Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ නිවාඩු සමයේදී ඔබත් වෙනත් ප්‍රාන්තයකට යනවාද? රැගෙන යා හැකි සහ නොහැකි දේවල් මෙන්න

Young Asian traveller man enjoying selling fruites at traditional street market, Khonkaen city, Thailand
Young traveller is seen purchasing fruits at market. Getty Images Credit: Six_Characters/Getty Images

ඔබ මහාමර්ගයෙන් හෝ දුම්රියෙන් ප්‍රාන්ත අතර ගමන් කිරීමට අදහස් කරන්නේ නම්, විවිධ ප්‍රාන්තවල සහ ටෙරිටරි වල ඇතැම් පලතුරු, එළවළු, පැල සහ වෙනත් දේ ගෙනයාම තහනම් බව මතක තබා ගැනීම වැදගත් වේ.එමෙන්ම දේශසීමා හරහා තහනම් භාණ්ඩ රැගෙන යාම ඔස්සේ ඔබට දඩ වලටත් මුහුණ දීමට සිදු විය හැක.


Published

By Nipuna Dodangoda, Vatsal Patel

Source: SBS



Share this with family and friends


ඔබ මහාමර්ගයෙන් හෝ දුම්රියෙන් ප්‍රාන්ත අතර ගමන් කිරීමට අදහස් කරන්නේ නම්, විවිධ ප්‍රාන්තවල සහ ටෙරිටරි වල ඇතැම් පලතුරු, එළවළු, පැල සහ වෙනත් දේ ගෙනයාම තහනම් බව මතක තබා ගැනීම වැදගත් වේ.එමෙන්ම දේශසීමා හරහා තහනම් භාණ්ඩ රැගෙන යාම ඔස්සේ ඔබට දඩ වලටත් මුහුණ දීමට සිදු විය හැක.


විදේශයන්හි සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන විට ඔබට ගෙන ආ හැකි සහ ගෙන ආ නොහැකි භාණ්ඩ සහ පිළිබඳ තිබෙන නීති ඔබ දැනුවත් විය හැක.

නමුත් ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි සම්බන්ධයෙන් ගත් කල, ප්‍රාන්ත අතර හෝ ප්‍රාන්ත තුළ භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් දැඩි නීති ඇති බව ඔබ මතකතබගත යුතු වේ.

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතර තිබෙන නිරෝධායන සහ ජෛව ආරක්ෂණ නීති මෙන්ම අන්තර් ප්‍රාන්ත දේශසීමා හරහා ගමන් කිරීමට පෙර මතක තබා ගත යුතු දේ පිළිබඳ මෙම ලිපිය ඔස්සේ ගෙන එයි.

ඔස්ට්‍රේලියාව, විදේශයන්ගෙන් ඇතුළු වන පළිබෝධ සහ රෝග අවදානම අවම කිරීම සඳහා දැඩි "biosecurity rules" හෙවත් ජෛව ආරක්ෂණ නීති ක්‍රියාත්මක කර තිබේ.

නමුත් සෑම ප්‍රාන්තයකටම ආහාර, එළවළු, පලතුරු සහ පැල වෙනත් ප්‍රාන්ත සහ ටෙරිටරි වෙත ගෙන යාම සම්බන්ධයෙන් යම් පාලනයක් පවතී.

Healthy food
Source: Pixabay

ඕස්ට්රේලියානු කෘෂිකාර්මික වෙළඳපොළට ඇති අවදානම

ඕස්ට්‍රේලියාවේ අන්තර් ප්‍රාන්ත නිරෝධායන මාර්ගෝපදේශයන්ට අනුව, පළිබෝධ, රෝග සහ වල් පැලෑටි ඕස්ට්‍රේලියාවේ එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට ව්‍යාප්ත විය හැක.

මේ හේතුවෙන්:

  • ශාක හෝ ශාක නිෂ්පාදන
  • පලතුරු හා එළවළු
  • සතුන් හෝ සත්ව නිෂ්පාදන
  • පස්
  • කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් උපකරණ

ප්‍රන්තයකින් තවත් ප්‍රාන්තයකට රැගෙන යාමේදී සැලකිලිමත් විය යුතු වේ.

අන්තර් ප්‍රාන්ත නිරෝධායන නීති

Biosecurity Victoria හි විධායක අධ්‍යක්ෂිකා, Katherine Clift SBS ගුජරාටි වෙත සඳහන් කොට සිටියේ ජෛව ආරක්ෂණ අවදානම් වැළැක්වීම සහ කළමනාකරණය කිරීම සෑම කෙනෙකුගේම වගකීමක් වන බවයි.

මේ හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ඩොලර් බිලියන 20.2 ක කෘෂිකාර්මික කර්මාන්තයක් ආරක්ෂා කිරීමට ඇති බවත් නිරෝධායන රෙගුලාසි පිළිබඳව දැනුවත් වන ලෙස වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයින්ට සෑම විටම පවසන බවත් Katherine කියා සිටී.

බොහෝ ශාක හා ආහාර නිෂ්පාදන වික්ටෝරියා ප්‍රාන්තයට ගෙන යාමේදී විවිධ සිමා සඳහා මුහුණ දීමට සිදු වේ.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඇතැම් ශාක, ශාක නිෂ්පාදන සහ කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර සම්බන්ධයෙන් ද සීමා පනවා තිබේ.

Australian fruit fly quarantine area warning road sign
Australian fruit fly quarantine area warning road sign Source: iStockphoto / mastersky/Getty Images/iStockphoto

ප්‍රාන්ත දේශසීමා මුරපොලවල්

ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කෘෂිකාර්මික කර්මාන්ත අවදානමට ලක් විය හැකි වීම හේතුවෙන් සංචාරකයින් තහනම් භාණ්ඩ ඔවුන්ගේ අධිකරණ බල ප්‍රදේශයට රැගෙන නොයන බව සහතික කිරීමට මුරපොලවල් සකසා තිබේ.

බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රාථමික කර්මාන්ත සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිරෝධායන කළමනාකරුවකු වන Louise Smith කියා සිටින්නේ එම ප්‍රාන්තයේ වසර පුරා පැය 24ක් ක්‍රියාත්මක මුරපොලවල් තිබෙන බවයි.

මෙම ස්ථාන වලින් සියලුම වාහන පරික්ෂ කරන බවත් Louise කියා සිටී.

බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රාථමික කර්මාන්ත සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් Perth හි අභ්‍යන්තර සහ ප්‍රාදේශීය ගුවන් තොටුපලවලද මුරපොලවල් පිහිටුවා තිබේ.

මේ ඔස්සේ 2022 සහ 2023 වසර අතරතුර ගුවන්, මහා මාර්ග, දුම්රිය මාර්ග, තැපෑල් සහ මුහුදු පිවිසුම් මාර්ග ඔස්සේ මිලියන 1.4 කට අධික පරීක්ෂණ සිදු කර තිබේ.

මේ සඳහා ප්‍රාන්ත හරහා ගමන් කරන ගුවන් මගින් 650,000 කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කිරීම මෙන්ම බටහිර ඕස්ට්‍රේලියා - නොදෙර්න් ටෙරිටරි සහ බටහිර ඕස්ට්‍රේලියා - දකුණු ඕස්ට්‍රේලියා යන මාර්ග මුරපොලවල් වලදී වාහන 160,000කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කිරීම ඇතුලත් වේ.

A Fruit Fly exclusion zone sign near Yarrawonga in Australia.
A Fruit Fly exclusion zone sign near Yarrawonga in Australia. Credit: GettyImages Credit: Ashley Cooper/Getty Images

මේ අතර දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රාථමික කර්මාන්ත සහ කලාප දෙපාර්තමේන්තුව මගින් quarantine stations හෙවත් නිරෝධායන මධ්‍යස්ථාන වල පලතුරු බැහැර කිරීමේ බඳුන් සහ ජංගම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

මේවා ඒවා ප්‍රාන්තය තුළ ඕනෑම තැනක සහ ඕනෑම වේලාවක ක්‍රියාත්මක කළ හැකි බවත් වාර්තා වේ.

Katherine පවසන්නේ ඕස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයකින් වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුළු වන සංචාරකයින් සඳහා මුරපොලක් නොමැති අතර කෙසේ නමුත්, පැල, පලතුරු සහ එළවළු ආනයනය කිරීමේදී වික්ටෝරියා දේශසීමා ප්‍රවේශ කොන්දේසිවලට අනුකූල විය යුතු බවයි.

කෙසේ නමුත් මෙලෙස වෙනත් ප්‍රාන්ත වලින් රැගෙන එන භාණ්ඩ පිලිබඳ සොයා බැලීම සඳහා නොදෙර්න් ටෙරිටරියේ දේශසීමා මුර පොළවල් නොපවතී.

නිරෝධායන කලාප

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි ඇතැම් පළිබෝධ සහ රෝග පැතිරීම සම්බන්ධයෙන් ජෛව ආරක්ෂණ හෝ නිරෝධායන කලාප ස්ථාපිත කර ඇති අතර, මෙම කලාප තුළට සහ ඉන් පිටතට නිෂ්පාදන ගෙනයාම සීමා කළ හැකිය.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරයේ නිරතවිමේදීත්, වයින් කර්මාන්තය විනාශකාරී ශාක පළිබෝධකයන්ගෙන් ආරක්ෂා කිරීමට විවිධ සීමා පනවා තිබේ.

බටහිර ඔස්ට්‍රේලියාවේ මී මැස්සන් ගත් කල, ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රදේශවල සහ විදේශයන්හි දක්නට ලැබෙන සැලකිය යුතු පළිබෝධ සහ රෝග බොහෝමයකින් ආරක්ෂා වී තිබේ.

මේ හේතුවෙන් ආනයනික කොන්දේසි සහ ප්‍රතිකාර නොමැතිව බටහිර ඕස්ට්‍රේලියාවට "මී මැස්සන්, මී පැණි සහ පරාග ඇතුළු මීමැසි පාලන උපකරණ ගෙන ඒම නීති විරෝධී වේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ ඇති ප්‍රදේශවලට සහ ඉන් පිටතට ශාක නිෂ්පාදන ගෙන යාමද නියාමනය කරයි.

මෙම ප්‍රාන්තය කෙසෙල්, මිදි පැල, අඹ සහ උක් සඳහා ජෛව ආරක්ෂණ කලාපයක් වශයෙන් සැලකේ.

Bananas-mangos-and-sugar-cane-sign.jpg
Credit: Australian Interstate Quarantine

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියද citrus red mite biosecurity zone සහ potato and rice biosecurity zone වශයෙන් ජෛව ආරක්ෂණ කලාප ක්‍රියාත්මක කර තිබේ.

නොදෙර්න් ටෙරිටරියේ සඳහා කුහුඹුවන්, පළතුරු මැස්සන්, කෘමීන් සහ පැළ මැක්කන් වැනි පළිබෝධ පැතිරීම වැළැක්වීම සඳහා පනතක් ක්‍රියාත්මක වේ.

ප්‍රාන්ත හරහා ගමන් කිරීමට ඔබ සිතන්නේ නම් එම එකෙක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල තිබෙන zones හෙවත් කලාප පිළිබඳ තොරතුරු මෙතැනින් පරීක්ෂා කළ හැක.

සංචාරය කිරීමට පෙර ඔබට කළ හැකි දේවල්

නිවාඩු සඳහා ප්‍රාන්ත අතර ගමන් කිරීම මහත් ප්‍රීතියක් ගෙන දෙන නමුත් එය යම් වගකීමක් ද ගෙන එයි.

එමනිසා, ඔබගේ සංචාරයට අදාළ විය හැකි නීතිරීති සහ සීමාවන් පරීක්ෂා කිරීම සැමවිටම හොඳ පුරුද්දක් වශයෙන් දැක්විය හැක.

ඔබ සංචාරය කිරීමට පෙර ප්‍රාන්ත මායිම්වල තහනම් දේ පිළිබඳව කිරීම ඔබේ පලතුරු හෝ එළවලු බැහැර කිරීම වලකයි.

Katherine පවසන්නේ ඔබේ ගෙදර හැදූ පලතුරු සහ එළවළු, බීජ පැල සහ දඩු වෙනත් ප්‍රාන්තයකට රැගෙන යාමෙන් වලකින ලෙසයි.

ඕස්ට්‍රේලියානු අන්තර් ප්‍රාන්ත නිරෝධායන ආයතනය සංචාරකයින්ට සඳහන් කොට සිටින්නේ ප්‍රාන්ත හරහා ගෙන යා නොහැකි ආහාර සහ නිෂ්පාදන අනුභව කිරීම හෝ කසල බඳුනට දැමීම සිදු කරන ලෙසයි.

විවිධ ප්‍රාන්තවල තිබෙන අභ්‍යන්තර ගුවන් තොටුපලවල, තොටුපල පර්යන්තවල සහ ප්‍රාන්ත සහ නිරෝධායන කලාප මායිම්වල නිරෝධායන බඳුන් තිබෙන බවයි.

ප්‍රාන්තයට ඇතුළු වීමට කිලෝමීටර සියගනනකට පෙර සිට නිරෝධායන සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කොට ඇති බවත් Louise පවසයි.

නිවේදනයක් නිකුත් කරමින්, NSW ප්‍රාථමික කර්මාන්ත දෙපාර්තමේන්තුව සඳහන් කොට සිටින්නේ, තම වටපිටාව පිළිබඳව දැනුවත්ව සිටීම සහ පළිබෝධ, රෝග, වල් පැලෑටි සහ දූෂිත ද්‍රව්‍ය හඳුන්වාදීම සහ පැතිරීම වැළැක්වීමට පියවර ගැනීම සෑම අයකුගේම වගකීමක් වන බවයි.

ඔස්ට්‍රේලියානු අන්තර් ප්‍රාන්ත නිරෝධායන ක්‍ෂණික ඇමතුම් අංකය වන 1800 084 881 ඇමතීමෙන් ඔබට වෙනත් ප්‍රාන්තයකට ගෙන යා හැකි සහ ගෙන යා නොහැකි දේ පිලිබඳ ලැයිස්තුව පරීක්ෂා කළ හැක.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now