Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඩොලර් මිලියන ගණනක් සොරා කෑ 'Hi Mum' වංචාව දැන් අලුත් මුහුණුවරකින්

A woman sitting on a couch talking on the phone
The 'Hi Mum' scam was based around WhatsApp and text messages, but in 2024, it uses voice impersonation technology Source: Getty / Pawel Wewiorski

නව වසරත් සමග ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන වංචාසහගත ක්‍රියාකාරකම් වලද වෙනසක් දක්නට ලැබේ. වංචාකරුවන් voice impersonation හෙවත් "කටහඬ අනුකරණය කිරීමේ" තාක්ෂණය මෙවැනි වංචා සඳහා යොදාගන්නා බව වාර්තා වේ.


Published

By Nipuna Dodangoda, Jessica Bahr

Source: SBS



Share this with family and friends


නව වසරත් සමග ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන වංචාසහගත ක්‍රියාකාරකම් වලද වෙනසක් දක්නට ලැබේ. වංචාකරුවන් voice impersonation හෙවත් "කටහඬ අනුකරණය කිරීමේ" තාක්ෂණය මෙවැනි වංචා සඳහා යොදාගන්නා බව වාර්තා වේ.


Key Points

  • National Australia Bank මගින් 2024 දී වංචාකරුවන් සිදු කරන නව වංචා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට අනතුරු අඟවා තිබේ.
  • මේවා 2022 දී ඕස්ට්‍රේලියානුවන් දහස් ගණනකට බලපෑම් කළ 'Hi Mum' කෙටි පණිවුඩ වංචාවේ තවත් අදියරක් වශයෙන් සැලකිය හැක.
  • අලුත්ව තිබෙන මෙම වංචාව සඳහා පවුලේ අය හෝ මිතුරන් ලෙස පෙනී සිටිමින් ඔවුන්ගේ හඬ භාවිත කරමින් මුදල් ඉල්ලා සිටී.

2022 වසරේදී, 'Hi Mum' ලෙසින් වූ වංචාසහගත කෙටි පණිවිඩය ඕස්ට්‍රේලියාවේ වඩාත් සුලභ වංචාවක් බවට පත් විය.

මේ ඔස්සේ බොහෝ ඔස්ට්‍රේලියානුවන්ගේ දරුවන් ලෙස පෙනී සිටිමින් අපරාධකරුවන් ඩොලර් මිලියන ගණනක වංචා සිදු කොට තිබේ.

මෙම වංචාව සරල නමුත් ඵලදායී වූ අතර, එම වසරේ ඕස්ට්‍රේලියාවේ මෙම වංචාසහගත සිදුවීම් 11,000 කට වඩා වාර්තා විය.

————————————————————————————————————————————-

ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න

————————————————————————————————————————————-

නමුත් මේ වනවිට මෙම වංචා තවදුරටත් සංකීර්ණ වී ඇති බවට ඕස්ට්‍රේලියානු බලධාරීන් අනතුරු අඟවා සිටී.

නවතම ප්‍රවේශය ලෙස වංචාකරුවන් AI හෙවත් "කෘතීම බුද්ධිය" භාවිත කරමින් යමකුගේ හඬකට සමාන හඬකින් යුතුව වංචාසහගත දුරකථන ඇමතුම් ලබාදීම සිදු කරන බව වාර්තා වී තිබේ.

National Australia Bank හි ඩිජිටල් අංශය සම්බන්ධයෙන් වන ප්‍රධාන නිලධාරි Suj Rana පවසන්නේ අපරාධකරුවන් මේ සම්බන්ධයෙන් සැකයක් නොසිතන දෙමව්පියන්ගෙන් ප්‍රයෝජන ගැනීමට නවීන තාක්ෂණය මෙලෙස භාවිතා කරන බවයි.

'Hi Mum' යන්න කෙටි පණිවුඩයක් වූ අතර, කෙසේ නමුත් මේ වනවිට සිදු වන වංචා පවුලේ සාමාජිකයෙකු ලෙස පෙනී සිටිමින්, එම පුද්ගලයාගේ හඬ තාක්ෂණිකව අනුකරණය කිරීමක් වන බව Suj Rana Channel Nine හි Today වැඩසටහනට සඳහන් කොට තිබේ.

phone scams
Source: SBS

යමකුගේ සමාජ මාධ්‍ය ඔස්සේ හෝ යමකු යොමු කරන voicemail පණිවුඩයක, තත්පර 3කි වැනි කුඩා කොටසක් භාවිත කරමින් වංචාකරුවන්ට එම පුද්ගලයාගේ හඬ තාක්ෂණිකව අනුකරණය කිරීම තිබේ.

මෙම නවතම වංචාවට හසු වූ බවට National Australia Bank වෙත කිසිදු පැමිණිල්ලක් තවමත් වාර්තා වී නොමැති අතර කෙසේ නමුත් එය කාලය පිලිබඳ ගැටළුවක් පමණක් වන බව Suj කියා සිටී.

මෙම වංචාවන් මේ වනවිටත් ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ වාර්තා වන අතර එය ඉදිරි මාස කිහිපය තුලදී ඕස්ට්‍රේලියාවෙත් දැකිය හැකි බව Suj පවසයි.

ඔබ වංචාසහගත දුරකථන ඇමතුමක් හඳුනා ගන්නේ කෙසේද?

Voice impersonation technology හෙවත් යමකුගේ "හඬ අනුකරණය කිරීමේ තාක්ෂණය" ඔස්සේ මෙම දුරකථන ඇමතුම් වඩාත් සත්‍ය බවට වැටහෙන නමුත් මේවා හඳුනාගැනීමට ක්‍රම කිහිපයක් පවතී.

ප්‍රධාන වශයෙන් තමන් දන්නා අයකුගෙන් ලැබෙන දුරකථන ඇමතුමක් අනපේක්ෂිත නම් හෝ වෙනත් දුරකථන අංකයකින් ලැබුනහොත් ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කිරීම වැදගත් වේ.

ඇමතුම ලබාදෙන්නා ඔබට ඉක්මනින් ගෙවීමක් කරන ලෙසත් කිසිවෙකුට නොකියන ලෙසත් ඉල්ලා සිටින්නේ නම්, මෙයද ඇමතුම සත්‍ය නොවන බවට ලකුණක් විය හැක.

ජාතික වංචා-විරෝධී මධ්‍යස්ථානය වන - Scamwatch ට අනුව වෙනත් අනතුරු ඇඟවීමේ සංඥා වශයෙන්, ආරක්ෂක තොරතුරු, බැංකු ගිණුම හෝ කාඩ්පත් විස්තර ඉල්ලා සිටීම මෙන්ම ඔබේ ගිණුම් හැක් කර ඇති බවට යෝජනා කිරීම ඇතුළත් විය හැක.

ඔබගේ දුරකථනයේ හෝ පරිගණකයේ මෘදුකාංග ස්ථාපනය කිරීමට හෝ ආරක්ෂිත ගිණුමකට ප්‍රවේශ වීමට අමතන්නෙකු ඔබෙන් ඉල්ලා සිටින්නේ නම්, එය ද වංචාවක් විය හැක.

දුරකථන වංචාවකින් ඔබව ආරක්ෂා කර ගන්නේ කෙසේද?

ඔබෙන් මුදල් ඉල්ලා ඔබේ ආදරණීයයකුගෙන් ඇමතුමක් ලැබුනේ නම් සහ එය නීත්‍යානුකූල බව ඔබට විශ්වාස නොමැතිනම්, මුදල් යැවීමට පෙර ඇමතුම්කරුගේ අනන්‍යතාවය තහවුරු කිරීම වැදගත් බව Suj පැවසීය.

මෙම වංචා බොහොමයක් සමාජ මාධ්‍ය වලින් ආරම්භ වන බවත් සෑම විටම ඒ සම්බන්ධයෙන් වන ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගන්නා ලෙස Suj සඳහන් කොට සිටී.

තමන් නොදන්නා දුරකථන අංකවලින් ලැබෙන ඇමතුම් voicemail වෙත යාමට ඉඩ දෙන ලෙසත්, ඇමතුම ලබාදෙන්නා කවුරුන්දැයි ඔබට විශ්වාස නැතිනම් ඇමතුම විසන්ධි කරන ලෙසත් Scamwatch උපදෙස් දෙයි.

එමන්ම යමකු ඔබට දුරකථන ඇමතුමක් ඔස්සේ තර්ජනය කිරීමක් සිදු කළහොත් හැකි ඉක්මනින් දුරකථනය විසන්ධි කරන ලෙසත් කිසි විටෙකත් ඔබේ පරිගණකයට දුරස්ථ ප්‍රවේශයක් ලබා නොදෙන ලෙස සහ ඊමේල් වල link ක්ලික් නොකරන ලෙසත් Scamwatch සඳහන් කරයි.

කෙසේ නමුත් ඔබ යම් වංචාවට ලක්ව ඇතැයි ඔබ සිතන්නේ නම්, එය වාර්තා කිරීමට ඔබේ බැංකුව අමතා හැකි ඉක්මනින් එම ගනුදෙනුවක් අවලංගු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීම වැදගත් වේ.

ඔබ හැකි ඉක්මනින් ඔබේ අන්තර්ජාලයේ පවතින සියලුම ගිණුම් වල passwords වෙනස් කිරීමත් වැදගත් වේ.

වැඩිදුර සහාය අවශ්‍ය නම් 1800 595 160 අංකයෙන් IDCARE ඇමතිය හැක.

*******************************************************************************

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය

*******************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now