Key Points
- ඔස්ට්‍රේලියාව තුල ‘no fault divorce’ හෙවත්, වරදක් නැති දික්කසාද' වශයෙන් වන ක්‍රමයක් පවතී. මේ ඔස්සේ විවාහ වී ඇති එක් අයකුට අනෙකාගේ කැමැත්තක් හෝ පැහැදිලි කිරීමක් නොමැතිව දික්කසාදයක් සඳහා ඉල්ලුම් කළ හැක.
- බොහෝ දික්කසාද වලදී, උසාවියට නොගොස් එම ගැටලුව මාපිය සහ මූල්‍ය කටයුතු විධිමත් ලෙස විසඳා ගත හැක.
- ඔස්ට්‍රේලියානු නීති පද්ධතිය දික්කසාද වන පවුල්වලට නඩු පැවරීමට පෙර එකඟතාවයකට පැමිණීමට දිරිගන්වයි.
සරලව ගත් විට, "දික්කසාදය" යනු විවාහ වී සිටින දෙදෙනකු විධිමත් ලෙස වෙන්වීමයි. නමුත් දික්කසාද වීමේදී එම පුද්ගලයින්ට දැඩි මානසික බලපෑම් සඳහා මුහුණ දීමට සිදු වේ.
එමෙන්ම මේ ඔස්සේ ළමුන් සම්බන්ධයෙන් වන parenting නොහොත් මාපිය සහ මූල්‍ය බලපෑම සැලකිල්ලට ගනිමින්, බාහිර සහයෝගයකින් තොරව සුහදව විසඳුමක් ලබා ගැනීමට බොහෝ පිරිස අරගල කරයි.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියාව තුලදී, තම විවාහය නැවත විසඳිය නොහැකි ගැටලුකාරී තත්වයක තිබෙන බවට විවාහක සහකරු හෝ සහකාරිය දික්කසාද අයදුම්පත්‍රයේ කොටසකදී ඔප්පු කිරීමට අවශ්‍ය වේ. එමෙන්ම ඔවුන් මාස 12කට වැඩි කාලයක් වෙන් වී ඇති බව පෙන්නුම් කළ යුතු අතර parenting නොහොත් මාපිය සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් වන විධිවිධානවලට එකඟ විය යුතු වේ.
බොහෝ දික්කසාද වීමට අපේක්ෂා කරන පවුල් උසාවියට යාමට පෙර parenting නොහොත් මාපිය සහ මූල්‍ය කටයුතු විධිමත් ලෙස විසඳා ගැනීමට උත්සාහ කළ යුතු වේ.
parenting නොහොත් මාපිය ගැටළු සම්බන්ධයෙන් යමකුට උසාවියට යාමට අවශ්‍ය නම්, ඒ සම්බන්ධයෙන් පළමුව එකඟ විය යුතු අවශ්‍යතාත් තිබේ.
මෙහිදී පවුල් ආරවුල් විසඳීමේ වෘත්තිකයෙකුගේ සහාය ඇතිව දරුවන් සම්බන්ධයෙන් එකඟතා වලට පැමිණිය හැකිද යන්න සම්බන්ධයෙන්ද බලා තිබිය යුතු වේ.
මූල්‍යමය කරුණු සම්බන්ධයෙන්, පළමුව ගැටලුව විසඳීම සඳහා වන වෙනත් විකල්ප උත්සාහ කරන ලෙස අදාළ පාර්ශව දිරිමත් කරයි.එමෙන්ම වර්තමානයේදී ඕස්ට්‍රේලියනු නීති පද්ධතිය අපේක්ෂා කරනුයේත් මෙවැනි පිරිස් අවම වශයෙන් නඩු පැවරීම සඳහා උසාවි වලට යාමක් දැකීමයි.

දික්කසාද වීමේ ගැටලු සඳහා මැදිහත්වීම ක්‍රියාත්මක වන ආකාරය
දික්කසාද වීමේ ගැටලු සඳහා උසාවියට යාමට මාස ගණනක් ගත විය හැකි අතර, ඒ සඳහා ඩොලර් දස දහස් ගණනක් වැය විය හැක, මේ හේතුවෙන් මේ සඳහා වන mediation නොහොත් මැදිහත් වීමේ සේවා සඳහා වන පිරිවැය සහ කාලය ඵලදායී විය හැක.
පිළිගත් පවුල් ආරවුල් විසඳීමේ වෘත්තිකයෙකු (FDRP) වන Valerie Norton පවසන්නේ, ඔස්ට්‍රේලියාව තුල දික්කසාද වන පුද්ගලයන්ගෙන් 90% ක් පමණ පිරිසක් තම ආරවුල් විසඳා ගැනීමට නඩු පැවරීමෙන් වැළකී සිටින බවයි.
දික්කසාද වීමේ යම් ගැටලුවක් සඳහා මැදිහත් වීමට පෙර, Valerie එහි සාර්ථකත්වය සම්බන්ධයෙන් පවතින සම්භාවිතාව ඇගයීමට ලක් කරයි.
Valerie සහකරු හෝ සහකාරිය තනි තනිව මුණගැසීම සිදු කරන අතර ඒ ඔස්සේ ඔවුන්ගේ මානසික තත්වය තක්සේරු කිරීම සහ ඔවුන්ගේ පෞද්ගලික තත්වයන් තේරුම් ගැනීම සිදු කරයි.
එමෙන්ම අඹුසැමියන් අතර මානසික සෞඛ්‍ය ගැටලු, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි භාවිතය පිළිබඳ ඉතිහාසයක් නොමැති බව තහවුරු කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ගැටලුව සඳහා මැදිහත් වීම සුදුසුද යන්නත් Valerie තීරණය කරයි.

Mediation නොහොත් මැදිහත්වීමේ සැසිවලදී, Valerie තම සේවාදායකයින්ට සහ ඔවුන්ගේ නීතිඥයින්ට බේරුම්කරණ කටයුතු සම්බන්ධයෙන් වන සාකච්ඡා සිදු කිරීමට උපකාර කරයි.
ඇය මෙහිදී අදාළ පුද්ගලයින්ව ඔවුන් මුහුණ දෙන මානසික පීඩාකාරී තත්වයෙන් ඈත් කිරීමට කටයුතු කරන අතර, තමන්ට සහ තමන්ගේ දරුවන්ට ප්‍රයෝජනවත් වන ප්‍රායෝගික ප්‍රතිඵල කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කරවීමට උත්සාහ කරයි.
Valerie පවසන්නේ, මැදහත්වීමේ කාර්යයේදී ගැටලුවේ නිසි තැන සොයා ගැනීම වැදගත් වන අතර, එය පරිපූර්ණ නොවන නමුත් දෙපාර්ශවයෙන්ම සම්මුතියක් තිබිය යුතු බවයි.
දේපල නිරවුල් කිරීම් සහ මූල්‍ය ගිවිසුම්
ඔස්ට්‍රේලියාව තුල ‘no fault divorce’ හෙවත් 'වරදක් නැති දික්කසාද වශයෙන් වන ක්‍රමයක් පවතී. මේ ඔස්සේ විවාහ වී ඇති එක් අයකුට අනෙකාගේ කැමැත්තක් හෝ පැහැදිලි කිරීමක් නොමැතිව දික්කසාදයක් සඳහා ඉල්ලුම් හැකි අතර, ඔවුන් විවාහය අවසන් කිරීමට අවශ්‍ය හේතු දැක්වීමට අවශ්‍ය නොවේ.
ජාත්‍යන්තරමය වශයෙන් දික්කසාද බේරුම්කරණය පිළිබඳ අත්දැකීම් ඇති නීතීඥ Eleanor Lau පවසන්නේ මෙහිදී මෙම පාර්ශ්වයන් නීති උපදෙස් ලබා ගත යුතු අතර මේ සඳහා නිශ්චිත නිර්ණායක යෙදිය යුතු බවයි.
දේපල සම්බන්ධයෙන් වන ගැටලු නිරවුල් කිරීමකදී, බෙදීමට ඇත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ඔවුන් ක්‍රියා කළ යුතු අතර මේ සඳහා ඕස්ට්‍රේලියාවේ ධනය පමණක් නොව ඕස්ට්‍රේලියාවෙන් පිටත ධනය ද අදාළ වන බව Eleanor කියා සිටී.
අනතුරුව, මූල්‍ය දායකත්වය, මූල්‍ය නොවන දායකත්වය, සහ ගෘහමය වශයෙන් සහ දෙමාපියෙකු ලෙස වන දායකත්වය වැනි දෑ සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන බවත් Eleanor පවසයි.

එක් එක් පුද්ගලයා විවාහය තුලදී තම අඹුසැමි සම්බන්ධතාවයකට දායක වී ඇති ආකාරය තීරණය කිරීම සංකීර්ණවිය හැක.
Valerie පෙන්වා දෙන්නේ, විවාහයකදී එක් අයෙක් සම්බන්ධතාවයට ඩොලර් මිලියනයක් කැප කොට ඇතිනම් සහ අනෙකා ණය වී ඇති නම් - වෙන් වන විට ඒ සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු බවයි.
එමෙන්ම සම්බන්ධතාවය අතරතුර එකිනෙකාගේ දායකත්වය ගැන සැලකිලිමත් වන අතර එය මූල්‍ය සහ මූල්‍ය නොවන යන වශයෙන් සලකන බවත් ඇය පෙන්වා දෙයි.
කෙසේ නමුත් මෙම මුදල්, එක් එක් පුද්ගලයාගේ වැටුප් ඉක්මවා යාම සිදු වේ.
මෙහිදී නිවසක් ගැනීමට දෙමාපියන් මුදල් ලබා දුන්නාද? එසේත් නොමැතිනම් ඔබ නිවසක් සඳහා ඉතිරි කර ගැනීමට ඔවුන් සමඟ වසර ගණනාවක් ජීවත් වූවාද? ඔබට උරුම වූවාද? වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරයි.
දේපල නිරවුල් කිරීමේදී, තුන්වන සලකා බැලීම වන්නේ, එක් එක් පුද්ගලයාගේ අනාගත අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කිරීමයි. වත්කම් සංචිතය බෙදී යන ආකාරයෙහි ප්‍රතිශතය තීරණය කිරීම සඳහා මෙහිදී එක් එක් පුද්ගලයාගේ වයස, ඉපැයීමේ විභවය සහ සමස්ත සෞඛ්‍යය වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරයි.
සාමාන්‍යයෙන්, එක් පාර්ශ්වයකට කුඩා දරුවන්ගේ මූලික රැකවරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වේ නම්, ඔවුන් එම ප්‍රාථමික මාපිය භූමිකාව භාරගනු ඇත.
මෙහිදී ඔවුනට මුදල් ඉපයීමට, රැකියා කිරීමට හෝ නැවත ශ්‍රම බලකායට ඇතුළු වීමට නොහැකි වේ. එවැනි හේතු මත එම පාර්ශ්වයට වාසිදායක ලෙස ගැලපීම සම්බන්ධයෙන් නිලධාරීන්ට සහතික විය හැක.
පවුල් ආරවුල් විසඳීමේ මැදිහත්වීමකදී පාර්ශවයන්ට මූල්‍යමය හෝ parenting නොහොත් මාපිය ගිවිසුමකට එළඹිය හැක. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස නීතීඥයින් බොහෝ විට ගනුදෙනුකරුවන්ට උපදෙස් ලබාදෙයි.

නීති උපදෙස් සහ මානසිකව ලබාදෙන සහයෝගය
වෙන්වීමකට හෝ දික්කසාද වීමකට මුහුණ දෙන පුද්ගලයන්, සිය හැඟීම් පසෙක තබා ප්‍රායෝගිකව කටයුතු කිරීමට හැකි ඉක්මනින් නීති උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් බව Eleanor පවසයි.
ඇතැම් විට දෙපාර්ශවයම සූදානම් නොමැති වීම නිසා මේවා ප්‍රමාද විය හැකි නමුත් ඔබ සිටින්නේ කොතැනද, ඔබේ අයිතිවාසිකම් සහ බැඳීම් මොනවාද යන්න දැන ගැනීම වැදගත් යැයි Eleanor පෙන්වා දෙයි. එමෙන්ම විශේෂයෙන්ම විදේශීය වත්කම් සම්බන්ධ නම් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කල යුතු බවත් Eleanor සඳහන් කරයි.
යම් අඹුසැමි යුවලකට අනාගත වෙන්වීමකදී, මුහුණදීමට සිදුවන ආතතියෙන් වැළකී සිටීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ සම්බන්ධතාවයේ ආරම්භයට පෙර හෝ සම්බන්ධතාවය අතරතුරදී, බැඳීම් සහිත මුල්‍ය ගිවිසුමක් අත්සන් කිරීම සිදු කල හැක.

දික්කසාදයක් අවශ්‍ය, නමුත් ඒ සඳහා සැලකිය යුතු මුදලක් නොමැති සහ පුද්ගලික නීතීඥයෙකුට හෝ මැදිහත්කරුවෙකුට ගෙවීමට නොහැකි පිරිසට Legal Aid මගින් හෝ ප්‍රජා නීති මධ්‍යස්ථාන වලින් උපදෙස් ලබා ගත හැක.
එමෙන්ම ඔවුන්ට, සීමාසහිත නීති උපදෙස් ලබා දෙන සහ ඔවුන්ව නොමිලේ හෝ අඩු වියදම් පිළිගත් මැදිහත්කරුවන් සහ උපදේශකයින් සමඟ සම්බන්ධ කරන රජයේ අරමුදල් සපයන සේවාවක් වන Relationships Australia සමගද සම්බන්ධ විය හැක.
Relationships Australia වැනි සේවාවක් හරහා යාමෙන් නීතිඥයින්ට ලබාදීමට වන වියදම් ඔබට අවම කර ගත හැක. මේ හේතුවෙන් පැහැදිලිවම, ඔබට උසාවියට යාමත් සමඟ සිදු විය හැකි සියලුම නීතිමය ගාස්තු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව Relationships Australia හි ප්‍රධාන විධායක නිලධාරී Nick Tebbey පවසයි.
කෙසේ නමුත් Relationships Australia ආයතනයට සේවාදායකයින් වෙනුවෙන් පෙනී සිටිය නොහැකි වුවත්, නඩු කටයුතු හරහා යන පවුල්වලට මානසික සහය සහ උපදේශන සේවා සැපයිය හැක.
ගනුදෙනු පදනම් කරගත් සේවාවකට වඩා මෙය වැඩි යමක් සිදු කරන අතර මේ ඔස්සේ දික්කසාද ආතතිය හරහා යන පුද්ගලයින්ට හැකි සෑම සහායක්ම ලබාදෙන බව Nick කියා සිටී.
ඔබේ දරුවන්ගේ අනාගත අවශ්‍යතා සහ යහපැවැත්ම සම්බන්ධයෙන් සලක බැලීම, දික්කසාද වීමේදී ඔබ සලකා බැලිය යුතු වැදගත්ම දෙය වන බව නීතිමය සහ මානසික සෞඛ්‍ය විශේෂඥයින් පවසයි.
ඇතැම් සබඳතා සදහටම පවතින්නට අදහස් නොකෙරෙන අතර පුද්ගලයින්ට පසුකාලීනව නව සහ සතුටුදායක සබඳතා ඇතිකරගත හැකි බවත් Nick පවසයි.
එමෙන්ම Nick පෙන්වා දෙන්නේ දික්කසාදය මගින් පුද්ගලයෙකුට ලැබෙනු ඇතැයි සිතන අපකීර්තිය සහ ලැජ්ජාව පිළිබඳව පසෙකලමින් එය ඇත්ත වශයෙන්ම සාමාන්‍ය ක්‍රියාවලියක් පිළිගත යුතු අතර, මෙහිදී ඔවුන් මානසික පිඩනයට අභිබවා අනාගතය සම්බන්ධයෙන් ප්‍රයෝගිකව මුහුණ දිය යුතු බවයි.
Resources
- alternatives to court පිළිබඳව තොරතුරු
- ඕස්ට්‍රේලියානු පවුල් ආරවුල් විසඳීමේ ප්‍රායෝගික සෙවීම්
- පවුල් සබඳතා පිලිබඳ තොරතුරු
- පවුල් ආරවුල් විසඳීම සඳහා මාර්ගෝපදේශ
- දික්කසාද සටහනක් සඳහා අයදුම් කරන්නේ කෙසේද?
- Relationships Australia
මානසික සහය සඳහා, Lifeline හෝ Beyond Blue අමතන්න.





