Welfare payments හෙවත් සුභසාධන ගෙවීම්
තරුණ, ශිෂ්‍ය හෝ රැකවරණ ආධාර ගෙවීම් ලබන ඕස්ට්‍රේලියානුවන් 936,000කට පමණ 6%ක වැඩි වීමක් සුභසාධන ගෙවීම් සඳහා ලැබෙනු ඇත.
උපරිම ගෙවීම් අනුපාත පුද්ගලයාගේ තත්වයන් මත රඳා පවතී.
Youth Allowance දීමනා ලබන්නන් හට දෙසතියකට $22.40 සහ $45.60 අතර වැඩි වීමක් සිදු වේ.
Austudy දීමනා ලබන්නන් හට දෙසතියකට $36.20 සහ $45.60 අතර වැඩි වීමක් සිදු වේ.
වයස 21ට අඩු Disability Support Pension ලබන්නන් හට දෙසතියකට $31.10 සහ $44.90 අතර වැඩි වීමක් සිදු වේ.
Carer Allowance සඳහා දෙසතියකට $8.70 වැඩිවීමක් සිදු කෙරේ.
සම්පුර්ණ ලැයිස්තුව සඳහා පිවිසෙන්න.
Superannuation
Superannuation කම්කරු අයිතියක් බවට පත් කරමින් ජාතික රැකියා ප්‍රමිතිවලට ඇතුළත් කරනු ඇත.
මේ ඔස්සේ ගෙවීමක් සිදු නොවූ හෝ ව්‍යවසාය ගිවිසුමකින් ආවරණය නොවූ සේවකයින්ට Superannuation ගෙවීමට අපොහොසත් වන සේවායෝජකයා නීත්‍යානුකූලව හඹා යාමට උපකාර වන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

A student at University of Sydney campus. (file) (Photo by: Jeff Greenberg/Universal Images Group via Getty Images) Credit: Jeff Greenberg/Universal Images Group via Getty
Medicare Safety Net
සැප්තැම්බර් කාර්තුව සඳහා පාරිභෝගික මිල දර්ශකයට අනුකූලව Original Medicare Safety Net (OMSN) සහ Extended Medicare Safety Net (EMSN) සඳහා වන සීමාවන් සියයට 5.2 කින් ඉහල දැමීම සිදු වේ.
මේ ඔස්සේ Medicare කාඩ්පත් හිමියන්ට $560.40 ක පරතර වියදමක් හිමි වේ.
සහන කාඩ්පත් හිමියන් සහ Family Tax Benefit Part A සඳහා සුදුසුකම් ලබන පවුල් සඳහා සීමාව $811.80ක් වශයෙන් දැක්වේ.
සෙසු පිරිසට මෙම සීමාව $2,544.30ක් වේ.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න.
COVID-19
දුරකථනය හරහා COVID-19 ප්‍රතිවෛරස් නියම කළ හැකි වීමේ කාලය දීර්ඝ කිරීම ඇතුළුව ඇතැම් COVID-ආශ්‍රිත දේ සඳහා කාලය දීර්ඝ කිරීම සිදු වේ.
Gas
වික්ටෝරියා ප්‍රාන්තය සිදු කරන ෆොසිල ඉන්ධනවලින් ඈත්වීමේ කොටසක් ලෙස, සැලසුම් බලපත්‍ර අවශ්‍ය වන ප්‍රාන්තයේ නව නිවාසවලට ජනවාරි 1 වැනිදා සිට ස්වභාවික ගෑස් ජාලයට සම්බන්ධ වීමට හැකියාව අහිමි වේ.
Electric vehicles
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පදිංචිකරුවන් හට තවදුරටත් මුද්දර ගාස්තු සඳහා ආපසු ගෙවීමක් සහ සුදුසුකම් ලත් විදුලි වාහන මිලදී ගැනීම් සඳහා වට්ටමක් ඉල්ලා සිටීමට නොහැකි වනු ඇත.
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සුදුසුකම් ලත්, විදුලි සහ හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන වාහන සඳහා ඩොලර් 3,000 ක සහනාධාරය ද ඉවත් කෙරේ.

Credit: Unsplash
Vaping සහ දුම් පානය
ඕස්ට්‍රේලියානු රජය මගින් Vape මර්දනය කිරීම සම්බන්ධයෙන් ගත් ප්‍රතිපත්ති නව වසරේ ආරම්භ වේ.
සෞඛ්‍ය අමාත්‍ය Mark Butler කියා සිටින්නේ මෙය ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් වන බවයි.
————————————————————————————————————————————-
————————————————————————————————————————————-
මෙය විසඳීමේ උත්සාහයක් ලෙස, Vaping ප්‍රතිසංස්කරණවල පළමු අදියර ඔස්සේ එක වරක් පමණක් භාවිත කල හැකි ඉවත දැමිය හැකි Vape ආනයනය තහනම් කෙරේ.
වෛද්‍යවරුන් සහ හෙදියන් හරහා vapes නියම කිරීම සඳහා නව ක්‍රියාවලියක් ද පවතින අහර මෙය Special Access Scheme වශයෙන් හැඳින්වේ.

Source: Getty / Getty Images/Martina Paraninfi
මේ අතර, 2021 දී ලැයිස්තුගත කර ඇති තාවකාලික දුම්පානය නැවැත්වීමේ Medicare ප්‍රතිලාභ කාලසටහන තවදුරටත් දීර්ඝ නොකෙරේ.
මේ හරහා දුම්පානය නැවත්වීම සඳහා වෛද්‍ය උපදේශන සේවා ලබාගත හැක.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු රජය සඳහන් කොට සිටින්නේ, උපදේශන සේවා ලබාගැනීමට වෙනත් Medicare ප්‍රතිලාභ කාලසටහනක හරහා එම වෛදය්වරයාම හමුවීමට රෝගීන්ට අවස්ථාව හිමිවන බවයි.
විශ්වවිද්‍යාල සිසුන්
විශ්ව විද්‍යාල සිසුන් හට ඕස්ට්‍රේලියානු රජයේ සහය සඳහා සුදුසුකම් ලැබීමට අවම වශයෙන් සියයට 50 ක සමත් අනුපාතයක් පවත්වා ගැනීමට අවශ්‍ය නොවනු ඇත.
ජනවාරි 1 සිට උසස් අධ්‍යාපන සපයන්නන් ශිෂ්‍ය ආධාරක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කලයුතු අතර එය සිසුන්ට ලබා දීමට අවශ්‍ය වේ.
Vacant homes හෙවත් හිස් නිවාස
වික්ටෝරියා ප්‍රාන්තයේ පුරප්පාඩු වූ නේවාසික ඉඩම් බද්ද මෙම වසරේදී පුළුල් කෙරේ.
මෙය 2025 වසරේ සිට ක්‍රියාත්මක වුවද 2024 වසරේ ජනවාරි 1 දා සිට අදාළ වේ.
මෙම වෙනස්කම් යටතේ වික්ටෝරියානු ප්‍රාන්තයේ යම් දේපලක, පෙර බදු වර්ෂය තුලදී අවම වශයෙන් මාස හයක්වත් රැඳී නොසිටින්නේ නම් එය හිස් බව සලකනු ලැබේ.
ඉඩම් බද්ද යම් නිවසක කිසිවකු රැඳී නොමැතිව ගෙවෙන සෑම වසරකම ඉහල යනු ඇත.
මෙය, පළමු වසරේ 1%කින්, දෙවන වසරේ 2%කින්සහ තුන්වන වසරේ 3%කින් ඉහල යයි.
යම් යම් අවශ්‍යතා සපුරා ඇත්නම් නිවාඩු නිකේතන ඇතුළුව ඇතැම් දේපල මෙමගින් නිදහස් කෙරේ.
ළදරු පාසල් සහ පෙර පාසල්
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මාපියන්ට රජය විසින් අනුමත කරන ලද ළදරු පාසල් වැඩසටහනකට සහභාගී වන්නේ නම්, ඔවුන්ගේ දරුවන්ට සතියකට පැය 15ක් නොමිලේ ළදරු පාසලට ප්‍රවේශ වීමට හැකි වනු ඇත.
එමෙන්ම ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි රජය විසින් කැන්බරා හි වෙසෙන පවුල් සඳහා වසරකට පැය 300ක පෙර පාසල් කාලයක් අවුරුදු තුනක් සඳහා නොමිලේ ලබා දීම සිදු වේ.
*******************************************************************************
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)
අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
SBS Audio APP (Free)
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය
*******************************************************************************





