Key Points
- "Rip currents" ලෙසින් හැඳින්වෙන මුහුදු දියවැල්, ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මුහුද ආශ්‍රිත උවදුරක් වශයෙන් සැලකේ
- රතු සහ කහ පැහැති කොඩි තිබෙන ජීවිතාරක්ෂකයින් සිටින ස්ථාන, පිහිනීමට ආරක්ෂිතම ස්ථාන වේ.
- මෝරුන්ගෙන් සිදු වන ප්‍රහාර අවම කිරීම සඳහා ලොව තිබෙන ප්‍රබලතම උපායමාර්ග ඕස්ට්‍රේලියාවේ පවතී.
- මෝරුන්ගෙන් සිදු වන ප්‍රහාර පිළිබඳව දැනුමක් ලබාගැනීම සඳහා මෙවලම් ඕස්ට්‍රේලියාවේ පවතී.
පසුගිය වසරේ Surf Life Saving Australia (SLSA) මගින්, පිහිනීමේදී අනතුරට පත්වූවන් ගලවාගැනීම් 10,000ක් සිදු කොට ඇති අතර, එමගින් ඉහල අනතුරු ප්‍රතිශතයක් "rip currents" ලෙසින් හැඳින්වෙන "මුහුදු දියවැල්" මගින් සිදුව තිබේ.
Surf Life Saving Australia හි වෙරළ ආරක්‍ෂාව පිළිබඳ සාමාන්‍යාධිකාරී Shane Daw පවසන්නේ "rip currents" ලෙසින් හැඳින්වෙන මුහුදු දියවැල් ඕස්ට්‍රේලියාවේ මුහුද ආශ්‍රිතව පවතින ප්‍රධානතම උවදුරක් වන බවයි. මෙම මුහුදු දියවැල් මගින් ඕස්ට්‍රේලියාවේ දියේ ගිලීමෙන් සිදු වන මරණ වලින් සෑම 4න් 1ක් සඳහා බලපායි.

"Rip currents" ලෙසින් හැඳින්වෙන මුහුදු දියවැල්. අනතුරුදායක වන්නේ ඇයි?
මුහුදු දියවැල් යනු, ගොඩබිම දෙසට වන මුහුදු රැල්ලට ප්‍රතිවිරුද්ධ දිශාවට, එනම් නැවතත් මුහුද දෙසට ගමන් කරන ප්‍රබල ජල තරංගයක් වේ. මේ මගින් ඔබව නොදැනුවත්වම වෙරළේ සිට යලි මුහුද දෙසට ඇදගෙන යාම සිදු කරයි.
කෙසේ නමුත් "rip currents" ලෙසින් හැඳින්වෙන මුහුදු දියවැල් එකවර හඳුනාගැනීම අපහසු වේ.
මුහුදු රැල්ල ඇති ස්ථානයක "සුදු පැහැති පෙනකැටි නොමැති" තැන් පිහිනීමට ආරක්ෂිතම ස්ථානය යැයි ඔබ උපකල්පනය කල හැකි නමුත්, එය බොහෝ දුරට භයානක මුහුදු දියවැලක් වීමට ඉඩකඩ පවතී.
Shane මේ සම්බන්ධයෙන් පවසන්නේ, සුදු පැහැති පෙන තිබෙන ස්ථාන පිහිනීම සඳහා සුදුසු වන අතර කොළ පැහැති ස්ථාන ගැඹුරු සහ මුහුද දෙසට නැවත ඇදෙන දියවැල් සහිත ස්ථාන වන බවයි.
යම් හෙයකින් ඔබව "rip currents" ලෙසින් හැඳින්වෙන මුහුදු දියවැලකට හසු වුවහොත්,
- සන්සුන්ව සිටීම සහ ඔබේ ශක්තිය ඉතිරි කරගැනීම.
- ඔබේ අත් ඔසවා උදව් සඳහා ඇමතීම.
- මුහුදු දියවැල ඔබව නොගැඹුරු වැල්ලකට ආපසු ගෙන යා හැකි බැවින්, මුහුදු දියවැල සමඟ පාවෙන්නට ඉඩහැරීම.
- රැල්ලෙන් බේරීම සඳහා වෙරළට සමාන්තරව හෝ බිඳෙන රළ දෙසට පිහිනීම.
සිදු කල යුතු වේ.
කෙසේ නමුත් ආරක්ෂිත ස්ථානයක පිහිනීම වඩාත් යහපත් වේ.
රතු සහ කහ පැහැති කොඩි අතර පිහිනීම
පසුගිය වසරේ ඛේදජනක ලෙස දියේ ගිලීමෙන් සිදු වූ මරණවලින් 76% ක්, ජීවිතාරක්ෂක භටයින් සිටින ස්ථාන වල සිට කිලෝමීටරයක් පමණ අඩු දුරප්‍රමාණයකදී සිදුව තිබේ.
මේ හේතුවෙන් තමන් සතු හැකියාව පිළිබඳව සෑම විටම සලකා බැලීම වැදගත් වන අතර සෑම විටම ජීවිතාරක්ෂක භටයින් සිටින "රතු සහ කහ" කොඩි අතර පිහිනීම වැදගත් වේ.
රතු සහ කහ කොඩි සවි කොට තිබෙන මෙම ප්‍රදේශය, ජීවිතාරක්ෂක භටයින් අඛණ්ඩව අධීක්ෂණය කරන ආරක්ෂිත ප්‍රදේශයකි.

තනිව පිහිනීමට යාමට වඩා තවත් අයකු සමග පිහිනීමට යාමත් ඉතා වැදගත් වේ.
Surf Life Saving Australia හි වෙබ් අඩවිය ඔස්සේ ඔබට ජීවිතාරක්ෂක භටයින් අඛණ්ඩව අධීක්ෂණය කරන වෙරළ තීරයන් සොයා ගැනීමට හැක. මෙහිදී ඔබට භාෂා 100ක් ඔස්සේ, ආරක්ෂාව සලසාගැනීම සම්බන්ධයෙන් වන උපදෙස් ද සොයාගත හැක.
ඕස්ට්‍රේලියානු වෙරළ තීරයේ "මෝරුන්" සැබෑ තර්ජනයක්ද?
ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් හා වරින් වර, මින්සුන්ට මෝරුන්ගෙන් ප්‍රහාර එල්ල වීම සිදු වේ.
ඕස්ට්‍රේලියාවේ පසුගිය දශකය තුළ, වසරකට සාමාන්‍යයෙන් මෝරුන් මගින් ප්‍රහාර 22ක් සිදුව ඇති අතර මේ අනුව, ඇමරිකාවට පසු ලොව වැඩිම මෝර ප්‍රහාර එල්ල වන රට බවට ඕස්ට්‍රේලියාව පත්ව තිබේ.
Taronga සංරක්ෂණ සංගමයේ වනජීවී සංරක්ෂණ නිලධාරි ආචාර්ය Phoebe Meagher මේ සම්බන්ධයෙන් පවසන්නේ වාසනාවකට මෙන් එලෙස වාර්තා වන ප්‍රහාර වලින් එක් ප්‍රහාරයක් පමණ දරුණු ප්‍රහාර වන බවයි.
වසර 1800 පමණ සිට මෝරුන් මගින් මිනිසුන්ට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු පවතින බවත් Phoebe පවසයි.

Taronga සංරක්ෂණ සංගමයේ වනජීවී සංරක්ෂණ නිලධාරි ආචාර්ය Phoebe Meagher අවධාරණය කොට සිටින්නේ "මෝරුන් විශේෂයෙන් මිනිසුන්ව ආහාරයක් වශයෙන් නොසලකන අතර, කෙසේ නමුත් ඔවුන් අවස්ථාව අනුව එලෙස පහර දීම සිදු කරන බවයි".
එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ, මෝරුන්ගේ දෘෂ්ටිකෝණයෙන් සැලකීමේදී, ඔවුනට ඔබව කැස්බෑවෙක්ද,සීල් මත්සයෙක්ද නැතිනම් මනුෂ්‍යයෙක්ද යන්න ගැටළුවක් නොවන බවයි.
මේ වනවිට හඳුනාගෙන ඇති මෝර විශේෂ 400 න් ඉතා සුළු මෝර විශේෂ සංක්‍යාවක් මිනිසුන්ට භයානක වේ.
මෙහිදී නිව් සවුත් වේල්ස්, බටහිර ඕස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ත යන ප්‍රාන්ත පුරා මෝර විශේෂ තුනක් සම්බන්ධයෙන් සැලකිලිමත් වීම වැදගත් වේ.
- White shark
- Tiger shark
- Bull shark
මෙම මොර විශේෂ වල හැසිරීම පිළිබඳව අනාවැකි කීම දුෂ්කර වන අතර මොවුන් මාරාන්තික විය හැක.
සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාථමික කර්මාන්ත සම්බන්ධයෙන් වන දෙපාර්තමේන්තුවේ මෝරුන් සම්බන්ධයෙන් වන වැඩසටහන් ප්‍රධානී Marcel Green පවසන්නේ මෙම මෝර විශේෂ නහඹර වියේ දරුවන් හා සමාන ක්‍රියාකලාප පෙන්නුම් කරන බවයි.
මොවුන් එකිනෙකාට වෙනස් හැසිරීම් පෙන්නුම් කරන අතර, කෙසේ නමුත් ඔවුන්ගේ සමස්ත හැසිරීම සම්බන්ධයෙන් දත්ත පවතී.
Marcel සඳහන් කොට සිටින්නේ White shark සහ Bull shark යන මෝර විශේෂ, සන්ධ්‍යා කාලයේදී ක්‍රියාකාරී වන අතර එම කාලසීමාව තුලදී මුහුදේ පිහිනීම වැඩි අවදානමක් ගෙන දෙන බවයි.
එමෙන්ම වෙනත් මත්ස්‍ය විශේෂ විටින් විට සිදු කරන ප්‍රහාර සම්බන්ධයෙන් ද වාර්තා වී ඇති නමුත් එම මත්ස්‍ය විශේෂ සමස්තයක් ලෙස හානිකර නොවන බව Marcel පෙන්වා දෙයි. උදාහරණ වශයෙන් යම් අවස්ථාවකදී මුහුදු පත්ලේ වැතිර සිටින 'wobbegong' මත්සයකු මතට ඔබ පා තැබුවහොත් එම මත්ස්‍යයා සපා කෑ හැකි බව Marcel පවසයි.

මෝරුන්ගෙන් සිදු වන ප්‍රහාර පිළිබඳව දැනුවත්ව සිටීම
මෝරුන්ගෙන් වන හානිය අවම කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ ප්‍රබලම වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වේ. මේ ඔස්සේ මුහුදේ පිහිනීමට යන පිරිසට වන හානිය අවම වන අතරම මෝරුන්ට වන හානියද අවම වේ.
මේ සඳහා,
- දැල් මගින් වෙරල තීර ආරක්ෂා කිරීම
- හෙලිකොප්ටර් සහ drone මගින් ගුවනින් සිදුවන නිරීක්ෂණ
- ජලයෙන් ඉවත් වන ලෙසට වන ක්ෂණික සංඥා
ඇතුලත් වේ.
Tag කරන ලද මෝරුන් සිටින ස්ථාන, තත්‍ය කාලීනව (real time) දැනගැනීමට SharkSmart app භාවිත කිරීමත් බලධාරීන් සිදු කරයි.
මෙමගින් යම් මෝරකු සම්බන්ධයෙන් දත්ත ලැබුනහොත්, මෝර අනතුරු සම්බන්ධයෙන් මුර සංචාරයේ යෙදෙන බලධාරීන් ඒ පිළිබඳව ඔබේ දුරකථනයට හෝ ස්මාර්ට් ඔරලෝසුවට යොමු කිරීම සිදු කරයි.
නිව් සවුත් වේල්ස්, බටහිර ඔස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මෙන්ම වෙනත් ප්‍රාන්තවලත් SharkSmart සම්බන්ධයෙන් සම්පත් පවතී.

Marcel පවසන්නේ අලුයම සහ සන්ධ්‍යාවේ මුහුදේ පිහිනීමෙන් වලකින ලෙසයි. එමෙන්ම ‘bait ball’ තිබෙන ස්ථාන අසල පිහිනීමද භයානක වේ.
සාමාන්‍යයෙන් මෝරුන්, වෙනත් මසුන්ව මුහුදු පත්ලේ සිට ජල මතුපිටට ලුහුබඳින අතර ඒ ඔස්සේ කුරුල්ලන් ආකර්ෂණය කිරීම සිදු වේ.
එමෙන්ම Marcel පෙන්වා දෙන්නේ "කුඩා මසුන් විශාල මසුන් ආකර්ෂණය කරන අතර විශාල මසුන් මෝරුන් ආකර්ෂණය කරන බවයි".
මොරුන්ගෙන් ආරක්ෂා වීම සඳහා පෞද්ගලික උපාංග පැළඳීමට Surfing සිදු කරන්නන්ද දිරිමත් කරයි.
එමෙන්ම බටහිර ඕස්ට්‍රේලියාව මේ සඳහා ප්‍රාන්ත රාජ්‍ය සහනාධාර ලබාදීමත් සිදු කරයි.
______________________________________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_______________________________________________________________________________________________
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න
_______________________________________________________________________________________________





