වික්ටෝරියා casual සහ කොන්ත්‍රාත් සේවකයින්ට සුබ ආරංචියක්, වැටුප් සහිත අසනීප සහ රැකවරණ නිවාඩු ගන්නේ මෙහෙමයි

20170223001298320390-original.jpg

(File Image) A barista prepares a coffee at a cafe. Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තය casual සහ කොන්ත්‍රාත් සේවකයින් හට, sick and carer’s pay හෙවත් අසනීප සහ රැකවරණ වැටුප් ලබා දෙන ඕස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය වේ.


වික්ටෝරියා ප්‍රාන්තයේ Victorian Sick Pay Guarantee යෝජනා ක්‍රමය ඔස්සේ ප්‍රාන්තය තුල සුදුසුකම් ලත් casual සහ කොන්ත්‍රාත් සේවකයින් හට වැටුප් සහිත නිවාඩු ලබාගත හැක.

තමා අසනීප වීම මත හෝ වෙනත් අයකු රැකබලාගැනීමට සිදු වීමෙන් රැකියාවට යාමට නොහැකි වූ විට ඔවුනට වැටුප් ලබාදීම Victorian Sick Pay Guarantee යෝජනා ක්‍රමය ඔස්සේ සහතික කරයි.

වික්ටෝරියා ප්‍රාන්තය තුල සේවකයින්, තම වැටුප සහ තම සෞඛ්‍ය මෙන්ම තම ආදරණීයයකුගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මානසිකව පීඩාවට පත් නොවිය යුතු බවට ප්‍රාන්තය පවසයි.

casual_worker_unions.jpg
Source: Getty / Getty Images

වික්ටෝරියා ප්‍රාන්තය casual සහ කොන්ත්‍රාත් සේවකයින් හට sick and carer’s pay හෙවත් අසනීප සහ රැකවරණ වැටුප් ලබා දෙන ඕස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය වේ.

ප්‍රාන්ත රජය මගින් වසර තුනක නියමු වැඩසටහන සඳහා සම්පූර්ණ අරමුදල් සපයනු ලබයි.

මෙම නියමු වැඩසටහන 2025 මාර්තු 13 දක්වා ක්‍රියාත්මක වේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුල පහත රැකියා ක්ෂේස්ත්‍ර වල රැකියාවේ නිරත casual සහ කොන්ත්‍රාත් සේවකයින් අසනීප සහ රැකවරණ වැටුප් සඳහා සුදුසුකම් ලබයි.

  • Food, hospitality and accommodation
  • Retail, sales and supermarkets
  • Factories, manufacturing and supermarket supply chains
  • Administration, clerical and call centres
  • Cleaning and laundry
  • Beauty, fitness, tourism and outdoor recreation
  • Taxi, rideshare and delivery driving
  • Security
  • Carers, aides, health and welfare support
  • Farm, agriculture, forestry, gardening and animal care
  • Arts and creative industries

සුදුසුකම් ලත් රැකියා සම්බන්ධයෙන් වන සම්පූර්ණ ලැයිස්තුව සඳහා සහ ලියාපදිංචි වන්නේ කෙසේද පිළිබඳව තොරතුරු දැනගැනීමට පිවිසෙන්න

මෙම අසනීප සහ රැකවරණ වැටුප් සඳහා casual සහ කොන්ත්‍රාත් සේවකයින් සපුරාලියයුතු සුදුසුකම්

  • වයස අවුරුදු 15 හෝ ඊට වැඩි විය යුතුය.
  • වික්ටෝරියා ප්‍රාන්තය තුල රැකියාව සිදු කල යුතුය
  • ඕස්ට්‍රේලියාව තුල රැකියා කිරීම සඳහා අයිතියක් තිබිය යුතුය
  • සුදුසුකම් ලත් රැකියාවක සාමාන්‍යයෙන් සතියකට පැය 7.6ක් හෝ ඊට වැඩි කාලයක් රැකියාවේ නිරත විය යුතුය.
  • වෙනත් කිසිදු රැකියාවක වැටුප් සහිත අසනීප සහ රැකවරණ හිමිකම සඳහා ප්‍රවේශය නොමැති විය යුතුය

මෙම Victorian Sick Pay Guarantee සඳහා ලියාපදිංචි වීමට පිවිසෙන්න


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now