2025 ජූලි 1 දා සිට ඕස්ට්‍රේලියාවේ දෙමව්පියන්ට වැඩිපුර නිවාඩු දින 10ක්

Close up of a loving young Asian father carrying his newborn baby daughter in arms. Bonding moment of father and daughter. Fatherhood. Skin to skin contact. Love, care and tenderness

Close up of a loving young Asian father carrying his newborn baby daughter in arms. Bonding moment of father and daughter. Fatherhood. Skin to skin contact. Love, care and tenderness Source: Moment RF / d3sign/Getty Images

2025 ජූලි 1වන දින සිට උපත ලැබූ හෝ 2025 ජූලි 1වන දින සිට හදාගත් දරුවෙකු සඳහා ඔබට වැඩිපුර දෙමව්පිය නිවාඩු වැටුප් දින ලැබෙනු ඇති බව Services Australia වෙබ් අඩවිය සඳහන් කරනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.


Parental Leave Pay අගය ඕස්ට්‍රේලියාවේ අවම වැටුප මත තීරණය වනවා. දරුවාගේ උපන්දිනය හෝ නීත්‍යනුකූල ලෙස හදාවඩා ගත් දිනය අනුව දෙමව්පියන්ට හිමි වන නිවාඩු ගණන තීරණය වනවා. එමෙන් ම Parental Leave Pay ගෙවීම සේවායෝජකයන් විසින් දෙන පඩි සහිත හෝ රහිත නිවාඩුවකට පෙර, පසු හෝ අතරමැද කාලයක දී ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මාතෘ-පීතෘ නිවාඩු, වාර්ෂික නිවාඩු සහ දීර්ඝ සේවා නිවාඩු යන ඕනෑම නිවාඩුවකට මෙය අදාළ වනවා. නිවුන් දරු උපතක් වැනි එක් දරු උපතකට වඩා වැඩි අවස්ථාවක දී Parental Leave Pay හිමි වන්නේ එක් දරුවෙකුට පමණයි. මේ සඳහා අයදුම්පත යොමු කරන කාලය අනුව ගෙවීම ආරම්භ වන කාලය තීරණය වනවා. Parental Leave Pay ගෙවීම ද බදුවලට යටත් වනවා.

Parental Leave Pay අගය සාමාන්‍යයෙන් සෑම වසරක ම ජූලි 1වන දා වෙනස් වනවා. අදාළ මූල්‍ය වසරේ නිවාඩු ලබා ගන්නා කාලය මත හිමි වන මුදල තීරණය වනවා. ගෙවීම සඳහා අයදුම් කරන කාලයට අදාළ මූල්‍ය වසරේ දින වකවානුවල පවතින අගය අයදුම් කරන්නන් හට හිමි වනවා. එනම් විවිධ අගයන් හිමි වීමට ඉඩකඩ තිබෙනවා. ඒ අගය දරුවාගේ උපන්දිනය හෝ හදාවඩාගත් දිනය අනුව තීරණය වන්නේ නැහැ.

වත්මන් Parental Leave Pay ගෙවීම බදු අය කිරීමට එක් දිනකට පෙර ඕස්ට්‍රේලියන් ඩොලර් 183.16ක් ලෙස දැක්වෙනවා. එසේත් නැත්නම් එය දින 5ක සතියක කාලය සඳහා ඩොලර් 915.80ක අගයක් වනවා. මෙය ජාතික අවම වැටුප මත නිර්ණය කරනවා.

දරුවාගේ උපන්දිනය හෝ හදාවඩාගත් දිනය අනුව හිමි වන නිවාඩු ගණන තීරණය වනවා. ඔබට සහකරුවෙකු සිටී නම් එම තත්ත්වය එම පුද්ගලයාට ද අදාළ වනවා.


  • 2023 ජූලි 1වන දා සිට නම් නිවාඩු ගණන දින 100ක් හෝ සති 20ක් වනවා.
  • 2024 ජූලි 1වන දා සිට නම් නිවාඩු ගණන දින 110ක් හෝ සති 22ක් වනවා.
  • 2025 ජූලි 1වන දා සිට නම් නිවාඩු ගණන දින 120ක් හෝ සති 24ක් වනවා.
  • 2026 ජූලි 1වන දා සිට නම් නිවාඩු ගණන දින 130ක් හෝ සති 26ක් වනවා.

දරුවාගේ උපතට පෙර 2025 ජූලි 1වන දාට පෙර අයදුම්පතක් ඉදිරිපත් කළ අයෙකුට හිමි වන දින ගණන 110ක් වනවා. 2025 ජූලි 1වන දාට පසු උපන් සහ හදාවඩා ගැනීම සිදු කළ බවට සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසු අමතර දින 10ක් දෙමාපියන් හට ලබාගත හැකියි. මේ අනුව දින 120ක් බවට සමස්ත නිවාඩු ගණන සම්පාදනය කිරීමක් සිදු වනවා. ඒ සඳහා නව අයදුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නැහැ.

මාපිය කාර්යභාරය තනිව ඉටු කරන single parent කෙනෙකුට Parental Leave Pay නිවාඩුවට අයත් දින සියල්ල හිමි වනවා. නමුත් ඔබගේ අනුමැතිය අනුව තවත් එවැනි single parent කෙනෙකු සමඟ නිවාඩු ගණන බෙදා ගැනීමට තීරණය කිරීම ද කළ හැකි වනවා. ඔබට සහකරුවෙකු සිටී නම් ඔබට හිමි නිවාඩුවලින් කිහිපයක් ඔවුන්ගේ භාවිතයට ද වෙන් කෙරෙනවා. ඉතිර ඉදින භාවිත කිරීම සම්බන්ධයෙන් එකට එක්ව තීරණය කිරීම වැදගත් වනවා. එලෙස සහකරුවන්ට වෙන් කළ හැකි දින ගණන දරුවාගේ උපත හෝ හදාවඩා ගත දිනය මත තීරණය වනවා.

එම දින 2023 ජූලි 1වන දා සිට නම් සහකරුවාට දින 10ක් ද, 2024 ජූලි 1වන දා සිට නම් සහකරුවාට දින 10ක් ද, 2025 ජූලි 1වන දා සිට නම් සහකරුවාට දින 15ක් ද, 2026 ජූලි 1වන දා සිට නම් සහකරුවාට දින 20ක් ද හිමි වනවා. දෙදෙනාටම එකම මොහොතක ගත හැකි නිවාඩු සම්බන්ධ සීමාවක් තිබෙනවා. 2025 ජූලි 1වන දාට පෙර දින 10ක් එලෙස නිවාඩු ගත හැකි වනවා. එදිනෙන් පසු දින ගණන 20 දක්වා ඉහළ යනවා.

දරුවාගේ උපත 2025 ජූලි 1වන දා සිට සිදු වී නම් ඕස්ට්‍රේලියාවේ බදු කාර්යාලය විසින් Parental Leave Pay මත superannuation දායකත්වය ලබා දෙනවා. මෙය Paid Parental Leave Superannuation Contribution ලෙස හැඳින්වෙනවා. අදාළ මූල්‍ය වසර නිම වීමෙන් පසු මෙම දායකත්වය ස්වයංක්‍රියව ගණනය කොට ඔබගේ Superannuation ගිණුමට බැර වනවා. ඒ සඳහා අයදුම්පතක් යොමු කිරීම අවශ්‍ය නැහැ. මෙලෙස දායකත්වය සපයන ගණන Superannuation guarantee rate මත තීරණය වනවා.

සැ. යු. - මෙම පොඩ්කාස්ට් නිෂ්පාදනය සිදු කළේ www.servicesaustralia.gov.au හි පළවූ තොරතුරු මත පදනම්ව බව කරුණාවෙන් සලකන්න.

—————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service