උත්සව සමයේ online shopping කරද්දී ප්‍රවේශම් වන්නැයි, ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම්

Cyber Monday

FILE -In this Dec. 12, 2016, photo, a person searches the internet for sales, in Miami. Consumers are scouring the internet for online deals as they begin to cap off the five-day post-Thanksgiving shopping bonanza with Cyber Monday. Cyber Monday –- a term coined back in 2005 by the National Retail Federation –- continues to be the biggest online shopping day of the year, thanks to the deals and the hype the industry has created to fuel it. (AP Photo/Wilfredo Lee, File) Source: AP / Wilfredo Lee/AP

පසුගිය නොවැම්බර් මස දක්වා වසරක කාලයක් තුල online shopping වංචා හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 7කට වැඩි මුදලක් අහිමි වී තිබේ.


පසුගිය නොවැම්බර් මස දක්වා වසරක කාලයක් තුල online shopping වංචා හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 7කට වැඩි මුදලක් අහිමි වී තිබේ.

නත්තලට සතියකටත් වඩා අඩු කාලයක් තිබියදී, ප්‍රධාන ටෙලිකොම් සමාගම් සහ ඕස්ට්රේලියානු පාරිභෝගික කොමිසම ජනතාවට අනතුරු අඟවා සිටින්නේ අන්තර්ජාලය ඔස්සේ තෑගි සඳහා online shopping කිරීමේදී අමතර සැලකිල්ලක් දක්වන ලෙසයි.

ඔස්ට්‍රේලියානුවන් නත්තල් සාප්පු සවාරි බෙහෙවීන් සිදු කරන මෙම කාලය තුල වංචාකරුවන් ප්‍රයෝජන ගනිමින් සිටී.

Telstra සමාගම කියා සිටින්නේ පෙර වසරට සාපේක්ෂව SMS වංචාවල 66% ඉහළයාමක් දක්නට ලැබෙන බවයි.

එමෙන්ම Telstra හි සයිබර් ආරක්ෂණ විශේෂඥයෙකු වන Darren Pauli පවසන්නේ, වංචාකරුවන් ඔබේ මුදල් ලබා ගැනීමට වංචාසහගත QR කේත භාවිත කිරීම සහ පිළිගත් සමාගම් ලෙස පෙනී සිටීම සිදු කරන බවයි.

Online shopping
Source: SBS

එමෙන්ම වංචාකරුවන් direct deposits හෙවත් සෘජු තැන්පතු හරහා ගෙවීම් ඉල්ලා සිටීමද සිදු කරන බව Darren කියා සිටී.

යමකුට ලියාපදිංචි තැපෑලෙන් URL එකක් සහ විවිධ ආකාරයේ domains ඇතුලත් ලිපියක් ලැබී තිබු බවත් එය වංචාවක් වන බවත් Darren පවසයි.

————————————————————————————————————————————-

ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට


පිවිසෙන්න

————————————————————————————————————————————-


Darren Pauli කියා සිටින්නේ සයිබර් ප්‍රහාරකයින් සිය වංචා සඳහා, කෘත්‍රිම බුද්ධිය [[AI]] භාවිතා කරමින් වැරදියට පෙනෙන typos නිවැරදි කිරීම සිදු කරන අතර, Telstra, AusPost, the toll roads වැනි වැනි විශාල වෙළඳ නාම භාවිත කරන බවයි.

2023 දී කැන්බරා හි වංචා-විරෝධී මධ්‍යස්ථානයක් දියත් කල අතර එහිදී ඕස්ට්රේලියානු පාරිභෝගික කොමිසමේ Catriona Lowe කියා සිටියේ ඕස්ට්‍රේලියානුවන් සෑම වසරකම වංචාවන් නිසා ඩොලර් බිලියන ගණනින් පාඩු ලබන අතර, මෙම සංඛ්‍යාව අඛණ්ඩව ඉහළයාමක් දක්නට ලැබෙන බවයි.

online shopping
Online shopping Source: AAP

ඕස්ට්‍රේලියානු රජය මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කොට තිබේ.

මෙම වසර මුලදී, ඕස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය Michelle Rowland, Seven News වෙත පැවසුවේ මෙම වංචාකරුවන් අවහිර කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.

SMS ID රෙජිස්ට්‍රියක් පිහිටුවීමට රජය ඩොලර් මිලියන 10ක් වෙනකොට ඇති බවත්, මේ ඔස්සේ වංචාකරුවන් ප්‍රධාන වෙළඳ නාම භාවිත කරමින් SMS හරහා පාරිභෝගිකයාට ලඟා වීම වලක්වන බවත් Michelle Rowland කියා සිටී.

කෙසේ නමුත් මෙවැනි වංචාවන්ට එරෙහිව සටන් කිරීමට පහසු ක්‍රමයක් නොමැති බවත් මහන්සියෙන් උපයාගත් මුදල් ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීම ඕස්ට්‍රේලියානුවන් සිදුකලයුතුවන බවත් ඕස්ට්රේලියානු පාරිභෝගික කොමිසම පවසයි.

Internet crime and electronic banking security
Source: Getty / Getty Images

මේ හේතුවෙන් අන්තර්ජාලය භාවිත කරන්නන් නිතිපතා passwords හෙවත් මුරපද වෙනස් කිරීම සහ multi-factor authentication භාවිත කිරීම සිදු කිරීම වැදගත් වන බවත් ප්‍රවීණයින් සඳහන් කොට සිටී.

වැඩබලන පොලිස් පරීක්ෂක Jason Smith කියා සිටින්නේ නත්තලට පෙර, කෙටි පණිවුඩ ඔස්සේ වංචාකරුවන් සිදුකරන වංචාවන්ගෙන් ප්‍රවේශම් වන ලෙසයි.

Telstra හි Darren Pauli කියා සිටින්නේ තමා එම උපදෙස් සඳහා සහාය දක්වන ආතර සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වට්ටම් ලබාදීම බොහොවිට සැක සහිත වන බවයි.

මේ හේතුවෙන් ඔබ එවැනි දේවල් සොයන විට අමතර ආරක්ෂාවක් ගන්නා ලෙසත් direct debit ඔස්සේ ගෙවීම් සිදු කිරීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙසත් Darren පවසයි.

එමෙන්ම ඔහු පවසන්නේ තම සියලුම ගෙවීම් සඳහා එක් ගිණුමක් භාවිතා කිරීමට පුද්ගලයින් කටයුතු කිරීම වැදගත් පෙරසූදානමක් වන අතර තම මූල්‍ය සැපයුම්කරු සමඟ නියමයන් සහ කොන්දේසි පරීක්ෂා කිරීම ද සිදු කරන ලෙසයි.

ප්‍රධාන වශයෙන් මෙවැනි ගෙවීම් සඳහා credit card භාවිත කිරීම සහ PayPal වැනි සේවාවක් භාවිත කිරීම ඔස්සේ කුමක් සිදු වුවත් ඔබට දින 30 සිට 60ක් දක්වා කාල සීමාවකට ඉදිරි ආරක්ෂණයක් ලැබෙන බවත් Darren කියා සිටී.

*******************************************************************************



SBS සිංහල ගුවන් විදුලි සේවය,



සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට



SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර



ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA



රූපවාහිනියේ channel 38 (SBS Radio 2)



රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)



අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala



SBS Audio APP (Free)



SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service