ඕස්ට්‍රේලියානු නිවාස මිලගණන් තවදුරටත් ඉහළ යමින් පවතී.
කෙසේ නමුත් නිවාස මිලදී ගැනීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට නොහැකි වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල තුල වන වර්ධන වේගය අඩු අට්ටමක් පෙන්නුම් කරයි.
එමෙන්ම ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙම 2024 වසරේදී ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොළ තුල තවත් පහත වැටීමක් සිදු විය හැකි බවයි.
CoreLogic මගින් සිදු කල නිරීක්ෂණයක් ඔස්සේ හෙළිව ඇත්තේ 2023 වර්ෂයේදී නිවාස මිල ගණන් 8.1%කින් ඉහළ ගොස් ඇති අතර දෙසැම්බර් මාසයේදී පමණක් නිවාස අගයන් 0.4%කින් ඉහළ ගිය බවයි.
2022 වසරේදී මිලගණන් පහත වැටීමකින් පසු 2023 පෙබරවාරි මාසයේ මිල ගණන් නැවත ඉහළ යාම සිදු විය.
මේ වනවිට පවතින ඉහල නිවාස මිලගණන් හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් හට නිවාස මිලදීගැනීමට අපහසු වී ඇති අතර මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස මිලගණන් වැඩිවීම පාලනය වී තිබේ.
කෙසේ නමුත් පර්ත්, බ්‍රිස්බේන් සහ ඇඩිලේඩ් හි පසුගිය මැයි මාසයේ සිට සෑම මසකම 1% වර්ධන වේගයක් දක්නට ලැබේ.

CoreLogic පර්යේෂණ අධ්‍යක්ෂ Tim Lawless මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ නගරබදව සහ ප්‍රාදේශීය ප්‍රදේශ අතර නිවාස මිලගණන්හි පවතින විෂමතාව පුළුල් වීම 2023 වසරේදී සිදුව ඇති බවයි.
ඔහු කියා සිටින්නේ ක්වීන්ස්ලන්ත, දකුණු ඕස්ට්‍රේලියානු සහ බටහිර ඕස්ට්‍රේලියානු අගනගර වල නිවාස දැරිය හැකි සීමාවන් මෙල්බර්න් සහ සිඩ්නිවල තරම් දරුණු නොවන බවයි.
එමෙන්ම මෙම නගර වල ප්‍රචාරණය කරන ලද නිවාස සැපයුම් මට්ටම් අඛණ්ඩව සාමාන්‍යය අගයට වඩා අඩු වන බවත් Tim කියා සිටී.
මෙල්බර්න් සහ සිඩ්නි හි, නිවාස වෙලඳපොලවල් තවමත් වාර්තාගත ඉහල මට්ටම් කරා ආපසු නොපැමිණ ඇති අතර, ජුනි මාසයේ සිට මෙහි නිවාස වර්ධනය තියුනු ලෙස පහත වැටී තිබේ.
සිඩ්නි හි Harbourside city වශයෙන් හැඳින්වෙන ප්‍රදේශයේ නිවාස මිලගණන් 0.2%කින් ඉහළ යාම සිදු විය.
මෙල්බර්න් අගයන් 0.3% කින් පහත වැටුණු අතර දෙවන මසයෙති අගයන් පහත වැටීම සිදු විය.
කෙසේ නමුත් කුඩාම ප්‍රාග්ධන නගර තුනෙහි නිවාස මිලගණන් පසුගිය වසර තුල සාමාන්‍ය ලෙස පැවතින.
————————————————————————————————————————————-
ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට
පිවිසෙන්න
————————————————————————————————————————————-
හෝබාට් හි නිවාස අගයන් මාස 12 ක කාලය තුළ 0.8% කින් පහත වැටී තිබේ.
එමෙන්ම ඩාවින් හි මෙම මිලගණන් 0.1% කින් අඩු වූ අතර ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියෙහි හි 0.5% වැඩිවීමක් වාර්තා විය.
කොවිඩ් වසංගතය හේතුවෙන් ප්‍රධාන නගරවලින් පිටත පවතින නිවාස සඳහා ඉල්ලුම ඉහළ යාමෙන් පසු ප්‍රාදේශීය ප්‍රදේශ සඳහා වූ සංක්‍රමණ ප්‍රවණතාවය සාමාන්‍යකරණය විය.
2024 වසරේදී ඕස්ට්‍රේලියානු නිවාස වෙලඳපොල සඳහා වන පුරෝකථනය කුමක්ද?
2024 වසරේ නිවාස වෙළඳපොල සම්බන්ධයෙන් Tim කියා සිටින්නේ අඛන්ඩව පවතින ජීවන වියදම් පීඩනයත් සමග නිවාස මිලගණන් මැයි මාසයේදී 1.3%ක් දක්වා සහ ජූනි මාසයේ සහ නොවැම්බර් මාසයේ තවත් ඉහල යමක් වාර්තා කල බවයි.

AMP හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Shane Oliver පෙන්වා දෙන්නේ මිලගණන් වර්ධනය මේ වනවිටත් මන්දගාමී වීමට පටන්ගෙන ඇති අතර දේපල වෙලඳපොල තුල තවත් අවපාතයක් සිදු විය හැකි බවයි.
වෙන්දේසි සඳහා වන අනුපාත වලට අනුව නිවාස ඉල්ලුම සහ නිවාස සැපයුම අතර අරගලයක් පවතින බව Shane කියා සිටී.
එමෙන්ම Shane වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාවට සිදු වන ඉහල සංක්‍රමණය හමුවේ සැපයුම් හිඟය 2023 වසරේදී ඉහළ මට්ටමක පැවතුන අතර පැවති ඉහළ පොලී අනුපාත හේතුවෙන් නිවාස මිලදී ගැනීමට හෝ කුලී මිලගණන් දැරීමට බොහෝ පිරිසක් අපොහොසත් වූ බවයි.
කෙසේ නමුත් ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කොට සිටින්නේ ජාතික නිවාස වටිනාකම් 2024 දී 3%ත් 5%ත් අතර පහත වැටෙනු ඇති බවයි.
සිඩ්නි සහ මෙල්බර්න් නගර වල නිවාස මිලගණන් විශාල පරාසයක් පවතිනු ඇති අතර නමුත් ඇඩිලේඩ්, බ්‍රිස්බේන් සහ පර්ත් අඩු ලැයිස්තුගත කිරීම් සමඟ සාපේක්ෂව ශක්තිමත්ව පවතිනු ඇති බව Shane පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව මගින් පොලී අනුපාත අඩු කිරීමට පටන් ගැනීමට ඉඩ ඇති අතර මේ හේතුවෙන් වසර මැද වන විට මිල ගණන් පහළ බැස 2024 වසරින් පසුව නිවාස මිලගණන් යථා තත්ත්වයට පත් විය හැකි බවත් Shane කියා සිටී.
*******************************************************************************
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)
අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
SBS Audio APP (Free)
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය
*******************************************************************************





