ඔස්ට්‍රේලියාවේ online shopping කිරීමේදී තිබෙන අවදානම ගැන ඔබ දැනගත යුතු දේ, SBS සිංහල වෙතින්

Overhead View Of Young Woman Doing Online Shopping With Laptop

Although technology has made shopping easier, it comes with risk. Source: Moment RF / Oscar Wong/Getty Images

Online shopping හෙවත් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීම පාරිභෝගිකයින්ට පහසුව මෙන්ම ප්‍රතිලාභ රැසක් ලබාදීම සිදු කරයි. නමුත් මෙහි ඉහල අවදානමක්ද පවතී. බොහෝ නීත්‍යානුකූල online වෙළඳුන් පාරිභෝගිකයින්ගේ පුද්ගලික දත්ත රැස් කිරීම සිදු කරන අතර, මේ හේතුවෙන් බොහෝ වංචාකරුවන් ඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කරමින් වංචා සහගත ක්‍රියා සිදු කරයි.


Key Points
  • ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාලය හරහා ඉලෙක්ට්‍රොනිකව සිදු කරන වාණිජ ගනුදෙනු වර්ධනය වන විට, online shopping සිදු කරන්නන් ද වංචනික ක්‍රියාවලට වැඩි වැඩියෙන් නිරාවරණය වේ
  • බොහෝ සිල්ලර වෙළෙන්දන් අලෙවිකරණ අරමුණු සඳහා වට්ටම් ලබාදෙමින් පාරිභෝගිකයින්ගේ පුද්ගලික දත්ත රැස් කරයි
  • මෙම දත්ත ලාභ ලැබීම සඳහා black market එක තුල විකිණිය හැකි බැවින් සයිබර් අපරාධකරුවන් මෙම දත්ත සොරගනීම සම්බන්ධයෙන් උනන්දු වේ
  • සයිබර් අපරාධකරුවන් මිනිසුන්ගේ මුදල් සහ අනන්‍යතා සොරකම් කිරීම සඳහා ව්‍යාජ online වෙළඳසැල් ද පිහිටුවයි
පසුගිය දශකය තුළ ඕස්ට්‍රේලියාවේ online shopping ක්‍රමයෙන් ඉහල යාම සිදු වුවත්, COVID-19 වසංගතය අතරතුර සිදු කල lockdown හේතුවෙන් බොහෝ පාරිභෝගික පිරිසක් අපේක්ෂා නොකළ පරිදි එය භාවිත කිරීමට පෙළඹී තිබේ.

මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකට අනුව, සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම අවම වශයෙන් ඔවුන්ගේ සිල්ලර බඩු අන්තර්ජාලය හරහා මිලදී ගනී. වෙනත් අධ්‍යයනවලින් පෙනී යන්නේ වසංගතය තුළ online මගින් සුපිරි වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීම පමණක් තුන් ගුණයකින් ඉහල ගොස් ඇති බවයි.

University of Tasmania හි ව්‍යාපාර හා ආර්ථික විද්‍යා විද්‍යාලයේ පර්යේෂකයෙකු සහ අලෙවිකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Louise Grimmer පවසන්නේ, කොවිඩ් වසංගතයට පෙර ඇතැම් විශාල සිල්ලර වෙළඳසල්වලට හොඳ online shopping හැකියාව තිබු නමුත් කොවිඩ් සමග ඔවුනට සේවාවන් වැඩිදියුණු කිරීමට සිදු වූ බවයි.

වසංගතයට පෙර ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ගෙන් 40%ක් පමණ online shopping සිදු කල අතර, මේ වනවිට පාරිභෝගිකයින්ගෙන් 50% ක් පමණ නිතිපතා online shopping සිදු කරන බවත් ආචාර්ය Louise පවසයි.

බොහෝ සිල්ලර වෙළෙන්දන් තම ව්‍යාපාරය ස්ථාවරව රඳවා තබා ගැනීමේ අරමුණින් වැඩිදියුණු කළ පාරිභෝගික සේවා සහ වෙනත් ප්‍රතිලාභ ලබා දීමට ඔවුන්ගේ වෙබ් අඩවි වැඩිදියුණු කොට තිබේ.

මෙම වෙබ් අඩවි හරහා බොහෝ විට ගනුදෙනුකරුවන්ට, කූපන් පත් ලබාදීම් , මුදල් ආපසු ලබාදීම් වැනි දිරිගැන්වීම් සහ විශේෂ දීමනා ලබාදීම සිදු කරයි.

කෙසේ නමුත්, මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන මෙම වෙළඳසැල් මෙහිදී පාරිභෝගිකයින්ගේ පුද්ගලික දත්ත රැස් කරන අතර අනතුරුව online shopping සිදු කිරීම පිළිබඳ වාර්තා තබා ගන්නා බව පාරිභෝගිකයින් දැන සිටිය යුතුය

Blue silhouette hacker
Source: Getty / Getty Images
මෙම පාරිභෝගික පෞද්ගලික දත්ත සහ එම පාරිභෝගිකයින්ගේ සාප්පු සවාරි පුරුදු සම්බන්ධයෙන් එකතු කරන ලද දත්ත ඔවුනට නීත්‍යානුකූල අලෙවිකරණ අරමුණු සඳහා ව්‍යාපාරවලට භාවිතා කළ හැක. එමෙන්ම user agreement හෙවත් "පරිශීලක ගිවිසුම" යටතේ අවසර දී ඇත්නම්, එම දත්ත නීත්‍යානුකූලව මුදල් ඉපැයීමට හෝ වෙනත් තුන්වන පාර්ශ්ව ව්‍යාපාරවලට විකිණීමට ද ඔවුනට හැකියාව පවතී.

කෙසේ නමුත් මෙම පාරිභෝගික දත්ත සයිබර් අපරාධකරුවන් සහ හැකර්වරුන් තම වාසිය සඳහා භාවිතා කිරීමට බලාපොරොත්තු වන අතර, පුද්ගලික තොරතුරු ලාභ සඳහා black market එක තුල විකිණීමට හැක.

ව්‍යාජ අන්තර්ජාල වෙළඳසැල් සහ අනන්‍යතා සොරකම්

online shopping සිදු කිරීමේ විශාලතම අවදානමක් වන්නේ, මුදල් හෝ පුද්ගලික තොරතුරු සොරකම් කිරීම සඳහා වංචනිකයින් පිහිටුවන ලද ව්‍යාජ අන්තර්ජාල වෙළඳසැල් තිබීමයි.

ඕස්ට්‍රේලියානු තරඟ සහ පාරිභෝගික කොමිසමේ නියෝජ්‍ය සභාපති Delia Rickard මේ සම්බන්ධයෙන් සඳහන් කොට සිටින්නේ වංචාකරුවන් අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යවල ව්‍යාජ වෙළඳසැල් පිහිටුවීම සිදු කරන අතර වංචනික වෙබ් අඩවි හඳුනා ගැනීම වඩ වඩාත් දුෂ්කර වී ඇති බවයි.

මෙවැනි වංචාකරුවන් සැබෑ වෙළඳසල් වල ලාංඡන භාවිතා කරමින් විශ්වාසනීයත්වය ගොඩනගා ගැනීම සඳහා පෙනී සිටියි. ඔවුන් බොහෝ විට ඉතා අඩු මිල ගණන් හෝ ඉහල ප්‍රතිලාභ සහිත නිෂ්පාදන ප්‍රචාරණය කරයි.

එමෙන්ම බොහෝ විට ඔවුන් ඕස්ට්‍රේලියානු සමාගමක් ලෙස පෙනී සිටින අතර, සොරකම් කරන ලද ඕස්ට්‍රේලියානු ABN අංක පවා භාවිත කිරීම සිදු කරයි.

මෙවැනි වෙබ් අඩවි සාමාන්‍ය නොවන ගෙවීම්, මුදල් හෝ වවුචර ඉල්ලා සිටීම සිදු කරයි නම් එය වංචාවක් විය හැකි බව Delia පවසයි. එමෙන්ම ඇය අවධාරණය කොට සිටින්නේ ඔබ මෙවැනි වංචාවකට හසු වූ බවට සිතුන හොත් වහාම ඔබේ බැංකුව සම්බන්ධ කරගන්නා ලෙසයි.

කෙසේ නමුත් මේ වනවිට පවතින වැඩි ඉල්ලුම මත භාණ්ඩ බෙදාහැරීමේ පවතින ප්‍රමාදය හේතුවෙන් යමකු වංචාවකට හසු වී ඇතිද යන්න ඉක්මනින් දැනගැනීමට හැකියාවක් නොපවතින බවත් Delia පෙන්වා දෙයි.

ඔබ මෙවැනි වංචාවකට හසු වුවහොත් කුමක් කල යුතුද?

බොහෝ online ඔස්සේ සිදු වන වංචා වල පුද්ගලයින්ගේ නම්, වයස සහ ලිපිනයන් වැනි පුද්ගලික තොරතුරු ලබාගැනීම සඳහා link නිර්මාණය කොට තිබේ. එමෙන්ම රියදුරු බලපත්‍ර සහ විදෙස් ගමන් බලපත්‍ර තොරතුරු ලබාගැනීමද ඔවුන් සිදු කරයි.

පුද්ගලයින්ගේ අනන්‍යතා සොරකම් කිරීම සඳහා මෙම වංචා බහුලව භාවිතා වේ.
SCAM CONCEPT
Scam Source: Getty / Getty Images
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් University of Melbourne හි පරිගණක හා තොරතුරු පද්ධති පාසලේ මහාචාර්ය Shanton Chang පෙන්වා දෙන්නේ, ඔවුන්ට ඔබේ නම, ලිපිනය, උපන් දිනය සහ ඇතැම් විට ඔබේ දුරකථන අංකය තිබේ නම්, ඔවුන්ට ඔබේ මූල්‍ය ආයතනයට ගොස් ඔබ ලෙස පෙනී සිටිය හැකි බවයි.

සියලුම නිල සංවිධාන ඔබ කවුදැයි හඳුනා ගන්නා ආකාරය එය වන බවත් Shanton පවසයි.

Delia පවසන්නේ මෙවැනි වංචාවක් වාර්තා කිරීම සඳහා සහ නිසි උපකාර ලබාගැනීම සඳහා ඉක්මනින් Scamwatch අමතන ලෙසයි.

සාමාන්‍යයෙන් online ඔස්සේ සිදු වන වංචා පිළිබඳව දැනුවත් වීම සඳහා Scamwatch වෙබ් අඩවිය හෝ ඔවුන්ගේ 'Little black book of scams' නිතිපතා පරීක්ෂා කරන ලෙසත් ඇය උපදෙස් දෙයි. මේවා විවිධ භාෂා 10 කින් ලබා ගැනීමට හැකියාව පවතී.

අනන්‍යතා සොරකම්වලට එරෙහිව සටන් කිරීමට උපකාර වන රජයේ අරමුදල් සපයන සංවිධානයක් වන idcare.org හා සම්බන්ධ වීමද තවත් විකල්පයකි.

ආචාර්ය Louise නිර්දේශ කොට සිටින්නේ online shopping සිදු කරන්නන් ගෙවීම් හෝ පුද්ගලික තොරතුරු ලබා දීමට පෙර තමන් පිවිසෙන වෙබ් අඩවිය සම්බන්ධයෙන් දෙවරක් පරීක්ෂා කිරීමෙන් තමන්ව ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.

ඔබ online shopping සිදු කරද්දී, ඔබ බ්‍රවුසරයේ එම වෙළෙන්දාගේ URL එකෙහි සිටින විට, එහි තිබෙන "කුඩා අගුළු නිරූපකය" (little padlock icon) ඇති බවට වග බලා ගන්න ලෙසත් එවැන්නක් තිබේ නම් එයින් අදහස් වන්නේ එය ආරක්ෂිත වෙබ් අඩවියක් බවත් ආචාර්ය Louise අවධාරණය කොට සිටී.

Official website 2.jpg
Check if there is the little padlock icon, to make sure it's a secure site that you're shopping with... Credit: SBS

එමෙන්ම එම වෙබ් සාප්පුව සම්බන්ධයෙන් තිබෙන reviews සහ ratings පිළිබඳව ද අවධානය යොමු කිරීමද වැදගත් වේ.

online shopping සඳහා අලුතින් පැමිණෙන පුද්ගලයින් ඔවුන්ගේ පවුලේ අය හෝ මිතුරන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස ද ඇය යෝජනා කරයි, මේ ඔස්සේ online shopping සිදු කිරීම සඳහා ඔබ සිටින වෙබ් අඩවිය විශ්වාසදායක බව සහතික කිරීමට ඔවුන්ට උපකාර කළ හැක.

මෙවැනි අවස්ථා වලදී පොලිසිය සම්බන්ධ කර ගැනීම අවශ්‍ය නොවන නමුත්, ඇතැම් විට එවැනි වංචාකරුවන් ඕස්ට්‍රේලියාවේ සිටිය හොත් එසේ කිරීම උදව්වක් විය හැක.

_______________________________________________________________________________________________

ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට

_______________________________________________________________________________________________

SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න
_______________________________________________________________________________________________

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service