මේ වනවිට PayPal භාවිත කරන පිරිස ඉලක්ක කරමින් විවිධ වංචාකරුවන් විවිධ වංචාකාරී ක්‍රියාවන් සිදු කරන බවත් ඒවා ක්‍රමයෙන් ඉහල යමින් පවතින බවත් PayPal සමාගම පවසයි.
වංචාකරුවන් PayPal වෙතින් යොමු කරන ආකාරයට e mail පණිවුඩ යොමු කරන අතර, මෙවැනි වංචාසහගත e mail පණිවුඩ හඳුනාගැනීමට බොහෝ PayPal පාරිභෝගිකයින් අසමත් වේ.
මේ හේතුවෙන් ඔවුන්ට අවසානයේ විශාල මුදලක් අහිමි වීම සිදු විය හැක.

Woman Using Smartphone Source: Getty / Getty Images
මේ ආකාරයට ලැබෙන වංචාසහගත e mail පණිවුඩ වඩාත් සංකීර්ණ වෙමින් පවතින බවත් මේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වන බවත් PayPal සමාගම සිය පාරිභෝගික ප්‍රජාවට දන්වා සිටී.
මෙම e mail පණිවුඩ තුල බොහෝ විට phishing හෙවත් "ඔබේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමකට" ලක් කල හැකි links ඇතුලත් වන අතර ඒ පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු වේ.
කෙසේ නමුත් මෙවැනි ආකාරයට phishing හෙවත් ඔබේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමට හැකි, සැකසහිත e mail පණිවුඩයක් ඔබට ලැබුනහොත්, එය කිසිවිටෙකත් click නොකරන ලෙසත් එම පණිවුඩය Phishing@paypal.com යන ලිපිනයට forward කොට මකා දමන ලෙසත් PayPal සමාගම කියා සිටී.
Online scams වලින් ඔබව ආරක්ෂා කරගැනීමට ඔබ දැනගත යුතු දේ
ඔබේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමට හැකි phishing, e mail පණිවුඩ හඳුනාගන්නේ කෙසේද?
- සුබපැතුම් සහිත සාමන්‍යයෙන් පෙනෙන e mail පණිවුඩ
- PayPal සමාගමෙන් ලෙස බැලූ බැල්මට පෙනුනද, අසත්‍ය ලෙස පෙනෙන URL එකක් ඇතුලත් e mail පණිවුඩ
- වැරදි හෝ යල් පැන ගිය ලාංඡන සහ සැලසුම් සහිත e mail පණිවුඩ
ව්‍යාජ e mail පණිවුඩයක් හඳුනා ගන්නේ කෙසේද?
- හදිසි බවට හැඟවෙන පරිදි යොමු කරන e mail පණිවුඩ
- PayPal වෙතින් යොමු කරන e mail පණිවුඩ තුල කිසි විටෙකත් Attachments ඇතුලත් නොවන අතර මෙවැනි ආකාරයේ Attachments සහිත e mail පණිවුඩ
- කෙසේ නමුත්, ඔබට සැකසහිත e mail පණිවුඩයක් ලැබුනහොත් ඔබේ PayPal ගිණුමට ඇතුල් වී "හදිසි පණිවිඩ" හෝ අදාළ "දැනුම්දීම්" පරීක්ෂා කිරීම වැදගත් වේ
Scams හඳුනා ගන්නේ කෙසේද?
- අනුග්‍රහයක් සඳහා මුදල් ලබාදෙන බවට පොරොන්දු සහිත e mail පණිවුඩ
- ලොතරැයි ජයග්‍රහණ පිළිබඳ දැනුම්දීම් සහිත e mail පණිවුඩ
- ඉල්ලුම් නොකළ රැකියා දීමනා සහිත e mail පණිවුඩ

Source: Getty / Getty Images
පහත සඳහන් ඔබගේ පුද්ගලික තොරතුරු යාවත්කාලීන කිරීමට PayPal.com වෙතම සැමවිටම log වන්න
- Credit සහ Debit කාඩ් අංක
- බැංකු ගිණුම් අංක
- රියදුරු බලපත්ර අංකය
- e mail ලිපින
- Password හෙවත් මුරපදය
- ඔබේ සම්පුර්ණ නම





