Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ IT රැකියාවලින් 70%කට ආසන්න ප්‍රමාණයක හිඟයක්

IT
Source: Pixabay

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ වසර 60කින්වත් නුදුටු කුසලතා අභියෝගයකට මේ වනවිට ඔස්ට්‍රේලියාව මුහුණ දී සිටින බව නවතම වාර්තාවක් හෙළිකොට තිබේ.


Published

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ වසර 60කින්වත් නුදුටු කුසලතා අභියෝගයකට මේ වනවිට ඔස්ට්‍රේලියාව මුහුණ දී සිටින බව නවතම වාර්තාවක් හෙළිකොට තිබේ.


ඔස්ට්‍රේලියාව පුරා IT හෙවත් "තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ" වෘත්තිකයන්ගේ රැකියාවලින් 70%කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බව නව වාර්තා පෙන්වා දී තිබේ.

මේ අනුව දශක හයක් පුරා අත්නොදුටු කුසලතා අභියෝගයකට ඕස්ට්‍රේලියාව මුහුණ දී තිබේ.

මෙම සතිය තුල නිකුත් කරන ලද Jobs and Skills Report හෙවත් "පළමු වාර්ෂික රැකියා සහ නිපුණතා වාර්තාව" මගින් පෙන්වා දී ඇත්තේ, ඔස්ට්‍රේලියාව තුල ඩිජිටල් සාක්ෂරතාවය සම්බන්ධයෙන් පවතින හිඩැස් හේතුවෙන් නිපුණතා හිඟයක් මතුවන අතර, එය සැලකිය යුතු අභියෝගයක් වන බවයි.

මේ ඔස්සේ ලොව නැගී එන තාක්ෂනයත් සමග කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාවට අවස්ථාව අහිමිවන බවත් එය පෙන්වා දෙයි.

Jobs and Skills Australia හි වැඩබලන කොමසාරිස් මහාචාර්ය Peter Dawkins පවසන්නේ වසර 1960 ගණන්වලට පසුව ඔස්ට්‍රේලියාව අත්විඳින දැඩි කුසලතා අභියෝගයකට මේ වනවිට රට මුහුණ දී සිටින බවයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store 

හෝ Google Play 

වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

වර්තමානයට සහ අනාගතයට අවශ්‍ය දැනුම, කුසලතා සහ හැකියාවන් ඔස්ට්‍රේලියානුවන් සතු බව සහතික කිරීම සඳහා අවධානය සහ සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය වන බවත් මහාචාර්ය Peter පළමු වාර්ෂික රැකියා සහ නිපුණතා වාර්තාවේ සඳහන් කොට තිබේ.

Jobs and Skills Australia ආයතනය නව ලේබර් රජය මගින් පසුගිය වසරේ නොවැම්බර් මසදී පිහිටවූ අතර අගෝස්තු මාසයේදී එය ස්ථිර කිරීම සිදු විය.

මෙම වාර්තාව පෙන්වා දෙන්නේ, තක්සේරු කරන ලද සියලුම වෘත්තීන්ගෙන් තුනෙන් එකකට වඩා එනම් 36% ක ජාතිකමය වශයෙන් හිඟයක් පවතින බවයි.

මේ හේතුවෙන් තාක්ෂණික කුසලතා සහ රැකියා, විශේෂිත හිඟයකට මුහුන දෙන අතර ඉල්ලුම ඉහල යාමට නියමිතව තිබේ.

2028 වසර වන විට වෘත්තීයමය විද්‍යාත්මක සහ තාක්ෂණික සේවා රැකියා සඳහා සේවකයින් 116,900 කින් සහ 2033 වසර වන විට සේවකයින් 233,600 කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කොට තිබේ.

2021 වසරේ සිට ඔස්ට්‍රේලියාව තුල Software engineers හෙවත් මෘදුකාංග ඉංජිනේරුවන්ගේ ඉහල හිඟයක් පවතී.

මේ හේතුවෙන් ඩිජිටල් තාක්ෂණය සමග ගෝලීයමය වශයෙන් තරඟ කිරීමට ඕස්ට්‍රේලියාවට ඇති හැකියාව පිළිබඳ අවදානමක්ද මතුව ඇතැයි වාර්තාව පෙන්වා දෙයි.

IT, migration, migration agents, australia, usa, narayana murthy, infosys
IT Source: Getty / Getty Images

ඕස්ට්‍රේලියාවේ මෘදුකාංග ඉංජිනේරු සේවකයින් තුල සැලකිය ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවයක් පවතින අතර වෘත්තියේ නියැලෙන සේවකයින්ගෙන් 85%ක් පුරුෂ පාර්ශවය වීම මෙම ගැටලුව උග්‍ර කොට තිබේ.

ලොව ඩිජිටල්කරණය, ස්වයංක්‍රීයකරණය සහ AI හෙවත් කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික වර්ධනයන් ඔස්ට්‍රේලියාව තුල සැලකිය යුතු ලෙස ඵලදායිතාවය ඉහළ නැංවීමේ අවස්ථා විවෘත කොට තිබේ.

නමුත් ඕස්ට්‍රේලියාව මෙම අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට නම්, සිය ශ්‍රම බලකාය තුල ඩිජිටල් තාක්ෂණික කුසලතා සහ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවිය යුතු බව වාර්තාව සඳහන් කරයි.

පසුගිය වසර තුල digital and data skills නොහොත් ඩිජිටල් සහ දත්ත කුසලතා ඉල්ලා සිටින, ලැයිස්තුගත ඕස්ට්‍රේලියානු රැකියා 20 න් 05ක්, දත්ත සහ ඩිජිටල් තාක්ෂනය හා සම්බන්ධ රැකියා නොවන බව වාර්තා වේ.

තම රැකියා සිදු කරන කාලයෙන් අඩකට වඩා වැඩි කාලයක් දත්ත සහ ඩිජිටල් කුසලතා භාවිතා කරමින් කටයුතු කිරීමට වන රැකියා, සෙසු රැකියා වලට වඩා දෙගුණයක වේගයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Jobs and Skills Australia මගින් මෙම උග්‍ර නිපුණතා හිඟය පියවා ගැනීමේ අරමුණින්, අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින් පුළුල් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ඉල්ලා තිබේ.

ඕස්ට්‍රේලියාවේ VET හෙවත් වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේස්ත්‍රයේ ව්‍යවහාරික ඉගෙනීම සහ ප්‍රායෝගික කුසලතා අවශ්‍ය රැකියා සඳහා දැඩි ඉල්ලුමක් පවතී. එමෙන්ම මෙම රැකියා තුල අඛණ්ඩ හිඟයක්ද පවතී.

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේස්ත්‍රය උසස් අධ්‍යාපනය සමඟ වඩා හොඳින් සම්බන්ධ විය යුතු බව එම වාර්තාව පවසයි.

එමෙන්ම මෙම ක්ෂේස්ත්‍රයේ කුසලතා හඳුනා ගැනීමට නව දත්ත පදනම් කරගත් ප්‍රවේශයක් සමඟ, සංක්‍රමණ පද්ධති ප්‍රතිසංස්කරණ සමග ඒකාබද්ධ විය යුතු බවත් එම වාර්තාව සඳහන් කොට සිටී.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now