Key Points
- ඔබේ Superannuation ගිණුමෙන් නියමිත ලෙස මුදල් නොලැබීම වලක්වාලීම සඳහා ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය සමග ඔබේ සම්බන්ධතා තොරතුරු යාවත්කාලීන කිරීම වැදගත් වේ.
- Superannuation මුදල් සඳහා කලින් ප්‍රවේශ වීමට ඕස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන්ට අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් අවසර දෙයි.
- මරණයකින් පසු විශ්‍රාමික ඉතුරුම් බෙදා හැරීම පිළිබඳ පවුල් ආරවුල් ඇතිවුවහොත්, ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනයක් මගින් ඒවා විසඳීම සිදු කරයි.
Superannuation හෝ 'super' යනු ඔබේ සේවායෝජකයා මගින් ඔබේ සේවා කාලය පුරා වෙන් කරනු ලබන සහ ඔබ රැකියාවෙන් විශ්‍රාම ගන්නා විට ලබාගත හැකි මුදලයි.
ඔබේ සේවායෝජකයා ඔබේ සාමාන්‍ය ඉපැයීම්වලින් ප්‍රතිශතයක් ඔබේ Superannuation ගිණුමට ගෙවීම අනිවාර්ය වන අතර, ඔබ විශ්‍රාම යන තෙක් ඔබේ Superannuation අරමුදල තුල ඔවුන් මුදල් ආයෝජනය කිරීම සිදු කරයි.
යම් අයකුගේ Superannuation ගිණුමක් inactive නොහොත් "ක්‍රියා විරහිතව" තිබුණත්, පුද්ගලයන්ට ඔවුන්ගේ Superannuation ඉතුරුම් අහිමි නොවන බව සහතික කිරීමට ඕස්ට්‍රේලියාව තුල නිසි පියවර තිබේ.
ඔබගේ Superannuation මුදල් සැපයුම්කරුට ඔබව සම්බන්ධ කරගැනීමට නොහැකි නම් සහ ඔබගේ ලිපිනය සහ දුරකථන අංකය වැනි සම්බන්ධකරගත හැකි තොරතුරු වෙනස් වී ඇත්නම් ඔවුන්, හිමිකම් නොකියූ (unclaimed) Superannuation මුදල් ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයට (ATO) මාරු කිරීමට අවශ්‍ය වේ.
ඔබගේ Superannuation මුදල් නැවත ලබාගැනීම
ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය මගින්, මෙලෙස හිමිකම් නොකියූ (unclaimed) Superannuation මුදල් ලබාගැනීමෙන් අනතුරුව එම මුදල් නිසි භාරකරු වෙත භාරදීම සිදු කරයි.
කෙසේ නමුත් ඔබේ Superannuation මුදල් නැති වී ඇතැයි ඔබට සිතෙන්නේ නම්, ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයේ Online සේවා හරහා එය සෙවීම වඩාත් සුදුසුය.

ඔබගේ Superannuation මුදල් සැපයුම්කරුට ඔබව සම්බන්ධ කරගැනීම සඳහා ඔබගේ ලිපිනය සහ දුරකථන අංකය වැනි ඔබව සම්බන්ධකරගත හැකි තොරතුරු යාවත්කාලීන කිරීම වැදගත් වේ.
ඕස්ට්‍රේලියානු බදු කාර්යාල නියෝජ්‍ය කොමසාරිස් Emma Rosenzweig පවසන්නේ, පුද්ගලයින් මෙලෙස ඕස්ට්‍රේලියානු බදු කාර්යාල Online සේවාව සමග සිය තොරතුරු යාවත්කාලීන කිරීම ඔස්සේ, ඔවුනට තිබු Superannuation ගිණුම් වලින් නොලැබුණු අරමුදල් ලබාගැනීමට හැකියාව තිබෙන බවයි.
Xavier O'Halloran යනු Superannuation සඳහා වන ස්වාධීන පාරිභෝගික උපදේශක සංවිධානයක් වන Super Consumers Australia හි අධ්‍යක්ෂවරයා වන අතර, ඔහු පවසන්නේ Superannuation ගිණුම් රැසක් යමකුට තිබීම සාමාන්‍ය දෙයක් නොවන බවයි.

යමකු තමන්ට Superannuation ගිණුම් රැසක් සිටියත් එක ගිණුමක් තබාගැනීම වඩාත් යහපත් වන බවත් Xavier පෙන්වා දෙයි.
එමෙන්ම යමකුට Superannuation ගිණුම් කිහිපයක් පවතී නම් එම පුද්ගලයාගේ විශ්‍රාම ඉතුරුම් ඩොලර් 50,000 කින් පමණ අඩු වීමට එය හේතුවක් විය හැකි බවත් ඔහු පවසයි.
මෙලෙස එවැනි මුදලක් අඩු වීමට ප්‍රධාන හේතුව වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ බොහෝ විට පුද්ගලයින්ට මෙම ගිණුම් සඳහා රක්ෂණ ආවරණ එකකට පවත්වාගැනීමට සිදු වීමයි. මේ ඔස්සේ ස්ථාවර ගාස්තුද දෙගුණයක් පමණ ගෙවීමට ඔවුනට සිදු වේ.

ඕස්ට්‍රේලියාවේ සේවය කරන අතරතුර සිදු කරන රැකියා ඔස්සේ Superannuation මුදල් උපයන තාවකාලික වීසා බලපත්‍ර මත සිටින ඕනෑම අයෙකුට ඔවුන් ඕස්ට්‍රේලියාවෙන් පිටත් වීමේදී එම Superannuation මුදල් සඳහා හිමිකම් පෑමට හැකියාව පවතී.
මෙහිදී ඕස්ට්‍රේලියාවේ සිටින අතරතුර, Departing Australia superannuation payment (DASP) සඳහා වන ඔබේ අයදුම්පත සැකසීම ආරම්භ කල හැකිවේ, නමුත් එය ඔබට එම අයදුම්පත සම්පුර්ණ කල හැකි වන්නේ ඔබ රටින් පිටව ගොස් ඔබේ වීසා බලපත්‍රය කල් ඉකුත් වූ පසුව හෝ අවලංගු කළ පසුව පමණි.
ඔබ ඕස්ට්‍රේලියාවෙන් පිටවී හෝ ඔබේ වීසා බලපත්‍රය කල් ඉකුත් වී මාස හයක් ඇතුළත එය නොකළහොත් ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය මගින් එම මුදල් "හිමිකම් නොපෑ" මුදල් වශයෙන් තම කාර්යාලයට බැර කරන ලෙස Superannuation මුදල් සැපයුම්කරුට සඳහන් කරයි.

කෙසේ නමුත්, විදේශගත වන ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන්ට හෝ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට, ඔස්ට්‍රේලියාවේ ජීවත් වන විට මෙන් පමණක් ඔවුන්ගේ Superannuation මුදල් සඳහා ප්‍රවේශය ලබා ගත හැකි වේ.
මේ සඳහා එම පුද්ගලයා නිසි වයසේ සිටිය යුතු අතර, Superannuation මුදල් නිදහස් කිරීමේ කොන්දේසි සපුරාලිය යුතු වේ.
යමකු ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටියදී, දැඩි මූල්‍ය දුෂ්කරතා හෝ Medicare මගින් ආවරණය නොවන බරපතල වෛද්‍ය ප්‍රතිකාර සඳහා Superannuation අරමුදල් වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය වීම වැනි සීමිත අවස්ථාවන්හිදී හැර Superannuation අරමුදල් වෙත ඉක්මනින් ප්‍රවේශ වීමට හැකියාව නොපවතී.
විදේශිකයෙකු ලෙස ඔබේ Superannuation අරමුදල් කළමනාකරණය කිරීම
විදේශගතව සිටින විට, යමකුගේ විශ්‍රාම වැටුප හොඳින් කළමනාකරණය කිරීම සඳහා යෝජනා කිහිපයක් Xavier සිදු කරයි.
- Superannuation අරමුදල් අහිමි වීම වළක්වා ගැනීම සඳහා ඔබගේ සම්බන්ධතා තොරතුරු යාවත්කාලීනව තබා ගැනීම.
- ATO හි "YourSuper සැසඳීමේ මෙවලම" හරහා ඔබේ අරමුදලේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම. (මේ ඔස්සේ වෙළඳපොලේ නිෂ්පාදන ඔවුන් ලබා දෙන ගාස්තු සහ කාර්ය සාධනය අනුව සංසන්දනය කිරීමට ඉඩ සලසයි.)
- ඔබේ අරමුදලේ ඇති රක්ෂණය මගින් ඔබ විදේශයක සේවය කරන අතරතුර ඔබව ආරක්ෂා කරයිද යන්න පරීක්ෂා කිරීම.
- ඔබ අනවශ්‍ය ගාස්තු කිසිවක් නොගෙවන්නේදැයි පරීක්ෂා කිරීම.

ඔබට ඩොලර් 50,000 ක ශේෂයක් තිබේ නම්, වෙළඳපොලේ සාමාන්‍ය ගාස්තුව අනුව ඔබ ඒ සඳහා වාර්ෂිකව 1% ක් පමණ ගෙවීමක් සිදු කරයි. නමුත් වෙළඳපොල තුල අනිවාර්යයෙන්ම ඊට වඩා බෙහෙවින් අඩු දීමනා පවතී.
Xavier කියා සිටින්නේ ඔබ ඇත්ත වශයෙන්ම අඩු ගාස්තු ගෙවන ගිණුමක සිටින බවත්, ඔබ විදේශගතව සිටින විට ඔබේ ඉතුරුම් අඩු නොවන බවත් සහතික කර ගැනීම සඳහා විවිධ සමාගම් සැසඳීම් සිදු කිරීම වැදගත් වන බවයි.
Superannuation death benefits (Superannuation මරණ ප්‍රතිලාභ)
ඔබේ විශ්‍රාම කාලය පුරා ඔබට මුල්‍යමය වශයෙන් සහාය ලබාදීමට Superannuation සැලසුම් කර ඇති අතර, මරණයෙන් අනතුරුව ඔබේ Superannuation ප්‍රතිලාභීන් නම් කිරීම වඩාත් සුදුසු වේ.
මෙහිදී යමකුගේ මරණයකින් අනතුරුව Superannuation ප්‍රතිලාභ හිමිවන මිය ගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් අතර ගැටලුකාරී තත්වයක ඇතිවුවහොත්, ඕස්ට්‍රේලියානු මූල්‍ය පැමිණිලි අධිකාරිය (AFCA), එම පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදු කරයි.
ඕස්ට්‍රේලියානු මූල්‍ය පැමිණිලි අධිකාරියේ Superannuation සඳහා වන ප්‍රධාන ඔම්බුඩ්ස්මන්වරයා වන Heather Gray පවසන්නේ මේ සම්බන්ධයෙන් පුද්ගලයින් තුල සාමාන්‍යයෙන් දුර්මත පවතින බවයි.
Heather පෙන්වා දෙන්නේ Superannuation ඔවුන්ගේ වැදගත්ම වත්කම වන බවට බොහෝ පුද්ගලයන් සිතන අතර, ඇතැම් විට සිය නිවසෙන් පසුව, මිනිසුන්ට ඔවුන්ගේ බූදලය වශයෙන් මෙය සලකන බවයි.
යමකුගේ මරණයකින් අනතුරුව Superannuation සඳහා වන භාරකරුවන් යම් හෙයකින් එම ප්‍රතිලාභ බෙදී යාම අසාධාරණ යැයි විශ්වාස කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් අභියාචනා කිරීමට දින 28ක් ඇතුළත AFCA සම්බන්ධ කර ගත හැක.

එවිට පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි තීරණයක් නිකුත් කිරීම සිදු වේ.
පුද්ගලයින්ට සංකීර්ණ පවුල් තත්වයන් පවතින බැවින්, Superannuation මරණ ප්‍රතිලාභ බෙදා හැරීම සිදු කිරීමේදී ඒ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්ව පැන නැගීම සාමාන්‍ය දෙයක් වන බව Heather පවසයි.
බොහෝ අරමුදල් වලදී ඔබට ප්‍රතිලාභීන්ගේ නම් යෝජනා කිරීමට ඉඩ සලසයි.
මෙය නීත්‍යානුකූල ලියවිල්ලක් වන අතර, ඔබ මිය ගියහොත් ඔබේ විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අවශ්‍ය අය කවුරුන්ද යන්න මෙහි සඳහන් කරයි.
කෙසේ නමුත්, ඔබේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාබ ලබන්නන් අතරේ බෙදා හැරිය යුතු ආකාරය සලකා බැලීමට ඔබට යම් කාලයක් ගත කිරීමට හැකි නම් සහ එම ලේඛනය අරමුදල සමඟ තැබීමට හැකි නම්, ඒ ඔස්සේ ගැටලු රැසක් විසඳාගත හැකි වේ.





