Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දඩ නැතුව බදු ගෙවන්න දුන් කාලය දෙසැ 31න් අවසන්, ඉක්මන් කරන්නැයි බදු කාර්යාලය කුඩා ව්‍යාපාර වලට කියයි

site_1_rand_1214987256_australian_taxation_office_ato_100414_b_aap.jpg

බදු ගෙවීමට ප්‍රමාද වූ කුඩා ව්‍යාපාර නැවත ඕස්ට්‍රේලියානු බදු ක්‍රමය සමඟ යාවත්කාලීන වීම දිරිමත් කිරීමට lodgment penalty amnesty වශයෙන් වැඩසටහනක් හඳුන්වාදීම මෙම වසරේ ජූනි මසදී රජය සිදු කළ අතර එම කාලය දෙසම්බර් මස 31 වැනිදායින් අවසන් වන බව ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.


ඕස්ට්‍රේලියානු රජය, බදු ගෙවීමට ප්‍රමාද වූ කුඩා ව්‍යාපාර නැවත ඕස්ට්‍රේලියානු බදු ක්‍රමය සමඟ යාවත්කාලීන වීම දිරිමත් කිරීමට lodgment penalty amnesty වශයෙන් වැඩසටහනක් හඳුන්වාදීම මෙම වසරේ ජූනි මසදී සිදු කළේය.

මේ ඔස්සේ 2019 දෙසැම්බර් 1දා සහ 2022 පෙබරවාරි 28දා අතර ගෙවීමට නියමිතවූ, නමුත් ප්‍රමාද වූ "ආදායම් බදු වාර්තා", "ව්‍යාපාර ක්‍රියාකාරකම් ප්‍රකාශ" සහ "බදු ප්‍රතිලාභ" සඳහා පොදු සමාවක් අදාළ වේ.

මෙම වැඩසටහන ඔස්සේ ලබාදුන් බදු සමා කාලය මෙම වසරේ දෙසම්බර් මස 31 වැනිදායින් අවසන් වන බව ඕස්ට්‍රේලියානු බදු කාර්යාල (ATO) වෙබ්අඩවිය සඳහන් කරයි.

Lodgment penalty amnesty වැඩසටහන 2023 වසරේ ජූනි 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ අතර එමගින් ඕස්ට්‍රේලියානු කුඩා ව්‍යාපාර 14,000 ක් පමණ ප්‍රතිලාබ ලැබීය. එමෙන්ම මේ ඔස්සේ ඔවුන්ගෙන් රජයට අයවිය යුතු ඩොලර් මිලියන 48 පමණ දඩ මුදලක් අතහැර දැමීමටත් ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය කටයුතු කළේය.

තම සමාගම් නැවතත් ඕස්ට්‍රේලියානු බදු ක්‍රමය සමඟ යාවත්කාලීන කරන අධ්‍යක්ෂවරුන් company lodgments හරහා තම බදු කටයුතු අවසන් කරන්නේ නම් ඔවුන් ගෙවිය යුතු failure to lodge (FTL) සඳහා වන දඩ මුදල් නොගෙවිය යුතු බව ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) පවසයි.

ATO admits working hours inefficient
Source: ABC Australia

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු බදු කාර්යාල සහකාර කොමසාරිස් Jillian Kitto පවසන්නේ, මෙය කුඩා ව්‍යාපාරවලට ඕස්ට්‍රේලියානු බදු ක්‍රමය සමඟ යාවත්කාලීන වීමට සහ දඩ නොගෙවා තම ආදායම් බදු වාර්තා lodge කිරීමට කදිම අවස්ථාවක් බවයි.

————————————————————————————————————————————-

ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට

 පිවිසෙන්න

————————————————————————————————————————————-

මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඔබ කළ යුත්තේ ආදායම් බදු වාර්තා lodge කිරීම පමණක් වන අතර, බදු කාර්යාලය මගින් failure to lodge (FTL) සඳහා වන දඩ මුදල් අවලංගු කරන බව Jillian පවසයි.

කෙසේ නමුත් ආදායම් බදු වාර්තා lodge කිරීම යාවත්කාලීනව තබාගැනීම ඉතා වැදගත් වන බවත් ඒ ඔස්සේ ඔබේ ව්‍යාපාරයේ තිබෙන සැබෑ මූල්‍ය තත්ත්වය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් තබාගත හැකි බවත් Jillian කියා සිටී.

යම් හෙයකින් කුඩා ව්‍යාපාරයක් වසා දැමුවහොත් ඒ සම්බන්ධයෙන් ඔවුන් ඔවුන්ගේ ලියාපදිංචි බදු වෘත්තිකයින්ට දැනුම් දිය යුතු වේ.

එසේ නොමැතිනම් බදු බැඳීම් අවසන් කිරීම සඳහා සහය ලබා ගැනීමට සෘජුවම ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) ඇමතියයුතු වේ.

Small business
Portrait of a happy business owner hanging an open sign on the door at a cafe and smiling Credit: filadendron/Getty Images

lodge කිරීමට ප්‍රමාද වූ බදු ප්‍රතිලාභ, ABN අවලංගු කිරීම සහ බදු කාර්යාලයට ගෙවියයුතු වූ මුදල් ගෙවීම මෙහිදී සිදු කල හැක.

lodgment penalty amnesty වැඩසටහන යටතේ දඩ මුදල් අවලංගු කලත්, යම් ව්‍යාපාරයක් lodge කිරීමට ප්‍රමාද වූ බදු වාර්තා lodge කිරීමෙන් පසු බදු ණයක් ඇති බව සොයාගතහොත් ඔවුන් එහිදී සම්පුර්ණ මුදල ගෙවිය යුතු වේ.

මෙහිදී payment plan එකක් සඳහා තමන් සුදුසුකම් ලබන්නේද යන්න දැනගැනීමට ඕස්ට්‍රේලියානු බදු කාර්යාල (ATO) වෙබ් අඩවිය පරීක්ෂා කිරීම වැදගත් වේ.

*******************************************************************************

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now