ඕස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හමුවේ, ඕස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන්ගේ අත්දැකීම්, ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වන පිරිස මුහුණ දිය හැකි තත්වය සහ ඒ සඳහා යම් ආකාරයකට හෝ සුදානම් විය යුතු අයුරු පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයින්ගේ අදහස් වලට සවන් දෙන්න මෙම පෙබරවාරි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- වික්ටෝරියා ප්‍රාන්තයේ නෑෂ් සමරකෝන් - බැංකු සහ මුල්‍ය උපදේශක
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ දේශාන් බණ්ඩාර
- ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ දිමල්ෂා මෙන්ඩිස්
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ උපේක්ෂා ඒකනායක
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ දේශානි දිණුගලගේ - සංක්‍රමණ නියෝජිත සහ උපදේශක
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






