මෙම කැමරා මගින් රියදුරන් සිදු කරන බවට හඳුනාගන්නා සෑම වරදක් සම්බන්ධයෙන්ම,ඔවුනට දඩයක් නිකුත් කිරීමට පෙර හොඳින් පරීක්ෂා කරනු ලැබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මේ අනුව mobile speed camera වල සටහන් වන වරදක් සම්බන්ධයෙන් වන දත්ත පිළිබඳව පසුව සුදුසුකම් ලත් ස්වාධීන නිලධාරී කණ්ඩායමක් මගින් සමාලෝචනය කිරීම සිදු කරයි.

මෙහිදී වරදක් සිදුව ඇති බවට වන අවසන් තීරණය සඳහා එම නිලධාරී කණ්ඩායමේ නිලධාරීන් දෙදෙනෙකු එකඟ විය යුතු වේ.

මෙම mobile speed camera වල තිබෙන නිරවද්‍යතාවය සහ ක්‍රියාවලිය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now