ඔබේ සුරතලාත් බළලකු නම්, ඕස්ට්‍රේලියාවේදී ඔබ දැරිය යුතු වගකීම් මොනවාද? : SBS සිංහල Australia Explained

SG CAT Ownership 1.jpg

Keeping your pet cat contained indoors keeps them safe and protects wildlife too.

ඔබ සුරතල් සතකු වශයෙන් ඕස්ට්‍රේලියාවේ බළලකු ඇති කරන්නේ නම් හෝ බළලකු ඇති කිරීමට සැලසුම් කරන්නේ නම්, වගකිවයුතු බළල් හිමිකරුවෙකු ලෙස කටයුතු කිරීම ඔස්සේ ඔබේ සුරතලා ආරක්ෂිතව තබා ගැනීමට සහ ඕස්ට්‍රේලියාවේ ස්වදේශික වන සතුන් ද ආරක්ෂා කිරීමට උපකාරී වේ.


Key Points
  • ඕස්ට්‍රේලියාව තුල සුරතල් බළලුන් මිලියන 5.3කට වඩා සිටී
  • ඔස්ට්‍රේලියාවේ අයිතිකරු විසින් එළිමහනේ නිදහසේ සැරිසැරීමට අවසර දී ඇති සෑම සුරතල් බළලෙකුම, වසරකට වන සතුන් 186ක් පමණ මරා දැමීම සිදු කරයි
  • "වගකිවයුතු බළල් හිමිකාරිත්වය" යනු ඔබේ බළලා ගෘහස්ථව තබා ගැනීමයි
  • සුරතල් බළලුන් තබා ගැනීම පිළිබඳ තොරතුරු ඔබේ ප්‍රාදේශීය සභාව ඇමතීමෙන් සහ ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි
බළලුන් අපූරු සුරතල් සතුන් වන අතර ඔවුන් මිනිසුන්ගේ මිතුරන් වශයෙන් සිටී. එමෙන්ම බළලුන් මිනිස් සෞඛ්‍යයට විවිධ ප්‍රතිලාභද ලබා දෙයි.

එහෙත්, ඕස්ට්‍රේලියාවේ, එළිමහනේ සිටින බළලුන් දේශීය වන ජීවීන්ට තර්ජනයක් වන අතර ඔවුන් එළිමහනේ සැරිසැරීම ඔස්සේ බළලුන්ටද අවදානමක් පවතී

බළලුන් ලොව පුරා විවිධ සංස්කෘතීන්හි බහුලව දක්නට ලැබේ. ඊජිප්තු මිථ්‍යා කථා තුල සහස්‍ර ගණනාවක් පුරා බළලුන් ගෞරවයට පත්‍ර වී තිබේ.

එමෙන්ම ඇමරිකානු කම්මැලි කාටූන් බළල් චරිතයක් වන Garfieldගේ සිට සෑම තැනකම අප දකින ජපන් Hello Kitty නිර්මාණ දක්වා ඔවුන් ජනප්‍රිය සංස්කෘතියේ කොටසක් බවට පත්ව තිබේ.

ඕස්ට්‍රේලියානු නිවාස ගත් කල, ඕස්ට්‍රේලියානු නිවාසවලින් තුනෙන් එකක සුරතල් බළලෙකු සිටී. මෙය සමස්ත ඔස්ට්‍රේලියාව තුල සුරතල් බළලුන් මිලියන 5.3කට වඩා ඉහල අගයක් ගනී.

බළලුන් ස්වභාවයෙන්ම දඩයම්කරුවන් වේ.සාමාන්‍යයෙන්, ඕස්ට්‍රේලියාවේ සෑම සුරතල් බළලෙක්ම වසරකට සතුන් 186 ක් පමණ මරා දමන අතර, මෙම ඝාතන බොහොමයක් බළලුන්ගේ අයිතිකරුවන් කිසි විටෙක දැක නොමැති බව පර්යේෂකයන් පවසයි.

සුරතල් බළලුන් ඕස්ට්‍රේලියාවේ වන ජීවීන්ට ඇති කරන බලපෑමට අමතරව, මිලියන ගණනක් වූ feral cats නොහොත් "වල් බළලුන්" ද ඕස්ට්‍රේලියාව පුරා සැරිසැරීම දැකිය හැක.

මෙම බළලුන් මිනිසුන් මත යැපීම සිදු නොකරන අතර, Charles Darwin විශ්වවිද්‍යාලයේ වනජීවී සංරක්ෂණ අංශයේ මහාචාර්ය Sarah Legge පවසන්නේ බොහෝ වල් බළලුන් නගරවලින් ඈත්ව ජීවත් වන බවයි.
SG CAT Ownership 2.jpg
Cats make great companions and will happily let you live beside them.

බළලුන් ඕස්ට්‍රේලියාවේ වන සතුන්ට විශාල හානියක් සිදු කරයි

බළලුන් මුලින්ම ඕස්ට්‍රේලියාවට හඳුන්වා දීම 1788 දී සිදුව ඇති අතර. ඕස්ට්‍රේලියානු ක්ෂීරපායී විශේෂ 20 කට අධික සංඛ්‍යාවක් වඳ වී යාමේ මූලික තර්ජනයට මේ වනවිට වල් බළලුන් හේතු වී ඇති බව මහාචාර්ය Sarah පවසයි.

ඕස්ට්‍රේලියාවේ සුරතල් බළලුන්ගෙන් සහ වල් බළලුන්ගෙන් වනජිවින්ට දැඩි බලපෑමක් සිදුවන අතර, ඔවුන් සෑම දිනකම ක්ෂීරපායින් මිලියන 3.1 ක්, උරගයින් මිලියන 1.8 ක් සහ පක්ෂීන් මිලියන 1.3 ක් මරා දැමීම සිදු කරයි

එමෙන්ම මහාචාර්ය Sarah පවසන්නේ මෙම බළලුන් තවත් ඕස්ට්‍රේලියානු දේශීය වනජීවී විශේෂ රැසකට අවදානමක් වන බවයි.

බළලුන් කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකළ හොත් ඕස්ට්‍රේලියානු දේශීය සත්ව විශේෂ වඳ වී යාම සිදුවිය හැකි අතර බොහෝවිට සුරතල් බළලුන් මරා දමන සතුන් පිලිබඳ ස්වාමියාට දැනුමක්ද නොපවතී.

සුරතල් බළලුන් සාමාන්‍යයෙන්, ඔවුන් මරා දැමූ සතුන් සෑම පස් දෙනෙකුගෙන් එක් සතකු පමණක් නිවසට ගෙන ඒම සිදුකරයි.

නමුත් ඇතැම් සුරතල් බළලුන් කිසි විටෙකත් මරා දැමූ සතකු නිවසට ගෙන එම සිදු නොකරයි.
SG CAT Ownership 3.jpg
Feral cat in arid South Australia. Credit: Hugh McGregor

ඕස්ට්‍රේලියාවේ බළලුන්ගේ හිමිකාරිත්වයට ඇතුළත් වන වගකීම්

සුරතල් බලළකුගේ හිමිකරුවකු වශයෙන්, තමාට තිබෙන වගකීම ප්‍රගුණ කිරීම වන සතුන්ට සුරතල් බළලුන්ගෙන් වන බලපෑම අවම කිරීමට ඇති හොඳම ක්‍රමය වන බව මහාචාර්ය Sarah පවසයි.

තම සුරතලා ලියාපදිංචි කර මයික්‍රෝ චිප් (micro-chipped) කිරීම සිදු කලයුතු අතර, තම සුරතලා නිවසින් ගියහොත් සුරතලාව ඉක්මනින් සොයාගැනීමට මේ ඔස්සේ හැකියාව පවතී.

අනවශ්‍ය ලෙස පැටව් දැමීම නැවැත්වීම සඳහා de-sex කිරීමත් සිදු කල හැකි අතර මහාචාර්ය Sarah පවසන්නේ බළලා ගෘහස්ථව හෝ ආරක්ෂිත එළිමහන් ස්ථානයක ඔවුන්ව නිදහසේ තැබීම කලයුතු බවයි.

ඔබ සුරතල් සතකු වශයෙන් බළලකු ඇති කරන්නේ නම් හෝ බළලකු ඇති කිරීමට සැලසුම් කරන්නේ නම්, ඔබේ ප්‍රදේශයේ පශු වෛද්‍යවරයා වෙත නිතිපතා යාම ඔස්සේ ඔබේ සුරතල් බළලා නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ.

ඕස්ට්‍රේලියානු පශු වෛද්‍යවරුන්ගේ බටහිර ඕස්ට්‍රේලියානු අංශයේ සභාපති පශු වෛද්‍ය Garnett Hall පවසන්නේ මෙහිදී ඔවුන්ට වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ සිදු කල හැකි අතර, ඔබේ සුරතලාට එන්නත් ලබාදීම සහ පණු රෝග වැනි රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාරද ලබාදිය හැකි බවයි.

එමෙන්ම පශු වෛද්‍ය Garnett කියා සිටින්නේ එළිමහනේ සැරිසරන සුරතල් බළලුන් වන සතුන් ගොදුරු කර කරගැනීම සිදු කරන අතරම ඔවුන්ට තුවාල සිදුවීමට හා රෝගවලට ගොදුරු වීමට අවදානමක්ද පවතින බවයි.

බළලුන් බොහෝ විට එකිනෙකා සමඟ සටන් කිරීම සිදු කිරීම ඒ සඳහා ප්‍රධාන සාධකයක් වේ. මේ ඔස්සේ ඔවුනට තුවාල සිදු වේ. එමෙන්ම FIV වැනි රෝග සහ වාහන අනතුරුද සිදුවිය හැක.
SG CAT Ownership 5.jpg
Impacts of urban cats in Australia. Threatened Species Recovery Hub. Note the estimate of the pet cat population shown in this poster (4.9 million) has been surpassed; recent surveys put the figure at 5.3 million.

බළලුන් සුරතල් සතුන් ලෙස තබා ගැනීම පිළිබඳ තිබෙන දේශීය නීති මොනවාද?

ඔබ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ස්ථානය අනුව, සුරතල් බළලෙකු තබා ගැනීමේ නීති වෙනස් වන බව මහාචාර්ය Sarah පවසයි.

සුරතල් බළලුන් කළමනාකරණය කිරීම පිළිබඳ නීති ප්‍රාන්ත සහ ටෙරිටරි මගින් සකසා තිබේ. නමුත් සුරතල් බළල් කළමනාකරණය කිරීම පළාත් පාලන ආයතන මගින් සිදු කරයි.

මෙහිදී එම පළාත් පාලන ආයතනවලට අමතර නීති හඳුන්වා දිය හැක.

ඔබේ ප්‍රදේශයේ සුරතල් බළලුන් තබා ගැනීම පිළිබඳ තොරතුරු ලබාගැනීම ඔබට අවශ්‍ය නම්, එය ප්‍රාදේශීය සභා වෙබ් අඩවිය ඔස්සේ සිදුකල හැක.

සුරතල් බළලුන්, මිනිසුන්ට අපූර්ව සගයන් වන අතර කෙසේ නමුත්, සුරතල් බළලුන් වගකීමකින් යුතුව රැකබලාගන්නේ නම් වනසතුන්ටද නිදහසේ සැරිසැරිය හැකි බව මහාචාර්ය Sarah කියා සිටී.


සුරතල් බළලුන්ගේ හිමිකාරිත්වයට ඇතුළත් වන වගකීම් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා ඔබේ ප්‍රාදේශීය සභා වෙබ් අඩවියට සහ පහත සඳහන් Link වෙත යොමු වන්න
  • Safe Cat, Safe Wildlife වෙබ් අඩවිය බළලුන් ගෘහස්ථව තබා ගැනීම පිළිබඳ විශේෂඥ උපදෙස් ලබාදෙයි : https://www.safecat.org.au/  
  • තර්ජනයට ලක් වූ සත්ව විශේෂ ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඔස්සේ බළලුන්ගේ බලපෑම් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැක : https://www.nespthreatenedspecies.edu.au/projects/cat-impacts-and-management-knowledge-exchange-for-stakeholders  
  • ඔබේ දේශීය පශු වෛද්‍යවරයා සොයා ගැනීමට ඕස්ට්‍රේලියානු පශු වෛද්‍ය සංගමයේ වෙබ් අඩවියට පිවිසෙන්න : https://www.vetvoice.com.au/find-a-vet/  

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service