Key Points
- ප්‍රථමාධාර ලබාදීමට ඉගෙනීම ඔස්සේ, හදිසි අවස්ථාවක දී සඳහා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට ඔබට හැකියාව හිමිවේ
- සාමාන්‍ය ප්‍රථමාධාර පාඨමාලාවක මූලික අංගයක් වන CPR පුහුණුව ඕස්ට්‍රේලියාවේ උසස් ආයතනයක් මගින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ මත පදනම් වේ
- මේ සඳහා පවතින පුහුණු විකල්ප, කාලසීමා, ආකෘති සහ විශේෂිත පාඨමාලා ආවරණය වන විෂය මාලා අනුව වෙනස් වේ
2017 වසරේදී ඕස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය සිදු කල අධ්‍යයනයකට අනුව හෙළිව ඇත්තේ, ඕස්ට්‍රේලියානුවන්ගෙන් 5% පමණක් ප්‍රථමාධාර පුහුණුව ලබා ඇති බවයි. මෙය ලොව අඩුම ගාස්තු සහිත පුහුණුවලින් එකකි.
ඕස්ට්‍රේලියානු රාජකීය ජීවිතාරක්ෂක සංගමය (Royal Life Saving Society - Australia) ඇස්තමේන්තු කොට ඇති පරිදි, ප්‍රථමාධාර ප්‍රතිකාර අවශ්‍ය වන අනතුරු වලින් 60% ක් නිවසේදී සිදු වන අතර ඕස්ට්‍රේලියානුවන් 20 දෙනෙකු දිනකට හෘදයාබාධ හේතුවෙන් මිය යාම සිදු වේ.

Buck Reed වසර 20 කට වඩා වැඩි කාලයක් පරිපූරක වෛද්‍යවරයකු ලෙස සේවය කොට ඇති අතර ඔහු Western Sydney විශ්වවිද්‍යාලයේ පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරයි.
ඔහු පවසන්නේ, ප්‍රථමාධාර පුහුණුව පුද්ගලයින්ට අත්‍යවශ්‍ය මූලික පුහුණුවක් වන බවයි.
මේ ඔස්සේ මානසිකව තමන්ව සූදානම් කර ගැනීමට සහ හදිසි අවස්ථාවන්ට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට විශ්වාසය වර්ධනය කර ගැනීමට පුද්ගලයින්ට උපකාර කරයි.
නිසි වෛද්‍ය උපකාර පැමිණීමට පෙර, ප්‍රථමාධාර ලබාදීමට පුහුණුවක් තිබීම වැදගත් වන බවත් Buck පෙන්වා දෙයි.
යමෙකු බරපතල ලෙස රෝගාතුර වී හෝ තුවාල වී ඇත්නම්, පරිපූරක වෛද්‍යවරුන් පැමිණීමට පෙර ඉතා ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කලයුතු වේ.
ප්‍රථමාධාර පුහුණුව ලබාදෙන්නෙකු තෝරා ගැනීම
ප්‍රථමාධාර පුහුණු පාඨමාලා මගින් හෘද ගැස්ම නැවත ඇරඹීම, හෝ CPR, සහ defibrillator භාවිතා කරන ආකාරය පුද්ගලයින්ට ඉගැන්වීම සිදු කරයි.
මේවා හෘදයාබාධයකින් පෙළෙන අයකුගේ ජීවිතය බේරාගැනීමට කළ හැකි වැදගත්ම ජීවිතාරක්ෂක ක්‍රම වශයෙන් සැලකේ.

Buck පවසන්නේ CPR පුහුණුව, ඕස්ට්‍රේලියානු Resuscitation කවුන්සිලයේ ක්‍රියා පටිපාටි අනුකුල විය යුතු බවයි.
මෙම කවුන්සිලය, ඕස්ට්‍රේලියාවේ ප්‍රථමාධාර ලබාදීම නියාමනය කරන උසස්ම ආයතනයයි.
එය හදිසි වෛද්‍ය විද්‍යාලය, ගිලන්රථ අධිකාරිය සහ රාජකීය ජීවිතාරක්ෂක කවුන්සිලය වැනි ආයතන ඇතුළුව සාමාජික සංවිධාන 20කින් පමණ සමන්විත වේ.
මෙම කවුන්සිල මාර්ගෝපදේශ, විවිධ ප්‍රථමාධාර ලබාදීම් සම්බන්ධයෙන් පවතින හොඳම සාක්ෂි වශයෙන් සැලකිය හැක. මේ හේතුවෙන් ප්‍රථමාධාර පුහුණු පාඨමාලා ඕස්ට්‍රේලියානු Resuscitation කවුන්සිල නිර්දේශ සමඟ සමපාත විය යුතු වේ.
වෛද්‍ය Finlay McNeil, ශල්‍ය වෛද්‍යවරයකු වන අතර ඕස්ට්‍රේලියානු Resuscitation කවුන්සිලය සහ නවසීලන්ත Resuscitation කවුන්සිලය යන දෙකම නියෝජනය කරන උපරිම ආයතනය සඳහා වන ප්‍රථමාධාර උප කමිටුවේ කැඳවුම්කරු වේ.

ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවේ සාමාජිකයෙකු වන Finlay පවසන්නේ, රතු කුරුස සංවිධානය, Surf Life Saving සහ Royal Life Saving යන සංවිධාන ඇතුළුව ප්‍රථමාධාර පුහුණුව ලබා දෙන සංවිධාන රාශියක් ඇති බවයි.
ඇතැම් ප්‍රාන්තවල සහ ටෙරිටරි වල ගිලන්රථ සේවා බලධාරීන් මගින් සහ පුද්ගලික සේවා සපයන්නන් මගින්ද පාඨමාලා ලබා ගත හැක.
RTO හි ලියාපදිංචි ඕනෑම පුද්ගලික සැපයුම්කරුවෙකු හරහා ප්‍රථමාධාර පුහුණුව ලබාගැනීම යහපත් තේරීමකි.
නිවැරදි පාඨමාලාව තෝරා ගැනීම
බොහෝ ප්‍රථමාධාර පාඨමාලා මුහුණට මුහුණ ඉගැන්වීම සිදු කරන අතර, ඇතැම් පාඨමාලා online ඔස්සේ සිදු කරේ.

Deb Lowe බ්‍රිස්බේන්හි රතු කුරුස සංවිධානයේ කලාපීය ප්‍රථමාධාර ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
ඇය පවසන්නේ "මිශ්‍ර පාඨමාලා" ඔස්සේ විවිධ ඉගෙනුම් අවශ්‍යතා සපුරාලීමට උපකාරී වන බවයි.
එය එක් එක් පුද්ගලයාගේ වේලාව සහ වේගය අනුව වෙනස් ලෙස සිදු කල හැකි අතර එමගින් ඇතැම් තොරතුරු නැවත අධ්‍යනය කිරීමට ඉඩ සලසයි.
එමෙන්ම Online ඔස්සේ ලබාදෙන අධ්‍යයන කරුණු විවිධ භාෂාවලට පරිවර්තනය කිරීමටද ඉඩ සැලසිය හැකි වේ.
ළදරුවන් සහ ළමුන් සඳහා විශේෂිත ප්‍රථමාධාර පුහුණුවක් ලබා ගැනීමට දෙමාපියන් සහ රැකබලා ගන්නන් උනන්දු විය හැකි බවත් Deb පෙන්වා දෙයි.
මෙම පාඨමාලා මගින් පහත කරුණු ආවරණය කරයි :
- ළදරුවන් සඳහා ප්‍රථමාධාර සහ CPR ලබාදීම
- නිවසේ ආරක්ෂාවඉහල දැමීම, අවදානම් අවම කිරීම
- හුස්ම හිරවීම, ඇදුම, අසාත්මිකතා, ලේ ගැලීම ඇතුළු වෛද්‍ය තත්වයන්ට ප්‍රතිචාර දැක්වීම

හදිසි අවස්ථාවකදී අප ගන්නා තීරණ පිළිබඳව ආරක්ෂිත බවක් සහ විශ්වාසයක් දැනීමට මෙන්ම අවශ්‍ය නම් උපකාර සඳහා Nurse on Call වැනි වෙනත් සම්පත් ඇති බව දැන ගැනීම මෙම පාඨමාලා වල ප්‍රධාන අරමුණ වන බව Deb පවසයි.
ඕස්ට්‍රේලියාවේ, ප්‍රථමාධාර ලබාදීමේ සුදුසුකම් සෑම වසර තුනකට වරක් අලුත් කළ යුතු අතර ඵලදායී ප්‍රතිපල අවශ්‍ය වීම හේතුවෙන් සෑම වසරකම CPR පිළිබඳ පුහුණුව අලුත් කිරීමට නිර්දේශ කරන බව වෛද්‍ය Finlay පවසයි.
ප්‍රථමාධාර ලබාදීමේ පාඨමාලා කාලසීමාව අනුව වෙනස් වේ.
ඇතැම් පාඨමාලා පැය දෙකක සිට දින කිහිපයක් දක්වා ක්‍රියාත්මක වේ. ඇතැම් පාඨමාලා ජාතික වශයෙන් පිළිගත් ඒවා වන අතර, එසේ නොවන පාඨමාලාද තිබේ.

Buck පැහැදිලි කරන්නේ සේවා ස්ථාන සඳහා වන පාඨමාලාවල සුදුසු බව සහතික කිරීම වැදගත් වන බවයි.
එම පාඨමාලාව නිශ්චිත ප්‍රමිතියකට උගන්වනු ලබන බව සහතික කල යුතු අතර, මේ හේතුවෙන් සේවා ස්ථානය සඳහා හෝ එම අවශ්‍යතාවය සඳහා නිවැරදි ප්‍රථමාධාර පාඨමාලාව තෝරා ගැනීම වැදගත් වේ.
පිළිගත් පාඨමාලා සහතිකයක් අවශ්‍ය නොවන පිරිස සඳහා, බොහෝ ලාභ නොලබන, ප්‍රජා සංවිධාන සහ ගිලන් රථ සේවා වසර පුරා නොමිලේ ප්‍රථමාධාර පුහුණුව ලබා දීමද සිදු කරයි.
වෙනත් සම්පත්
- සෞඛ්‍ය උපදෙස් සහ ප්‍රථමාධාර තොරතුරු, සම්පත් ඇතුළුව සහ පුහුණුව ලබා ගත යුතු ස්ථාන සඳහා healthdirect.gov.au වෙත පිවිසෙන්න
- ඕස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානයට ප්‍රථමාධාර සහ CPR උපදෙස් සහිත නොමිලේ app එකක් පවතී
- ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවේ අරාබි, සම්ප්‍රදායික චීන, ග්‍රීක, ඉතාලි සහ වියට්නාම භාෂාවෙන් පරිවර්තනය කර ඇති පොදු හදිසි අවස්ථා වලදී මූලික ප්‍රථමාධාර සඳහා බාගත හැකි මාර්ගෝපදේශ මාලාවක් තිබේ.
- ළදරුවන්, කුඩා දරුවන්, පෙර පාසල් සහ පාසල් වයසේ ළමුන් සඳහා ප්‍රථමාධාර තොරතුරු සඳහා Raising Children Network වෙත පිවිසෙන්න.
හදිසි අවස්ථාවකදී (000) අමතා ගිලන් රථයක් ඉල්ලා සිටින්න. දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වන පුද්ගලයා ඔබට ප්‍රථමාධාර සැපයීමට උපකාර කරයි.





