මේ වනවිට PayPal භාවිත කරන පිරිස ඉලක්ක කරමින් විවිධ වංචාකරුවන් සිදු කරන වංචාකාරී ක්‍රියාවන් ඉහල යමින් පවතින බව PayPal සමාගම පවසයි
මේ වනවිට PayPal භාවිත කරන පිරිස ඉලක්ක කරමින් විවිධ වංචාකරුවන් විවිධ වංචාකාරී ක්‍රියාවන් සිදු කරන බවත් ඒවා ක්‍රමයෙන් ඉහල යමින් පවතින බවත් PayPal සමාගම පවසයි.
වංචාකරුවන් PayPal වෙතින් යොමු කරන ආකාරයට e mail පණිවුඩ යොමු කරන අතර, මෙවැනි වංචාසහගත e mail පණිවුඩ හඳුනාගැනීමට බොහෝ PayPal පාරිභෝගිකයින් අසමත් වේ.
මේ හේතුවෙන් ඔවුන්ට අවසානයේ විශාල මුදලක් අහිමි වීම සිදු විය හැක.

මේ ආකාරයට ලැබෙන වංචාසහගත e mail පණිවුඩ වඩාත් සංකීර්ණ වෙමින් පවතින බවත් මේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වන බවත් PayPal සමාගම සිය පාරිභෝගික ප්‍රජාවට දන්වා සිටී.
මෙම e mail පණිවුඩ තුල බොහෝ විට phishing හෙවත් "ඔබේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමකට" ලක් කල හැකි links ඇතුලත් වන අතර ඒ පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු වේ.
කෙසේ නමුත් මෙවැනි ආකාරයට phishing හෙවත් ඔබේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමට හැකි, සැකසහිත e mail පණිවුඩයක් ඔබට ලැබුනහොත්, එය කිසිවිටෙකත් click නොකරන ලෙසත් එම පණිවුඩය Phishing@paypal.com යන ලිපිනයට forward කොට මකා දමන ලෙසත් PayPal සමාගම කියා සිටී.
Online scams වලින් ඔබව ආරක්ෂා කරගැනීමට ඔබ දැනගත යුතු දේ
ඔබේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමට හැකි phishing, e mail පණිවුඩ හඳුනාගන්නේ කෙසේද?
- සුබපැතුම් සහිත සාමන්‍යයෙන් පෙනෙන e mail පණිවුඩ
- PayPal සමාගමෙන් ලෙස බැලූ බැල්මට පෙනුනද, අසත්‍ය ලෙස පෙනෙන URL එකක් ඇතුලත් e mail පණිවුඩ
- වැරදි හෝ යල් පැන ගිය ලාංඡන සහ සැලසුම් සහිත e mail පණිවුඩ
ව්‍යාජ e mail පණිවුඩයක් හඳුනා ගන්නේ කෙසේද?
- හදිසි බවට හැඟවෙන පරිදි යොමු කරන e mail පණිවුඩ
- PayPal වෙතින් යොමු කරන e mail පණිවුඩ තුල කිසි විටෙකත් Attachments ඇතුලත් නොවන අතර මෙවැනි ආකාරයේ Attachments සහිත e mail පණිවුඩ
- කෙසේ නමුත්, ඔබට සැකසහිත e mail පණිවුඩයක් ලැබුනහොත් ඔබේ PayPal ගිණුමට ඇතුල් වී "හදිසි පණිවිඩ" හෝ අදාළ "දැනුම්දීම්" පරීක්ෂා කිරීම වැදගත් වේ
Scams හඳුනා ගන්නේ කෙසේද?
- අනුග්‍රහයක් සඳහා මුදල් ලබාදෙන බවට පොරොන්දු සහිත e mail පණිවුඩ
- ලොතරැයි ජයග්‍රහණ පිළිබඳ දැනුම්දීම් සහිත e mail පණිවුඩ
- ඉල්ලුම් නොකළ රැකියා දීමනා සහිත e mail පණිවුඩ

ආරක්ෂිතව PayPal සමඟ සන්නිවේදනය කිරීම වැදගත් වේ.
පහත සඳහන් ඔබගේ පුද්ගලික තොරතුරු යාවත්කාලීන කිරීමට PayPal.com වෙතම සැමවිටම log වන්න
- Credit සහ Debit කාඩ් අංක
- බැංකු ගිණුම් අංක
- රියදුරු බලපත්ර අංකය
- e mail ලිපින
- Password හෙවත් මුරපදය
- ඔබේ සම්පුර්ණ නම






