Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ student, working හෝ partner වීසා අයදුම් කිරීමේ ක්‍රමයේ ස්ථිර වෙනසක්, විස්තරේ මෙන්න

statd dec.avif

A temporary law to allow remote witness approval of statutory declarations was passed in 2021. Credit: Getty

ඕස්ට්‍රේලියාවට අයදුම් කරන student හෙවත් ශිෂ්‍ය, working හෙවත් රැකියා සඳහා වන වීසා හෝ partner හෙවත් සහකරු වීසා සැකසීමේ ක්‍රමයේ ස්ථිර වෙනසක් සිදු වීමට නියමිතව තිබේ. මෙම ස්ථිර වෙනස්කම් සෑම වසරකදීම ගොනු කරන statutory declarations මිලියන ගණනකට බලපායි.


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවට අයදුම් කරන student හෙවත් ශිෂ්‍ය, working හෙවත් රැකියා සඳහා වන වීසා හෝ partner හෙවත් සහකරු වීසා සැකසීමේ ක්‍රමයේ ස්ථිර වෙනසක් සිදු වීමට නියමිතව තිබේ. මෙම ස්ථිර වෙනස්කම් සෑම වසරකදීම ගොනු කරන statutory declarations මිලියන ගණනකට බලපායි.


ඕස්ට්‍රේලියානු සංක්‍රමණික සේවක පිරිසට ඔවුන්ගේ වීසා අලුත් කිරීමේ ලියකියවිලි යොමු කිරීම සඳහා තවදුරටත් තැපැල් කාර්යාලයට යාමට අවශ්‍ය නොවනු ඇති බවට වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් statutory declaration හෙවත්, බලයලත් සාක්ෂිකරුවෙකු ඉදිරියේ පුද්ගලයෙකු දිවුරන, තහවුරු කරන හෝ සත්‍ය බව සඳහන් කරන කරන ලිඛිත ප්‍රකාශය ඩිජිටල් මාධ්‍යයෙන් භාරගැනීම සිදු කිරීමට නියමිතව තිබේ.

ඕස්ට්‍රේලියානු වත්මන් රජය මගින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් ඔස්සේ මෙලෙස ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සකසන ලිඛිත ප්‍රකාශ භාරගැනීමට තීරණය කොට තිබේ.

Statutory declaration හෙවත්, බලයලත් සාක්ෂිකරුවෙකු ඉදිරියේ පුද්ගලයෙකු දිවුරන, තහවුරු කරන හෝ සත්‍ය බව සඳහන් කරන කරන ලිඛිත ප්‍රකාශය, රැකියා වීසා, සහකරු හෝ ශිෂ්‍ය වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉතා වැදගත් වේ.

මෙහිදී යමකුගේ වීසා බලපත්‍රයට සහාය වන ප්‍රකාශ මත සාක්ෂිකරුවන්ට අත්සන් කිරීම සිදු කරයි.

COVID-19 වසංගතය අතරතුර, පුද්ගලික සාක්ෂිකරුවෙකු සඳහා කඩදාසි මත අත්සන් කිරීම පදනම් වූ මෙම පද්ධතිය ඩිජිටල්කරණය කරන ලද නමුත්, එම තාවකාලික නීතිය දෙසැම්බර් 31වනදායින් අවසන් වීමට නියමිතව තිබිණ.

closeup of australian visa in passport
closeup of australian visa in passport Credit: 72704086

කෙසේ නමුත් නීතිපති Mark Dreyfus ප්‍රකාශ කොට සිටියේ මෙම වෙනස පුද්ගලයින්ට සහ ඕස්ට්‍රේලියානු ව්‍යාපාරවලට යහපත් බලපෑමක් ඇති කරන බවයි.

එමෙන්ම ඔහු සඳහන් කොට සිටියේ මෙම මෙම පියවර මඟින් ඕස්ට්‍රේලියාවේ වීසා සැකසීම සම්බන්ධයෙන් වන ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවන අතර, ඒ සඳහා වැය වන ඩොලර් මිලියන 156 කට වඩා ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති බවයි.

එමෙන්ම මේ ඔස්සේ මින් පෙර පැවති කඩදාසි මත පදනම් වූ මෙම ලිඛිත ප්‍රකාශ සැකසීමෙන් නාස්ති වූ පැය, දහස් ගණනක් ඉතිරි කර ගැනීමටත් හැකිවනු ඇතැයි නීතිපති Mark Dreyfus කියා සිටී.

මෙම නව වෙනස්කම් ඔස්සේ විශේෂයෙන්ම ආබාධ සහිත හෝ ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන අයදුම්කරුවන්ට විශාල පහසුවක් සලසයි.

මෙම පනත මඟින්, ඕස්ට්‍රේලියානුවන්ට සිය ලේඛන සැපයීමට MyGov සහ MyGov digital ID භාවිතා කිරීමට ඉඩ ලබා දෙන අතර, සෑම වසරකම දළ වශයෙන් මිලියන 3.8 ක් පමණ වූ මෙවැනි ලිඛිත ප්‍රකාශ බැලීමේ කාලයද මේ ඔස්සේ විධිමත් කරයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play 

වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

එමෙන්ම මෙම පනත් කෙටුම්පතට අනුව, ලේඛනවල අඩංගු වන සංවේදී තොරතුරු ආරක්‍ෂා කිරීමේ අරමුනින් අදාළ ලේඛන යොමුකරන online සේවාවන්, රහස්‍යතා නීතිවලට අනුකූල වන බව පෙන්වීම සහ ශක්තිමත් ආරක්ෂක විධිවිධාන ඇති බව පෙන්වීමද අනිවාර්ය වේ.

කෙසේ නමුත් ලිඛිතව කඩදාසි මාධ්‍යයෙන් සිය ප්‍රකාශ යොමු කිරීමට කැමති පිරිසට තවමත් ඒ සඳහාත් හැකියාව පවතී.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now