ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් gig සේවකයින් සඳහා වන සේවා ස්ථාන ආරක්ෂණ ප්‍රතිසංස්කරණ සිදු කල හොත් තම සේවාවන්හි මිලගණන් ඉහල යනු ඇතැයි Uber සමගම කියා සිටී.
ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් යෝජිත gig සේවකයින් සඳහා වන සේවා ස්ථාන ආරක්ෂණ ප්‍රතිසංස්කරණ සිදු කලහොත් තම පාරිභෝගිකයින් හට සිදු කරන Uber delivery සේවාවෙහි සහ rideshare සේවාවන්හි මිලගණන් සැලකියයුතු ලෙස ඉහල යනු ඇතැයි Uber සමාගම සඳහන් කොට සිටී.
ඕස්ට්‍රේලියාවේ gig සේවකයින් සඳහා penalty rates ද ඇතුළුව, අවම ප්‍රමිතීන් සැකසීමට Fair Work කොමිසමට ඉඩකඩ ලබාදෙන මෙම පනත මේ වනවිට සෙනට් සභාවේ විවාදයට ලක්ව තිබේ.
කෙසේ නමුත්, Uber සමාගම යෝජනා කොට සිටින්නේ, මෙම පියවර ඔස්සේ පාරිභෝගිකයින්ට Uber ride සේවාවට 55%ක සහ Uber delivery සේවාවට 65%ක අමතර පිරිවැයක් දැරීමට සිදුවිය හැකි බවයි.

මෙම මිලගණන් දවසේ සන්ධ්‍යා කාලයේදී, සති අන්තයේදී සහ රජයේ නිවාඩු දින වලදී තවදුරටත් ඉහල යාමේ ඉඩකඩක් පවතින අතර මේ හේතුවෙන් ආපනශාලා සහ කැෆේ වලින් ලැබෙන ඇනවුම් ප්‍රමාණයේ අඩුවීමක්ද සිදු විය හැකි බවට අපේක්ෂා කෙරේ.
මෙම නව ආකෘති නිර්මාණය, රියදුරන්ට සහ delivery සේවකයින්ට මූලික වැටුප් අනුපාත, penalty rates, වියදම් ප්‍රතිපූරණ සහ අනිවාර්ය super ගෙවීම් පදනම් කරමින් සිදුව තිබේ.
ඕස්ට්‍රේලියානු රජය මගින් gig සේවකයින්ට මනා ආරක්ෂාවක් සැපයීම සඳහා ගන්නා පියවර සඳහා Uber සමාගම පුලුල් ලෙස සහයෝගය ලබා දී ඇති නමුත් සමාගම පවසන්නේ ඔවුන් රැකියාවේ නිරත වන විට පාලනය කිරීම සහ ඔවුන් සිදු කරන ride වල නම්‍යශීලී බව ආරක්ෂා කිරීමට අවශ්‍ය වන බවයි.
බොහෝ gig සේවකයින් අවම වැටුපට වඩා අඩුවෙන් උපයයි
ඕස්ට්‍රේලියාව තුල දළ වශයෙන් gig සේවකයින් 250,000 ක් පමණ සිටින අතර ඔවුන් බොහෝ විට කෙටි කාලීන රැකියාවල නිරත වේ.
ඔවුන් ප්‍රධාන වශයෙන් ආහාර බෙදා හැරීම වැනි දුරකථන app මත පදනම් වූ රැකියා සිදු කරයි.
McKell ආයතනය මගින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ, මෙම gig සේවකයින්ට ලැබෙන අඩු වැටුප් මෙම ශ්‍රම බලකාය සඳහා ඇති ලොකුම ගැටලුව වන බවයි.
අවම වශයෙන් සමස්ත gig සේවකයින්ගෙන් 45% ට වඩා අඩු වැටුප් ලබන බවද එම වාර්තාව පෙන්වා දෙයි.
එමෙන්ම මෙම gig සේවකයින්ගෙන් 41% ක් පමණ අතිකාල සේවා සිදුකොට ඇති නමුත් ඔවුනට penalty rates හිමිව නැතැයිද හෙළිව තිබේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store
හෝ Google Play
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ප්‍රවාහන සේවක සංගමයේ ජාතික සහකාර ලේකම් Nick McIntosh පසුගිය මාසයේ SBS පුවත් සේවයට සඳහන් කොට සිටියේ, මෙම යෝජිත පනත මගින් gig සේවකයින්ට "අවම අයිතිවාසිකම් සහ ප්‍රමිතීන්" ලබා දෙන බවයි.
එමෙන්ම අගෝස්තු මාසයේදී ජාතික පුවත්පත් සමාජයට අදහස් දක්වමින්, රැකියා සහ සේවා ස්ථාන සබඳතා අමාත්‍ය Tony Burke කියා සිටියේ, මේ ඔස්සේ පාරිභෝගිකයින් තම නිවසට ඇණවුම් කරන භාණ්ඩ සඳහා වැඩි මුදලක් ගෙවනු ඇති බවයි.
එමෙන්ම "වහල්භාවය බොහෝ විට ලාභදායී වේ," වශයෙන්ද ඔහු එහිදී සඳහන් කොට තිබේ.
යෝජිත වෙනස්කම් මොනවාද?
ඕස්ට්‍රේලියානු වත්මන් රජයේ යෝජිත ප්‍රතිසංස්කරණ යටතේ තම රැකියාව සඳහා digital වේදිකා භාවිතා කරන පිරිස, කොන්ත්‍රාත්කරුවන්ගෙන් සහ සේවකයින්ගෙන් වෙනස් වන අතර ඔවුන් ඔවුනටම අදාළ ආරක්ෂණයකට යටත් වේ.
මේ ඔස්සේ ඔවුන්ගේ රැකියාවේ නම්‍යශීලී ස්වභාවය ආරක්ෂා කරන අතර රක්ෂණ ගෙවීම් වැනි අවම ප්‍රමිතීන් වලට යටත්ව වේ.
පසුගිය මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද, Closing Loopholes Bill වශයෙන් හැඳින්වෙන මෙම පනත ඔස්සේ, සේවකයින් ට ගෙවිය යුතු අවම වැටුපට වඩා අඩුවෙන් ගෙවමින් සේවකයින් භාවිත කිරීම සහ වැටුප් සොරකම නවතා දැමීමට කටයුතු කෙරෙන අතර casual සේවකයින් හට ස්ථිර වීමට මාර්ග නිර්මාණය කරයි.

සේවා ස්ථාන වෙනස්වීම් පිළිබඳ සෙනෙට් විමසුමකට සිදු කල ඉදිරිපත් කිරීමකදී Uber සමාගම කියා සිටියේ දැනට පවතින තත්වය හමුවේ penalty rates, super, ආහාර විවේක සහ නිවාඩු දීමනා වැනි කොන්දේසි සඳහා සේවකයින්ට වැඩි අවකාශයක් පවතින බවයි.
එමෙන්ම සමාගම තවමත් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැපවී සිටින බව Uber ප්‍රකාශකයෙකු පැවසීය.
කෙසේ නමුත් ව්‍යාපාරික කණ්ඩායම් සහ විපක්ෂය මෙම පනත් කෙටුම්පත දැඩි ලෙස විවේචනය කොට ඇති අතර, මෙහි දැඩි ලෙස ගැටලුකාරී නොවන කොටස් සම්බන්ධයෙන් ඉක්මනින් අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබේ.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ සෙනෙට් පරීක්ෂණය පෙබරවාරි මස 1 වැනිදා වාර්තා කිරීමට නියමිතව තිබේ.






