සෑම දිනකම ඕස්ට්‍රේලියානුවන් දස දහස් ගණනක් ඕස්ට්‍රේලියාවේ තැපැල් සේවා සපයන රජය සතු සංස්ථාවක් වන Australia Post භාවිත කිරීම සිදු කරයි.
අවාසනාවකට මෙන් ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කරමින් විවිධ වංචාසහගත ක්‍රියා සිදු කරන වංචාකරුවන් Australia Post එසේත් නැතිනම් AusPost සේවාවද මේ වනවිට විවිධ වංචා සඳහා භාවිත කරමින් සිටී.
අන්තර්ජාලය ඔස්සේ විවිධ වංචාකරුවන් Australia Post ලෙස පෙනී සිටිමින් ඔබේ පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු ලබා ගැනීමට උත්සහ කරන බව Australia Post අනතුරු අඟවා සිටී.

ඔබේ විවිධ තොරතුරු ඉල්ලමින් වංචාකරුවන් දුරකථන ඇමතුම් ලබාදීම, කෙටි පණිවුඩ යොමු කිරීම සහ විද්‍යුත් තැපැල් එවීම සිදු කරන අතර ඔවුන් ඔබෙන් මූල්‍යමය වාසි ලබාගැනීමට උත්සාහ කරන බව Australia Post කියා සිටී.
කෙසේ නමුත්, පවතින මෙම තත්වය හමුවේ Australia Post සිය පාරිභෝගික ප්‍රජාවට දන්වා සිටින්නේ,
Australia Post කිසි විටෙකත් ඔබේ Australia Post ගිණුමෙහි මුරපදය, ඔබේ ක්‍රෙඩිට් කාඩ් විස්තර හෝ ගිණුම් තොරතුරු ඇතුළු පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු ඉල්ලීමට දුරකථන ඇමතුමක්, කෙටි පණිවුඩ එවීමක් හෝ විද්‍යුත් තැපෑලක් එවීමක් සිදු නොකරන බවයි.
එමෙන්ම යම් කිසි ගෙවීමක් සිදු කිරීම සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක් ලබාදීමක්, කෙටි පණිවුඩ එවීමක් හෝ විද්‍යුත් තැපෑලක් එවීමක් සිදු නොකරන බවද ඔවුන් පවසයි.

මිට අමතරව ඔබ සතු පැකේජයක් භාරගැනීම සඳහා ලේබලයක් මුද්‍රණය කිරීමේ අරමුණින් e mail link එකක් ඔබට යොමු නොකරන බවත් Australia Post පාරිභෝගික ප්‍රජාවට දන්වා සිටී.
දුරකථන ඇමතුම් සහ WhatsApp පණිවිඩ හරහා පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් සිදු වන වංචා සම්බන්ධයෙන් මෑතකදී වාර්තා වූ බව Australia Post පවසයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මෙහිදී වංචාකරුවන් SecurePay හි නියෝජිතයින් ලෙස පෙනී සිටින අතර ආකර්ෂණීය දීමනා සමඟ පුද්ගලයින් සම්බන්ධ කර ගැනීම සිදු කරයි.
ඔබේ බිල්පත් සඳහා 30% ක වට්ටමක් ලබාදෙන බවට මොවුන් සඳහන් කරන අතර, ඔබව රවටා ඔබේ මුදල් සොරකම් කිරීම මෙම වංචාවෙහි සැලසුම වන බැවින් සුපරීක්ෂාකාරී සහ ප්‍රවේශම් වන ලෙස Australia Post පාරිභෝගික ප්‍රජාවට දන්වා සිටී.
වංචාව ක්‍රියාත්මක වන ආකාරය:
- SecurePay වෙතින් යැයි පවසමින් වංචනිකයින් දුරකථන ඇමතුම් හෝ WhatsApp පණිවිඩ ඔස්සේ ඔබව සම්බන්ධ කරගැනීම සිදු කරයි.
- පුද්ගලයන්ට ඔවුන්ගේ බිල්පත් සඳහා 30% ක වට්ටමක් ලබා දෙන බවට පොරොන්දු වී ඔවුන්ව පොළඹවාගැනීම සිදු කරයි.
- ඔවුනට නිශ්චිත බැංකු ගිණුමකට මුදල් මාරු කිරීමට උපදෙස් දෙමින් වංචාකරුවන් SecurePay ලාංඡනය සහිත වංචනික invoice එකක් ලබාදීම සිදු කරයි.
මේ සම්බන්ධයෙන් Australia Post සඳහන් කොට සිටින්නේ ඔබ මෙම වංචාවට ඉලක්ක වී ඇත්නම්, support@securepay.com.au හරහා හෝ 1300 786 756 දුරකථන අංකයෙන් වහාම SecurePay පාරිභෝගික සේවා කණ්ඩායම සම්බන්ධ කොටගෙන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු සපයන ලෙසයි.
SecurePay ලාංඡනය සහිත වංචනික invoice එක පහත පරිදි වේ:
Startrack මගින් යොමු කරන මුවාවෙන් මෑතකාලීනව සංසරණය වන වංචනික කෙටි පණිවුඩ පිළිබඳවද Australia Post මගින් දැනුවත් වී තිබේ.
යම් පාර්සලයක් හෝ භාණ්ඩයක් ඔබට යොමු කිරීමට නොහැකි වීම හේතුවෙන් තැපැල් කාර්යාලයේ එය පවතින අතර, එම භාණ්ඩය Track කිරීමට හැකි බව පෙන්වමින් link එකක් සහිත කෙටි පණිවුඩයක් වංචාකරුවන් ඔබට එවීම සිදු කරයි.
Startrack යොමු කරන බවට වන වංචනික කෙටි පණිවුඩය පහත පරිදි වේ:

කෙටි පණිවුඩයේ අඩංගු එම link එකට යොමු වීමෙන් අනතුරුව ඔබේ පුද්ගලික සහ මූල්‍ය තොරතුරු වංචාසහගතව ලබාගැනීම සඳහා සකස් කොට ඇති මෙම ව්‍යාජ Startrack වෙබ් අඩවියට ඔබව යොමු කරයි.

ඔබ වංචාවකට ගොදුරු වී ඇතැයි ඔබ සිතන්නේ නම්, 1800 595 160 අංකයෙන් iDCare ඇමතීම වැදගත් වේ. වැඩි විස්තර සඳහා ඔබට ඔවුන්ගේ තොරතුරු පත්‍රිකාවට යොමු විය හැක.
Australia Post ඔබව ආරක්ෂා කරන්නේ කෙසේද, ඔබට ඔබව ආරක්ෂා කර ගත හැක්කේ කෙසේද සහ ඔබව වංචාකරුවන් ඉලක්ක කර ඇත්නම් කුමක් කළ යුතුද යන්න පිළිබඳව දැනගැනීමට පිවිසෙන්න





