Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පාසල් සතියකට දින 4ක් පැවැත්වීමට, ලබන වසරේ සිට නව ප්‍රතිපත්තියක්

Education
Source: AAP

ලබන වසරේ සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පාසල් කාලසටහන් වඩාත් "නම්‍යශීලී" කිරීමට ප්‍රාන්ත රජය නව ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබේ. මෙය අත්හදාබැලීම් වලින් අනතුරුව හඳුන්වා දී ඇති අතර කෙසේ නමුත් මෙය දින හතරක සතියක් සඳහා මුලපිරීමක් නොවන බව ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍යවරිය පවසයි.


Published

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


ලබන වසරේ සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පාසල් කාලසටහන් වඩාත් "නම්‍යශීලී" කිරීමට ප්‍රාන්ත රජය නව ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබේ. මෙය අත්හදාබැලීම් වලින් අනතුරුව හඳුන්වා දී ඇති අතර කෙසේ නමුත් මෙය දින හතරක සතියක් සඳහා මුලපිරීමක් නොවන බව ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍යවරිය පවසයි.


Key Points

  • සතියකට දින 4ක් පමණක් වන පරිදි සහ දිනකට පාසැල පැවැත්වෙන පැය ගණන අඩු කිරීම ඇතුළුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත පාසල්වලට නම්‍යශීලී කාලසටහන් අනුගමනය කිරීමට අවකාශය හිමිවේ.
  • මෙම ප්‍රතිපත්තිය ප්‍රාන්තයේ රජයේ ප්‍රාථමික හා උසස් පාසල් සඳහා ලබන වසරේ සිට ක්‍රියාත්මක වේ.
  • මෙම වෙනස්කම් ඔස්සේ, අධ්‍යාපන කටයුතු සඳහා පාසල් වලට තිබෙන සතිය කෙටි නොවන බව අධ්‍යාපන අමාත්‍යවරිය අවධාරණය කරයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුල යාවත්කාලීන කල පාසල් ප්‍රතිපත්තිය යටතේ, ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත පාසල් සිසුන්ට ලබන වසරේ සිට පාසල් යාමට දින 4ක් පමණක් වන කෙටි සති ලැබීම සිදු වේ.

එමෙන්ම දිනකට පාසැල පැවැත්වෙන පැය ගණනද අඩු වීම මේ ඔස්සේ සිදු වේ.

කෙසේ නමුත් "දින පහක්" ඇතුලත් වන සාමාන්‍ය සතියක් පුරා ප්‍රාන්තය තුල පාසල් අඛණ්ඩව පැවැත්වීම අපේක්ෂාව වන බව අධ්‍යාපන අමාත්‍ය Grace Grace පවසයි.

මෙම යාවත්කාලින කල නව "නම්‍යශීලී ඉගෙනුම්" ප්‍රතිපත්තිය යටතේ, 2024 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන වෙනස්කම් සම්බන්ධයෙන් තොරතුරු ප්‍රාන්තයේ රජයේ පාසල් විදුහල්පතිවරුන් හට මේ වනවිටත් ලැබී තිබේ.

මෙය දින හතරක සතියක් නොවේ

මෙම නව ප්‍රතිපත්තිය ඔස්සේ "දින හතරක්" පමණක් ඇතුලත් වන සතියක් නිර්මාණය නොකරන අතර, සතියකට දින පහම පුරා සාමාන්‍ය පරිදි පාසල් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍ය Grace Grace කියා සිටී.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Steven Miles මේ සම්බන්ධයෙන් සඳහන් කොට සිටින්නේ, සිසුන් පූර්ණ කාලීනව පාසල් යාම ප්‍රාන්ත රජයේ ප්‍රමුඛතම අපේක්ෂාව වන බවයි.

කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ විශේෂයෙන් ප්‍රාදේශීය සහ දුරස්ථ ප්‍රදේශ වල පාසල් සඳහා මෙම නව ප්‍රතිපත්තිය යටතේ දින හතරක සති, හඳුන්වා දිය හැකි බවයි.

ඇය මෙම ප්‍රතිපත්තිය ධනාත්මකව අනුගමනය කරන බ්‍රිස්බේන්හි බටහිර Darling Downs හි පාසලක් ගෙන හැර දක්වා ඇති අතර, එම පාසැල මගින් 2007 වසරේ සිට මෙම ප්‍රතිපත්තිය අනුගමන කොට තිබේ.

එම පාසල සිසුන් 12 දෙනෙකු පමණක් සිටින ග්‍රාමීය ප්‍රජාවක පිහිටා ඇති පාසලක් වන අතර, එම පාසල මගින් සෑම දෙසතියකට වරක් සඳුදා දිනයේදී සිසුන්ට නිවාඩු ලබාදීම සිදු කරයි.

A woman with black hair in a black blazer speaking
Education Minister Grace Grace stressed that the changes were not a "green light for a four-day week" Source: AAP / Jono Searle

ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍ය Grace Grace පෙන්වා දෙන්නේ කෙසේ නමුත් වෙනත් ප්‍රාදේශීය පාසල් එවැනි ප්‍රතිපත්ති අනුගමනය කිරීම සඳහා කැමැත්තක් දක්වන්නේ, නම් ඔවුන් දැඩි ක්‍රියා පටිපාටියක් අනුගමනය කල යුතු බවයි.

2024 වසරේ යෝජිත මෙම නව කාලසටහනේ ඉදිරි වෙනස්කම් අත්හදා බැලීමට පාසල්වලට අවශ්‍ය වනු ඇත.

බොහෝ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත පාසල් තුල, සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9 සිට සවස 3 දක්වා අධ්‍යාපන කටයුතු සිදු කරයි.

නමුත් මෙම නව ප්‍රතිපත්තිය ඔස්සේ පාසල් වලට, එම පාසල පවත්වන වේලාවන් සමග වඩාත් නම්‍යශීලී වීමට අවකාශය ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය Grace Grace කියා සිටී.

පාසල්වල ආරම්භ කරන හෝ අවසන් කරන වේලාවන් විනාඩි 30කට වඩා වෙනස් කිරීමට අවශ්‍ය වුවහොත් නව ක්‍රියාවලියක් ක්‍රියාත්මක වනු ඇත.

Boys at Brisbane private school
Source: AAP

මෙම යෝජිත ඕනෑම වෙනසක් දෙමාපියන්, කාර්ය මණ්ඩලය සහ සිසුන් ඇතුළු පාසල් ප්‍රජාව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය අධ්‍යක්ෂවරයෙකු විසින් අනුමත කළ යුතු බව වාර්තා වේ.

මෙහිදී නව වෙනස්කම් ඔස්සේ සිසුන්ට සහ පවුල් සඳහා ප්‍රතිලාභ ලබා දෙන බව පාසල් ප්‍රජාව තීරණය කළහොත් මෙම වෙනස්කම් සිදුවිය හැකි බව අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රකාශයකු සඳහන් කොට තිබේ.

මෙම වෙනස්කම් සිසුන්ට අවාසිසහගත නොවිය යුතු අතර පාසල් විෂයමාලා අවශ්‍යතා ද සපුරාලියයුතු වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

එමෙන්ම මෙම කාලසටහන් වෙනස් කිරීම් මත ඕනෑම උපදේශනයක් හෝ අත්හදා බැලීමක් සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව සිය අනුමැතිය ලබා දිය යුතු වේ.

අනතුරුව එය විදුහල්පති හෝ නියෝජිත කාර්ය සාධක බලකායක් මගින් අධීක්ෂණය කරන අතර, එම වෙනස්කම් සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර එය ඇගයීමට ලක් කිරීම සිදු කරයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now