Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියානු රජයෙන් දෙන MyMedicare යනු කුමක්ද සහ ඔබ ඒ සඳහා ඔබ ලියාපදිංචි විය යුතුද? විස්තරේ මෙන්න

medicare.jpg
Unclaimed Medicare benefits have been building up due to Australians without valid bank details Source: AAP

MyMedicare වැඩසටහන ඔස්සේ වෛද්‍යවරයා සහ වෛද්‍ය සේවා ලබාගන්නා අතර ඇති සඹඳතාවය "විධිමත් කිරීම" සිදු වන අතර, Medicare ප්‍රතිලාභ සඳහා ප්‍රවේශය ලබා දෙයි.


Published

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


MyMedicare වැඩසටහන ඔස්සේ වෛද්‍යවරයා සහ වෛද්‍ය සේවා ලබාගන්නා අතර ඇති සඹඳතාවය "විධිමත් කිරීම" සිදු වන අතර, Medicare ප්‍රතිලාභ සඳහා ප්‍රවේශය ලබා දෙයි.


Key Points

  • MyMedicare යනු කුමක්ද?
  • MyMedicare ඔස්සේ ලැබෙන ප්‍රතිලාභ
  • MyMedicare සඳහා ලියාපදිංචි වීමට වන සුදුසුකම් මොනවාද?
  • MyMedicare සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

MyMedicare යනු කුමක්ද?

MyMedicare යනු, ඔබට සහ ඔබේ වෛද්‍යවරයා (GP) අතර පවතින සඹඳතාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා සහ තවදුරටත් ඔබට Medicare ප්‍රතිලාභ ලබාගැනීමට ප්‍රවේශය සලසන රජයේ වැඩසටහනකි.

මෙය නව ස්වේච්ඡා රෝගීන් ලියාපදිංචි කිරීමේ ආකෘතියක් වශයෙන්ද හැඳින්විය හැක.

සියලුම ඕස්ට්‍රේලියානුවන් සඳහා Medicare සේවාව ශක්තිමත් කිරීමේ අරමුණින් MyMedicare හඳුන්වා දී තිබේ.

MyMedicare ඔස්සේ ලැබෙන ප්‍රතිලාභ

සෑම විටම එකම වෛද්‍යවරයා (GP) සහ සෞඛ්‍ය සේවා කණ්ඩායම හමුවීම ඔස්සේ වඩා හොඳ සෞඛ්‍ය ප්‍රතිඵල ලබා ගැනීමට හේතු වන බව නවතම දත්ත පෙන්වා දෙයි.

මේ හේතුවෙන් ඔබේ පවුලේ වෛද්‍යවරයා (GP) නිතිපතා හමුවීම සහ ඔබේ වෛද්‍යවරයා සමඟ ඇති සම්බන්ධය විධිමත් කිරීම ඔස්සේ වඩා හොඳ සෞඛ්‍ය ප්‍රතිඵල ලබා ගත හැක.

MyMedicare සමඟ ලියාපදිංචි වීම ඔස්සේ රෝගීන්ට, වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා මෙන්ම සෞඛ්‍ය සේවා සපයන්නන්ට විවිධ ප්‍රතිලාභ ලබා දෙයි.

Medicare
Source: AAP

MyMedicare සඳහා ලියාපදිංචි වීම ස්වේච්චාවෙන් සිදු කල හැකි අතර මේ සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

ඔබ MyMedicare හි ලියාපදිංචි වූ විට, ඔබ නම් කරන ඔබට අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය තෝරාගෙන ඇති බව, ඔවුනට දැනුම් දෙයි.

මේ ඔස්සේ ඔබට නිසි ප්‍රතිකාර සහ උපකාර ලබාදීම සඳහා අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයට රජයෙන් අමතර අරමුදල් ලබාගැනීමට හැකියාව හිමි වේ.

MyMedicare සඳහා ලියාපදිංචි වූ රෝගීන්ට පහත සඳහන් සේවා සඳහා ප්‍රවේශ වීමට හැකියාව හිමි වේ:

  • ඔබේ සෞඛ්‍ය ප්‍රතිපල වැඩිදියුණු කරමින්, ලියාපදිංචි වෛද්‍ය මධ්‍යස්ථානය හරහා අඛණ්ඩ රැකවරණයක් ලැබීම.
  • දිගු Medicare ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (MBS) මගින් ඔබේ වෛද්‍යවරයා සමඟ ටෙලිහෙල්ත් උපදේශන සේවා සිදු කිරීම සඳහා අරමුදල් සැපයීම.
  • 2023 නොවැම්බර් 1වනදා සිට අවුරුදු 16ට අඩු ළමුන්, විශ්‍රාමිකයින් සහ concession කාඩ්පත් හිමියන් සඳහා දීර්ඝ MBS ටෙලිහෙල්ත් උපදේශන සඳහා bulk billing දිරිගැන්වීම් හිමිවීම.
  • 2024 වසරේ අගෝස්තු මාසයේ සිට ඔබේ වෛද්‍යවරයාගේ නිරන්තර අවධානය ඔබට යොමු වීම සහ නේවාසික වැඩිහිටි රැකවරණ සේවාවක සිටින පිරිසට වඩා හොඳ රැකවරණයක් ලැබීම.
  • 2024 වසරේ මැද භාගයේ සිට නිරන්තරයෙන් රෝහලට පැමිණෙන පුද්ගලයින්ට වඩාත් සුදුසු සත්කාර සේවා ලැබීම.

කෙසේ නමුත් මේ සඳහා ලියාපදිංචි නොවුනද සෑම අයකුටම සෞඛ්‍ය සේවා සපයන්නන්ගෙන් ගුණාත්මක සත්කාර හිමිවන බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය හා වැඩිහිටි සත්කාරක දෙපාර්තමේන්තුව පවසයි.

MyMedicare සඳහා ලියාපදිංචි වීමට වන සුදුසුකම් මොනවාද?

ඔබට පහත සඳහන් සුදුසුකම් තිබේ නම් ඔබ MyMedicare හි ලියාපදිංචි වීමට සුදුසුකම් ලබයි:

  • Medicare කාඩ්පතක් හෝ Department of Veterans’ Affairs (DVA) Veteran කාඩ්පතක් තිබීම.
  • නවීකරණය කරන ලද Monash ආකෘතියේ (MMM 6 සහ 7) වශයෙන් හැඳින්වෙන "දුරස්ථ ප්‍රජා" සහ "ඉතා දුරස්ථ ප්‍රජා" තුලදී එකම වෛද්‍යවරයා සමග හෝ සෞඛ්‍ය සේවා සපයන්නකු සමග "එක් වරක්" මුහුණට මුහුණ හමුවී සේවා ලබා තිබීම.
  • මීට අමතර සෙසු ස්ථාන වලදී එකම වෛද්‍යවරයා සමග හෝ සෞඛ්‍ය සේවා සපයන්නකු සමග "දෙවරක්" මුහුණට මුහුණ හමුවී සේවා ලබා තිබීම.

නමුත් ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වය අත්විඳින සහ නිවාස නොමැති, විවිධ දුෂ්කරතා සඳහා මුහුණ දී සිටින පිරිස අදාළ සුදුසුකම් අවශ්‍යතා වලින් නිදහස් වන බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය හා වැඩිහිටි සත්කාරක දෙපාර්තමේන්තුව පවසයි.

MyMedicare සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

ඔබගේ Medicare ඔන්ලයින් ගිණුම හෝ Express Plus Medicare ජංගම දුරකථන app එක ඔස්සේ ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය ආරම්භ කල හැක.නමුත් ඔබ ලියාපදිංචි වීමට පෙර ඔබ නම් කරන ඔබේ අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය MyMedicare හි ලියාපදිංචි වී ඇත්දැයි පරීක්ෂා කිරීම වැදගත් වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඔබේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබාදෙන පෝරමයක් පිරවීම ඔස්සේ ඔබට MyMedicare සඳහා ලියාපදිංචි වීමට හැකියාව තිබේ.

ඔබ MyMedicare හි ලියාපදිංචි වූ විට, ඔබේ පුද්ගලික තොරතුරු සුරක්ෂිතව තබා ගන්නා අතර ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා වනු ඇත.

මෙහිදී ඔබේ පුද්ගලික තොරතුරු කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩි විස්තර සඳහා, MyMedicare Privacy Notice වෙත යොමු වෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now