Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියානු සහ ජාත්‍යන්තර සිසුන්ට $15,000 ක් දක්වා ශිෂ්‍යත්ව අරමුදල්, විස්තරේ මෙන්න

Classroom
Back view of female student raising arm to answer a question Credit: skynesher/Getty Images

ඕස්ට්‍රේලියානු රජයේ Destination Australia 2024 යන වැඩසටහන ඔස්සේ 2024 වටය මඟින් මෙම වසරේදී අධ්‍යයන කටයුතු ආරම්භ කරන දේශීය හා ජාත්‍යන්තර සිසුන් 550 කට ආසන්න පිරිසක් සඳහා වසරකට එක් සිසුවෙකුට ඩොලර් 15,000 දක්වා ශිෂ්‍යත්ව අරමුදල් ලබා දීම සිදු වේ.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියානු රජයේ Destination Australia 2024 යන වැඩසටහන ඔස්සේ 2024 වටය මඟින් මෙම වසරේදී අධ්‍යයන කටයුතු ආරම්භ කරන දේශීය හා ජාත්‍යන්තර සිසුන් 550 කට ආසන්න පිරිසක් සඳහා වසරකට එක් සිසුවෙකුට ඩොලර් 15,000 දක්වා ශිෂ්‍යත්ව අරමුදල් ලබා දීම සිදු වේ.


Destination Australia 2024 වැඩසටහන

Destination Australia 2024 වැඩසටහන මඟින් සුදුසුකම් ලත් දේශීය හා ජාත්‍යන්තර සිසුන්ට වසරකට ඩොලර් 15,000 දක්වා ශිෂ්‍යත්ව ලබා දේ.

————————————————————————————————————————————-

ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න

————————————————————————————————————————————-

ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල අධ්‍යාපනය හදාරන සිසුන් හට ඕස්ට්‍රේලියාවේ ජීවන වියදමට සහ අධ්‍යාපන කටයුතු සඳහා සහාය දක්වමින් මෙම ශිෂ්‍යත්ව අරමුදල් ලබාදීම සිදු වේ.

Destination Australia 2024 වැඩසටහන මඟින්:

  • ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය සහ දුරස්ථ ප්‍රදේශ වල අධ්‍යාපන ක්ෂේස්ත්‍රයේ වර්ධනයට දායක වේ,
  • ඕස්ට්‍රේලියානු සහ ජාත්‍යන්තර සිසුන්ට උසස් තත්ත්වයේ අධ්‍යාපනය, පුහුණුව සහ පර්යේෂණ සිදු කිරීමට සහ ප්‍රාදේශීය ප්‍රජා තුළ විශිෂ්ට ජීවන රටාවක් අත්විඳීමට අවස්ථාව ලබා දේ,
  • ජාත්‍යන්තර සිසුන් ගෙන එන සමාජ, සංස්කෘතික සහ ආර්ථික ප්‍රතිලාභ අත්විඳීමට ප්‍රාදේශීය ඕස්ට්‍රේලියානු ප්‍රජාවට අවස්ථාව හිමි වේ.
  • වසර 1 සිට 4 දක්වා කාලසීමාවක් තුල Certificate IV සිට ආචාර්ය උපාධිය දක්වා අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලබා දෙයි.

2024 වැඩසටහන හරහා සිසුන්ට ශිෂ්‍යත්ව 551ක් පිරිනැමීමට ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සැපයුම්කරුවන් තිස් දෙදෙනෙකු මේ වනවිට එකඟ වී තිබේ.

Victorian election 2018
Source: AAP

මේ සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ක්‍රියාත්මක වන බව ඕස්ට්‍රේලියානු අධ්‍යාපන දෙපාර්තමේන්තු වෙබ්අඩවිය සඳහන් කොට සිටී.

සුදුසුකම් ඇති සිසුන් ශිෂ්‍යත්ව සඳහා අයදුම් කරන්නේ කෙසේද?

ඕස්ට්‍රේලියාවේ සාර්ථක අධ්‍යාපනය සපයන්නන් ඔස්සේ සිසුන්ට සෘජුවම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කල හැක.

ඒ සඳහා ඔවුන් පහත සඳහන් නිර්ණායක සපුරාලිය යුතු වේ:

  • 2024 අධ්‍යයන වර්ෂයේදී අනුමත කල අධ්‍යාපන සැපයුම්කරුවෙකු සමඟ පූර්ණ කාලීන අධ්‍යයන පාඨමාලාවක් ආරම්භ කිරීම.
  • වසර 1 සිට 4 දක්වා කාලසීමාවක් තුල Certificate IV සිට ආචාර්ය උපාධිය දක්වා වූ පාඨමාලාවක් වීම.
  • අධ්‍යයන කාලය ආරම්භයේදී සහ එම කාලය තුළ ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක වාසය කිරීම.

ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු නම්:

  • ශිෂ්‍යත්ව කාලය සඳහා වලංගු ශිෂ්‍ය වීසා බලපත්‍රයක් පවත්වාගෙන යාම.
  • CRICOS හි ලියාපදිංචි "පූර්ණ කාලීන" අධ්‍යයන වැඩසටහනක නියැලී සිටීම.

සිදු කල යුතු වේ.

මෙම ශිෂ්‍යත්ව අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලත් අධ්‍යාපනය සපයන්නන් සම්බන්ධයෙන් වන ලැයිස්තුවට පිවිසෙන්න

Destination Australia 2024 වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා Destination Australia Program වෙබ් පිටුවට පිවිසෙන්න.

*******************************************************************************

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය

*******************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now