Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

එදිනෙදා ජීවිතයේ ප්ලාස්ටික් අඩු කිරීමට සරළ පියවර හතක්

Seven Steps to Reducing Plastics in Your Life

Seven Steps to Reducing Plastics in Your Life Source: AAP / AAP Image

Clean Up Australia වෙබ් අඩවිය ඉදිරිපත් කළ ඔබේ දෛනික ජීවිතයේදී ප්ලාස්ටික් අවම කිරීමට සහ පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ඔබට ගත හැකි සරල නමුත් ඵලදායී පියවර හතක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ


2023 වසරේ අගෝස්තු 07 සිට 13 දක්වා Keep Australia Beautiful Week හෙවත් "ඔස්ට්‍රේලියාව පිරිසිදුව තබාගැනීමේ සතිය" ක්‍රියාත්මක වේ.

එහිදී අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ඒවා කළමනාකරණය කිරීම පිළිබඳ සමස්ත ඔස්ට්‍රේලියාවම දැනුවත් කෙරේ.

අපද්‍රව්‍ය අතර ප්ලාස්ටික් යනු බරපතල ගැටලුවකි.

සම්පුර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් තොර ජීවන රටාවකට එක රැයකින් සංක්‍රමණය වීම බොහෝ දෙනෙකුට අභියෝගාත්මක ඉලක්කයක් වනු ඇත,

නමුත් අපගේ ප්ලාස්ටික් පරිභෝජනය අඩු කිරීම සඳහා අපි සෑම දිනකම කුඩා පියවරක් ගතහොත් එම ඉලක්කය වෙත යාම එතරම් අපහසු නොවේ.

Clean Up Australia වෙබ් අඩවිය ඉදිරිපත් කළ ඔබේ දෛනික ජීවිතයේදී ප්ලාස්ටික් අවම කිරීමට සහ පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ඔබට ගත හැකි සරල නමුත් ඵලදායී පියවර හතක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

01. නැවත භාවිතා කළ හැකි බෑග් රැගෙන සාප්පු යන්න

ප්ලාස්ටික් බෑග් යනු එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් භාණ්ඩ වලින් එකකි.

ඔබ යන යන තැන නැවත භාවිත කළ හැකි ෂොපින් බෑග් රැගෙන යාමට පුරුදු වන්න.

ඔබේ මෝටර් රථයේ හෝ ඉදිරිපස දොර ළඟ ශක්තිමත්, නැමිය හැකි යළි යළිත් භාවිත කළ හැකි බෑග් කිහිපයක් තබා ගන්න.

Re Usable Bags.jpg
Credit: AAP

02. ඉවත දැමිය හැකි ජල බෝතල් භාවිතයට නොගන්න

ඇදහිය නොහැකි ලෙස ඔස්ට්‍රේලියාව ලෝකයේ මිල අධිකම බෝතල් කළ ජලය ඇති රට වන අතර, ඒක පුද්ගල පරිභෝජන අනුපාතිකය අනුව බෝතල් කළ පානීය ජලය භාවිත කරන ලොව දෙවැනි රට බවට ඔස්ට්‍රේලියාව පත්ව ඇත.

බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට තම ජල කරාමයෙන් සෘජුවම ඉතා හොඳ, ආරක්ෂිත පානීය ජලය ලබා ගත හැකි වුවද, සාමාන්‍යයෙන්, සෑම ඔස්ට්‍රේලියානුවෙක්ම බෝතල් කළ ජලය සඳහා වසරකට ඩොලර් 580 ක් පමණ වියදම් කරන බව හෙළිවී තිබේ.

නැවත නැවත භාවිත කළ හැකි ජල බෝතලයක් ගෙන ඔබ යන ඕනෑම තැනක එය රැගෙන යන්න.

Water Bottles AAP.jpg
Credit: AAP

03. නැවත භාවිතා කළ හැකි විකල්පවලට යාම

එක් වරක් භාවිතා කළ හැකි අයිතම නැවත භාවිතා කළ හැකි විකල්ප සමඟ ප්‍රතිස්ථාපනය කිරීම ප්ලාස්ටික් අඩු කිරීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමයකි.

ප්ලාස්ටික් බට, ප්ලාස්ටික් උපකරණ සහ ප්ලාස්ටික් භාජන, විශේෂයෙන් කෝපි කෝප්ප ප්ලාස්ටික් දූෂණයට සැලකිය යුතු ලෙස දායක වේ.

ජලයට ඔරොත්තු දෙන තුනී ප්ලාස්ටික් ලයිනිං නිසා බොහෝ කෝපි කෝප්ප කඩදාසි ප්‍රතිචක්‍රීකරණ කම්හල්වල කාර්යක්ෂමව ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි බැවින් බහුතරයක් පුළුස්සා හෝ landfill අපද්‍රව්‍ය ලෙස බැහැර කරනු ලැබේ.

Plastic Straws - AAP.jpg
Credit: AAP

04. ප්ලාස්ටික් නොවන ඇසුරුම් තෝරාගන්න

සිල්ලර බඩු මිලදී ගැනීමට යාමේදී, ඔබ මිලට ගන්නා නිෂ්පාදන සඳහා භාවිතා කරන ඇසුරුම් ගැන සැලකිලිමත් වන්න.

පෙර-ඇසුරුම් කළ මස්, මාළු සහ deli නිෂ්පාදන, විශේෂයෙන් පොලි ස්ටයිරීන් තැටි මත අලෙවි කරන නිෂ්පාදන ප්‍රතික්ෂේප කරන්න.

ඇසුරුම් නොකරන ලද නැවුම් නිෂ්පාදන මිලදී ගෙන අවම හෝ ප්ලාස්ටික් ඇසුරුම් නොමැති අයිතම සොයා බලා ඇසුරුම්වල එක් එක් කොටස් නිවැරදිව බැහැර කරන්නේ කෙසේදැයි පවසන ඔස්ට්‍රේලියානු ප්‍රතිචක්‍රීකරණ ලේබලය ගැන විමසිලිමත් වන්න.

Meats.jpg
Credit: AAP

05. ආහාර ගබඩා කිරීමට ප්ලාස්ටික් නොවන භාජන භාවිත කරන්න

ආහාර ගබඩා කිරීම සහ ඇසුරුම් කිරීම සඳහා වීදුරු බහාලුම්, මල නොබැඳෙන වානේ ආහාර පෙට්ටි සහ beeswax wraps භාවිතා කිරීම සලකා බලන්න.

එකවරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් බහාලුම් වෙනුවට ඉතිරි වන ආහාර සහ දිවා ආහාර සඳහා වීදුරු හෝ මල නොබැඳෙන වානේ බහාලුම් තෝරා ගන්න.

Glass Containers.jpg
Credit: Getty Images

06. ප්ලාස්ටික් රහිත Personal Care නිෂ්පාදන තෝරාගන්න

උණ බම්බුවලින් නිපදවූ දත් බුරුසු, ෂැම්පු බාර් සහ ආරක්ෂිත රේසර් වැනි ප්ලාස්ටික්-රහිත විකල්ප නිෂ්පාදන ගැන විමසිල්ලෙන් සිටින්න.

නැතහොත් අඩුම තරමින් ඔබ මිලදී ගන්නා Personal Care නිෂ්පාදන අඩංගු ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වලින් තනන ලද ඒවා බවට වග බලා ගන්න.

menstrual cups, period underwear සහ සේදිය හැකි කපු පෑඩ් සහ ලයිනර් ඇතුළු එකවරක් භාවිත කළ හැකි සනීපාරක්ෂක අයිතම සඳහා නැවත භාවිත කළ හැකි විකල්ප බොහොමයක් තිබේ.

Plastic Shampoo Bottles.jpg
Credit: Getty Images

07. හැකිතාක් දැනුවත් කරන්න

අවසාන වශයෙන් ප්ලාස්ටික් දූෂණයේ හානිකර බලපෑම් පිළිබඳව දැනුවත් කිරීම සහ අපද්‍රව්‍ය අවම කිරීම සඳහා ඔබ හා එක්වීමට අන් අයව දිරිමත් කරන්න.

ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට අපට සාමූහික බලපෑමක් ඇති කළ හැකි අතර විශාල පරිමාණයෙන් ධනාත්මක වෙනසක් ඇති කළ හැකිය.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now