Key Points
- Capital Gains Tax (CGT) හෙවත් ප්‍රාග්ධන ලාභ බද්ද (CGT) ගෙවිය යුත්තේ දේපල, කොටස් වෙළඳපොල තුල කොටස් හෝ cryptocurrency වැනි වත්කම් විකිණීමෙන් ලැබෙන ලාභය මත වේ.
- ඔබ පදිංචි නිවාස විකිණීමෙන් ලබන ලාභය සාමාන්‍යයෙන් CGT මගින් නිදහස් වේ.
- කෙසේ නමුත් CGT පැහැරහැරිය හොත් නම්, ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයට දැඩි දඬුවම් නියම කළ හැකිය.
CGT යනු වත්කම් විකිණීමෙන් ලැබෙන ලාභය මත අය කරන බද්දයි. ඔබ වත්කමක් විකුණන විට ඔබට ප්‍රාග්ධන ලාභයක් තිබේ නම්, එය ඔබ ගෙවිය යුතු බද්ද ඉහල දමයි.
සාමාන්‍යයෙන් ජුනි 30 වැනි දින ඕස්ට්‍රේලියානු මූල්‍ය වර්ෂය අවසන් වන අතර, ගොනු කරන ලද ඔබේ ආදායම් බදු ප්‍රතිලාභය හරහා මෙම බද්ද පියවනු ලබයි.
දේපල, කොටස් වෙළඳපොල තුල කොටස් හෝ cryptocurrency වැනි ප්‍රාග්ධන වත්කම් විකුණා ඇති ඕස්ට්‍රේලියානු බදු ලියාපදිංචිකරුවන් මෙම විකුණුම් වලින් යම් ලාභයක් හෝ අලාභයක් ලබා ඇතිනම් එය ඔවුන්ගේ වර්තමාන ආදායම් බදු ප්‍රතිලාභයේ වාර්තා කළ යුතුය.
මෙය Capital Gains Tax (CGT) හෙවත් ප්‍රාග්ධන ලාභ බද්ද (CGT) ලෙස හැඳින් වුවත් එය ඔබේ ආදායම් බද්දේ කොටසකි.
ඕස්ට්‍රේලියානු බදු ලියාපදිංචිකරුවන් තම ආදායම් බදු ප්‍රතිලාභය තුළ ප්‍රාග්ධන ලාභ සහ අලාභ යන දෙකම ප්‍රකාශ කිරීමට බැඳී සිටී.
ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය මගින් ඕස්ට්‍රේලියාවේ සියලුම බදු සහ ආදායම් එකතු කිරීමේ අංශ පාලනය කරයි.
බොහෝ පිරිස තම වාර්ෂික බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා බදු ගණකාධිකාරීවරුන් සම්බන්ධ කර ගනී.
Manoj Gupta මෙල්බර්න් හි වරලත් ගණකාධිකාරීවරයෙකි. ඔහු CGT සහ එය අදාළ වන ආකාරය පැහැදිලි කරමින් කියා සිටින්නේ ප්‍රාග්ධන ලාභ බද්ද යනු ඕනෑම වත්කමක් විකිණීමෙන් අප ලබන ලාභය මත රජය විසින් අය කරන බද්දක් වන බවයි, එම වත්කම් දේපල, කොටස් වෙළඳපොල තුල කොටස් හෝ cryptocurrency හෝ වෙනත් වත්කම් විය හැකි අතර එයට විදේශීය වත්කම් ද ඇතුළත් වන බව ඔහු පවසයි.
ඔබට exemption හෙවත් නිදහස් කිරීමක් අදාල නොවන්නේ නම් ඔබේ බදු බැඳීම් සපුරාලීම සහතික කිරීම සහ ගෙවිය යුතු බදු නිවැරදිව තීරණය කිරීම සඳහා, එක් එක් වත්කම සඳහා ප්‍රාග්ධන ලාභය හෝ ප්‍රාග්ධන පාඩුව ගණනය කිරීම අත්‍යවශ්‍ය වේ.

ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh, මෙම බදු වගකීම ගණනය කරන ආකාරය පැහැදිලි කරමින් කියා සිටින්නේ යම් අයකු කොටස් කිහිපයක් ඩොලර් 5000කට මිලදී ගෙන මාස හයකට පසු ඒවා ඩොලර් 5500 විකුණුව විට එම පුද්ගලයාට බදු වාර්තාවේ ඩොලර් 500 ක් සඳහා බදු ගෙවිය යුතු බවයි.
CGT නිදහස් කිරීම්
Manoj පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන්, පුද්ගලයකුගේ පදිංචි ස්ථානය ප්‍රාග්ධන ලාභ බද්දෙන් නිදහස් වන බවයි.
එමෙන්ම බොහෝ විට ඔබ ගෙවිය යුතු CGT සඳහා වට්ටමක් ද ලබා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.
ඔබ වත්කමක් විකිණුමක් වාර්තා කරන විට, ඔබට අවම වශයෙන් මාස 12ක්වත් එම වත්කම් හිමි වී ඇති සහ ඕස්ට්‍රේලියානු බදු ලියාපදිංචිකරුවෙකු නම්, ඔබට ඔබේ ප්‍රාග්ධන ලාභ බදු වගකීම 50%කින් අඩු කළ හැක.
මෙය CGT වට්ටම ලෙස හැඳින්වේ, ඔබට CGT ගෙවීමට අවශ්‍ය වන්නේ ඔබ විකිණීමෙන් ලබා ගත් ලාභයෙන් අඩක් පමණක් වන බව එමගින් අදහස් වේ.

බදු පැහැර හැරීම සඳහා වන දඩ
ඕස්ට්‍රේලියානු බදු ලියාපදිංචිකරුවන් මූල්‍ය වර්ෂය තුළ සිය ප්‍රාග්ධන ලාභ වාර්තා සිදු කලයුතු අතර බදු ගෙවිය යුතු වේ. නමුත් ඇතැම් පුද්ගලයන් මෙම වගකීම් මඟ හැරීමට උත්සාහ කරන අතර ඒ සඳහා දඩ ලැබිය හැක.
ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය මගින් සැක සහිත මූල්‍ය ක්‍රියාකාරකම් සහිත සහ වාර්තා නොකළ ප්‍රාග්ධන ලාභ බදු නිරීක්ෂණය කරයි.
මේ සම්බන්ධයෙන් Tim කියා සිටින්නේ මිනිසුන් නිවැරදි දේ කරන බව සහතික කිරීම සඳහා, බදු කාර්යාලයට බැංකු, රාජ්‍ය ආදායම් කාර්යාල, ඉඩම් හිමිකම් කාර්යාල, රක්ෂණ සමාගම්, කොටස් ලියාපදිංචි කිරීම් වැනි සංවිධාන පරාසයකින් තොරතුරු ලබා ගන්නා බවයි.
එමෙන්ම යමකුට ප්‍රාග්ධන ලාභ බද්ද ගෙවීමට අවශ්‍යද යන්න හෝ තම නිවස සම්බන්ධයෙන් ගැටළුවක් තිබේද යන්න දැනගැනීමට අවශ්‍ය නම් ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයට හෝ ලියාපදිංචි බදු නියෝජිතයෙකුට කතා කරන ලෙස Tim කියා සිටී.
ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය මගින් පුද්ගලයින් සාධාරණ සැලකිල්ලක් දැක්වීමට අපොහොසත් වීම, නොසැලකිලිමත්කම සහ හිතාමතා නොසලකා හැරීම වැනි හැසිරීම් නිරීක්ෂණය කරයි. මේ සඳහා වන දඬුවම් විවිධ වේ.
මීට අමතරව, ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය මගින් බදු හිඟය සඳහා පොලී ද අය කළ හැක.
Tim කියා සිටින්නේ මේ සඳහා වන දඩ එක් එක් සිද්ධිය අනුව බදු හිඟයෙන් 25% සිට 100% දක්වා පරාසයක පැවතිය හැකි බවයි.
ඔබ බදු පැහැර හැරීමක නිරත වේ නම්, ඒ අනුව දඩ නියම කරන බවත් ඔබ අතින් අතපසුවීමකින් වරදක් සිදුව ඇතිනම් ඒ සඳහා දැඩි දඩ නියම නොකරනු ඇති බවත් Tim කියා සිටී.
හිතාමතා බදු පැහැරහැරීම සිදු කළහොත් අපරාධ නඩු පැවරීම දක්වා එය යා හැක.
ඕස්ට්‍රේලියාව තුල cashless ආර්ථිකයක් පවතී, නමුත් ඇතැම් බදු ලියාපදිංචිකරුවන්ට තම මූල්‍ය ගනුදෙනු මුදල් වශයෙන් සිදු කළ හැකි අතර, ඔවුන්ට බදු අය කළ හැකි ආදායම අඩුවෙන් වාර්තා කිරීමට සහ බදු පැහැර හැරීමට හැකි වේ.
නමුත් දේපල හෝ "කොටස්" වැනි CGT වත්කම් විකිණීමේදී මෙය අතිශයින් දුර්ලභ වේ
ඕස්ට්‍රේලියාවේ බොහෝ ගනුදෙනු මුදල් ගනුදෙනු වලට වඩා බැංකු ගණුදෙනු ලෙස සිදුවන බව Manoj පවසයි.
බදු දඩ පිළිබඳව අභියාචනා කිරීම
තමන්ට වැරදි ලෙස දඩ නියම කර ඇතැයි විශ්වාස කරන්නේ නම් බදු ලියාපදිංචිකරුවන්ට ඒ සම්බන්ධෙන් අභියාචනා ඉදිරිපත්කළ හැකිය.
ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය ATO මගින් එම අභියාචනය ගැන සෑහීමකට පත්වේ නම්, එය යම් යම් තත්වයන් යටතේ අඩු කිරීම හෝ අත්හැරීම සිදු කරයි.
Tim පවසන්නේ, සමාජයට සහය වීමේදී ප්‍රාග්ධන ලාභ බද්ද මගින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බැවින් ප්‍රාග්ධන ලාභ බද්ද ඇතුළුව සියලුම බදු බැඳීම්වලට අනුකූල වීම ඉතා වැදගත් වන බවයි.
මෙම බදු නොගෙවන විට ඕස්ට්‍රේලියාවේ පාසල් සහ රෝහල්වලට ප්‍රමාණවත් අරමුදල් නොලැබෙන අතර එය ඕස්ට්‍රේලියාවේ ගුරුවරුන්, වෛද්‍යවරුන් සහ හෙදියන් අඩු වීමට බලපාන බව Tim කියා සිටී.
Capital loss හෙවත් ප්‍රාග්ධන පාඩුව
ලාභයක් ලැබුණු විට පමණක් එය ගෙවිය යුතු යැයි බදු ගෙවන්නන් තුල පොදු මතයක් පවතින අතර කෙසේ නමුත් ඇතැම් විට බදු ගෙවීම පාඩුවක් වූ විට පවා අපේක්ෂා කළ හැක.
මෙය ප්‍රාග්ධන පාඩුව ලෙස හැඳින්වේ.

බ්‍රිස්බේන් හි තොරතුරු තාක්ෂණ උපදේශකවරයකු වන V. Subramanya ඔහුගේ ආයෝජන දේපළ පාඩු පිට විකුණා ඇති අතර ඔහු CGT වගකීමක් නොමැති බව අපේක්ෂා කළත්, එය එසේ නොවන බව ATO පවසා තිබේ.
ATO මගින් ඔහුට පවසා ඇත්තේ මෙම විකිණීම මත ඔහුට ප්‍රාග්ධන ලාභයක් හිමිව ඇති බවයි.
තමන් ලිඛිතව දේපල නඩත්තු කිරීම වැනි දේ සම්බන්ධයෙන් සඳහන් කොට ආයෝජන දේපල සඳහා අඩු කිරීම් ඉල්ලා සිටි නමුත් ඒ සඳහා ඩොලර් 3000-4000 බදු ගෙවීමට තමාට සිදු වූ බව ඔහු කියා සිටී.
ජූලි 1 සිට ජූනි 30 දක්වා සෑම ආදායම් වර්ෂයක් සඳහාම බදු වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
ඔබට බදු වාර්තාවක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය නම්, එය lodge කරන්න. නැතිනම් ඔක්තෝබර් 31 වන විට බදු නියෝජිතයෙකු සමඟ සම්බන්ධ වන්න.
ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයේ ATO වෙබ් අඩවිය ඔස්සේ සියලුම බදු සම්බන්ධ තොරතුරු භාෂා 36කින් ලබා දේ.





