ඉරිදා දිනයේ සේවයේ නියුතු සේවකයින් සදහා ගෙවනු ලබන Penalty Rates අමතර දීමනා කපා දැමීමට Fair Work කොමිසම ගත් තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට වෘත්තීය සමිතියක් තීරණය කර තිබෙනවා.
Hospitality කේෂ්ත්‍රයට අදාල වෘත්තීය සමිතියක් වන 'United Voice' වෘත්තීය සමිතිය විසින් මෙල්බර්න් ෆෙඩරල් අධිකරණය වෙත පසුගිය 5 බදාදා මේ සම්බන්දයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වුණා.
ආපන ශාලා , hospitality කේෂ්ත්‍රයේ, සිල්ලර වෙළද සහ ඖෂධ ශාලා යන කේෂ්ත්‍ර වල ඉරිදා දිනයේ සේවයේ නිරත වීම සදහා ගෙවනු ලැබූ Penalty Rates අමතර දීමනා කපා දැමීමට Fair Work කොමිසම මේ වසර මුලදී තීරණය කල අතර, මේ වසරේ ජුලි මස පළමුවැනිදා සිට එහි පලමු අදියර ක්‍රියාත්මක බව සදහන්.
Fair Work කොමිසම මගින් මෙලෙස Penalty Rates අමතර දීමනා කපා දැමීමට තීරණය කිරීමෙන් අපහසු තාවයට පත් වන්නේ අඩු වැටුප් ලබන ශ්‍රමිකයින් බව 'United Voice' වෘත්තීය සමිතියේ Jess Walsh සදහන් කරනවා.
Penalty Rates අමතර දීමනා කපා දැමීමට එරෙහිව United Voice' වෘත්තීය සමිතිය මගින් ක්‍රියාත්මක කර ඇති මෙම සටනට සහාය දක්වන බව ඕස්ට්‍රේලියානු කර්මාන්ත වෘත්තීය සමිති එකමුතුවද පවසනවා. මෙරට නිතිය ජනතාවගේ ජිවන තත්වය සුරක්ෂිත කරන්නේ නැත්නම්, අදාල නීති අභියෝගයට ලක් කිරීමට තමන් සුදානම් බව එම වෘත්තීය සමිති එකමුතුවේ Ged Kearney පවසනවා.
වෘත්තීය සමිති මගින් ජනතාව අනවශ්‍ය ලෙස බිය වැද්දීමේ ක්‍රියා පිළිවෙතක් ආරම්භ කර ඇති බව මේ පිලිබදව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය පවසනවා. සාධාරණ ප්‍රමාණයකින් Penalty Rates අමතර දීමනා කපා දැමීම මගින් විශේෂයෙන් කුඩා ව්‍යාපාර සදහා තරග කිරීමට අවසථාවක් සලසා දෙන බව එම මණ්ඩලයේ ප්‍රධාන විධායක James Pearson පවසනවා.
මෙම සති අන්ත දීමනා කපා දැමීම පිළිබදව අදහස් දක්වන United Voice වෘත්තීය සමිතියේ Jess Walsh පවසන්නේ සති අන්තයේ සේවයේ නියුතු සේවකයින් සදහා සේවා යෝජකයින් සාධාරණයක් ඉටු කරනු ඇති බව තමන් විශ්වාශ කරන බවයි. ඉරිදා දිනයේ Penalty Rates අමතර දීමනා කපා දමන්නේ නැතිව දිගටම පවත්වාගෙන යාමට සමහරක් සේවා යෝජකයින් තීරණය කර ඇති බවත් ඔවුන් අනුගමනය කරන ලෙස සමස්ත ඕස්ට්‍රේලියානු සේවා යෝජකයින්ගෙන් තමන් ඉල්ලීමක් කරන බවත් Jess Walsh මහත්මිය පවසනවා.
Penalty Rates අමතර දීමනා කපා දැමීමට එරෙහිව මෙල්බර්න් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් වී ඇති අභියාචනය නැවතත් සැප්තැම්බර් මාසයේ විභාගයට ගැනීමට නියමිතයි.
