වසර 83කට පසු පළමු වරට ඕස්ට්‍රේලියාවේ ගුවන් සමාගමකින් ශ්‍රී ලංකාව බලා සෘජු ගුවන් ගමන් වාරයක් ඇරඹීම අද දින (අගෝස්තු 25) සිදු කළා. මේ මොහොතේ එම ගුවන් යානය සිටින්නේ ශ්‍රී ලංකාව බලා පියාසර කරමිනුයි. යානයට ගොඩ වීමට මත්තෙන් සුවිශේෂ පුද්ගලයෙකුට SBS සිංහල සේවය කතා කළා. ලලන්ත කඩිගමුව ජෙට්ස්ටාර් ආයතනයේ බලපත්‍රලාභී ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවරයෙක්. නමුත් ඔහු මේ මංගල ගුවන් ගමනට සහභාගී වූයේ රාජකාරියේ කොටසක් ලෙස නොවෙයි. සිය මවගේ සුවදුක් බැලීමට යන පුතෙකු ලෙසයි. ගුවන් යානයේ ගමන් කරන තවත් එක් මගියෙකු ලෙස නව ගමන් වාරය පිළිබඳ ඔහු දැක් වූ අදහස්වලට ඔබත් සවන් දෙන්න.
බෝයිං 787-8 වර්ගය දැනට ඇති අති නවීන ගුවන් යානයක්

ඕස්ට්‍රේලියානු ආයතනයක අපි සේවය කරනවා. ඒ ආයතනයෙන් ම ගුවන් යානයක් ලංකාවට යෑම මම ඇතුළු සියලු දෙනාට ම වචනයෙන් විස්තර කළ නොහැකි සතුටක්.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






