Key Points
- පිහිනුම් සම්බන්ධයෙන් වන අධ්‍යාපනය ඔස්සේ, ජලයේ සිටීම සහ ජල ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන කුසලතා ආවරණය කළ යුතුය
- පිහිනීම සම්බන්ධයෙන් ළමුන් සතුව ඇති නිපුණතා ඔවුන්ගේ වයස මත රඳා පවතී
- ප්‍රාථමික පාසල් පිහිනුම් සහ ජල ආරක්ෂණ වැඩසටහන් සපයන අතර, ප්‍රාන්ත සහ ටෙරිටරි පිහිනුම් පාඩම් සඳහා ක්‍රීඩා වවුචර පිරිනමයි
ජලාශ්‍රිතව සිටීම, ඕස්ට්‍රේලියාවේ හැදී වැඩීමේදී අනිවාර්ය අංගයක් වන අතර, කුඩා දරුවන්ගේ මරණ හා ඔවුනට සිදු වන තුවාල සඳහා ඔස්ට්‍රේලියාව තුල "දියේ ගිලීම" ප්‍රධාන හේතුවක් ලෙස පවතී.
ඔස්ට්‍රේලියාව පුරා වාර්ෂිකව සාමාන්‍යයෙන් දියේ ගිලී සිදු වන මරණ 23ක් සහ රෝහල්ගතවීම් 183ක් පමණ වාර්තා වන අතර, වයස අවුරුදු පහට අඩු ළමුන්ට මෙහි ඉහල අවදානමක පවතී.
කෙසේ නමුත්, මෙම ඛේදජනක සිදුවීම් ජල ආරක්‍ෂාව සහ පිහිනුම් අධ්‍යාපනය ලබාදීම තුළින් වළක්වා ගත හැක.
Westmead ළමා රෝහලේ කම්පන ශල්‍ය වෛද්‍ය SV Soundappan පවසන්නේ බොහෝ අවස්ථාවලදී 'මට මෙය සිදු නොවනු ඇත' ලෙස බොහෝ පිරිසක් සිතන බවයි. නමුත් අපට එවැනි ආකල්පයක් නොතිබිය යුතු බවත්, දියේ ගිලීම ඕනෑම කෙනෙකුට සිදු විය හැකි බවත් වෛද්‍ය SV Soundappan පෙන්වා දෙයි.
විශේෂයෙන්ම වයස අවුරුදු පහ දක්වා වන වයස් කාණ්ඩය ගැනීමේදී ක්ෂණික අධීක්ෂණය නැතිවීම මෙවැනි අනතුරු සඳහා ප්‍රධාන වන බවත් ඔහු පෙන්වා දෙයි.

2022 වසරේදී සිදු වූ දියේ ගිලී මිය යාමේ සිද්ධියකින් අනතුරුව සිඩ්නි රෝහල් වෙත ඇතුලත් කෙරෙන ළමුන්ගේ වැඩිවීමක් දක්නට ලැබී තිබේ.
මෙය සිඩ්නි හි ළමා රෝහල් ජාලයේ සහ නිව් සවුත් වේල්ස් ගිලන් රථ සේවාවේ විශේෂඥයින් සිය අනතුරු ඇඟවීම් අලුත් කිරීමට හේතු වී තිබේ.
වෛද්‍ය SV Soundappan පවසන්නේ ඕස්ට්‍රේලියාව ජලයට ආදරය කරන රටක් වන අතර, කෙසේ නමුත් ජලය අවට දරුවන් ආරක්ෂිතව තබා ගැනීම අපට අවශ්‍ය වන බවයි.
යමකු දියේ නොගිලුනත්, හදිසියේ දියේ ගිලීමට ආසන්න සිදුවීම් වලදී පවා සෞඛ්‍ය බලපෑම් ඇති අතර විනාඩි තුනක් හෝ ඊට වැඩි කාලයක් ජලය යට සිටින අවස්ථා වලදී සැලකිය යුතු ස්නායු ආබාධ ඇති විය හැකි බව ඔහු පැහැදිලි කරයි.

ළමුන්ට පිහිනුම් අභ්‍යාස ආරම්භ කිරීමට 'හොඳම' වයස කුමක්ද?
Royal Life Saving හි පර්යේෂණ සහ ප්‍රතිපත්ති පිළිබඳ ජාතික කළමනාකරු Stacey Pidgeon පෙන්වා දෙන්නේ දියේ ගිලීම වැළැක්වීම සඳහා ප්‍රධාන සාධක කිහිපයක් තිබෙන බවයි.
මෙහිදී වයස අවුරුදු 05 අඩු ළමුන් සම්බන්ධයෙන්,
- ක්‍රියාකාරී අධීක්ෂණය
- CPR ප්‍රථමාධාර පිළිබඳ දෙමාපියන්ගේ දැනුම
- ජලයට ප්‍රවේශය සීමා කිරීම හෝ ජලය සහිත බඳුන් සඳහා ආවරණ භාවිතා කිරීම
ඇතුළත් වේ.
ළමයාගේ වයස කුමක් වුවත්, දෙමාපියන් තම ළමුන් සඳහා තෝරා ගන්නා පිහිනුම් අභ්‍යාස වලට "ජල සුරක්ෂිතතාව" ඇතුළත් කළ යුතු වේ.
මේ ඔස්සේ ළමුන්,
- ජලයේ පාවීමට ඉගෙන ගැනීම
- දිය යටට යාමට ඉගෙන ගැනීම
- තමන්ව අනතුරට පත් නොකර යමෙකු බේරා ගන්නේ කෙසේද යන්න ඉගෙන ගැනීම
- 000 ඇමතීමට හෝ ජීවිතාරක්ෂක නිලධාරීන් වෙත යාම පිළිබඳව ඉගෙන ගැනීම
සිදු වේ.

"ජාතික පිහිනුම් සහ ජල සුරක්ෂිතතා මාර්ගෝපදේශ" ඔස්සේ ළමුන් ඔවුන්ගේ වයස අනුව අත් කරගත යුතු කුසලතා පිළිබඳ පුලුල් වූ ලැයිස්තුවක් ගෙනහැර දක්වයි.
වයස අවුරුදු 6, 12 සහ 17 යන වයස්වල ළමුන් සඳහා ප්‍රධාන මිණුම් සලකුණු තුනක් ඇති බව Stacey පවසයි.
වයස අවුරුදු 12 වන විට, දරුවෙකුට මීටර් 50 ක් පිහිනීමටත්, මිනිත්තු දෙකක් පාවීමටත්, සිය ඇඳුම් පැළඳුම් සමඟ තවකෙකු බේරා ගැනීමේ සහ ජලය මතුපිට රැඳී සිටීමේ අනුපිලිවෙලට කිරීමට හැකි වීම ඊට ඇතුලත් වේ.
ඕස්ට්‍රේලියාව පුරා පාසල් දරුවන්ට, ඔවුන්ගේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනයේ යම් අවස්ථාවක පිහිනුම් සහ ජල ආරක්ෂණය ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දේ.
දෙමාපියන්ට තම දරුවන්ගේ පිහිනුම් අභ්‍යාස සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරිවලින් ලබා ගත හැකි ක්‍රීඩා වවුචර්ද භාවිත කළ හැක.
ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව වෙනස් වූ සුදුසුකම් නිර්ණායක පවතින අතර ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක පමණක් පිහිනුම් සහ ජල ආරක්ෂණ වැඩසටහන් සඳහා විශේෂිත වවුචර පවතින බවත් Stacey පවසයි.

දෙමාපියන් සතු කාර්යභාරය
Brendon Ward ඕස්ට්‍රේලියානු පිහිනුම් පුහුණුකරුවන්ගේ සහ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරයි.
ඔහු පවසන්නේ ළමුන්ට මාස හයක් තරම් කුඩා කාලයේ සිට ජලය හුරු කිරීම ආරම්භ කළ හැකි අතර ඇතැම් පිහිනුම් පාසල් මීට පෙර පවා පාඨමාලා පිරිනමන බවයි.
මේ ඔස්සේ ළමුන් ජලයට හුරු වීම සිදු වන අතර, වයස අවුරුදු 3-4 අතර බොහෝ ළමුන්ට ජල ආරක්ෂණය සහ පිහිනීමට ඉගෙනීම පිළිබඳ මුලික කුසලතා ගොඩනැගීමට පටන් ගත හැකි බවත් Brendon කියා සිටී.
කුඩා කල සිටම නීති රීති සහ අවදානම් පිළිබඳව ළමුන්ව දැනුවත් කිරීම ඔස්සේ තම දරුවන් ආරක්ෂිත පිහිනුම් ක්‍රීඩකයින් බවට පත් කිරීමට දෙමාපියන්ට ක්‍රියාකාරී භූමිකාවක් තිබිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ළමුන්ට පිහිනුම් සඳහා දින චර්යාව ගොඩනැගීම සිදු කල යුතු අතර එමගින් පිහිනුම් ඇඳුම් ඇඳගෙන පමණක් ජලයට බැසීමටත්, වැඩිහිටියකු නොමැතිනම් ජලයට නොබැසිමටත්ඔවුන් එමගින් තේරුම් ගන්නා බව Brendon පවසයි.
එමෙන්ම දරුවා ඵලදායී ලෙස අධීක්ෂණය කිරීම සඳහා වැඩිහිටියන්ට ජලය පිළිබඳ විශ්වාසය හා නිපුණතාවය තිබීම අත්‍යාවශ්‍ය වේ.
නමුත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඇතැම් දෙමාපියන්ට තම මව් රටේ පිහිනීමේ අත්දැකීමක් නොතිබීම මත පිහිනුම් කුසලතා නොතිබිය හැක.
වෛද්‍ය Soundappan පෙන්වා දෙන්නේ දියේ ගිලීමේ සිදුවීමකට මුහුණ දුන් සෑම ළමුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම, සංස්කෘතිකමය වශයෙන් වෙනස් පසුබිමක සිටින අය වන බවයි.
එමෙන්ම හැකි ඉක්මනින් පිහිනුම් අභ්‍යාස ලබාගැනීමට ළමුන් සහ දෙමාපියන්ද කටයුතු කලයුතු බව, වැඩිහිටියෙකු ලෙස සහ ඕස්ට්‍රේලියාවේ පිහිනුම් අභ්‍යාස ලබාගත් අයෙකු ලෙස, ඔහු දෙමාපියන් දිරිමත් කරයි.
ඔස්ට්‍රේලියාව තුල ළමුන් සඳහා පිහිනුම් අභ්‍යාස ලබාදීමට ආරක්ෂිත පරිසරයක් තිබෙන අතර ළමුන්ට මුල සිටම මෙම අභ්‍යාස ලබාදීම ඉතා වැදගත් වන බවත් ඔහු පෙන්වා දෙයි.

ඕනෑම ක්‍රියාකාරකමක් මෙන්, පිහිනුම් අභ්‍යාස සඳහා ළමයකු ඇතුළත් කිරීමට පෙර දෙමාපියන් යම් පර්යේෂණයක් කිරීමට අවශ්‍ය වේ.
Brendon මේ සම්බන්ධයෙන් ප්‍රධාන නිර්ණායක වශයෙන් පහත නිර්ණායක පෙන්වා දෙයි:
- පිහිනුම් පාසැලේ සුදුසුකම් ලත් ගුරුවරුන් සිටීද?
- එම ගුරුවරුන්ට ස්වාධීන පිළිගැනීමක් තිබේද?
- පිහිනුම් පාසල ඔබේ අවශ්‍යතා සඳහා ගැලපේද?
- පිහිනුම් පාසල පිරිසිදුව හා පිළිවෙලට තිබේද?
- ඔබට කියවිය හැකි සහතික/සමාලෝචන තිබේද?
ප්‍රාන්ත සහ ටෙරිටරි හරහා පිහිනුම් / ක්‍රීඩා සඳහා වන වවුචර් යෝජනා ක්‍රම:
NSW
Active Kids වවුචර
වයස අවුරුදු 3 - 6 අතර ළමුන් සඳහා First Lap swimming වවුචර
NT
ප්‍රාථමික පාසල් ළමුන් සඳහා ක්‍රීඩා වවුචර
අවුරුදු 5 ට අඩු ළමුන් සඳහා ජල ආරක්ෂණ වැඩසටහන
QLD
Fair Play වවුචර
SA
අවුරුදු 5 - 15 දක්වා ළමුන් සඳහා ක්‍රීඩා වවුචර
TAS
Ticket to play වවුචර
VIC
Get Active Kids වවුචර් වැඩසටහන
WA
Kids Sport වැඩසටහන





