Key Points
- ඔස්ට්‍රේලියාවේ පාසල්වල බාලාංශයේ සිට 12 වසර දක්වා ලිංගික සෞඛ්‍යය ඉගැන්වීම සිදු කරයි
- ළමා සංවර්ධන න්‍යායට අනුව, ළමුන්ට වයසට ගැළපෙන ලිංගිකත්වය සම්බන්ධයෙන් වන සංකල්ප උගන්වයි
- දෙමාපියන්, තම දරුවන් සමඟ ලිංගික සෞඛ්‍යය පිළිබඳව නිතර කතා කිරීමට විශේෂඥයන් නිර්දේශ කරයි
- ඔස්ට්‍රේලියාවේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව සම්පත් බහුලව තිබියදීත් බොහෝ යෞවනයන්, අන්තර්ජාලය ඔස්සේ හෝ ඔවුන්ගේ මිතුරන් මෙන්ම පවුල් වෛද්‍යවරුන් වෙත පැමිණ තොරතුරු ලබා ගනී
ලිංගික සෞඛ්‍යය, සෑම පුද්ගලයෙකුගේම සමස්ත ජීවිතයේ සහ යහපැවැත්මේ කොටසකි. වැඩිහිටිභාවය, සනීපාරක්ෂාව, සමීපභාවය සහ සෙනෙහස දක්වා දරුවාගේ වර්ධනයේ අංග ඇතුළත් වන බැවින් එය ලිංගිකත්වය, පිළිසිඳ ගැනීම සහ ගැබ්ගැනීම් ඉක්මවා යයි.
ධනාත්මක හා සෞඛ්‍ය සම්පන්න සබඳතා පවත්වා ගන්නේ කෙසේද යන්නෙහි මූලික පදනමද මෙයයි.
පෙර පාසලේ සිට 12 වසර දක්වා ඔස්ට්‍රේලියානු පාසල් හරහා ලිංගික සෞඛ්‍යය ඉගැන්වීම සිදු කරයි. ජාත්‍යන්තර විද්‍යාත්මක ප්‍රමිතීන්ට අනුව මානව පරිණතභාවයේ භෞතික, චිත්තවේගීය සහ මානසික අවධීන් සලකා බලන ඕස්ට්‍රේලියානු ජාතික විෂය නිර්දේශය ළමා සංවර්ධන න්‍යාය මත පදනම් වී තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තු ද්විතීයික පාසල් උපදේශක Renee West පෙන්වා දෙන්නේ එය විවිධ වයස්වල ළමුන් සඳහා ලිංගික වර්ධනය පිළිබඳ සාක්ෂි අනුගමනය කරන බවයි. එමෙන්ම UNESCO සංවිධානයේ ජාත්‍යන්තර මගපෙන්වීම අනුව ලිංගික අධ්‍යාපනය ලබාදීම සිදු කරන අතර මෙම අධ්‍යාපනය සෑම සිසුවකුටම ලබාදීමට ගුරුවරුන් වගබලාගන්නා බව Renee පවසයි.
සිසුන් ඉගෙන ගන්නා දේ
ළදරු පාසල තුලදී, ළමුන් ශරීර කොටස් සහ ඒවායේ කාර්යයන් පිළිබඳව නිවැරදි නම් ඉගෙන ගැනීමෙන් මෙය ආරම්භ වේ.
ප්‍රාථමික පාසැලේදී ඔවුන්ට ප්‍රජනක සෞඛ්‍යය, වැඩිවිය පැමිණීමේදී ශරීරය වෙනස් වන ආකාරය සහ ඔසප් වීම පිළිබඳව ඉගැන්වීම සිදු කරයි.
ද්විතීයික පාසැල් තුළදී, ගැබ් ගැනීම, ලිංගික හැසිරීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන දක්වා පාඩම් ඉගැන්වීම සිදු කෙරේ. සිසුන් පරිණත වන විට, සබඳතා, කැමැත්ත සහ සමීපත්වය සම්බන්ධයෙන් වඩාත් සංකීර්ණ මාතෘකා ද ඔවුන්ට ඉගැන්වීම සිදු කරයි.
Renee පවසන්නේ ඔවුන් පෞද්ගලිකත්වය , ශරීර ස්වාධිපත්‍යය සහ ආරක්‍ෂිත හැසිරීම් පිළිබඳ ඉගෙන ගැනීම සිදු කරන බවයි.
එමෙන්ම ඔවුන්ගේ ශරීරය ක්‍රියා කරන ආකාරය සහ ඔවුන් ජීවත් වන විට සම්බන්ධතා තුළ ඔවුන්ගේ භූමිකාව අවබෝධ කර ගැනීම වැනි සිසුන්ගේ ධනාත්මක ප්‍රතිඵල කෙරෙහි පවතින විෂය මාලාව අවධානය යොමු කොට තිබේ.

ගුරුවරුන් තම පාසලේ සංස්කෘතික හා ආගමික සන්දර්භයට අනුව විෂය නිර්දේශය අනුගත කරන අතර, විවිධ ප්‍රජා තුල පවතින විවිධත්වය සම්බන්ධයෙන්ද දැඩි අවධානයකින් කටයුතු කරයි.
Renee පවසන්නේ පන්තිකාමරවල සිටින බොහෝ යෞවනයන් වයස් භේදයකින් තොරව කුතුහලයෙන් පසුවන අතර ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ට සිදුවෙමින් පවතින දේ සාමාන්‍ය දෙයක් බවත්, අනෙක් පුද්ගලයින් ද එය අත්විඳින බවත් දැන ගැනීමට පමනක් වන බවයි.
එමෙන්ම පාසල ඔවුනට බොහෝ විට තහනම් හෝ නිවසේ කතා නොකරන ප්‍රශ්න සාකච්ඡා කිරීමේ සංසදය බවට පත්වීම සිදු වේ.
අපට ඉක්මනින් මෙම ලිංගික අධ්‍යාපනය ඉගැන්විය හැකි තරමට, ඔවුන් වඩාත් දැනුවත් වීම සහ ඔවුන් ගන්නා තීරණ වඩා හොඳ වන බවත් Renee පෙන්වා දෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තු ද්විතියික අධ්‍යාපනය ලබන්නන් සඳහා විෂයමාලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන Cathy Zemaitis පෙන්වා දෙන්නේ නිවසේදී ලිංගිකත්වය පිළිබඳව කතා කිරීමට දරුවන්ට ආරක්ෂිත අවකාශයක් සැපයීම සඳහා දෙමාපියන් පාසල් සමඟ හවුල් විය යුතු බවයි.
මේ ඔස්සේ ඔවුන්ගේ ලිංගික සෞඛ්‍යය, පුද්ගලික සනීපාරක්ෂාව සහ සබඳතා පිලිබඳ සාකච්ඡා කිරීමට ඔවුන්ට සහාය සහ විශ්වාසය දැනෙන බවත් Cathy පවසයි.
පවුල් වෛද්‍යවරයාගේ සහාය ලබාගැනීම
ලිංගික සෞඛ්‍ය කරුණු සාකච්ඡා කරන්නේ කෙසේද යන්න ගැන අවිනිශ්චිත බවක් දැනෙන දෙමාපියන් හට තම දරුවන්ගේ පාසල්වලින් සහාය ලබා ගැනීමට හැකියාව තිබේ. එමෙන්ම ඔවුන්ට තම පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන්ද උපදෙස් ලබා ගත හැක.
වෛද්‍ය Magaly Barrera වසර 30 ක් තිස්සේ බටහිර සිඩ්නි හි පවුල් වෛද්‍යවරයකු ලෙස සේවය කරයි. වෛද්‍ය Magaly පවසන්නේ නිවසේදී ලිංගිකත්වය ගැන කතා කළ නොහැකි යැයි හැඟෙන බැවින් අවාසනාවකට මෙන්, බොහෝ යෞවනයන් තනිවම පැමිණ උපදෙස් ඉල්ලා සිටින බවයි.
ඉතා සුළුතරයක්, ලිංගික ගැටළු පිළිබඳව තම මව සමග කතා කොට හෝ මව සමග තමා හමුවීමට පැමිණි බව Magaly පවසයි.
එමෙන්ම Magaly වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බොහෝ නව යොවුන් වියේ පසුවන්නන් තම දෙමාපියන් සමඟ කතා කිරීමට බියක් හෝ ලැජ්ජාවක් ඇති බැවින්, ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණ හෝ උපත් පාලනය සිදු කිරීමට රහසිගතව ඉල්ලා සිටින බවයි. මේ හේතුවෙන් විශේෂයෙන්ම වයස අවුරුදු 16 ට අඩු ළමුන්ගේ පවුල් සාමාජිකයින් හෝ ගුරුවරුන් මෙම මාතෘකාව මතු කිරීම සිදු කරන ලෙසට දිරිමත් කරයි.

වෛද්‍ය Magaly පවසන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ලිංගාශ්‍රිත බෝවන රෝග වළක්වා ගැනීම සඳහා උපත් පාලන කොපු සහ උපත් පාලන ක්‍රම භාවිතා කරන ලෙස ලිංගිකව ක්‍රියාශීලී නව යොවුන් වියේ රෝගීන්ට තමා නිතර උපදෙස් ලබාදෙන බවයි.
ලිංගික සෞඛ්‍ය පිලිබඳ නව යොවුන් වියේ ළමුන් සමග සාකච්චා නොකිරීම මත ඔවුන් මිතුරන්ගෙන් විමසීමට හෝ අන්තර්ජාලය හරහා පිළිතුරු සෙවීමට යොමු වන අතර ඒ ඔස්සේ ඔවුන් නොමග යාමට ඉඩ පවතී.
බොහෝ දෙමව්පියන් තම දරුවන් සමඟ ලිංගික සෞඛ්‍යය පිළිබඳව සාකච්ඡා කිරීමට සිතන්නේ ඔවුන් යම් වයසකට ළඟා වූ විට පමණක් වන බවත් වෛද්‍ය Magaly පෙන්වා දෙයි.
කෙසේ නමුත් ලිංගික සෞක්‍ය පිළිබඳව දැනුවත් කිරීම ඇතැම් ප්‍රජා කණ්ඩායම්හි ආගමික විශ්වාසයන්ට විරුද්ධ වීමේ අභියෝග සඳහාත් ඇය මුහුණ දෙයි.
මේ හේතුවෙන් විද්‍යාත්මක තොරතුරුවලට පමණක් මුල් තැන දෙමින් ළමුන් පරීක්ෂා කිරීමට ඔවුන්ගෙන් නිතරම අවසර ඉල්ලීම සිදු කරන බවත් වෛද්‍ය Magaly සඳහන් කොට සිටී.
මේ සඳහා එක් උපක්‍රමයක් වශයෙන් ඇය රෝගීන්ට ආකෘති හෝ පින්තූර පෙන්වන අතර ඔවුන්ගේ තත්වය හෝ රෝගය වඩාත් හොඳින් විස්තර කරන රූපය පෙන්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටී.
ව්‍යාකූලත්වය වළක්වා ගැනීම සඳහා සියලු දේ සරලව සහ සත්‍යවාදීව තබා ගනිමින් ලිංගික අධ්‍යාපනයට යොමු විය යුතු බව වෛද්‍ය Magaly දෙමාපියන්ට නිර්දේශ කරයි. එමෙන්ම කිසි දිනක ඔවුනට බොරු නොකියන ලෙසත් ඇය පවසයි.
දෙමාපියන් සඳහා වන සම්පත්
Dereck McCormak යනු online ඔස්සේ දෙමාපියන් හට මේ සම්බන්ධයෙන් සම්පත් සංවර්ධනය කරන සංවිධානයක් වන Raising Children ජාලයේ අධ්‍යක්ෂවරයා වේ. Raising Children වෙබ් අඩවියේ ලිංගික සෞඛ්‍යය පිළිබඳ වයසට ගැළපෙන සංවාද පැවැත්වීම පිළිබඳව දෙමාපියන්ට මඟ පෙන්වීම සඳහා පුළුල් සම්පත් පවතී.
Dereck පවසන්නේ බොහෝ දෙමව්පියන්ට ලිංගිකත්වය පිළිබඳව කතා කිරීම අභියෝගාත්මක දෙයක් ලෙස හැඟෙන අතර ඔවුන්ට ඉදිරියේදී පැමිණිය හැකි මාතෘකා සඳහා අපහසුතාවයක් හෝ සූදානම් නැති බවක් දැනෙනු ඇති බවයි.
කාලය සහ පුහුණුවීම් සමඟ ඔවුන් පරිණත වන බැවින්, ඉක්මනින් සහ නිතර නිතර එම සංවාද පැවැත්වීමෙන් අනාරක්ෂිත බව ජය ගන්නා ලෙස ඔහු දෙමාපියන්ට උපදෙස් දෙයි.
එමෙන්ම කලින්ම මේ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට දෙමාපියන් උත්සාහ ගැනීම වැදගත් වන අතර නිශ්චිත මාතෘකා පිළිබඳව ළමුන්ගෙන් ඇසීමෙන් සංවාදය ආරම්භ කිරීම සිදු කරන ලෙස ඔහු දෙමාපියන්ට නිර්දේශ කරයි.
Dereck පෙන්වා දෙන්නේ අවුරුදු අට දක්වා ළමුන් හට, ගැහැණු ළමයින්ගේ සහ පිරිමි ළමයින්ගේ ශරීර වෙනස් වන්නේ කෙසේදැයි දැන ගැනීමට සහ ළදරුවන් පැමිණෙන්නේ කොහෙන්ද යන පැණ පවතින බවයි.
වයස 09 සිට 11 දක්වා ළමුන්ට, එම වැඩිහිටි වයස් සීමාව තුළ ලිංගිකත්වය සහ සබඳතා, ස්වයං වින්දනය සහ සාමාන්‍ය ලිංගික වර්ධනයේ සියලුම දේ පිළිබඳව ප්‍රශ්න ඇති විය හැක.
අධ්‍යාපන විශේෂඥ Renee මෙම සංවාදය ආරම්භ කිරීමට සුදුසුම ස්ථානය වශයෙන් දෙමාපියන්ට සඳහන් කොට සිටින්නේ සිය මෝටර් රථය වන බවයි.
එම අවස්ථාවේදී ඔවුනට එකිනෙකාගේ මුහුණ බැලීමට අවශ්‍ය නොවන අතර කෙසේ නමුත් සංවාදයෙන් පැන යාමට කිසිවකු හටවත් නොහැකි බව Renee පවසයි.
______________________________________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_______________________________________________________________________________________________
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න





