ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාව හෘදයාබාධ සඳහා නිසි උපකාර නොගන්නා බව හෙළිවේ, ඔබේ ආරක්ෂාවට කල යුතු දේ මෙන්න

A man in a blue shirt holding his hand to his chest.

There are many factors why a migrant may wait to seek help after chest pains first appear. Source: Getty / PhotoAlto/Frederic Cirou/PhotoAlto

ඕස්ට්‍රේලියාවේ සිටින බොහෝ සංක්‍රමණික පිරිස හෘදයාබාධයක් වැළඳීමෙන් පැය ගණනකට පසුව උපකාර පතන බව හෙළිව තිබේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් යම් මැදිහත්වීම් සිදු කිරීම ඔස්සේ විශාල වෙනසක් ඇති කළ හැක.


හෘදයාබාධයකදී ඔබේ පපුව ආශ්‍රිත ප්‍රදේශයේ යම් හිරවීමක් හෝ බර ගතියක් දැනීම සිදුවේ. එමෙන්ම ඔබේ අත දිගේ වේදනාවක් දැනීමත් සීතලක් සමග දහඩිය පිටවීමත් මෙහිදී සිදු වේ. තවදුරටත් ඔබේ හිසට යම් සැහැල්ලු ගතියක් හෘදයාබාධයකදී දැනෙන අතර එවැනි අවස්ථාවකදී ගිලන් රථයක් ඇමතීම අත්‍යවශ්‍ය වේ.

ඔබට හෘදයාබාධයක් ඇති වූ විට ඔබ නියමිත වේලාවට නිසි වෛද්‍ය උපකාර ලබා ගැනීම, ඔබ ඔබේ ජීවිතය හා මරණය පිළිබඳ ගන්න තීරණයක් විය හැක.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියාවේ සිටින සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජා වල පිරිස මෙම රෝගලක්ෂණ ඇතිවීමෙන් පැය කිහිපයකට පසු වෛද්‍ය උපකාර සඳහා යොමු වීම දක්නට ලැබේ.

මේ වනවිට හෙළිව ඇති තොරතුරු

පපුවේ වේදනාව ඇතිවීමෙන් අනතුරුව රෝහල් වෙත ගිය පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවක් යොදාගනිමින් පර්යේෂණයක් සිදු කොට ඇති අතර ඒ ඔස්සේ ඔවුන් රෝහල් වෙත යාමට ගත කරන මධ්‍ය කාලය සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කොට තිබේ.

මේ මගින් හෙළිව ඇත්තේ සමස්තයක් ලෙස ගත් කල Sub-Saharan African හෙවත් උප සහරා අප්‍රිකානු සංක්‍රමණිකයන් අතර පැය 06 පමණ වූ ප්‍රමාද වීමේ මධ්‍ය කාලයක් පවතින බවයි.

මොවුන් උපකාර පැතීම සඳහා තීරණය කිරීමේ කාලය, එම රෝහල් සඳහා ප්‍රමාද වීමේ මධ්‍ය කාලයෙන් 83%ක් පමණ වන අතර එය ඕස්ට්‍රේලියාවේ උපන් පිරිස අතර 48% පමණ අඩු අගයක් ගනී.

හෘදයාබාධයකදී උපකාර පැතීමට පෙර රැඳී සිටීමට රෝගීන් තීරණය කරන මධ්‍ය කාලය,

  • උප සහරා අප්‍රිකානු සංක්‍රමණිකයන් සඳහා පැය 4.5 ක්
  • මැද පෙරදිග සංක්‍රමණිකයන් සඳහා පැය 4.1 ක්
  • අග්නිදිග ආසියානු සංක්‍රමණිකයන් සඳහා පැය 3.9 ක්
  • දකුණු සහ මධ්‍යම ආසියානු සංක්‍රමණිකයන් සඳහා පැය 3.5 ක්
  • ඕස්ට්‍රේලියානුවන්ගේ කාලය පැය 1.5 ක්

වශයෙන් හඳුනාගෙන තිබේ.

සංක්‍රමණික ප්‍රජාව පපුවේ වේදනාවක් ඇති වූ විට උපකාර පැතීම ප්‍රමාද කළ හැක්කේ ඇයි?

පර්යේෂණ පෙන්වා දී ඇත්තේ, ඔස්ට්‍රේලියාව තුල සංක්‍රමණිකයෙකුට පපුවේ වේදනාව ප්‍රථමයෙන් දැනුනු පසුව උපකාර පැතීමට කොපමණ වේලාවක් බලා සිටින්නේද යන්න තීරණය කිරීමට විවිධ සාධක බලපාන බවයි.

මේ සඳහා ප්‍රධාන වශයෙන්,

  • ඔවුන්ගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව
  • ඔවුන් සිටින වීසා කාණ්ඩය
  • ඔවුන්ට ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය තිබේද නැද්ද යන්න

වැනි දෑ බලපායි.

ඉංග්‍රීසි නොවන වෙනත් භාෂා කතා කරන පසුබිම් වලින් පැමිණෙන පිරිස මේ සඳහා උපකාර පැතීමට පෙර පැය ගණනක් බලා සිටීමට ඉඩ ඇති අතර ඉංග්‍රීසි කතා කරන පසුබිම්වලින් පැමිණෙන සංක්‍රමණිකයන් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනී.

skilled visa මත සිටින පිරිස රෝහල් වෙත යාමට තීරණය කිරීමට පැයකට වඩා වැඩි කාලයක් ගන්නා බව හෙළිව තිබේ.

family visa මත සිටින පිරිස ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිය සෙසු ඥාතීන් වෙත යාම සිදු කරන බවද හෙළිව තිබේ.

සංක්‍රමණිකයන්, පපුවේ වේදනාව සඳහා වෛද්‍ය උපකාර ලබා ගැනීමට තීරණය කළ පසු, ඔවුන් බොහෝ විට කඩිනමින් ගිලන් රථයක් ඇමතීම සිදු නොකරයි. ඒ වෙනුවට, ඔවුන් බොහෝ විට තම පවුලේ වෛද්‍යවරයා හමුවීම හෝ තමන්ම රෝහලට යාම සිදු කිරීමට උත්සාහ කරන බවද හඳුනාගෙන තිබේ. සීමිත ඉංග්‍රීසි දැනුමක් පවතින සංක්‍රමණිකයන් අතර මෙය වඩාත් සුලභ වේ.

humanitarian visa හෙවත් මානුෂීය වීසා මත සිටින පිරිස ඉක්මනින් උපකාර පැතීමට නැඹුරු වන අතර, ඔවුන්ට රාජ්‍ය සරණාගත සෞඛ්‍ය සේවා වැනි සමාජ ආධාර සහ සුබසාධන සේවා පැවතීම ඊට ප්‍රධාන හේතුවයි.

skilled visa මත සිටින ඕස්ට්‍රේලියාවේ සේවය කරන සංක්‍රමණිකයන් සෞඛ්‍ය රක්‍ෂණ නොමැති වීම, රැකියා පිලිබඳ කනස්සල්ලෙන් පසුවීම සහ අධික ගිලන්රථ ගාස්තු හෝ වෛද්‍ය වියදම් නිසා උපකාර පැතීම ප්‍රමාද කරයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ සූපවේදියෙකු වශයෙන් සිය රැකියාව සිදු කරන පුද්ගලයකුගෙන් ඇසූ පැනයකදී ඔහු සඳහන් කොට සිටියේ තමන්ට යම් අවස්ථාවකදී පපුවේ වේදනාව සහ කරකැවිල්ල ඇති වූ නමුත් රැකියාව අහිමි වේ යැයි බියෙන් අඛණ්ඩව රැකියාව සිදු කල බවයි. එමෙන්ම ගිලන්රථයක් සඳහා අධික මුදලක් ගෙවීමටත් සිදුවේ යැයි බියක් දැනුනු බවත් ඔහු පැවසීය.

srce
Source: AAP

family visa මත සිටින, සීමිත ඉංග්‍රීසි දැනුමක් සහිත වැඩිහිටි සංක්‍රමණිකයන් තම භාෂාවෙන් මේ පිළිබඳව වෛද්‍යවරයා වෙත පැහැදිලි කිරීම සම්බන්ධයෙන් දෙගිඩියාවක සිටින අතර, ඔවුන්ව වෛද්‍යවරයාට තේරුම් ගැනීමට හැකි වේද යන්න ගැනත් ඔවුන් කනස්සල්ලට පත්ව සිටී.

එමෙන්ම මොවුන් බොහෝ විට පවුලේ තරුණ පිරිස මත මූල්‍යමය වශයෙන් රැඳී සිටින අතර ඔවුනට බරක් වීමෙන් වැළකීමටද වෛද්‍ය උපකාර පැතීම සිදු නොකරයි.

මේ සඳහා කුමක් කල හැකිද?

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජා ඉලක්ක කරගත් දිගුකාලීන පර්යේෂණ මගින් විශේෂ අසමානතා කිහිපයක් හෙළිව තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු කිරීම සහ විවිධ මැදිහත්වීම් සිදු කිරීම ඔස්සේ විශාල වෙනසක් ඇති කල හැක.

  • සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සඳහා සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් වන විවිධ මහජන ව්‍යාපාර සඳහා සංස්කෘතික හා සමාජීය සාධක ඇතුළත් කිරීම
  • නිශ්චිත සංස්කෘතික කණ්ඩායම් සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළත් කිරීම සහ ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවලින් උපකාර සේවා සැපයීම සඳහා කටයුතු කිරීම ඇතුළු සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම
  • පුද්ගලයින්ට දුරකථන ඔස්සේ තොරතුරු ලබාගැනීමට වඩා පහසු වන පරිදි විවිධ භාෂාවලින් සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත් app නිර්මාණය කිරීම
  • සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය තුල සංස්කෘතින් සම්බන්ධයෙන්න් වන නිපුණතාවය වැඩිදියුණු කිරීම
  • ඕස්ට්‍රේලියාවට පැමිණි වහාම සංක්‍රමණිකයින් සඳහා සෞඛ්‍ය පද්ධතිය ක්‍රියා කරන ආකාරය පිළිබඳව හොඳ අධ්‍යාපනයක් ලබාදීම
  • බොහෝ සංක්‍රමණිකයන් ප්‍රමාද වී මේ සඳහා උපකාර පතන බවට සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අතර දැනුවත් බව වැඩි කිරීම
  • ඇතැම් ප්‍රජා මුහුණ දෙන සෞඛ්‍ය අසමානතා කෙරෙහි අවධානය යොමු කරන පර්යේෂණ සඳහා අරමුදල් ලබාදීම
  • සංක්‍රමණික ප්‍රජා, ප්‍රධාන සමාජ ආරක්ෂණ සේවා වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් නැවත ඇගයීමකට ලක් කිරීමක් සිදු කිරීම

මෙම ප්‍රධාන මැදිහත්වීම් වශයෙන් සඳහන් කල හැක.

කෙසේ නමුත් අලුතින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණික පිරිසට ඔවුන් පැමිණි කාලය මත පදනම්ව Commonwealth Seniors Health Card, Low Income Health Care Card සහ විරැකියා ප්‍රතිලාභ වැනි සේවා ලබාගැනීමට වසර දෙකේ සිට හතර දක්වා කාලයක් බලා සිටීමට සිදු වේ.

මෙම දිගු පොරොත්තු කාලය ඔස්සේ සංක්‍රමණිකයින් හට සෞඛ්‍ය ප්‍රතිලාබ ලබාගැනීමේ පරතරය තවදුරටත් පුළුල් කරන අතර සෞඛ්‍ය සේවා අසමානතාවයන් ඉහල යාමද සිදු වේ.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service