Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

රැකියාවේ සහ නිවසේ රාජකාරි වෙන් කරගැනීම ඔබටත් හිසරදයක් වෙලාද? මානසික නිදහසක් ගන්න උපදෙස් මෙන්න

'Working from home' is seeing a move to the regions
Businessman writing in diary while discussing during video conference. Multiracial male and female colleagues attending online meeting. They are planning business strategy. Source: Getty / Morsa Images

ඔස්ට්‍රේලියානුවන් බොහෝ පිරිසක් තම රැකියාවෙන් මානසික විවේකයක් ගැනීම සඳහා අරගල කරමින් සිටී. ඉහල ඉල්ලුමක් පවතින සහ ඉහල ආතතියක් පවතින රැකියා සිදු කරන්නන් තුල මෙම තත්වය බහුලව දැකිය හැක. රැකියා කාලයෙන් පිටතදී පිටතදී ඔබ රැකියාවෙන් නිදහසක් ලබාගැනීමට උපදෙස් මෙම ලිපිය ඔස්සේ ගෙන එයි.


Published

By Nipuna Dodangoda, Jane Gifkins

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියානුවන් බොහෝ පිරිසක් තම රැකියාවෙන් මානසික විවේකයක් ගැනීම සඳහා අරගල කරමින් සිටී. ඉහල ඉල්ලුමක් පවතින සහ ඉහල ආතතියක් පවතින රැකියා සිදු කරන්නන් තුල මෙම තත්වය බහුලව දැකිය හැක. රැකියා කාලයෙන් පිටතදී පිටතදී ඔබ රැකියාවෙන් නිදහසක් ලබාගැනීමට උපදෙස් මෙම ලිපිය ඔස්සේ ගෙන එයි.


ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන Severance හි තිබෙන Lumon Industries සේවකයින් රැකියාව සහ ගෘහ ජීවිතය වෙන් කිරීම පහසුවෙන් සිදු කරන බව පෙනෙන්නට තිබේ.

Computer chip එකක් ඔවුන්ගේ මොළයට ඇතුල් කර, නිවසේ සිටියදී තම රැකියාව හා පවතින සඹඳතාවය බිඳීම මෙමගින් සිදු කරයි. එමෙන්ම රැකියාවේ නිරත වීමේදී නිවස සම්බන්ධයෙන් වන සියලුම දෑ අත්හැරීමත් මෙහිදී සිදු කරන බව පෙනේ.

මෙය රුපවාහිනී කතා මාලාවක් වන අතර, කෙසේ නමුත් ඔබේ ප්‍රයෝගික ජීවිතය තුලත් එවැනි ආකාරයට නිවසේදී තම රාජකාරි කටයුතු අමතක කිරීමට හැකියාවක් තිබේ නම් එය ඔබට මෙන්ම ඔබේ මානසික සෞඛ්‍යයටද යහපත් වේ.

මෙලෙස නිවසේ සිටියදී තම රැකියාවේ කටයුතු අමතක කිරීම “psychological detachment” වශයෙන් හැඳින්වේ.

මෙය මානසිකව සිදු කල හැකි පුද්ගලයින් සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව සිටින අතර, දැඩි තෙහෙට්ටුටක් අත්විඳිම සිදු නොකරයි.

කෙසේ නමුත් ප්‍රයෝගික ජීවිතයේදී බොහෝ පිරිසක් මෙලෙස නිවසේ සිටියදී තම රැකියා කටයුතු වලින් මානසිකව විවේකයක් ගැනීමට දැඩි අරගලයක නිරත වෙයි.

working_from_home_getty_images_14.jpg
Source: Getty / Getty Images

මේවා දැඩි ඉල්ලුමක් සහිත සහ ඉහල ආතතියක් සහිත රැකියා කරන්නන් තුල බහුවල දැකිය හැක.

මේ වනවිට බොහෝ පිරිසක් Work from home ලෙස සිය රැකියා කටයුතු සිදු කලද, ශාරීරිකව පමණක් මෙලෙස සිය රැකියා ස්ථානයෙන් ඈත්ව සිටීම පමණක් මේ සඳහා ප්‍රමාණවත් නොවේ.

ඔබ රැකියාව සිදු නොකරන විට එම රැකියා කටයුතු පිලිබඳව සිතීම නවතා දැමිය යුතු ය.

කෙසේ නමුත් බොහෝ පිරිසක් තුල මේ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් පවතින අතර, රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඔබේ කලයුතු වැඩ ලැයිස්තුව ගැන කලබල වීම, ඔබේ දරුවකුගේ පාපන්දු තරඟයක සිටින අතරතුර ඔබේ ඊමේල් ගැන සිතීම සහ හෙට පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී පවසන්නේ කුමක්දැයි කල්පනා කිරීම බොහෝ පිරිසක් සිදු කරයි.

මේ හේතුවෙන් තම රැකියා කටයුතු පිළිබඳව පෞද්ගලික ජීවිතයේදී හෙවත්, මානසිකව ඒ සම්බන්ධයෙන් වෙන්ව සිටීම තීරණාත්මක විය හැක.

මෙය බොහෝ පිරිසක් මුහුණ දෙන ගැටළුවක් වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කොට තිබේ.

Griffith විශ්ව විද්‍යාලය මේ සම්බන්ධයෙන් සිදු කල එක් පරීක්ෂණයක් තුල, 2020 දී රෝහල් හදිසි ප්‍රතිකාර අංශවල වැඩ මුරවල සේවය කරන හෙදියන් සමීක්ෂණයට ලක්කොට තිබේ.

මේ සඳහ හෙදියන් 166 දෙනෙකු සම්බන්ධයෙන් දත්ත රැස් කොට තිබේ.

මෙහිදී නිදන්ගත මනෝවිද්‍යාත්මක අත්දැකීම් සහ පොත් කියවීම සහ ඇවිදීම වැනි නිවසේදී සිදු කරන සැහැල්ලු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද අවධානය යොමු කොට තිබේ.

මෙහිදී හෙළිව ඇත්තේ නිවසේ සිටියදී තම රැකියා කටයුතු අමතක කල හෙදියන් හට වඩා හොඳ ශාරීරික හා මානසික සෞඛ්‍යයක් තිබූ බවයි.

මේ සඳහා හේතු වූ ප්‍රධාන කරුණු 3ක්ද මෙහිදී අනවරණය කරගෙන තිබේ.

ඒ සඳහා,

  • ව්‍යායාම කිරීම
  • පවුලේ සාමාජිකයින් සමග සහ මිතුරන් සමග කාලය ගත කිරීම
  • විවේකයෙන් සිටීම

ඇතුලත් වේ.

ව්‍යායාම ශාරීරිකව යහපත් බලපෑම් සිදු කරන බව සාමාන්‍යයෙන් දන්නා කරුණකි.

කෙසේ නමුත් yoga කිරීම, දිවීම, ක්‍රීඩා කිරීම වැනි ව්‍යායාම ඔස්සේ ඔබව දිරිමත් කිරීම සිදු කරන අතර ඒ ඔස්සේ මානසික ප්‍රතිලාභ ගෙන එයි.

yoga
Source: Pixabay

මිත්‍රත්වය සහ සමාජ සම්බන්ධතා ද අපගේ යහපැවැත්මට යහපත් වේ.

පර්යේෂණවලින් පෙනී යන්නේ බොහෝ මිතුරන් හා විශ්වාසවන්තයින් සිටින පුද්ගලයින් නිදන්ගත රෝගවලින් මිය යාමේ සම්භාවිතාව අඩු බවයි.

මිතුරන්ගේද සහාය ඇතිව, තරමක් දුෂ්කර කාර්යයක් සිදු කරන පුද්ගලයින්ගේ හෘද ස්පන්දන වේගයේ සිදුවන හදිසි වෙනස්කම් එම කාර්යය තනිවම කරන අයට වඩා අඩු බව එක් අධ්‍යයනයකින් හෙලිව තිබේ.

මේ හේතුවෙන් හිතාමතා තම පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමග කාලය ගත කරමින් තම රැකියා කටයුතු අමතක කිරීම සිදු කරන පිරිසට, රැකියාවට අමතරව ජිවිතයට වැදගත් දේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට හැකියාව හිමි වේ.

Griffith විශ්ව විද්‍යාලය සිදු කල අධ්‍යයනයට භාජනය වූ බොහෝ හෙද හෙදියන් තුල නිවසේ කාලය ගත කිරීමේදී තෙහෙට්ටුව අඩු වීමක් දක්නට ලැබුණු අතර ඔවුන් නිවසේදී ඇදුම් මැසීම සහ ගෙවතු වගාව වැනි දෑ සිදු කොට තිබේ.

කෙසේ නමුත් සෑම අයකුටම මෙවැනි දේ එක ලෙස බල නොපාන අතර තමාට නිවසේදී සිදු කිරීමට ප්‍රියජනක සහ ආකර්ශනීය බවට හැඟෙන දේ තෝරා ගැනීම වැදගත් වේ.

ඔබේ රැකියා කටයුතු රැකියා ස්ථානයේ තබා නිවසට එම රැකියා කටයුතු රැගෙන නොඒමට කටයුතු කිරීම වැදගත් වේ.

හැකි සෑම විටම, ඔබේ දෛනික කාර්යයන් සම්පූර්ණ කිරීම මෙහිදී ඔබට දැඩි සහයක් වන අතර එහිදී ඔබ නිවසට පැමිණි පසු ඔබේ රැකියාවේ සිදු කලයුතු දෑ සිතීමට අවශ්‍ය නොවේ.

මේ වනවිට පවතින තාක්ෂණය සහ Work from home තත්වය හේතුවෙන්, පුද්ගලයින්ට නිවස සහ රැකියා ස්ථානය අතර වෙන් කිරීමක් සිදු කිරීම දුෂ්කර වී තිබේ.

කෙසේ නමුත් සෞඛ්‍ය සම්පන්න දින චර්යාවන් ගත කිරීම ඔස්සේ, නිරායාසයෙන්ම ඔබට රැකියාව සහ පෞද්ගලික ජීවිතය වෙන් කරගැනීමට හැකියාව හිමි වේ.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now