Key Points
- EG.5 හෝ Eris COVID වශයනේ හැඳින්වෙන කොවිඩ් උප ප්‍රබේදය ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වල මේ වනවිට ප්‍රමුඛතාවයක් උසුලයි.
- මෙම කොවිඩ් උප ප්‍රබේදය Omicron උප ප්‍රබේදය ඔස්සේ නිර්මාණය වී තිබේ.
- මෙම කොවිඩ් උප ප්‍රබේදය Alpha සහ Delta යන කොවිඩ් ප්‍රබේද වලට වඩා අඩු දරුණු බවක් පෙන්නුම් කරන අතර කෙසේ නමුත් මේ ඔස්සේ Long COVID වැළඳීමේ අවදානම ක් පවතී.
බොහෝ පිරසක් කොවිඩ් අසාදනය වීමෙන් අනතුරුව එය නිසි ලෙස සුව නොවීම 'long COVID' වශයෙන් අදහස් කරයි.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, COVID ආසාදනය වීමේ සිට අවම වශයෙන් මාස තුනක්වත් පවතින රෝගලක්ෂණ සහ ඒවා රෝග විනිශ්චය මගින් පැහැදිලි කල නොහැකි වීම Long COVID තත්වයක් වේ.
මෙහිදී,
- තෙහෙට්ටුව
- Brain fog තත්වය
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- හිසරදය සහ උදර වේදනාව ප්‍රමුඛ වේ
long COVID සහිත පුද්ගලයින්ට,
- හෘද වාහිනී ආශ්‍රිත ගැටළු
- මානසික අවපීඩනය සහ කාංසාව වැනි මානසික සෞඛ්‍ය ගැටළු
- නින්ද නොයාම
- මාංශ පේශි සහ සන්ධි වේදනාව
- ආමාශ ආශ්‍රිත ගැටළු
පැවතිය හැක
long COVID කෙතරම් දුරකට පොදු තත්වයක්ද?
long COVID තත්වය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන තොරතුරු ලොව වෙනත් රටවලින් වාර්තා වන තොරතුරු සමග සසඳන විට ඒවා සීමා සහිත වේ.
එහි ව්‍යාප්තියද දැඩි ලෙස දැකිය නොහැක.
අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද long COVID පිළිබඳ ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු විමර්ශන වාර්තාවකින් යෝජනා වී ඇත්තේ කොවිඩ් අසාදනය වීමෙන් අනතුරුව පුද්ගලයින් 2%සිට 20% දක්වා පිරිසකට long COVID තත්වයක් වර්ධනය විය හැකි බවයි.
————————————————————————————————————————————-
————————————————————————————————————————————-
එමෙන්ම කොවිඩ් එන්නත් බහුලව පවතින කාලය තුලදී Omicron උප ප්‍රබේදය වැළඳුනු පිරිසෙන් 10%ට පමණ මෙම long COVID තත්වයක් වර්ධනය වී ඇති බවත් මෑත කාලීන ඕස්ට්‍රේලියානු අධ්‍යයනයකින් පෙනී ගොස් තිබේ.
කෙසේ නමුත් ළමුන් තුළ මේ සම්බන්ධයෙන් අඩු අවදානමක් පවතී.
එක් ඕස්ට්‍රේලියානු අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ 2020 දී කොවිඩ් වැළඳී ඇති ළමුන්ගෙන් 8% ක පිරිසකට අඛණ්ඩ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි.
නමුත් 2021 දී ආසාදිත ළමුන් අතර අවදානම තරමක් අඩු බව මූලික පර්යේෂණ පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් පර්යේෂකයින් පවසන්නේ මේ වනවිට වෛරසය අඛණ්ඩව පරිණාමය වෙමින් පැවතීම හේතුවෙන් වැඩි පර්යේෂණ අවශ්‍ය වන බවයි.
සාමාන්‍යයෙන් දක්නට ලැබෙන long COVID රෝග ලක්ෂණ වෙනත් රෝග සම්බන්ධයෙන් පෙන්වන රෝග ලක්ෂණ වලට බොහෝ සෙයින් සමාන වීම හේතුවෙන් එය වෙන් කොට හඳුනාගැනීම් යම්දුරකට සංකීර්ණ විය හැක.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුල විවිධ ක්‍රම භාවිත කරමින් මෙම long COVID තත්වයේ නිවැරදි ව්‍යාප්තිය තීරණය කිරීම සඳහා වැඩි පර්යේෂණ සිදු වෙමින් පවතී.
නව ප්‍රභේද සමඟ long COVID අවදානම් සාධක පිළිබඳ පර්යේෂණ සිදු වෙමින් පවතින නමුත්, කාන්තාවන්, නිදන්ගත රෝගාබාධ සහ වෙනත් සෞඛ්‍ය ගැටළු තිබෙන පිරිස මෙම long COVID තත්වයට ගොදුරු වීමේ ඉහල ප්‍රවණතාවයක් පවතින බව සොයාගෙන තිබේ.
මෙවර වෙනස කුමක්ද?
කොවිඩ් එන්නත් long COVID තත්වයට එරෙහිව ආරක්ෂාව සපයන බව පර්යේෂණවලින් පෙනී යයි.
එන්නත් කිරීම් මෙන්ම, පෙර පැවති COVID ආසාදන සඳහා වන ප්‍රතිශක්තිය සහ ප්‍රතිවෛරස් ප්‍රතිකාර හේතුවෙන් පෙර පැවතියාට වඩා කොවිඩ් වසංගත තත්වයේ අඩු දරුණුකමක් දක්නට ලැබ්.

Source: AAP
කෙසේ නමුත් බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට COVID වැළඳී ඇති හෙයින් සහ බොහෝ පිරිසකට මේ වනවිටත් COVID වැළඳී පැවතීම හේතුවෙන් ඉහල long COVID ආසාදිතයින් පිරිසක් සිටී.
මේ සෑම ආසාදනයක්ම දිගුකාලීන රෝග ලක්ෂණ වල නව අවදානමක් ගෙන දෙයි.
Long COVID ජීවිතයේ සෑම අංශයකටම බලපෑ හැකිය
Long COVID පුද්ගලයෙකුගේ ජීවිතයට විවිධ ආකාරවලින් බලපෑම් කළ හැක.
වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු ඇති වන තෙහෙට්ටුව brain fog තත්වය සහ අනෙකුත් රෝග ලක්ෂණ ඔබට පරිගණකයට අවධානය යොමු කිරීම සහ සාමාන්‍ය ගෘහස්ථ කාර්යයන් වැනි කාර්යයන් ඉටු කිරීමේ හැකියාව අඩු කළ හැකිය.
Long COVID රෝගයෙන් පෙළුණු බොහෝ දෙනෙක් මෑත කාලීන පාර්ලිමේන්තු පරීක්ෂණයට සාක්ෂි ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන්ට නිසි සහයක් නොලැබුණු අතර, සෞඛ්‍ය වෘත්තිකයන් මගින් බැරෑරුම් ලෙස නොසැලකීමට ලක්වූ බවයි.
මාස 12 සිට 18 දක්වා බොහෝ පුද්ගලයින් තුළ බොහෝ රෝග ලක්ෂණ වැඩිදියුණු වනු ඇති බවට සාක්ෂි පෙන්නුම් කරයි.
නමුත් ඒවා ප්‍රකෘතිමත් වීමේ කාලය රෝග ලක්ෂණ අනුව වෙනස් විය හැකිය.
ආමාශ සහ ශ්වසන රෝග ලක්ෂණ ඇතුළු ඇතැම් රෝග ලක්ෂණ අනෙකුත් ඒවාට වඩා ඉක්මනින් සුව වීමට හැකියාව පවතී.
ඔබට Long COVID තිබේ නම් වෛද්‍යවරයාගෙන් අපේක්ෂා කල හැක්කේ කුමක්ද?
Long COVID යනු ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතියට වඩාත්ම දුෂ්කර අභියෝගයකි.
මේ සඳහා වන පවුල් වෛද්‍යවරුන් දිගු කාලයක් ප්‍රතිකාර කිරීම සිදු කරන අතර විශේෂඥ Long COVID සායන කුඩා සංඛ්‍යාවක් සිය මුල්‍යමය තත්වය පවත්වාගැනීමට අරගල කරමින් සිටී.
Long COVID සම්බන්ධයෙන් සත්කාර ලබා දීමේදී සහ එම තත්ත්වය පිළිබඳ දත්ත රැස් කිරීමේදී ඕස්ට්‍රේලියාව ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපයට වඩා පසුපසින් සිටී.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඕස්ට්‍රේලියාවේ Long COVID සඳහා වන සහය සඳහා ප්‍රවේශ වීමට අපහසු සහ මිල අධික වේ.

'long COVID'. Credit: Nick Evans
- පුද්ගලයාගේ රෝග ලක්ෂණ පිළිබඳ අත්දැකීම් සහ ඔවුන්ගේ රෝග ලක්ෂණ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයට ඇති කරන බලපෑම තහවුරු කිරීම
- වෙනත් සෞඛ්‍ය තත්වයන් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම
- කායික හා මානසික ක්‍රියාකාරකම්වල වේගය මත ඔවුන්ගේ රෝග ලක්ෂණ හේතුවෙන් ඇති වන දුර්වලතා අවම කර ගැනීමට පුද්ගලයින්ට සහාය වීම
සිදු කල යුතු බවට යෝජනා පවතී.
නමුත් මෙම පියවර ඔස්සේ රෝග සුව කිරීමක් සිදු නොවන අතර, පුද්ගලයෙකුගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම සඳහා මේවා උපකාරී වේ.
Long COVID සම්ප්‍රේෂණය අවම කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ
කොවිඩ් වෛරසයට නිරාවරණය නොවීම සහ පැතිරීම වැළැක්වීම Long COVID වළක්වා ගැනීමට ඇති හොඳම ක්‍රමය වේ.
මේ හේතුවෙන්:
- ඔබ සුදුසුකම් ලබන්නේ නම්, එන්නත් කිරීම හෝ බූස්ටර් එන්නත් ලබාගැනීම
- ඔබට අසනීප බවක් දැනේ නම් නිවසේ රැඳී සිටීම
- ඔබ සහ අවදානමට ලක්විය හැකි ප්‍රජා සාමාජිකයින් ආරක්ෂා කිරීම සඳහා mask එකක් පැළඳීම
- ඔබට රෝග ලක්ෂණ ඇත්නම් COVID සඳහා පරීක්‍ෂා කිරීම සහ ඔබ ඒ සඳහ ධනාත්මක වේ නම්, ප්‍රතිවෛරස් ලබා ගැනීම
- ඔබේ රෝග ලක්ෂණ පහව යන තෙක් හුදකලා වීම.
සිදු කිරීම වැදගත් වේ.
Long COVID වැළැක්වීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා අප සැමට කාර්යභාරයක් තිබේ.
*******************************************************************************
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)
අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
SBS Audio APP (Free)
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය
*******************************************************************************