Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ අපි දකින "Mobile speed cameras" වැඩ කරන්නේ මෙහෙමයි

A speed camera on a motorway south of Brisbane (AAP).jpg

මේ උත්සව කාලයේදී ඕස්ට්‍රේලියාවේ Mobile speed camera බහුලව දක්නට ලැබේ. මෙම Mobile speed camera ක්‍රියා කරන්නේ කෙසේද සහ ඒවා ඔස්ට්‍රේලියාවට පැමිණීම සම්බන්ධයෙන් තොරතුරු මෙම ලිපිය ඔස්සේ ගෙන එයි.


Published

By Nipuna Dodangoda, Simon Raftery

Source: SBS


Share this with family and friends


මේ උත්සව කාලයේදී ඕස්ට්‍රේලියාවේ Mobile speed camera බහුලව දක්නට ලැබේ. මෙම Mobile speed camera ක්‍රියා කරන්නේ කෙසේද සහ ඒවා ඔස්ට්‍රේලියාවට පැමිණීම සම්බන්ධයෙන් තොරතුරු මෙම ලිපිය ඔස්සේ ගෙන එයි.


මෙම ගිම්හාන නිවාඩු කාලය තුළ රිය පැදවීමේදී, මාර්ගය දෙපස සුදු හෝ කහ පෙට්ටියක් වැනි යමක් සහ ඊට ඉහලින් කැමරාවක් සවි කොට තිබෙනු ඔබ දැක ඇති.

මේවා Mobile road safety camera හෙවත් "ජංගම මාර්ග ආරක්ෂණ" කැමරා වන අතර වේගයෙන් රිය පැදවීම, රිය පැදවීමේදී දුරකථනය භාවිතා කිරීම, ආසන පටි පැළඳීමට අපොහොසත් වීම වැනි සෑම වරදක්ම මේවාට හසු වේ.

ඔස්ට්‍රේලියාවේ වසරකට 1200ක් පමණ රිය අනතුරුවලින් මියයාම සිදු වේ.

එමෙන්ම මාර්ග අනතුරු හේතුවෙන් තුවාල ලබන පිරිස 2011 දී 34,000 සිට 2019 දී 39,000 දක්වා ඉහළ ගොස් ඇතැයිද වාර්තා වේ.

අධික වේගයෙන් රිය පැදවීම, බීමත්ව හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව පැදවීම, තෙහෙට්ටුව, අවධානය වෙනතකට යොමු කිරීම සහ අනතුරුදායක ලෙස රිය පැදවීම වැනි හැසිරීම් මාර්ග අනතුරු අවදානම ඉහල දමන බව බොහෝ දෙනා පිළිගන්නා කරුණකි.

රිය පැදවීමේදී ආසන පටි නොපැළඳීම හේතුවෙන් යම් හෙයකින් අනතුරක් සිදු වූ විට දරුණු තුවාල සිදුවිය හැක.

speed_camera_2.jpg
Credit: Herald Sun

මෙම හැසිරීම් හේතුවෙන් මහා මාර්ගවල ඇති වන කම්පනය අවම කිරීම සඳහා, මාර්ග නීතිවලට අනුකූල වීම සිදු කළ යුතු අතර ආරක්ෂිතව රිය පැදවීම දිරිමත් කළ යුතු වේ.

මේ හේතුවෙන්, මාර්ග ආරක්ෂණ ක්‍රියාවලිය සඳහා ආරක්ෂිත කැමරා භාවිතය තීරණාත්මක අංගයක් බවට පත්ව තිබේ.

Safety camera හෙවත් ජංගම මාර්ග ආරක්ෂණ කැමරා පිළිබඳ ඉතිහාසය කෙටියෙන්

1985 වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ Safety cameras හඳුන්වා දීමත් සමඟ ඕස්ට්‍රේලියාව තුල Speed camera ප්‍රථම වරට භාවිතා කිරීම ආරම්භ විය.

එතැන් සිට, Mobile speed camera භාවිතය ස්ථාවර Red light camera සහ Speed cameras, Mobile speed cameras සහ Point-to-point cameras දක්වා වර්ධනය වී තිබේ.

පසුගිය වසර තුන තුළදී, ජංගම දුරකථන හඳුනාගැනීමේ කැමරා නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, වික්ටෝරියා, ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි සහ ටැස්මේනියා යන ප්‍රාන්ත වල හඳුන්වා දී තිබේ.

එය ඉක්මනින්ම දකුණු ඕස්ට්‍රේලියාවේත් ක්‍රියාත්මක වනු ඇත. එමෙන්ම එය බටහිර ඕස්ට්‍රේලියාවේ ද මේ වනවිට අත්හදා බලා තිබේ.

මේ වනවිට, ක්වීන්ස්ලන්ත සහ ටස්මේනියා යන ප්‍රාන්ත "ආසන පටි පැළඳීම" බලාත්මක කිරීම සඳහා මෙම කැමරා භාවිතා කරන එකම ප්‍රාන්ත වේ, නමුත් 2024 වසරේදී නිව් සවුත් වේල්ස් ප්‍රන්තයද එසේ කිරීමට අදහස් කරයි.

Safety cameras හෙවත් ආරක්ෂිත කැමරා, රථයක වේගය හෝ වෙනත් අනතුරුදායක රිය පැදවීමේ හැසිරීම් හඳුනාගැනීම සිදු කරයි, මෙම කැමරා ස්ථාවර කැමරා හෝ ජංගම කැමරා විය හැක.

ස්ථාවර කැමරා, ස්ථිරවම එක් ස්ථානයක පිහිටා ඇති අතර පැය 24 පුරා ක්‍රියාත්මක වේ. වේගය සහ Red light පවතිද්දී ධාවනය ඉලක්ක කර ගැනීම සඳහා ඒවා මූලික වශයෙන් භාවිතා කරයි.

Mobile cameras හෙවත් ජංගම කැමරා, මාර්ගය අයිනේ ට්‍රේලර් වල තිබෙන අතර ඒවා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යා හැක.

එමෙන්ම ඕනෑම වේලාවක ඕනෑම තැනක තාවකාලිකව සවිකළ හැක.

ඒවා ප්‍රධාන වශයෙන් වේගයෙන් රිය පැදවීම ඉලක්ක කොට භාවිත කරන අතර වාහනයක හෝ ට්‍රයිපොඩ් මතද සවි කළ හැක.

ට්‍රේලර මත සවිකරන ලද ආරක්‍ෂිත කැමරා වැඩි කාලයක් පුරා බලධාරියකුගේ අවධානයෙන් තොරව තැබිය හැක.

සාමාන්‍යයෙන් එලාම් සහ ආරක්‍ෂක කැමරා වැනි ආරක්‍ෂක උපාංගවලින් මේවා සමන්විත වේ.

මෙම කැමරා විනාශකාරී ක්‍රියාවන්ගෙන් ආරක්ෂා කිරීමට ඔවුන්ට මෙම ආරක්ෂක උපාංග සවිකොට තිබේ, එමෙන්ම ඇතැම්විට මෙම කැමරා වෙඩි නොවදින ආකාරයටද නිර්මාණය කොට තිබේ.

ආරක්ෂිත කැමරා සාමන්‍යයෙන් ඉන් පෙර රිය අනතුරු සිදු වූ ප්‍රදේශ වල සහ අධික වේගයකින් රිය පදවන ස්ථාන වල තැබීම සිදු කරයි.

Safety camera හෙවත් ජංගම මාර්ග ආරක්ෂණ කැමරා ක්‍රියා කරන්නේ කෙසේද?

රථයක වේගය හඳුනා ගැනීමට සහ මැනීමට මෙම ආරක්ෂිත කැමරා "රේඩාර් හෝ ලේසර්" තාක්ෂනය භාවිත කරයි. Red light තිබියදී ධාවනය කිරීම හඳුනා ගැනීම සඳහා මාර්ගයේ සවිකර ඇති sensors භාවිතා කරයි.

ඇතැම් විට මෙම කැමරා විවිධ මංතීරු හරහා සහ ප්‍රතිවිරුද්ධ දිශාවලින් පැමිණෙන වාහන පවා හඳුනාගැනීමට හැකිවන පරිදි තැබීම සිදු කරයි.

මෙම කැමරා රාත්‍රී කාලයේ, මිදුම පවතින විට සහ වර්ෂාව ඇතුළු විවිධ ආලෝකකරණ සහ කාලගුණික තත්ත්වයන් යටතේ සාර්ථකව ක්‍රියා කරයි.

එමෙන්ම මෙම කැමරා තුල, සොරකම් කරන ලද, ලියාපදිංචි නොකළ, බලපත්‍ර රහිත රථවාහන හඳුනාගැනීම සඳහා ප්‍රධාන වන "අංක තහඩු හඳුනාගැනීමේ" හැකියාවද පවතී.

speed cameras
A supplied image of a trailer-mounted speed camera obtained Thursday, Dec. 22, 2016 Source: AAP / AAP Image/QLD Police

ස්ථාවර සහ ජංගම කැමරා එම ප්‍රදේශයට අදාළ වේගය බලාත්මක කරයි.

එමෙන්ම point-to-point cameras මගින් ධාවනය වන රථයක් පවතින ස්ථාන දෙකක් අතර වේගය මැනීම සිදු කරයි.

Mobile phone detection cameras හෙවත් ජංගම දුරකථන හඳුනාගැනීමේ කැමරා high-definition කාච සහ infrared භාවිතා කරයි.

එමඟින් රථයක වින්ඩ්ස්ක්‍රීන් එක හරහා යමෙකු නීතිවිරෝධී ලෙස ජංගම දුරකථනයක් භාවිතා කරන්නේද යන්න තීරණය කිරීමට ඉඩ සලසයි.

ඔවුන් තම ආසන පටිය නිවැරදිව පැළඳ සිටිනවාද යන්නද මේ ඔස්සේ තීරණය කළ හැක.

මෙම කැමරාවලට වාහනයේ වේගයද මැනිය හැකි අතර රථවාහන නිරීක්ෂණය කිරීම සඳහා "අංක තහඩු" හඳුනාගැනීම භාවිතා කළ හැක.

රියදුරන්ගේ හැසිරීම වැඩිදියුණු කිරීමට මේවා කටයුතු කරනවාද?

විවිධ වර්ගයේ වේග කැමරාවල බලපෑම් පිළිබඳ සිදු කල සමාලෝචනයකින් පෙනී ගොස් ඇත්තේ ඒවා අධික වේගයෙන් ධාවනය වන වාහන සංඛ්‍යාව අඩු කිරීම සිදු කරන බවයි.

එමෙන්ම වඩාත් වැදගත් ලෙස බරපතල තුවාල සහ මාරාන්තික අනතුරු 20% කින් පමණ අඩු කිරීමට මෙම කැමරා ඵලදායී ලෙස උපකාරී වී ඇති බවත් හඳුනාගෙන තිබේ.

Mobile phone detection cameras හෙවත් ජංගම දුරකථන හඳුනාගැනීමේ කැමරා වල සඵලතාවය පරීක්ෂා කිරීමේ අධ්‍යයනයන් තවමත් සිදු කර නොමැත.

Detection cameras rolling out across New South Wales in bid to catch drivers on mobile phones
Credit: NSW Government

කෙසේ වෙතත්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මෙම Mobile phone detection cameras හඳුන්වා දීමෙන් පසු වසර තුනක් තුළ රිය පැදවීමේදී සිදු කරන ජංගම දුරකථන භාවිතයේ සැලකිය යුතු අඩුවීමක් අත්විඳ තිබේ.

එමෙන්ම මෙම කැමරා, මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් හඳුනාගැනීමටත් ඵලදායී ක්‍රමයකි.

ආරක්‍ෂිත කැමරා මගින්, මාර්ගයේ අයහපත් රියදුරන්ගේ හැසිරීම අඩු කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

මේ ඔස්සේ ඕස්ට්‍රේලියාවේ මාර්ග සෑම අයකුටම ආරක්ෂාකාරී කිරීමටද ඉහල සහායක් ලබාදේ.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now